Watch Trailer

Deadpool & Wolverine (2024) Sinhala Subtitles | ඩෙඩ්පූල් සහ වුල්වරීන් | [සිංහල උපසිරසි සමඟ] (18+) Blu-Ray Updated.

Deadpool & Wolverine (2024) Sinhala Subtitles හම්මේ ඉතින් කාලෙකින් මාර්වල්ලා ෆෑන්ස්ලට දොඹෙන් යන්නම ෆිල්ම් එකක් දුන්න. වෙන මොකක්ද ඉතින් කට වාචාල පූලගේ තුන්වෙනි ෆිල්ම් එක තමයි. ඩෙඩ්පූලා මේ පාර අර ෆොක්ස්ලා මරල දාපු වුල්වරීනූත් ආයෙ ගෙන්නගෙන ඒ මදිවට නොස්ටැල්ජික් මතක බර ගානක් අරන් ආව සෙට් එකකුත් ඇදගෙන ඇව…

Deadpool & Wolverine (2024) Sinhala SubtitlesDeadpool & Wolverine (2024) Sinhala Subtitles

හම්මේ ඉතින් කාලෙකින් මාර්වල්ලා ෆෑන්ස්ලට දොඹෙන් යන්නම ෆිල්ම් එකක් දුන්න. වෙන මොකක්ද ඉතින් කට වාචාල පූලගේ තුන්වෙනි ෆිල්ම් එක තමයි. ඩෙඩ්පූලා මේ පාර අර ෆොක්ස්ලා මරල දාපු වුල්වරීනූත් ආයෙ ගෙන්නගෙන ඒ මදිවට නොස්ටැල්ජික් මතක බර ගානක් අරන් ආව සෙට් එකකුත් ඇදගෙන ඇවිත් ෆොක්ස් එකට පයින් ගහල දාල ඩිස්නිල එක්ක කරකාර බැඳගෙන ෆුල් මාර්වලස් ෆිල්ම් එකක් අපිට දුන්න. මෙව්ව මාස්ටපීස් ෆිල්ම් නෙවේ පොප්කෝන් එකක් කකා ආතල් එකේ බලන්න එන ෆිල්ම්.

බජට් එක ඩොලර් මිලියන 200යි. මේ වෙද්දි ආදායම ඩොලර් බිලියන 1.32යි. මේක තමා ජෝකර් ෆිල්ම් එක පහු කරලා R රේටඩ් ෆිල්ම් එකක් ගත්ත ඉහලම ආදායම ගත්ත ෆිල්ම් එක. ඒ වගේම ඩොලර් බිලියනය පහු කරපු දෙවෙනි R රේටඩ් ෆිල්ම් එකත් මේක.

ෆිල්ම් එක එක්ක බයිස්කෝප් එකට ඒ මදිවට පූලගේ කට වාචාල ලංකන් වර්ෂන් එක වගේ සබ් දෙන ප්‍රණීතයා (ආදරේට ඒම කිව්වෙ ඈ) ආයම සැරයක් ⁣තුන්වෙනි ෆිල්ම් එකටත් බයිස්කෝප් එකට සබ් ගේනව. ඩෙඩ්පූල් සබ්නම් බයිස්කෝප් වෙනුවෙන් ප්‍රණියා තමා.

2016 ආව පලවෙනි ෆිල්ම් එකයි 2018 ආව දෙවෙනි එකයි ගැන කතා කරන්න ඕන නෑනෙ මෙතන. මොක ඉතින් ඒ දෙක ගැන දන්නවනෙ හැමෝම. පොඩ්ඩක් මතක් කරොත් 2018 දෙවෙනි ෆිල්ම් එකේ cut කීපයක්ම ආවා. Deadpool 2, Deadpool 2 Super Duper Cut සහ PG 13 වර්ෂන් එකක් විදියට ආව once upon a deadpool එකත් ඔයාල බලන්න ඇතිනෙ.

