Watch Trailer

Madhumati (1958) Sinhala Subtitles | හින්දි සිනමාවේ “ෆිල්ම් ෆෙයාර් සම්මාන නමයක්” දිනාගත් සුන්දර සිනමා නිර්මාණයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය හින්දි සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම සිනමාපටය ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. මෙය IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, “ෆිල්ම් ෆෙයාර් සම්මාන නමයක්” ලබාගත් ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම වෙබ් අඩවියේ 2015 සිට මගෙන් වැඩිම පිරිසක් උපසිරසි ඉල්ලා සිටි සිනමාපටය මෙයයි. පුද්ගලිකවම කිවහොත් මේ සිනමාපටය ම…

මෙය හින්දි සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම සිනමාපටය ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. මෙය IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, “ෆිල්ම් ෆෙයාර් සම්මාන නමයක්” ලබාගත් ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම වෙබ් අඩවියේ 2015 සිට මගෙන් වැඩිම පිරිසක් උපසිරසි ඉල්ලා සිටි සිනමාපටය මෙයයි. පුද්ගලිකවම කිවහොත් මේ සිනමාපටය මා දැනට “හය වාරයක්” නරඹා තිබෙනවා. මම කතාව දන්නා නිසා වෙන්න ඇති මේ සබ් දීම කල් ගියෙත්, මම බොහෝ විට සබ් දෙන්නේ මම කලින් නරඹා නැති, එහෙත් හොඳයි කියා අසා ඇති එකකට පමණයි. මෙය නැවත, නැවතත් නරඹන්නට සිතෙන සිනමාපටයක්. මෙම සිනමාපටය නරඹනවිට, මෙම සිනමාපටය තුළ ඔබත් ඉන්නවා වගේ දැනේවි. ඔයාලාගේ රුචිකත්වයන් අනුව “සමහර අය” මෙය නරඹන්නට තෝරා ගනීවි. කවදා හෝ ආඩම්බරයෙන් කියන්නට හැකිවේවි, මමත් “මධුමතී” සිනමාපටය බලලා තිබෙනවා කියලා. ස්තුතියි! එය ඔයාලාගේ කැමැත්තක්.

මෙහි කතාව ආරම්භ වන්නේ, කුණාටු සහිත රාත්‍රියක ඉංජිනේරුවෙකු වන “දේවින්දර්” තම මිතුරා සමඟ කාර් රථයකින් කඳුකර පාරක් හරහා තම බිරිඳ සහ දරුවා රැගෙන ඒම සඳහා දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. නායයාමක් නිසා ඔවුන්ගේ ගමන අවහිර වන අතර මිනිසුන් මාර්ගය පිළිසකර කරන තුරු අසල පාළු මන්දිරයක් තුළට පැමිණෙයි. දේවින්දර්ට එම නිවස හුරුපුරුදු ආකාරයක්ය දැනෙයි. එහි එල්ලා තිබූ පැරණි පින්තූරයක් එකවර කඩාවැටේ. එය දැකීමෙන් ඔහුට තමාගේ පසුගිය දුක්මුසු ආත්මය ගැන මතකය ආවර්ජනය වේ. එතැන් සිට ආනන්ද් සහ මධුමතීගේ දුක්බර ආදර කතාව දිග හැරේ.

මෙම වෙබ් එකේ සමහර අය මට යෝජනා කරනවා පැරණි හින්දි සිනමාපටවලට “සබ් කරන්න එපා” කියලා. නමුත් මට එය යෝජනා කරන අය සමහරවිට දමිළ, මලයාලම්, ඉංග්‍රීසි සහ හින්දි අලුත් ඒවාට කැමති අය වෙන්නට ඇති. නමුත් මා දකින්නේ ඒ සියලු වර්ග කිරීම් අතර ලාංකික සමාජයේ හැසිරීම්වලට බොහෝ කිට්ටු සිනමාපට වන්නේ “පැරණි හින්දි සිනමාපට” බවයි. ඒ නිසා වෙන්න ඇති මම ඒවා පුද්ගලිකවම ප්‍රිය කරන්නේ. එහෙත් ඔයාලාගේ රුචිකත්වයන්ට මා හිස නමනවා. ඒ මන්ද “වර්තමාන රූපවාහිනී චැනල්” වලින් දෙන්නේ එම වර්ගවල අලුත් ඒවාම පමණක් නිසා සමාජය ඒවාට ඇබ්බැහි වෙලා.

