Watch Trailer

Lullaby (2022) Sinhala Subtitles | යක්ෂණියක් කැඳවන දරු නැළවිල්ල [සිංහල උපසිරසි]

Lullaby (2022) Sinhala Subtitles Hello guys! මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතින් මම ඒ සඳහා තෝරාගත්තේ 2022 වසරේ නිකුත් වුණු supernatural horror ගණයේ චිත්‍රපටයක් වන Lullaby (2022) චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, සුප්‍රසිද්ධ Annabelle (2014) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර…

Lullaby (2022) Sinhala Subtitles

Hello guys! මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතින් මම ඒ සඳහා තෝරාගත්තේ 2022 වසරේ නිකුත් වුණු supernatural horror ගණයේ චිත්‍රපටයක් වන Lullaby (2022) චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, සුප්‍රසිද්ධ Annabelle (2014) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ඒ වගේම The Conjuring (2013) චිත්‍රපටයේ සිනමාරූපකරණය සිදු කරපු John R. Leonetti විසින්. IMDB අගය 4.9/10 ලෙස සටහන් වෙනවා.

කතාව ගැන කෙටියෙන් (Spoiler-Free):

අලුත උපන් තම බිළිඳා සමඟ සතුටින් දිවි ගෙවන මවක් සහ පියෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. දවසක් මේ අම්මට පැරණි පොතක තිබිලා ලස්සන දරු නැළවිල්ලක් හමු වෙනවා. හැඬුම් නවත්වන්නේ නැති තමන්ගේ දරුවා නළවන්න ඇය මේ ගීතය ගායනා කරනවා. හැබැයි ඇය දන්නේ නැහැ ඇය ඒ ගායනා කළේ නැළවිලි ගීතයක් නෙවෙයි, ශාප ලත්, පුරාණ Lilith කියන භයානක යක්ෂණියව කැඳවන මන්ත්‍රයක් කියලා. එතැන් පටන් මේ පුංචි පවුලට මුහුණ දෙන්න වෙන භීෂණය සහ තමන්ගේ දරුවාව බේරගන්න ඔවුන් කරන අරගලය ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.

ප්‍රධාන චරිත සඳහා Oona Chaplin සහ Ramon Rodriguez රංගනයෙන් දායක වෙනවා Oona Chaplin හට සිනමාවෙන් වගේම සැබෑ ජීවිතයෙනුත් උපතින්ම උරුම වුණු ලේ උරුමයක් තියෙනවා. ඇය වෙන කවුරුත් නෙවෙයි, සිනමාවේ අමරණීය තරුවක් වන ලෝකප්‍රසිද්ධ Charlie Chaplinගේ මිණිබිරිය හා ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වන Eugene O’Neillගේ මී මිණිබිරියයි. ඒ වගේම මෙම චිත්‍රපටය වැඩිම මියගිය ළදරුවන් ප්‍රමාණයක් එකවර තිරයේ දැක්වේමේ ලෝක වාර්තාවටත් හිමිකම් කියනවා.

මේක හදාගන්න මට දවස් 3ක් ගියා🥲. මේ film එකේ තියෙන යුදෙව් සංස්කෘතියට අදාළ වචන වලට මෙන්ම ගීත වලටත් මං තේරුම් ගන්න පුළුවන් විදියට උපසිරැසි කරා කියලා හිතනවා. තව මේක මං පුළුවන් තරම් natural විදියට තමයි translate කරේ. ඒ නිසා මේක ඔයාලට පොඩ්ඩක් වෙනස් වගේ දැනෙන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම, පහළින් ඔයාලගේ වටිනා අදහස් සහ Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. Good luck!

Lullaby (2022) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

410 downloadsDownload Lullaby-2022.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමේෂ් දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-07-18

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Lullaby Sinhala Subtitles

Subtitles by

නිමේෂ් දර්ශන

Subtitles

410 downloadsDownload Subtitles28 KB

4 comments

  1. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
    සාදරයෙන් පිළිගන්නවා baiscope.lk වෙතට ❤️
    පලවෙනි වැඩේට සුභ පැතුම් ❤️
    දිගටම සබ් දෙමු….

  2. Anonymous

    ❤️

  3. Buddhika laKMal

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං….
    මේ සබ්එකටත් තෑන්ක්ස්….
    ………….

  4. Anonymous

    ❤️