කෝම හරි ඔය 2016/2018 ෆිල්ම් ටික කරේ FOX ස්ටූඩියෝ එකෙන්. මොකද මියුටන්ට්ලගෙ ලයිව් ඇක්ෂන් රයිට්ස් තිබ්බෙ එයාල ගාව නිසා. කෝම කෝම හරි 2019 දි ඩිස්නිල ෆොක්ස් එක සල්ලි වලට ගනනව. ඒ කාලෙ ඩිස්නිල කෝමත් චැඩ් සීන් එකේනෙ හිටියෙ. කෝම හරි දැන් ඔන්න ෆොක්ස්ල ගාව තිබ්බ මියුටන්ට්ලගෙ ලයිව් ඇක්ෂන් රයිට්ස් ආපහු මාර්වල් එකට හම්බුනා.

ඒ අස්සෙ රයන් බොසාට ඕන වෙනව ඩෙඩ්පූල් තුන්වෙනි ෆිල්ම් එකත් කරන්න. දැන් ඉතින් ඩිස්නිල ගාව වැඩ කරන්න වෙන නිසා කෝම කෝම හරි මෑනුයි කෙවින් බොසයි එකතු වෙලා ෆිල්ම් එකට ග්‍රින් ලයිට් එක ගන්නව. ඒ වගේම MCU මල්ටිවර්ස් එකට අයිති ෆිල්ම් එකක් විදියට පලවෙනි MCU R-Rated ෆිල්ම් එක විදියට ඩෙඩ්පූල් සුපුරුදු විදියට R රේටඩ් විදියට හදන්න අවසරේ අරගන්නව.

ෆිල්ම් එක එනවුන්ස් කරන්න රයන් පොඩි වීඩියෝ කෑල්ලක් දානව. මේ වීඩියෝ එකේ අන්තිමට එකපාරටම හියු ජැක්මන් ලොක්ක පෙන්නනව.

රයන් – හේයි හියු, ඔයාට තව එක පාරක් වුල්වරීන් විදියට රඟපාන්න ඕනිද?

හියු – අනිවා, රයන්

හම්මට මේ වීඩියෝ කෑල්ලෙ ඔය දෙබස දැක්ක ගමන් රයන් අතෑරපු බෝම්බයක් වගේ ඉන්ටර්නෙට් එක පුරාම මේක වයිරල් වෙනව. මාර්වල් ෆෑන්ස්ලගෙ හීනයක් වෙලා තිබ්බ ඩෙඩ්පූල් වුල්වරීන් එකතුවක් දෙනවා කියල දැක්ක වෙලේ ෆෑන්ස්ලගෙ රියැක්ෂන් ටිකනම් සුපිරි. ඇයි දෙයියනේ කවුද හිතුවෙ ෆොක්ස්ල සුපිරිම අවසානයක් දුන්න වුල්වරීන්ට ආයම සැරයක් හියු ජැක්මන්ම රඟපායි කියල. ඒ මදිවට මෑන්ට දැන් 55ක් වයස. ලේසි නෑනෙ ඒවයසට සුපර්හීරෝ චරිතයක් කරන එක.

⁣ෆිල්ම් එකට ඒ චූටි විඩියෝ කෑල්ලෙන්ම සුපිරි හයිප් එකක් හැදුන. ආය ඉතින් මේ වගේ ෆෑන්ස්ලගෙ හීනයක් කවද හැබෑවේවිද කියල කියන්නත් බෑනෙ ඒ කාලෙ mcu රෝන් සයිඩ් යන්න පටන් අරන් තිබ්බ නිසා. ඔන්න ටික ටික ෆිල්ම් එකේ සෙට් ෆොටෝස් ඒ අස්සෙ ලීක් වෙන්නත් ගත්ත. ඔය නිසා සමහර ෆේක් ලීක් ෆොටෝ පවා රයන් දාන්න ගත්ත. (මතකයි නේද ඒ සීන් ටික ඒ කාලෙ)

