The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් මම හැමදාම කියනවා වගේ ආසම කරන ශානරයකින් තවත් සිනමාපටයක් අරගෙන ආව. ඔයාලා බලල තියෙනවද Inglourious Basterds (2009) සහ Sisu (2022) වගේ සිනමාපට? ඒවා සෙට්ද? එහෙනම් ආයේ දෙවරක් නොහිතා මේක අරගෙන බලන්න. ලොව…

The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් මම හැමදාම කියනවා වගේ ආසම කරන ශානරයකින් තවත් සිනමාපටයක් අරගෙන ආව. ඔයාලා බලල තියෙනවද Inglourious Basterds (2009) සහ Sisu (2022) වගේ සිනමාපට? ඒවා සෙට්ද? එහෙනම් ආයේ දෙවරක් නොහිතා මේක අරගෙන බලන්න. ලොවෙත් සෙට්. අහ්හ් ඒ වගේම මේක සත්‍යය කතාවක් 😉
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
යුද්ධයක් කියන්නේ කොහොමත් මිලේච්ජ දෙයක්නේ, ඒ මිලේච්ජ දේ වුණත් යම්කිසි සීමාවන් පණවාගෙන තමයි සිදු කරන්නේ. හැබැයි මේ මෙහෙයුම බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන්නේ අන්න ඒ කියපු දේවල් වලට පිටින් යමින්. හරියටම කිව්වොත් Inglourious Basterds (2009) සිනමාපටයේ එන කණ්ඩායම වගේ කණ්ඩායමක් විසින් සිදු කරපු ඔපරේෂන් පෝස්ට්-මාස්ටර් මෙහෙයුම ගැන තමයි මේ සිනමපටයෙන් කියැවෙන්නේ. දෙවැනි ලෝක යුධ සමයේ බිතාන්‍යයේ අගමැතිව සිටි චර්චිල් විසින් දේශපාලනික සහ යුධමය කාරනා නිසාවෙන් මේ මෙහෙයුම ඕෆ් ද රෙකෝඩ් එහෙමත් නැත්නම් කිසිදු කරුණක් පිටතට හෙළිදරව් නොකරන, අවසර නොලත්, අනීතික, නොනිල මෙහෙයුමක් බවට පත් කරනවා. ඉතිං මේ කණ්ඩායම ගැන 2014 වසරේදී “Churchill’s Secret Warriors: The Explosive True Story of the Special Forces Desperadoes of WWII” නමින් කෘතියක් පලවෙනවා.
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
ඉතිං ඒ ඇසුරින් ප්‍රවීණ හොලිවුඩ් අධ්‍යක්ෂක Guy Ritchie විසින් මෙම සිනමාපටය නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඔහු මේ සඳහා ප්‍රධාන වශයෙන් ස්නයිඩර්-වර්ස් එකේ සුපර් මෑන චරිතය සිදුකරපු Henry Cavill, ඇමසොන්ලගේ සුපිරිම කතා මාලාවක් වෙන Reacher කතා මාලාවේ ජැක් රිචර් චරිතය සිදු කරන Alan Ritchson දෙදෙනාව දායක කරගන්නවා. ඒ වගේම තමයි සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් . ඊට අමතරව Magic Mike (2012) සිනමාපටයේ ඇඩම්ගේ චරිතය සිදුකල Alex Pettyfer, Baby Driver (2017) සිනමාපටයේ ඩාලිං චරිතය සිදුකල Eiza González සහ සෙසු චරිත වශයෙන් Babs Olusanmokun, Cary Elwes සහ After (2019), After We Collided (2020), After We Fell (2021), After Ever Happy (2022), After Everything (2023) සිනමාපට මාලාවෙන් ප්‍රසිද්ධියට පත් Hero Fiennes Tiffin යන පිරිස ප්‍රධාන වශයෙන් දායක කරගන්නවා.
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles

ඉතිං මේ සඳහා imdb වෙබ් අඩවියේ සාමාජිකයින් එකොලොස්දහස + ප්‍රමාණයකින් 7.8ක් වැනි ඉහල අගයක කැමැත්තක් ලැබිල තියෙනවා. ඒ වගේම RT වෙබ අඩවියේ විචාරකයින් වෙතින් 71%ක අගයකුත් ප්‍රේක්ෂකයින් වෙතින් 93%ක අගයකුත් මේ සඳහා ලැබිලා තියෙනවා.
