Lucky Baskhar (2024) Sinhala Subtitles ආයුබෝවන්, පළවෙනි වතාවට මට තෙළිඟු නිර්මාණයක් කරන්න අවස්තාවක් ආවා. ඒ පසුගිය සතියෙ OTT release කල ඉන්දියානු රුපියක් 100 ඉක්මවා උපයපු මේ තෙළිඟු block buster එක. ඉතිං මේ අනුව මේ මම මේ වෙන කොට භාශා දහයකින් උප සිරැසි නිකුත් කරල තියෙනවා. Seetharaman 2022 තෙළිඟු block…

Lucky Baskhar (2024) Sinhala Subtitles

ආයුබෝවන්, පළවෙනි වතාවට මට තෙළිඟු නිර්මාණයක් කරන්න අවස්තාවක් ආවා. ඒ පසුගිය සතියෙ OTT release කල ඉන්දියානු රුපියක් 100 ඉක්මවා උපයපු මේ තෙළිඟු block buster එක.  ඉතිං මේ අනුව මේ මම මේ වෙන කොට භාශා දහයකින් උප සිරැසි නිකුත් කරල තියෙනවා.

Seetharaman 2022 තෙළිඟු block buster එක ඔබට මතක ඇති. ඒ චිත්‍රපටයෙ තෙළිඟු නළුවෙකු වෙනුවට මලයාලි මුහුණක් ඉදිරියට ගෙනාවා. වෙනින් කවුරුත් නෙමෙයි දුල්කර් සල්මන්. ඉතින් ඔන්න නැවතත් වෙංකි අට්ලුරි කියන අධ්‍යක්ෂක වරයා දුල්කර්වම තෙළිඟු චිත්‍රපටයකට ගේනවා. ඒකත් අර වගේම ජනප්‍රිය බවට පත් වෙන්නෙ කෝටි 112ක් ඉක්මවා ආදායමක් ලබා ගෙන . බලන කොට දුල්කර් ලකී දුල්කර් කිව්වට කමක් නෑ.

සීතාරාමන් එක වගේම මේකත් මදක් අතීතයට යන කතාවක්, ඒත් 1990 වගේ මෑත අතීතයට. බාස්කර් නැමති බැංකු සේවකයෙකු සිය ජීවිත කතාව ආවර්ජනය කිරීමක් මේ චිත්‍රපටයට පාදක වෙනවා. අති දක්ෂ පුද්ගලයෙක් ඉතා සුළු වංචාවකින් පටන් ගෙන මහා පරිමාණ වංචා දක්වා යන ගමනක් සහ එකී ගමනේ පිය සටහන් නොතබා සූක්ශම ලෙස කටයුතු කරන ආකාරයත් මෙහි දක්වනවා. ඉතිං ඔහු කවදා හරි අසු වේද කියන එක කියන්න බෑ.

90 දශකයේ මේ ආකාරයේ වංචා ලොව පුරා බැංකු වල සිදු උනා. මෙහි විශේෂය වන්නෙ ඒ සිදුවීම් පිටි පස ඉන්නෙ අති දක්ෂයෝ. ඒ නිසාම තමයි වංචාව වංචාවක් නොවන බව පේන්න සැලසුම් සකස් කෙරෙන්නෙ. බටහිර සිනමාවෙ මෙවැනි චරිත රැසක්ම දකින්න පුළුවන්. ඒ වගේම මේ චරිතයත් ඉතා ලස්සනට මෙහි නිර්මාණය වෙලා තියෙනවා.

දුල්කර් සමග මීනාක්ෂි චවුද්‍රි, රාම්කි,ටින්නු ආනන්ද් වැනි නළු නිළියන් මෙහි රඟපානවා

එසේ නම් නැවත හමු වෙමු

BANDULA K

Lucky Baskhar (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

42,620 downloadsDownload Lucky-Baskhar-2024.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Lucky Baskhar (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

42,620 downloadsDownload Subtitles64 KB

6 comments

  1. Buddhika laKMal

    බොහෛා්ම ස්තූතියි බන්දුල සහෝ මේකට සිංහල සබ් දුන්නට

  2. Oshada eranga

    ගැමිමක් අයියේ ❤️

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  4. hasa

    Thanks

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Dulshan Halkewela

    Very helpful.Thanks