ඉන්දියානු සිනමාවෙන් දැන් දැන් ඇන්තලොජි ගණයට අයත් වෙන සිනමාපට වැඩි වැඩියෙන් එලිබහින ප්‍රවණතාවක් පේන්න තියෙනවා. ඇන්තලොජියක් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නම්, එකිනෙකට වෙනස් කතා කිහිපයකින් සමන්විත වෙච්ච තනි චිත්‍රපටයක් හෝ කතාමාලාවක් තමා ඇන්තලොජියක් කියලා කියන්නේ. කාලෙන් කාලෙට Bombay Talk…

ඉන්දියානු සිනමාවෙන් දැන් දැන් ඇන්තලොජි ගණයට අයත් වෙන සිනමාපට වැඩි වැඩියෙන් එලිබහින ප්‍රවණතාවක් පේන්න තියෙනවා. ඇන්තලොජියක් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නම්, එකිනෙකට වෙනස් කතා කිහිපයකින් සමන්විත වෙච්ච තනි චිත්‍රපටයක් හෝ කතාමාලාවක් තමා ඇන්තලොජියක් කියලා කියන්නේ. කාලෙන් කාලෙට Bombay Talkies, Lust Stories, Ghost Stories, X : Past is Present වගේ සිනමා නිර්මාණ හරහා අපිට ඉන්දියානු ඇන්තලොජි අත්දැකීම විඳින්න ලැබුණත් කොරෝනා සමය උදාවීමත් එක්ක මෙවන් නිර්මාණ බහුලවම අපිට රස විඳින්න ඉඩකඩ ලැබුණා. පහුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණු Paava Kadhaigal, ඒ වගේම Putham Pudhu Kaalai, Kutty Story, Pitta Kathalu, Unpaused වගේ නිර්මාණ ඒ අතරින් කිහිපයක්. ඉතින් ඔය ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන ඇන්තලොජිය ගැන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. Ajeeb Daastaans..!
Ajeeb Daastaans එලියට බහින්නේ 2021 අප්‍රේල් මාසේ 16 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. එකිනෙකට වෙනස් කතා 4කින් සමන්විත මේ චිත්‍රපටියට අධ්‍යක්ෂකවරුන් සිව්කට්ටුවක් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටියේ නිෂ්පාදනය සිදු වෙලා තියෙන්නේ කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions විසින්. නිකුත්වෙලා සතියක් සම්පූර්ණ වෙන අද දවස වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර මැද මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් සටහන් කරගෙනත් තියෙනවා. Romance|Drama ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය තමන්ගේ මේ අමුතු කතන්දර හතර හෝරා 2කුත් මිනිත්තු 22ක් දක්වා විහිදුවනවා.
අධ්‍යක්ෂකවරුන් 4දෙනෙක් අතින් නිමවුණු අමුතු කතා 4ක්.
මේ, අමුතුම ගමනාන්තයන් 4ක්.
වෙනස්ම අත්දැකීම් 4ක්.
1. ප්‍රේමවන්තයා.
(Majnu)

එදා ඇය ඔහු හා අතිනත ගත් දවසයි. තත්පරයෙන් තත්පරය ගෙවී ගොස් ඒ උදා වුණේ මංගල රාත්‍රියයි.
සාරියෙන් සැරසුනු ඇය යහනට වී බලා සිටියේ දෙගිඩියාවකින්.
ඇගේ සවන් ඔහුගේ අඩි ශබ්දය බලාපොරොත්තුවෙන් සිටියා.
අදින් ඇරඹෙන අලුත් ජීවිතය ගැන,
මේ රාත්‍රිය ගැන ඇගේ සිතේ උද්යෝගයක් තෙරපුණා.
ඇය සිතින් සැලසුම් ඇන්දා,
යම් ශබ්දයක් ඇයට බාධා කරන තෙක්ම.
ඔව් ඒ අඩි ශබ්දයක්..
ඔහුගේ අඩි ශබ්දය..
Humpty Sharma Ki Dulhania (2014), Badrinath Ki Dulhania (2017), Dhadak (2018) කියන චිත්‍රපට නරඹලා තියෙනවා නම් ශෂන්ක් ඛෛතාන් කියන අධ්‍යක්ෂකවරයා කාටත් නුපුරුදු කෙනෙක් වෙන්න විදිහක් නෑ. මේ අමුතු කතා පොතේ පළවෙනිම කතාවේ නිර්මාණකරුවා වෙන්නේ ඔහු. ඔහුගේ කලින් නිර්මාණ ගැන සෑහීමකට පත්වෙනවා නම් කිසිම සැකයක් නැතුවම මේ කතාවට වගකියන්න සූදානම් වෙන්න. ෆාතිමා සානා ෂෛයික්, ජයිදීප් අහ්ලාවාත් සමඟින් අර්මාන් රල්හාන් මේ කතන්දරේ ප්‍රධාන චරිත වලට වග කියනවා. පුද්ගලිකවම මගේ නම් බලාපොරොත්තු සුන් කරපු නිර්මාණයක්.
2. සෙල්ලම් බඩුව
(Khilauna)