ඔක්කොටම වඩා නැගල ගියේ ෆිල්ම් එකේ ස්ටාර්ට් කරන සිංදුව එක්ක පූලා දාන ඇටකඩු කපල් ඩාන්ස් එකනෙ. හම්මා ඒකනම්. ඒ සීන් එකේ තියටර් එක්ස්පීරියන්ස් එකනම් කතා කරල ඉවර කරන්න බෑ. තාමත් සිංදුව ඔලුවෙ කැරකැවෙනවා. බායි බායි. *NSYNC ලගේ Bye Bye Bye සිංදුව ෆිල්ම් එකත් එක්ක උපරිමේටම වයිරල් උනා. දන්නවද X2 ෆිල්ම් එකේ පෙන්නුව වුල්විට ඒ සිංදුව පේන්න බෑ කියල. (රෝග්ල එක්ක කාර් එකේ පැනල යද්දි). කෝමද ඉතින් පූලා ඒ සිංදුවටම වුල්වි ගෙ ඇටකටු එක්ක නටද්දි.

ඔය කතා පැත්තකට දාල ෆිල්ම් එක ගැන ටිකක් බලමු. ඇයි ඉතින් ප්‍රණී මැෂිම වගේ සබ් එක ඉවර කරන්න කලින් මේක ලියල යවන්නත් එපැයි. ඔන්න ඉතින් මේකෙ මේන් කැරැක්ටර් දෙක පූලයි වුල්වියි කියල දන්නවනෙ. ඊගාවට මේකෙ විලන් විදියට ඉන්නෙ කැසැන්ඩ්‍රා නෝවා කියල දැනගන්න ලැබුන. කවුද මේ කැසැන්ඩ්‍රා? එයා තමා අපි දන්න චාල්ස් එක්සේවියර් ගෙ – ඒ කියන්නෙ ප්‍රොෆෙසර් X ගෙ ( රෝදපුටුවෙ ඉන්න ඩයල් එක තමා) එක කුස උපන් දුෂ්ට නිවුන් සහෝදරිය. කෙටියෙන්ම කියනවනම් චාල්ස්ට මව්කුසේදීම එයාගෙ ට්වින්ගෙ දුෂ්ටකම දැනුන නිසා තමන්ගෙ සයිකික් පවර් එකෙන් ට්වින්ව විනාෂ කරනව. මලදරු උපතක් විදියට කැසැන්ඩ්‍රා අම්මගෙ බඩෙන් අයින් උනත් ඒකිත් චාල්ස් වගේම පවර්ෆුල් නිසා අම්මගෙ ඇගෙන් වෙන් වෙලා උනත් ජීවිතේ බේරගන්න සමත් වෙනව.

ටෙලිපති බලය, Telekinesis, DNA අනුපිටපත් කිරීම, සෛල නැවත හරිගැස්සවීම, කොස්මික් ගිනි පාලනය, මැජික් සහ අනුකරණය සඳහා ප්‍රතිශක්තියක් තිබීම, පෙරනිමිති දැකීමේ හැකියාව, මනස සහ ශරීරය හුවමාරු කිරීමට පුලුවන් වීම, මනස පාලනය, ආත්ම එකතුකිරිමේ හැකියාව, බ්ලා බ්ලා බ්ලා එකී නොකී පවර්ස් බරගානක් කැසැන්ඩ්‍රාට තියෙනව. චාල්ස්ට විරුද්ධව වැඩ කරන මෙයා මිලියන 16කට වඩා මරණ සිදුකරලා තියෙනවා. IGN ල එලියට දෑව කොමික් ලෝකයේ සුපිරිම දුෂ්ටයෝ 50 ලිස්ටි එකටත් මෙයාව එකතු කරගන්නවා. ඒ 21 වෙනි සියවසේ මේ ලිස්ට් එකට එකතු උන එකම චරිතය විදියට. එමා කොරින් අක්ක තමා මේ ෆිල්ම් එකේ කැසැන්ඩ්‍රා ට රඟපාන්නෙ. කොමික් වල වගේ දුෂ්ට මූනක් එයාට දුන් නැති උනත් කියුට් මූනත් එක්ක හොඳ විලන් ඇක්ට් එකක් දුන්න එයා.

