Pilot (2024) Sinhala Subtitles කොහොමද යාලුවනේ…ඔන්න මම ඔයාලට අලුත් චිත්‍රපටියකට සබ් ගෙනාවා. අලුත් කිව්වට මේක ආවෙ නම් ජුලි 31.. ඒත් මේ ඊයෙ පෙරේදා තමයි උපසිරැසි පිට වුනේ.. ඉතිං කාලයක් බලාගෙන හිටපු එකක් නිසා..ඔන්න හදිස්සියෙම කොහොම හරි ඒකත් ගෙනාවා.. චිත්‍රපටිය ගැන කියනව නම් Kim Han-gyul අධ්‍යක්ෂණය කරල ත…

කොහොමද යාලුවනේ…ඔන්න මම ඔයාලට අලුත් චිත්‍රපටියකට සබ් ගෙනාවා. අලුත් කිව්වට මේක ආවෙ නම් ජුලි 31.. ඒත් මේ ඊයෙ පෙරේදා තමයි උපසිරැසි පිට වුනේ.. ඉතිං කාලයක් බලාගෙන හිටපු එකක් නිසා..ඔන්න හදිස්සියෙම කොහොම හරි ඒකත් ගෙනාවා..
චිත්‍රපටිය ගැන කියනව නම් Kim Han-gyul අධ්‍යක්ෂණය කරල තියෙන මේ නිර්මාණය නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නෙ Kim Myung-jin සහ Kim Jae-joong. ඒ වගේම 2012 දි තිරගත වුන Mårten Klingberg අධ්‍යක්ෂණය කරපු ස්වීඩ්න් චිත්‍රපටියක් වෙන Cockpit පාදක කරගෙන මේ චිත්‍රපටියෙ තිරරචනය කරල තියෙන්නෙ Jo Yoo-jin.
2024 ජුලි 31 නිකුත් වුන මේ චිත්‍රපටිය 2024 අගෝස්තු 3 වෙද්දි, ඩොලර් මිලියන 5.7ක් උපයා ගත්තා වගේම ටිකට්පත් 896,607ක් අලෙවි වුනා. ඒක නිකුත් වෙලා 4 වෙනි දවසට ඇතුළත් කිරීම් මිලියන 1 පහු කලේ ගිම්හානයේ නිකුත් වුන චිත්‍රපටි අතර කෙටිම කාලය සටහන් කරමින්.
Lee Ju-myoung, Han Sun-hwa, Shin Seung-ho රංගනයෙන් දායක වෙන විනාඩි 111ක් දිවෙන මේ චිත්‍රපටිය පුරා ඔයාලට පුලුවන් ප්‍රධාන චරිතය විදිහට Cho Jung-Seok ගෙ දක්ෂ රංගනයක් බලාගන්න.
කතාව ගැන කියනව නම්…හන් ජන්ග් වූ කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ වගේම දක්ෂ ගුවන් නියමුවෙක්..ඒත් වෙනත් කෙනෙක්ගෙ වැරැද්දක් නිසා එයාට තමන්ගෙ රැකියාව නම විතරක් නෙවෙයි තමන්ගෙ නෝනා වගේම දරුවගෙ අහිතියත් නැති වෙනවා..
ප්‍රසිද්ධ කාලෙ මෙයා ලඟ හිටපු හැමෝම අහක බලද්දි ජීවත් වෙන්න වගේම ඉස්සරහට යන්න වුවමනා නිසා ආයෙමත් ගුවන් නියමුවෙක් වෙන්න හැදුවත් හන් ජන්ග් වූ කියන නම අසාදුලේඛනගත වෙලා නිසා එයාට සිද්ද වෙනවා ජන්ග් මි කියන එයාගෙ සහෝදරීගෙ නමින් ගුවන් නියමුවරියක් වෙන්න…
ඉතිං ජන්ග් වූට රස්සාව ගන්න පුලුවන් වෙයිද…එයාගෙ ජීවිතේ කොහොම වෙයිද…කතාව බලලම දැනගන්නකො..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
2,967 downloadsDownload Pilot-2024.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pilot (2024) Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Buddhika laKMal
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..෴!
Ruchira
Thanks for the sub!!!!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Roshan
Thnx Sis.Great job.Good luck.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Nirman abishek
My Dearest Nemesis meka dennako pls pls meke kotas tika aran ennako pls baiscope.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pilot (2024) Sinhala Subtitles | ගුවන් නියමුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/11/pilot-2024-2.jpg)
බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්.....