සීනුව ගහපු ගමන් පොඩි එකී එලියට බහින්නේ කිරිල්ලියෙක් වගේ
අනිත් අය දුවන් ගිහින් අම්මා අතේ එල්ලෙද්දි
ඇය හුදෙකලාවත් එක්ක හුදෙකලා වෙනවා
සිනහව ඇගේ මුව කවමදාවත්ම දාලා නොගිය තරම්.
“උඹලා දෙන්නව පුච්චලා දානවා” ඔහු ගිගිරුවත්
ඇගේ හිකි හිකිය නම් නැවතුනේ නැහැ.
ඒ එදා රාත්‍රිය,
කොලනියේ හැම ගෙයක්ම ආලෝකයෙන් වටවුණාට
ඇගේ පැල්පතට නම් අන්ධකාරය ගලන්න ගත්තා.
රාජ් මෙහෙතා, කවුරුත් දන්න Good Newwz (2019) චිත්‍රපටියේ අධ්‍යක්ෂක අතිනුයි මීළඟ කතාව නිර්මාණය වෙන්නේ. මේ “සෙල්ලම් බඩුව” වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ නුෂ්රත් භරුචා සමඟින් අභිෂේක් බැනර්ජි. නොහිතපු මානයකට ගිහින් නතර වෙන මේ අමුතු කතන්දරයත් අමුතු අත්දැකීමක් එකතු කරන බවට සැකයක් නම් නැති වුණත්, “ප්‍රේමවන්තයා” පුද්ගලිකවම මට දුන්නු අපේක්ෂා භංගත්වය “සෙල්ලම් බඩුව” විසින් තවත් තීව්‍ර කරා කියලා කියන්නම ඕන.
3. ශීතල හාදු
(Geeli Pucchi)

පිරිමි ගොඩයි ඇය විතරයි!
ෆැක්ටරියේ පිරිමි ගොඩ අස්සේ ඉන්න එකම ගෑනි
පිරිමිත් එක්ක හරි හරියට වැඩ කරනවා කියනවට වඩා
වැඩ කරද්දී පිරිමි ටික කැලේ කියලා කිව්වා නම් තමා හරි.
ඇය භාර්ති..
ඕනම දේකට ඔට්ටු යකඩ ගැහැනියක්..
මැෂින් එක්ක දවසේ තිස්සේ ඔට්ටු වුණු ඇය
තමන්ගේ රූපය ගැනවත් කවදාවත් හිතුවේ නැහැ.
කිසිම ලාලිත්‍යයකට නෑකම් නොකියූ ඇය දිහා
කිසිම පිරිමියෙක් බැලුවෙත් නැහැ
ඇයට තිබ්බේ එකම හීනයයි
එකම ඉලක්කයයි
ඒ, ඔෆිස් එකේ තියෙන එකම එක ඇබෑර්තුවක් ගැනයි.
And here comes the real winner.. අච්චර හොඳ පූර්ව ප්‍රචාරකපටයක් බලලා, බලාපොරොත්තු පොදි බැඳගෙන චිත්‍රපටය බලන්න ඉඳගත්තට මොකද, ප්‍රේමවන්තයයි සෙල්ලම්බඩුවයි එකතු වෙලා දුන්නු අපේක්ෂාභංගත්වය නම් සුළුපටු වුණේ නැහැ. ඒත් තවමත් කාගෙන චිත්‍රපටිය බලන් ඉන්න කෙනෙක් නම් මෙන්න තියෙනවා ඔයා බලාපොරොත්තුවෙන් හිටිය ඒ ගැම්ම, ඔයාට දෙන ඒ ට්‍රීට් එක. Ajeeb Daastaans ස්කිප් නොකරන්න තියෙන එකම හේතුව. සමස්ත කතා 4න් ඔබ මගනොහැරිය යුතුම එක. ඒක තමයි මේක. නීරාජ් ගායිවාන්ගේ අධ්‍යක්ෂණයක්. ඉන්දියානු ජාතික සම්මානය දිනපු, Masaan (2016) වගේ චිත්‍රපටියක අධ්‍යක්ෂකතුමාගෙන් මෙවන් නිර්මාණයක් අත්දකින එක එක අතකට පුදුමයකුත් නෙමේ. එවන් නිර්මාණයක් බොලිවුඩයේ කිරුළු නොපලන් රැජිණ කොන්කොනා සෙන්ශර්මා සහ අදිති රාඕ හයිද්රිගේ අසමසම රංගනයෙන් ඔපවත් වුණාම තවත් කියන්න දෙයක් ඉතුරු වෙනවද? නැහැ, අන්තිමට නොදැනීම Wow කියලා කියවෙනවා විතරයි. ඉතින්, අනිත්වා අත ඇරලා දැම්මත් මේක අත ඇරගන්න එපා කියලයි ආයේ ආයෙත් කියන්න තියෙන්නේ. අන්තිමට හිතෙයි මේක කෙටි චිත්‍රපටියක් නොවී සම්පූර්ණ වෙනම චිත්‍රපටියක් වුණා නම් කියලා.
4. නොකියූ කතා…
(Ankahi)

