Madgaon Express (2024) Sinhala Subtitles ආයුබෝවන් උණුසුම් මලයාලි චිත්‍රපට දෙකකට පස්සෙ නැවතත් හිංදි චිත්‍රපටයක් ගේනවා. මේ වසරෙ තිර ගත උන සාර්ථක හිංදි කොමඩි චිත්‍රපටයක්. IMDB 7.5 ක් වගේ අගයක් ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳින් ලබා ගත්ත ක්‍රියාදාම නොවන හිංදි චිත්‍රපට අතලොස්සෙන් එකක්. Kunal Khemu නම් අධ්…
Madgaon Express (2024) Sinhala Subtitles
ආයුබෝවන් උණුසුම් මලයාලි චිත්‍රපට දෙකකට පස්සෙ නැවතත් හිංදි චිත්‍රපටයක් ගේනවා. මේ වසරෙ තිර ගත උන සාර්ථක හිංදි කොමඩි චිත්‍රපටයක්. IMDB 7.5 ක් වගේ අගයක් ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳින් ලබා ගත්ත ක්‍රියාදාම නොවන හිංදි චිත්‍රපට අතලොස්සෙන් එකක්. Kunal Khemu නම් අධ්‍යක්ෂක වරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂනයක් වන මෙහි Divyendu Sharma, Pratik Gandhi, Avinash Tiwary සමග Nora Fatehi රඟපෑමෙන් දායක වෙනවා.
පාසල් මිතුරන් තිදෙනෙක්ගෙ පාසල් කාලයෙ සිහිනයක් තමයි ගෝවා ප්‍රදේශයේ සංචාරයකට යන එක. ඒත් ඒක පාසල් කාලෙදි සැබෑ කර ගන්න ඔවුන්ට බැරි වෙනවා. ඊට පස්සෙ එකෙක් ඇමරිකාවෙ නිව් යෝක් වලත් අනෙකා දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන් වලත් පදිංචියට යද්දී හරි හමන් රැකියාවක් වත් නැති තුන් වැන්නා මුම්බායෙ තනි වෙනවා.ඒත් කාලෙකට පසු හෝ තම සිහිනය සැබෑ කර ගැනීමට මිතුරන් තුන් දෙනා පසුව තීරණය කරනවා. තම ජීවන තත්වය මිතුරන් දෙදෙනාගෙන් සඟවා කෝටිපතියෙකු ලෙස පෙනී සිටීමට තුන් වැන්නා ගත් උත්සාහයට ප්‍රශ්ණයක් වන්නේ ඔවුන්ගේ සංචාරය සංවිධානය කිරීමේ වග කීම ඔහු මත පැටවීම නිසයි.සිය තත්වය වසන් කිරීමට ඔහු ගන්නා හාස්‍ය ජනක උත්සාහයන් මගින් සංචාරයට සිදු වන බල පෑම සහ එම සංචාරයේදී ඔවුන් මුහුණ දෙන හාස්‍යජනක මෙන්ම ත්‍රාසජනක අවස්ථා සහ ඇබැද්දි රැසක් සමග මේ කතාව දිව යනවා. කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන් කොමඩියක්.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Madgaon Express (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
5,100 downloadsDownload Madgaon-Express-2024.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Madgaon Express (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Indian Box Office Hits
- #Madgaon Express (2024) Sinhala Sub
- #Madgaon Express (2024) Sinhala Subtitles
- #Madgaon Express Sinhala Sub
- #Madgaon Express Sinhala Subtitles
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subrat Dutta
- #Subs
- #subtitle
- #Subtitles
- #Yami Gautam Dhar
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Gagan pabasara
Pradeep
ටෝවිනෝ තොම්ස් ඉන්න 2022 ආව vazhakku ෆිම් එකේ web DL සහා HD පිටපත් දලා තියෙනවා පුලුවන් නම් සබ් එකට සබ් එක දෙන්න සහෝ
Sahan Gayantha
Thanks a lot Bandula saho sub ekata..
Buddhika Lakmal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Malith samarawickrama
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එනකම් හිටිය එක්ක තමයි සිංහල උපසිරස බොහොම ස්තුතියි ❤️