හෝව් හෝව්… කලබලේ ලියාගෙන ගියා ඕනිම ටික කිව්වෙ නැ. ඒ් මේකෙ ඩිරා ගැන. ඩිරෙක්ට මහත්තය බං. ඔන්න මේකට මේ පාර රයන් ලොක්ක එකතු කරගන්නවා තවත් ආතල් ඩයල් එකක් ඩිරෙක්ටර් විදිය⁣ට. ඒ තමයි Shawn Levy මහත්තයා. ලඟදි ආව Free Guy, The Adam Project වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරපු ෂෝන්, රයන් එක්ක කාලයක් වැඩ කරපු නිසා තෝරගන්න ඇත්තෙ. කෝමහරි බොසා බාරගත්ත වැඩේ උපරිමෙන්ම ගොඩදාල දුන්න. ෂෝන් ඩිරෙක්ට් කරද්දි Ryan Reynolds, Rhett Reese, Paul Wernick, Zeb Wells එක්ක Shawn Levy ස්ක්‍රිප්ට් එක ලිව්ව. Kevin Feige ලොක්ක එක්ක Lauren Shuler Donner, Ryan Reynolds සහ Shawn Levy ෆිල්ම් එක ප්‍රඩියුස් කරා.

ටික ටික ට්‍රේලර්, ටීවි ස්පොට්, සෙට් ෆොටෝස් වලින් ෆිල්ම් එක ගැන තොරතුරු එලියට එනවා. ඒ අස්සෙ ලොකී සීරිස් එකෙන් අඳුන්වල දුන්ල TVA එක/වොයිඩ් එක/එලායත් ව එහෙමත් පෙන්නුව. කෝම කෝම හරි ආරංචි උනා මෙච්චර සීන් පෙන්නලත් පෙන්නල තියෙන්නෙ ෆිල්ම් එකේ පලවෙනි විනාඩි 40 කොටස් විතරයි කියල. කෝම හරි මාර්වල්ලා අන්තිම වෙද්දි ෆේක් ස්පොයිලර්ස් පවා රිලීස් කරා ඇත්ත ස්පොයිලර්ස් ආවරණය කරන්න. ඇයි ඉතින් මේක තමා හරි මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් ෆිල්ම් එක. (දුකයි ඈ ඩොක්ට ස්ට්‍රේන්ජ්)

වුල්වරීන් වේර්යන්ට් ටිකනම් හම්මෝ ඉතිනම්. WB ල එලවපු හෙන්රි කැවිල්ට ඩිස්නිල දුන්න තැනනම් ටොප් නොච්. ඒ අස්සෙ ඩෙඩ්පූල් ගැන්ග් එකනම් ආතල් උනාට තව වැඩක් ගන්න තිබ්බ. දන්නවද රයන්ගෙ නෝනයි ලමයි දෙන්නයි පූල් ආර්මි එකේ හිටිය ලේඩි පූල්ටයි, කිඩ්පූල්ටයි, බේබිපූල්ටයි.. (පවුල් පාලනයක් වගේ)

ආතල් එකේ කතාව ගියත් ඒ එක්කම ෆිල්ම් එකේ ඉන්න වුල්විගෙ බැක් ස්ටෝරිය එක්ක, පූලගෙ සංවේදි කතාව එක්ක ෆිල්ම් එක සෙන්සිටිව් පැත්තකටත් යනව.

ඕව මේව නෙවේ රයන් බොසා නිසා යන්තමි හූනියම් දෙකකින් ෆිල්ම් එක බේරුනා කියල දන්නවද. කාගෙන්ද? කාගෙන්වත් නෙවේ අර කැප්ටන් මාර්වල් කරන බ්‍රී ලාර්සන් ගෙනුයි, පුප වන වන නටපු ශී හල්ක් කරපු
ටටියානා මස්ලානිගෙනුයි. උන් දෙන්නට මේක අස්සට රිංගන්නත් ඕන වෙලා. කෝම හරි බේසික් ශුට් ටිකකුත් කරල. ආරංචි විදියට වූලයි පූලයි පැත්තක ඉද්දි ඔය ගෑනු ඩබලට ෆිල්ම් එකේ ක්ලයිමැක්ස් එක අරගන්න ඕන වෙලාලු. කෝම හරි රයන් එයාගෙ ෆිල්ම් එක බේරගෙන. ආරංචි උන විදියට මෙි දෙන්න ඉන්නවනම් ෆිල්ම් එක රිලීස් කරන්න දෙන්නෙ නැ කියල රයන් බොසා.අන්තිමට අර ඩබල ‘අපි නඩු දානව’ කියාගෙන ගිහින්.. පව් ඈ. හූ. ඕකුන් දෙන්න රිංගුවනම ෆිල්ම් එක ආදායම බිලියනේ තියා ලඟටවත් එන් නැ ශුවර්.