කුලී රථයට නැගුණු ඇය
ශබ්දය පිරුණු කලාපය වෙතට යන්නට පිටත් වුණා.
ශබ්දය තවත් ඇයට ඇගෑලුම්කම් පෑවේ නෑ.
ඈ නිහැඬියාවට පෙම් බැන්දා.
නිහැඬියාව හා සිතින් බද්ධ වූවා
ඇයට නිහැඬියාව හා නවතින්නට වුවමනා කළා.
දෙතැනක අතරමං වූ ඇය
තව මොහොතක් නතර වුණා.
“අපිට මුකුත් ඕන නෑ”
අවසානයේ ඇය කීවා.
ෂෙෆාලි ෂාහ් සහ මානව් කෞල් විසින් ප්‍රධාන චරිත රඟදක්වන මේ නොකියූ කතාව කයෝසි ඉරානී විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. මේ ඇගේ පළමු අධ්‍යක්ෂණය වුණත් අනිවාර්යයෙන් පැසසිය හැකි හොඳ නිර්මාණයක්. ඔබව කලකිරවන්නේ නැති නිර්මාණයක් බව නම් සහතිකයි. මේ අමුතු කතා හතරෙන්ම ශීතල හාදු වලට පමණක් දෙවැනි වන මෙයට ඔබේ කාලයෙන් වෙන් කිරීමක් කිරීම වටිනවා.
ඔබට ජය!
Like Zoya Akhtar’s short in Lust Stories or
Dibakar Banerjee’s in Ghost Stories or
Avinash Arun’s in Unpaused.
In Ajeeb Daastaans,
that film is Neeraj Ghaywan’s Geeli Pucchi.
it is the clear winner in this patchy four-film collection.
~Film Companion~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
7,096 downloadsDownload Ajeeb-Daastaans-2021.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
27 comments
Deshan
Neo
Thanks brother
Keep it upබට්ටිච්චි
ඇත්තමයි රිවීව්ස් පට්ටන්දර හැම හැම එකක්ම කියවලත්
ගන්දෝ නොගන්දෝ කියලා හිතිල තිබුණ එකක් මේක නම්.
ඔයා දුන්නා කියන්නේ අනිවා බලන්න හිතුන නෙ ඕන් දැන්.
බලාන්නම් අනේ බලන්නම්.. ජය !tharidu16
THANKS MACHI
Kevin
Mumbai Saga-2021 sub plzzzzz
Also thanks for this subAnonymous
තැන්කු වේවා
Anonymous
Thanks brother
yohan
kalekata passe.... thanks...
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa.....!
dil
බොලිවුඩයේ කිරුළු නොපලන් රැජින 'කොන්කොනා සෙන් ශර්මා' ඔක්කොටම වඩා ලිපියේ ඒ ටිකට කැමති. මට හැම වෙලේම හිතෙන දෙයක් ඒක.
Kushan
Sub akta thankz
Samith
Thanks bro
Red
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thanks brother
Keep it upහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thankz bn
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Pramukmili
Thanxxxxxxxx bro......................
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
mindika
Thanks !!!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
සාරංග ජේ. ලියනගම
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ලගදී ආපු ඔය ටයිප් එකේ ෆිල්ම් වල කොහොමත් හොද මට්ටමේ කතා තිබුනේ 1ක් 2ක් වගේ
අවුලක් නෑ ඒ නිසා මෙකත් බලනෝ
ජය වේවා!!!