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
ඉතිං මේ සඳහා පසුබිම් වෙන්නේ මම මුලදීම කිව්වා වගේ දෙවැනි ලෝක යුද්ධයේ සිදුවීමක්. මේ සිදුවීම වෙන කාලය වෙනකොට ජර්මානු නාසීන් ඉතාම ප්‍රභල තැනක ඉන්නේ. බ්‍රිතාන්‍යය තමයි යුරෝපයේ අවසාන බලාපොරොත්තුව. හැබැයි බ්‍රිතාන්‍යයට මේක තනියම කරන්න බැහැ. ඇමරිකාවේ සහය ඕන වෙනවා. හැබැයි ඇමරිකාවට තමන්ගේ සේනාවන් අත්ලාන්තික් සාගරය හරහා යුරෝපයට අරගෙන එන්න විධියක් නැහැ. ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුධ සමයේ මහ මුහුදේ ආධිපත්‍යය පතුරවාගෙන හිටිය යූ-බෝට් නමින් හැදින්වූ ජර්මානු සබ්මැරීන. යුධ නැවක්ද, භාණ්ඩ ප්‍රවාහන නැවක්ද, මගී ප්‍රවාහන නැවක්ද යන්න කිසිවක් නොබලා ඔවුන් විසින් එකල ප්‍රහාර එල්ල කල බවයි කියැවෙන්නේ. ඉතිං හිට්ලර්ගෙන් හොඳටම බැට කාලා ඉන්න අතරේ චර්චිල්ව බලයෙන් පහ කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ යම් සිදුවීම් වගයක් වෙනවා. ඒ හැම දේම එක්ක ලොකු අවධානමක් අරගෙන චර්චිල් විසින් මේ “මහත්මා නොවන” මෙහෙයුම ක්‍රියාත්මක කරවනවා. සිනමාපටය අවසානයේදී ඔයාලට ඒ සැබෑම පුද්ගලයින්ව දැක බලාගන්න ලැබේවි.
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles

මේ සිනමාපටයේ ඉන්නවා සිනමා ලෝකයේ සුප්‍රසිද්ධ චරිතයක් වෙන ජේම්ස් බොන්ඩ්ව නිර්මාණය කරපු ඉයන් ෆ්ලෙමින් කියන චරිතය නිර්මාණය කරපු ඉයන් ෆ්ලෙමින්. ඔයාට දකින්න ලැබේවි එයා තමන්ව හඳුන්වාදෙන ආකාරය, මෙන්න මෙහෙම. “ෆ්ලෙමින්, ඉයන් ෆ්ලෙමින්”. ඒ විතරක් නෙමෙයි, මේ සිනමාපටයේ එන කැප්ටන් ගස් මාච් ෆිලිප්ස් තමයි ඉයන් ෆ්ලෙමින් විසින් ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කිරීමේදී පාදක කරගත්තේ කියලත් කියවෙනවා. ඔන්න ඒක අමතර කරුණක්. 🙂
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
ඒ වගේම කතාවට අමතරව කියන්න ඕනා කරුණක් තියෙනවා, ඒ තමයි මෙහි ප්‍රධාන චරිතය වන ගස් මාච් ෆිලිප් මෙමෙ සිදුවීම සිදුවී මාස අටකට පසු ක්‍රියාන්විතයේදී මිය යනවා. 🙁 එහෙනම් මේ මහත්මා නොවන, ඔපරේෂන් පෝස්ට්-මාස්ටර් මෙහෙයුම මොකක්ද කියල බලාගන්න ඔයාලට ඉඩකඩ සලසා දෙන්නම් ඔන්න මම.
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
එහෙනම් ඉතිං මතකනේ හැමදාම වගේ ඔයාලට මතක් කරන දේ? සබ් එක අරගෙන යනකොට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අද මෙහෙම මතක් කරන්න වුණාට, අපි දෙන සබත් එක්ක ෆිල්ම් එක බලල ඇවිත් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්චා කරපු යුගයක් පවා අපිට තිබුනා. අපි සබ් කරන්න යොමු වුනෙත් අන්න ඒ දේවල් දැකලා. ඒ වයිබ් එක නැති එක අපට ලොකු අඩුවක්. ඒ කාලේ හිටිය අයට මතක ඇති ඇත්තටම 🙂
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
Director: Guy Ritchie
Writers: Paul Tamasy, Eric Johnson, Arash Amel, Guy Ritchie.
IMDB Ratings : 7.2
Release Date: 19 April 2024
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
19,756 downloadsDownload The-Ministry-of-Ungentlemanly-Warfare-2024-1.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Alan Ritchson
- #Editor's Pick
- #Guy Ritchie
- #Henry Cavill
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Ministry of Ungentlemanly Warfare (2024)
- #The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles
- #World War II
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
63 comments
jeewa
Buddhika Lakmal
මේ ෆිලුමට සබ් දුන්නට බොහෝම ස්තූතියි විමා සහෝ.......
කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව කරන මේ වැඩේට් බොහෝම ස්තූතියි...
ජයවේවා.........Gayathri Gunasekara
Thanks
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තුතියි සහෝ උපසිරැසියට,
බලන්නම හිටපු ෆිල්ම් එකක්! ගැම්මක් තමා ඉතින් ආ!Anonymous
බොහොම ස්තුතියි විමා සහෝ.. මේක විමා සහෝ ම දුන්නා කියන්නේ ඉතිං අනිවා බැලිල්ලක් තමා... ජය වේවා..