හා හා ඒ හූනියම් දෙකේ කතාව ඇති. ආයම ෆිල්ම් එක⁣ට එමු. ෆිල්ම් එකනම් ආතල් ඈ. රයිටින් නම් අවුල් තමා. හැබැයි නොස්ටැල්ජික් මෙමරි එක්ක ආව කැමියෝ ටිකනම් ටිකත් එක්ක ආතල් සීන් එක්ක ඒ රයිටින් වල අඩුව ටිකක් අඩුවෙලා දැනෙනව. ඒ අස්මෙ දැන් ඉතින් වුල්වි නෙවේ පලවෙනි MCU සුපර්හීරෝ වෙන්නෙත්. ෆිල්ම් එක බැලුව අය දන්නවනෙ දැන් MCU මල්ටිවර්ස් එකේ පලවෙනි ෆිල්ම් එක මොකක්ද කියල.

වැඩිය කියන්න යන්නෙ නෑ. පැය දෙකක ආතල් ලෝකයක් එක්ක සංවේදි තැන් වලත් රැඳෙන්න බලන් පටන් ගන්න ෆිල්ම් එක බලන්න.

#Hail_Hydra
Deadpool & Wolverine (2024) Sinhala Subtitles
Deadpool & Wolverine (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

47,203 downloadsDownload Deadpool.and_.Wolverine.2024-1.zip131 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Deadpool & Wolverine (2024) Sinhala Subtitles

Subtitles

47,203 downloadsDownload Subtitles131 KB

63 comments

  1. Nipun Lakshitha

    Sub ekata thank you.. machan mama සියලුම චිත්‍රපටි වල උපසිරැසි kyana eka click kalama 404 error kyla wetenawane... anith film wala sub mukuth download kara gnna bha..

    1. Nirmal Vimukthi

      අපි ඒ ගැටලුව නිරාකරණය කරන ගමන් ඉන්නේ සහෝ...

  2. Anonymous

    Thank you bro..

    1. Asela chathuranga

      බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝදරයා, හිතන පතන බෝධියකින් #*#"# වෙන්න ඕන, හිත හොඳ මගේකා

  3. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  4. Charith Jayathissa

    Thanks bro!

  5. Kosala

    Thanks cuddha

  6. Buddhika laKMal

    ස්තූතියි ප්‍රණිත් සහෝ සබට

  7. චන්දිම

    අමේ ඉතින්.... ස්තුතියි ආ...

  8. vilana

    thanks for subtitle

  9. Asanga Basooriya

    supirine ithin... jayama wewa bosaa

  10. Anonymous

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ වෙලාවට ඇරන් දෙන්නා නැත්තේ.. හිටියා නම් බලන්නේ නැහැ මේක....

    1. Tharindu

      Thank you brother

  11. Lakshan sanjeewa

    Thank you බං sub එකටයි හැමදාම අනිවා කියවන හෑල්ලටයි

  12. Sashen

    Supiri

    1. Anonymous

      ලෙසටම තැම්කුයි ඉතින් ඈ ❤️

  13. Malith samarawickrama

    Thanks so much sub ekata

  14. Shehan

    Thanks a lot suddah

  15. Sasmitha

    හම්මේ ඉතින්…. ස්තුතියි ආ…

  16. Sasmitha

    හම්මේ ඉතින්…. ස්තුතියි ආ…

  17. Anonymous

    ස්තූතියී බොසා

  18. sachin

    s*u*p*i*r*i...!