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට දෙවන උපසිරසි නිර්මාණය” යි. මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් පූල් කිලේ”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Madhumati (1958) (HD) – Dilip Kumar | Vyjayanthimala | Pran – Hit Bollywood Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස් තුනයි, තත්පර හතළිස් නමයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,536 downloadsDownload Madhumati-1958.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,536 downloadsDownload Subtitles38 KB

23 comments

  1. Sanath Indika

    Thx for ssubtitles .

  2. රොෂාන් ශමීර ජයසිංහ

    අම්මෝ... පරණ හින්දි චිත්‍රපටයක් නම් ඉතින් ප්‍රියන්ත අයියම තමයි.
    මේක මං ඉස්සෙල්ලම බැලුවේ කලු සුදු ටීවී එකක. පස්සේ කාලෙක DVD එක හොයාගෙනත් බැලුවා.
    සින්දු ටික තාමත් මගේ ෆෝන් එකේ තියනවා.
    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට..
    ~ ජය වේවා ~

  3. Udaya saman

    පැරණි හිංදි සනමාපටයක්නම් ඉතින් විතානගේ අයියම තමයි.නිතරම ආව ගමන් බලන්නෙ ඔයාගෙ උපසිරසියක් දිලද කියලයි.ඒ වගේම පැරනි හිංදඅ සිනසාව බබලනවට ඔබට බොහොම තුති.ගත්තා එහෙනම්

  4. Anonymous

    THANK YOU VERY MUCH

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ මේවගේ ෆිල්ම්වලට සබ් දෙනවට වෙනම තෑන්ක්ස් කරන්න ඕන ඔයාට....

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Bandara

    මේකෙ තියෙන ගීත සියල්ලටහ වගේ සිංහල ගීකතනු නිර්මාණය වෙලා තියෙනව..ඒ තරම්ම ජනප්‍රිය ගීත..බොහොම ස්කූකියි ප්‍රියන්ත මහත්මයා...

  9. W T Ajith

    Thanks for your subtitle, "Old is gold"I suggest Awara 1951 film.

  10. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  11. D P Gamage

    විතානගේ මහත්මයා, මම මේක ගොඩක් ආසා කරන චිත්‍රපටයක්. බොහොම ස්තුතියි... 60 දශකයේ පරණ ඒවාත් ලස්සනයි.

  12. Deegayu Abeysekera

    thanks mr.priyantha

    meke sub enakan godakkal balan hitiya

    digatama sub denna

    puluwannan next kati patan sub denna

  13. PRAVEEN MAHESH

    පැරණි චිත්‍රපට වලට උපසිරැසි දෙන එක ලොකු සේවයක්.. බොහොම ස්තූතියි.

  14. Anu

    Old is gold
    ජනප්‍රිය , හොඳම පරණ ෆිල්ම් ඔක්කොටම සබ් දෙන්න
    බොහොම ස්තූතියි ❤

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Prabash Udakumbura

    බොහොම ස්තූතියි ඔබතුමාට මෙවැනි පැරණි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙනවාට. ඇත්තටම මම මේ පරණ ඒවා ගන්නෙ මට බලන්නම විතරක් නෙවෙයි. මටත් වඩා ආශාවෙන් ඒවා බලන්නෙ මගේ තාත්ති. නැවතත් ස්තූතියි ඔබතුමාට

  17. ශලිනි මල්ෂා

    වටින වැඩක්. ස්තූතියි ඔබේ කාලය, ශ්‍රමය වැය කිරීමට. නියමයි! ස්තූතියි බයිස්කෝප් ඔබටත්.

  18. Akil

    රසවින්දනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. පැරණි හිංදි චිත්‍රපටි ලෝලීන් අතරෙන් භාෂාවෙ නොදැනුවත් කම නිස එම චිත්‍රපටි නැරඹීමෙ අපහසුතාවයක් ඇති ප්‍රේක්ෂකයින්ට් ඔබ කරන්නෙ ඉමහත් සේවයක්.

  19. කවිඳු ජයවර්ධන

    පරණ හින්දි ෆිල්ම් බලන්න ලඟදි පටන් ගත්තත් මේ ෆිල්ම් එක දෙපාරක් බලල තියෙනවා.සබ් එකට ගොඩක් ස්තූතියි..ඔබට ජය.!!!

  20. yohan

    thanks onna ithin mamath beluwa

  21. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..පරණ ෆිලුමක් බලන්න හිතුනා..ජයවේවා !!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.