Gagan pabasara
සුපිරි ආ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thank you
Viper
කොහොමද chat ගෲප් එකක් පටන්ගත්තොත්? එතකොට අපිට කෙන කෙනාගෙ අදහස් කියන්න පුලුවන්.
විමා - Admin
එතකොට වැඩේ සංකීර්ණ වෙනවා මචෝ. මොකද සීයක් දෙසීයක් නෙමේනේ මේකට එන්නේ. ලක්ෂ ගානක් එනවා.
ඒ එන එක එක්කෙනා එක එක දේවල් කියන්න ගත්තම අපිට මේ විධියටවත් සන්නිවේදනය කරගන්න බැරිවෙනවා. :(
Kavindu Nethmina
Sub Ekata Thanks Bro ❤️❤️❤️
Harinu S
සබ් එකට Thanks විමා Boss!
හිමන්ත
හදවතින්ම තැන්කු තැන්කු තැන්කු
Gihan Lakmal
Ela Macho
Krishantha Kumara
Great.. Thank you for the sub and also explanation..
ravindra
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
Sahan Gayantha
thanks a lot Shan saho sub ekata
Hashan
Thanx for the sub bro...❤️
Natheesha Fernando
Gammak
Well done boiSandeep Madushan
Thanx saho.supiri
chaminda
දෙනකන් බලා හිටියෙ. තෑන්ක්ස් සහෝ෴෴❣️❣️
Anonymous
lazareth film ekath subtitle karannako
Kaveen
thank you saho.
Bhagya Uthpala
Thankyou shan
Nirmana
thanks
Anonymous
Thanks Brother
Anonymous
Thanks
හශාන්
සුපිරියක්.දෙනකන් ඉදියේ
Anonymous
Thank u
Supun
Tnqqqqq brother.. gemmak tamai... Jaya weewaa...!!! Bs...!!!
Anonymous
Thank you for the sub bro ❤️
Anonymous
බොහොම ස්තූති
Viraj
Thanks
Anonymous
❤️❤️❤️
Kingxr
බොහොම ස්තුතියි කොල්ලො සබ් එකට...එකෙන්ම ජය බයිස්කෝප් එකට
Agent47
බොහොම ස්තුතියි කොල්ලො සබ් එකට...එකෙන්ම ජය බයිස්කෝප් lk එකට..
Roshan
Thnx bro.Great job.Good luck.
නලින් පෙරේරා
ස්තුතියි විමෝ සබට, ජය වේවා!
Anonymous
Supiri
kavindu
thanks bro sub ekata,good luck
Anoj kavinda fdo
අම්මෝ බන් එකනම් සුපිරියක්.සිරාවටම සබ ගන්න සයිට් එකට ඇවිත් උබේ විස්තරේ කියවල තමයි ෆිලුම බලන්න ඕනේ කියල ඩිසයිට් කලේ..නැත්තන් මම එච්චර ආස ටයිප් එකක් නෙමේ හිස්ටොරිකල් / වෝර් කියන්නෙ.සබට වගේම හොද ෆිලුමක් මිස් වෙන්න නොදී බලන්න පෙලෙබුවාට තෑන්ක්ස් බ්‍රෝ..මොන ෆිලුම බාගත්තත් බලන්න කලින් උබලගෙ සයිට් එකට එන්නෙ සබත් එක්ක දෙන රිවීව් එක කියවන්න.ඒක පට්ට වටිනව ගොන් ෆිල්ම් වලට ටයිම් වේස්ට් නොකර ඉන්න..❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතිය විමා අයියේ. දැං තමා ෆිල්ම් එක බලන්න යන්නේ. ජයවේවා!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Thilina
Thanks sub ekata
Namika
බොහොම ස්තුතියි සහෝදරයා.. කාලෙකින් සෙට් වෙන විදිහේ නියම ෆිල්ම් එකක්. මහන්සි වෙලා සබ දෙන එක ගොඩක් අගය කරනවා .
ඔයාලා නැත්නම් ෆිල්ම් බලලත් ඉවරයි සිංහලෙන්.. ජය වෙන්න ඕනේ !!Amila Mudalige
උපසිරසියට ස්තූතියි
Amila Mudalige
උපසිරසියට ස්තූතියි ❤
අසේල
බොහොම ස්තුතියි ස්තුතියි මහත්මයා, දීර්ගායුෂ ලැබේවා
dhanushka
Supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SatM
Thanks For Sub Machan
Sanjeewa Kanchana Paranahewage
Thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles | දෙවැනි ලෝක යුධ-වාර්ථාවන්ගෙන් වසන් කල මෙහෙයුමක්. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/The-Ministry-of-Ungentlemanly-Warfare-2024-b.jpg)
සබ් එකට ස්තුතියි සහො