  19. Sahan Gayantha

    thanks a lot Praneeth saho sub ekata

  20. minidu dissanayake

    thanks mcnn

  21. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි❤

  22. NNishakya

    Ela machn

  23. රුක්ෂාන් ඛාන් (රුකා)

    ස්තූතියි සහෝ... ආතල් එක වැඩි කරන් චිල් එකේ බලන්න සබ් එක ලෙසටම දීලා... හම්මේ ඉතිං ආයේ සුපිරිම සුපිරි ඈ ❤️❤️

  24. baiscopelkISHU

    THnx Machn sub ekata

  25. Akila Dilhara

    Thanks for Sub...❤

  26. Thilinda Randeera

    ස්තූතියි සහෝ

  27. lakshan

    thanks .............................

  28. Buddhima

    Thank you for your subtitles

  29. nimesh

    thank you machan..sub eka nn pattama bro hamadamth wge

  30. Kawshalya Dushyan

    මම ඒත් කල්පනා කර කර හිටියේ ප්‍රණියා දැන් වැඩිය සද්ද බද්ද නැති නිසා මේ උලව්වේ සබ් එක වෙන කවුරුහරි ගෙනෙයිද දන්නෑ කියලා. (අනිත් අයගේ සබ් වල අවුලක් නෙවේ.ඩෙඩ්පූල් කිව්වොත් ඉතින් ප්‍රණියා තමා) ලොකු තිරේ එක්ස්පීරියන්ස් එක ගත්තා රිලීස් කරපු ගමන්.දැන් ඉතින් බයිස්කෝප් සිංහලෙන් + ප්‍රණීත් චින්තක රණසිංහ එක්ස්පීරියන්ස් එක ගන්නයි හදන්නේ.

    එහෙනම් සබට තුති ප්‍රණියා.
    ජය!

  31. Udara Damith

    ඩිස්ට

  32. Thisara Prabhath Senarathne

    Thanks bro

  33. Bimsara Yashan (ඔලිව)

    ගැම්මක් තමා ප්‍රනීත් සහෝ, ඒ වගෙම බොහොම ස්තූතියි දවසක් යන්නත් කොලිටි ආතල් සබ් එකක් ගෙනාවටත්. වෙනදා වගේම සුපිරියටම සබ් එක කරල තිබ්බා. ජයවේවා එහෙනම්!

  34. SACHINTHA

    THANKS FOR SUB

  35. Thisara Neo

    තැන්කියු ප්‍රණියෝ සබ් එකට. ඩෙඩ්පූල් සබ්නම් උඹම තමා

    #Hail_Hydra

  36. Roshan

    Thnx bro.Great job.Good luck.

  37. Ruchira

    Thanks for the sub!

  38. Supun Wijerathna

    The penguin series ekata sinhala subtitles denna puluwnda

  39. Risika Samaranayake

    Athule vena dewal spoil karala liyanna epa mchn balapu nathi ayage hype eka nathi venva ne.Btw sub eka patta jaya veva brother! :)

  40. Anonymous

    ,

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති සහෝ

    Thor: Love and Thunder 2022 එකට සබ් දීල නෑනෙ. ඒකටත් සබ් කරන්නකො කවුරු හරි

    1. තිළිණ නදීශාන්

      BluRay එකට සබ් එක update කරනවද යාලු. ❤️

    2. තිළිණ නදීශාන්

      BluRay ekata sub eka update karanawada yalu. ❤️

  42. යුරාන් ධනුක

    ඩෙඩ්පූල් කිව්වම ඉතිං ඔයාගේ සබ තමයි සහෝ
    බොහෝම ස්තූතියි... ජය වේවා!

  43. Fernando

    Bluray update එකක් ඕන

    1. Anonymous

      උපසිරැසියට බොහොම ස්තූතියි

  44. thilina Nadeeshan

    BluRay update please machan..❤️
    Thank you

  45. dinushka

    Bluray එකට update karana පුළුවන් nam

  46. Dinush

    Blurry update ekak karanna ko puluwan nam

  47. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තුති.
    Bluray එකට update කරන්නකො

  48. SUNI

    THANKS

  49. Anonymous

    Thanks

  50. Chanika Hansi

    Thank you ❤️❤️

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.