ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි මේ ආවෙ. ගොඩක් අය නම් ඉතින් මේක බලලා එහෙමත් ඇති. ඒ මොකද ඉතින් මේ චිත්‍රපටිය ඇවිත් හැන් සෑහෙන කාලයක් වගේම දෙරණෙ එහෙමත් පහුගිය දවසක පෙන්නුවනෙ. ඇරත් ඉතින් මේකට කවුරුත්ම සබ් කරලා තිබුනෙ නැ නෙව. මම කිව්වෙ බයිස්කෝප් අඩවියට හොදේ. ඉතින් නිකන් උන…

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි මේ ආවෙ. ගොඩක් අය නම් ඉතින් මේක බලලා එහෙමත් ඇති. ඒ මොකද ඉතින් මේ චිත්‍රපටිය ඇවිත් හැන් සෑහෙන කාලයක් වගේම දෙරණෙ එහෙමත් පහුගිය දවසක පෙන්නුවනෙ. ඇරත් ඉතින් මේකට කවුරුත්ම සබ් කරලා තිබුනෙ නැ නෙව. මම කිව්වෙ බයිස්කෝප් අඩවියට හොදේ. ඉතින් නිකන් උන්න දවස් ටිකේ මම මේක කරන්න ඉල්ල ගත්තා. කට්ටිය මේ වගේ ඒවට සබ් නොකරන්නෙ මේ වගේ චිත්‍රපටි වැඩි පිරිසක් නොබලන නිසා වෙන්න ඇති. කොමෙන්ට් එහෙමත් ඉතින් අඩුවෙන්නෙ ලැබෙන්නෙ. අනික ඉතින් ඉතින් චිත්‍රපටි කිව්වොත් අපේ උන්දැලාට ඕනෙ එක පාරක් ගැහුවාම දහ පාරක් වැටෙන නැත්නම් එකක් දුන්නාම බාගෙට අටවපු ලී ගොඩක් කඩාගෙන වැටෙන, පයින් ගැහුවාම අඩි 10 ක් 15 ක් දුරට විසිවෙන නැත්ටිනම් චිත්‍රපටිය අවසාන වෙනකොට කදුළු පෙරෙන ජාතියෙ ඒවනෙ. ඒකනෙ ඇත්ත නේද? ඉතින් ඔය අතරෙ ඉන්නවා මේ වගේ ටිකක් වෙනස් චිත්‍රපටි වලටත් කැමති පිරිසක්. ඉතින් එයාලා වෙනුවෙන් ඔන්න අරගෙන ආවා. මේ කලින් කියපුවට කවුරුත් මාත් එක්ක අමනාප වෙනවා එහෙම නෙවෙයි ඈ. මාත් කැමති ඒවට තමා. හරි ඉතින් වල්පල් දෙඩෙව්වා ඇති.
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්කො. සිනමා පටය නමින් මදාරි තේරුම නම් දන්න හැටියට රූකඩ නටවන්නා. හරියටම දන්නෙ නැ හොදේ. ඒවගේම සිනමාපටය අයත් වෙන්නෙ crime/drama ඝනයට. ඒ වගේම IMDb දර්ශකයේ 7.7/10 වගේ ඉහල අගයක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ඉර්ෆාන් කාන්. වැදගත්ම දේ තමා මේ චිත්‍රපටයට ප්‍රධාන නිළියක් නැති එක. ඉර්ෆාන් කාන්ව ඔයාලා බොලිවුඩ් චිත්‍රපටවල වගේම හොලිවුඩ් චිත්‍රපට වලත් දැකලා තියෙනවනෙ. මතකනෙ The Amazing Spider Man, Jurassic World වගේ චිත්‍රපටිවල හිටියා. ඒ වගේම ඉර්ෆාන් කියන්නෙ ගොඩක් සම්මාන දිනපු ඉතාම හොද තත්වයක ඉන්න කලා කරුවෙක් කිව්වොත් හරියටම හරි. 2014 ආසියානු චිත්‍රපට සම්මාන උළලෙදි හොදම නළුවාට හිමි සම්මානය, ජාත්‍යන්තර ඉන්දීය චිත්‍රපට ඇකඩමි සම්මාන තුනක් වගේම ෆිල්ම් ෆෙයා(ර්) සම්මාන තුනක් වගේම තව බොහෝ සම්මාන දිනා ගත් නළුවෙක් තමයි ඉර්ෆාන් කියන්නෙ.
