Watch Trailer

The Hatton Garden Job (2017) With sinhala subtitles | තම වාසනාවේ නිර්මාතෘ තමාමයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මං ටික කාලෙකට පස්සේ.. නෑ නෑ ලොකු කාලෙකට පස්සේ තමයි මේ සිනමාපටයක් ඔබ වෙත රැගෙන එන්නේ. එහෙමනම් ඉතින් අපි බලමු නේද මේ සිනමාපටය මොකක්ද කියලා.. නමින් THE HATTON GARDEN JOBවන මෙම සිනමාපටය imdb දර්ශකයේ 6.7 ක අගයක් ලබාගන්නටද සමත්ව තිබෙනවා. සිනමාපටය නිර්මාණයට පාදක වෙන්නේ හැට්න්…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මං ටික කාලෙකට පස්සේ.. නෑ නෑ ලොකු කාලෙකට පස්සේ තමයි මේ සිනමාපටයක් ඔබ වෙත රැගෙන එන්නේ. එහෙමනම් ඉතින් අපි බලමු නේද මේ සිනමාපටය මොකක්ද කියලා..

නමින් THE HATTON GARDEN JOBවන මෙම සිනමාපටය imdb දර්ශකයේ 6.7 ක අගයක් ලබාගන්නටද සමත්ව තිබෙනවා. සිනමාපටය නිර්මාණයට පාදක වෙන්නේ හැට්න් ගාඩ්න් නම් ආරක්ෂක තැන්පතු සේවයක් කොල්ල කෑම.එය ඉංග්‍රීසි ඉතිහාසයේ විශාලම කොල්ලය ලෙසද සැලකෙනවා. මෙම සැබෑ සිදුවීම පාදක කොටගෙන තමයි සිනමාපටය නිපදවෙන්නේ.

කතාවේ වෙන්නේ මෙන්න මේකයි.. එක්තරා පුද්ගලයෙක් හොරකමක් කරලා අහුවෙලා හිරේට යනවා. එහෙදි ඔහුට හංගේරියානු පාතාල සාමාජිකයෙක් මුණ ගැහෙනවා. ඔහුගේ උදව්වෙන් මේ පුද්ගලයා හැට්න් ගාඩ්න් ආරක්ෂක තැන්පතු සේවය කොල්ල කන වැඩේට හවුල් වෙනවා. වැඩේට හංගේරියානු පාතාලය සහය වෙනවා. ඔවුන්ගේ ගාස්තුව වෙන්නේ දියමන්ති..

ඉතින් මේ වැඩේට මේ පුද්ගලයා එක්කාසු කරගන්නේ වයසක අංකල්ලා සැට් එකක්.. ඒකට හේතුව තමයි කාගේවත් වැඩි අවධානයක් ඔවුන්ට යොමු නොවී ඉන්න.. ඒත් කොහොමින්හරි ෆ්‍රෑන්ක් බාස්කින් කියන විශ්‍රාමික පොලිස් නිලධාරියාට මේක කන වැටෙනවා..

ඉතින් මේ ටික හොදටම ඇති. එහෙමනම් ඔයාලම බලන්නකෝ වයෝවෘද්ධ පුද්ගලයන් සමග අපේ නමක් නැති කතා නායකයා කොහොමද මේ වැඩේ කරන්නේ කියාලා? එකේදී ඔවුන්ට මොන වගේ අහියෝගවලට මුහුණ දෙන්න වෙයිද කියලා..

එහෙමනම් මං යනවා. ඉක්මනින්ම තවත් උපසිරසියක් සමගින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.

අදාල පිටපත්

The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage_Torrent.UK The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage_Torrent.UK_English The.Hatton.Garden.Job.2017.BDRip.x264-SPOOKS The.Hatton.Garden.Job.2017.HDRip.XViD-ETRG The.Hatton.Garden.Job.2017.720p.BluRay.H264.AAC-RARBG The Last Face 2016 1080p BRRip 1.8 GB – iExTV The.Hatton.Garden.Job.2017.1080p.BluRay.x264-SPOOKS The.Hatton.Garden.Job.2017.1080p.BluRay.H264.AAC-RARBG

 

Bridge of Spies (2015)

The Hatton Garden Job (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාල  වේ.

3,618 downloadsDownload The-Hatton-Garden-Job-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,618 downloadsDownload Subtitles37 KB

23 comments

  1. Mithun

    අවන්කවම කියන්නෙ සහෝ ඔයාගෙ චිත්‍රපට තෙරුම් හොදයි .The Finest Hours, Life , එව මයෙ හිතෙ ඔයාගෙ සබ්
    එවගෙ සෙට් එකක් බලල තියේ නියමයි සහෝ. දිගටම උපසිරැසි කරන්න ඔබට ජය..
    උපසිරැසියට තුති.

    1. Mithun

      Great move ekak wage maka nm niyamai boss

  2. prabodha

    Thank u sahodaraya sub ekata. Jaya wewaa....

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Soori

    බොහෝම ස්තුතියි මධුක සහෝ උපසිරැසියට....

  6. kumara

    පට්ට පහරක් මචං එල. බොහෝම සස්තූතියි සබ්එකට. ගොඩාක් පිං.

  7. Hasa

    Niyamai bro...
    Sarkar 3 ekatat sub dannako. Supiri film eka...

  8. lakmal

    dark matter saba naddo

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අසිත

    elama saho thanks

  11. Dulanga

    Thanks

  12. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::

  13. දමිත් තරංග

    බොහොම හොඳට නිවැරදිම තේරුම් සහිතව සිංහලට උපසිරැසි ගන්වලා තියෙනවා.
    ගුණාත්මක බවින් ඉහල උපසිරැසියක් සහෝ. නියමයි.
    මේ වගේ film වල තියෙන ඉංග්‍රීසි සබ් ලයින් එක උපසිරැසි ගන්වන්න ටිකක් අමාරුයි.
    මොකද ව්‍යාංගාර්ථ වැඩි භාෂාවක් තියෙන නිසා.
    නමුත් හොඳටම කරලා තියෙනවා.
    ජයෙන් ජය.

  14. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි...........................................
    ගොඩක් කාලෙකින් තමයි ෆිල්ම් එකකට උපසිරස දුන්නේ

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. lahiru

    අම්මටසිරි මධුකප්‍රිය දෙයියා(අයියා)... කාලෙකට පස්සේ නේ.... :D පට්ට ෆිලුමක් වගේ.තැන්ක්ස් සබ් එකට :)

  17. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Sandheep

    Thanx saho sub ekata

  20. Udaya Fernando

    Thanks bro

  21. tharangani

    thanx

  22. Kasunabayasekara

    Thanks bro