සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. 2020 නොවැම්බර් 19 වන දින Amazon Prime Video ඔස්සෙ නිකුත් වුණ Mane Number 13 කන්නඩ සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. Thriller/ Horror කාණ්ඩ යටතේ නිකුත් වුණ මේ සිනමා නිර්මාණය Vivy Kathiresan ගේ අධ්‍යක්ෂණයක්. Varsha Bollamma, Ai…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. 2020 නොවැම්බර් 19 වන දින Amazon Prime Video ඔස්සෙ නිකුත් වුණ Mane Number 13 කන්නඩ සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
Thriller/ Horror කාණ්ඩ යටතේ නිකුත් වුණ මේ සිනමා නිර්මාණය Vivy Kathiresan ගේ අධ්‍යක්ෂණයක්. Varsha Bollamma, Aishwarya Gowda, Praveen Prem, Chethan Gandarva, Ramana, Sanjeev, Sathvika Appaiah සිනමා නිර්මාණය වෙනුවෙන් රංගනයෙන් දායක වෙනව.
කතාව ගැන කියනව නම්, නිශෝක්, කාර්තික්, අශ්වත්, ප්‍රීති, නැන්සි කියන්නෙ යාලුවො පස් දෙනා වැඩ කරන්නෙ එකම තැනක. ඒ් වගේම නවාතැන් අරන් ඉන්නෙත් එකම නිවසක. මෙහෙම ඉන්න අතරේ එයාලට තමන් නවාතැන් අරන් ඉන්න ගෙදරින් යන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ මේ පස් දෙනාට එකම නවාතැනක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙනව. මොකද කිසිම කෙනෙක් කොල්ලො තුන් දෙනෙක්ටයි කෙල්ලො දෙන්නෙකුටයි එක ගෙදර නවාතැන් දෙන්න කැමති නෑ. ඒ් අතරෙ අශ්වත්ට කෙනෙක් ගෙදරක් හොයල දෙනවා. සාධාරණ ගාණකට ලැබුණු මේ ගෙදර ගැන අශ්වත් තමන්ගෙ යාලුවන්ට කියද්දි, කාර්තික් මේ ගෙදර සිද්ධ වුණ මිනීමැරුමක් ගැන වගේම ඒ් ගෙදර තියෙන අමනුෂ්‍ය බලවේගයක් ගැන අනතුරු අඟවල මේ ගමන යන්න අදිමදි කරනවා. ඒ්ත් අවසානෙට වෙන යන්න තැනක් නැති හින්ද මේ පස්දෙනා මේ ගෙදරට යනවා.
නිශෝක් හොල්මන් වලට බය නෑ කියන හින්ද කාර්තික්, අශ්වත්, නැන්සි, ප්‍රීති එකතු වෙලා ශන්කර් කියල යාලුවෙක්ගෙ උදව් ඇතිව හොල්මන් සිද්ධියක් නිර්මාණය කරල නිශෝක්ව විහිළුවට රවට්ටනවා. ඒ්ත් මේ සතුට වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ. එයාලගේ උදව්වට ආව ශන්කර්ගෙ මිනියත් එක්ක අනතුරු අඟවපු ලියුමක් එයාලට හම්බ වෙනව. ඊට පස්සෙ මොනව වෙයිද? ශන්කර් මැරුවෙ කවුද? යාලුවො පස්දෙනාගේ ජීවිත බේරෙයිද? මේ ගෙදර ඇත්තටම හොල්මන් තියෙනවද කියල කතාව බලලම දැන ගමු.
තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,502 downloadsDownload Maane-Number-13-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
15 comments
හසිත මධුෂාන්
Anonymous
පිලුමේ උච්චතම අවස්තාවක් ලිපියෙන් ස්පොයිල් වෙලා කියලා හිතෙනවා.
සබට ස්තුති වේවා.Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
RVMENDIS85
Thanks for sinhala sub....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!yohan
hindi ewatath sub denna. den indian films walata sub denne neththe ei? lagadi release wechcha godak ewata sub nehe. meka hari dunnata thanks
සාරංග ජේ. ලියනගම
Thanks
indika75
thanks..
Theekshana
sub eke font eke aulak tiyenawa... wada karanne na...
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Nethini123
Thank you very much
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Samarawickrama
Thanks sis sub ekata
Milinda Sandaruwan
Kaatteri (2018) Tamil movie ektath sub eka denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maane Number 13 (2020) AKA Manne Number 13 Sinhala Subtitles | අංක 13 නිවස [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/mane-number-13-2020.jpg)
සබ් එකට බොහොම ස්තූතියි....!