දැන්කතාව ගැන කියන්නම්. කතාවෙන් ටිකක් කියනවනම් එක්තරා පුදගලයෙක් ඉන්දියාවෙ මහ ඇමතිගෙ පුතාව පැහැර ගන්නවා. දරුවා පැහරගත්තත් මහ ඇමතිගෙන් කිසිම කප්පමක්වත් ඉල්ලන්නෙ නැ. ඉතින් මේ ළමයව හොයන්න පත් කරන නිළධාරියා තමයි නචිකේට් කියන්නෙ. එයා මහ ඇමතිගෙ පක්ෂයට හිතවත් කෙනෙක්. ඒත් මනුස්සයා හොද මිනිහා. ඉතින් කොහොමහරි පැහර ගත්ත කෙනාගෙන් මහ ඇමතිට පණිවිඩයක් එනවා. ඒ මහ ඇමතිගෙ පුතාව පැහැර ගත්තෙ වැරදීමකින් නෙවෙයි කියලා. ඒ වගේම ඒකෙ තියෙන්නෙ පැහැර ගත්ත කෙනාගෙ පුතාවත් අතුරුදහන් කියලා. ඉතින් මේ මනුස්සයා ඉල්ලන්නෙ එයාගෙ පුතාව හොයලා දෙන්න කියලයි. ඉතින් නචිකේට් ඇතුලු පිරිස මේ කෙනාගෙ පුතාව හොයන්න මෙයා දෙන ඉගි පස්සෙ යනවා. ඉතින් ඇත්තටම මොහුගෙ පුතාට මොකද වෙලා තියෙන්නෙ. එයා කොහෙද? කවුද පැහරගෙන තියෙන්නෙ? කවුද වග කියන්න ඕන? මේ සේරටම පිළිතුරු දැනගන්න ඔයාලාට මේ සිනමාපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. බලන කිහිපදෙනා හරි කොමෙන්ටුවක් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Madaari.2016.720p.BRRip.x264.Hindi.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
3,165 downloadsDownload Madaari-2016.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
35 comments
sachintha
Lahiru
Thanx machaan mama balagena hitiye me fim akata sinhala sub denakan...
Ranga
මේක එල කිරි ෆිලිම් එක බන්. මම බැලුවා කලින්ම. පට්ට
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!rakitha ranathunga
බොහොම ස්තූතියි සහෝ සබට...
එල්.සී. දමැල්
ස්තුතියි ලහිරු...
නැවත උපසිරසකින් හමුවෙමු...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...එල්.සී. දමැල්
ටයිම්ලස් මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු*
kalana prabod
Thanx saho sub ekata
thisal
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!ashan lankanath
thanks
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
ගොඩක් හොඳ චිත්‍රපටයක්නේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
අනිවාර්‍යයෙන්ම බලනවා.
ජයවේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shakil
Thanks Brother!!!
das
kohamada torrent download karannw
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
moditha
thanks saho
niro
thnx macho I like this movie
Chathu
hello Lahiru!
Kahaani 2 & Befikare film walat sub denna puluwannammindika
Thanks !!!!!!!!!!!
තිලංක
ඉතින් ඔය අතරෙ ඉන්නවා මේ වගේ ටිකක් වෙනස් චිත්‍රපටි වලටත් කැමති පිරිසක්. ඉතින් එයාලා වෙනුවෙන් ඔන්න අරගෙන ආවා. ඇත්ත කතාව බ්‍රෝ..... විකාර ෆයිටිං වලට වඩා වෙනස්ම විදියේ කතාවල සුපිරි කතා තියෙනවා. උපසිරැසියට ස්තුතියි සහෝ.....
Kamal
Thank for the sub
mindika
Thanks!!!!!!
අබා
ස්තුතියි ලහිරු උපසිරසියට.....!!!!
අප වෙනුවෙන් කරන කැපවීම අගය කොට සලකනවා....!!!nuwan
සුපිරි කතාව
Lushan Kuruppu
Thank you... Bro!
nidi
Lahiru, ගොඩාරියක් ස්තුතිිියි මේ වගේ සුුපිරි චිත්රපටයක් සයිිිිට් එකේ අප වැනි රසිකයන්ට තිළිණ කළාට.
කමෙන්ට්ස් අඩු වුණාට කමක් නැහැ, වල් පැල හැදෙන තරම් ඉක්මනට මල් පැල හැදෙන්නෙ නැහැනේ. ඒවා හදාගන්න ඕනේ මහන්සියෙන් දුක් විදලා.
ආයෙමත් ස්තුතියි!
lahiru darshana
mewa thamai oneeeeee
Chathura
බොහොම ස්තූතියි.. ජය!!
Krish
Super !
krish1234
ela
Anushka Madushan
thanks...!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
nipuna
thanks mchn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata thanks bro
Jaya wewa....
Shadowhunters season 2 ekata sahogen sub ona...
Ada epiya awaa heki ikmanata sub danna sahoo....