කොහොමද යාළුවනේ? දවස් තුන හතරක් පරක්කු වෙලා හරි කමක් නෑ, හැමෝටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම කියන්න ඕනි මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය කියලා. ඉතින් වැරදි, අඩුපාඩු එහෙම ඇති. ඒව එච්චර ගනන් ගන්න එපා හොදේ. ඉතින් මට මේ අවස්ථාව ලබාදුන්න සමීර චතුරංග සහෝ ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි.…
කොහොමද යාළුවනේ? දවස් තුන හතරක් පරක්කු වෙලා හරි කමක් නෑ, හැමෝටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම කියන්න ඕනි මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය කියලා. ඉතින් වැරදි, අඩුපාඩු එහෙම ඇති. ඒව එච්චර ගනන් ගන්න එපා හොදේ. ඉතින් මට මේ අවස්ථාව ලබාදුන්න සමීර චතුරංග සහෝ ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම රොයිලි ප්‍රනාන්දු සහෝවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනි. එහෙනන් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ.
මුලින්ම කියන්න ඕනි මේ බයිස්කෝප් එක ටිකක් පරණ එකක්. මේක තිරගතවුනේ 2011 වසරෙදි. මේකෙ නම තමයි Madison County. මේක Horror, Mystery, Thriller ගනයට වැටෙන එකක්. මේ බයිස්කෝප් එකට imdb 4.2 අගයක් තමයි ලැබිල තියෙන්නේ. මොනව උනත් කියන්න ඕනි මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් කියලා. මේ බයිස්කෝප් එක විනාඩි 81 වගේ කාලයක් තමයි දුවන්නේ. එහෙනන් අපි බහිමු බයිස්කෝප් ස්ටෝරියට.
මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ජේම්ස්, විල්, ජෙනා සහ බෲක් කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි සෙට් වුණ යාළුවො හතර දෙනෙක්. මෙයාල විනෝද චාරිකාවක් යන්න කියල ලැහැස්ති වෙනවා. ඉතින් ජේම්ස්, විල් දෙන්නා බෲක් කියන යෙහෙලියගෙ ගෙදරට යනව බෲක්වයි, ජෙනාවයි මේ ගමනට එකතු කරගන්න. මේ දෙන්නා නොහිතන වෙලාවක මේ ගමනට බෲක්ගෙ අයියා කයිලුත් එකතු වෙනවා. මෙයාල ටික දුරක් යනකොට තමයි ජේම්ස් කියන්නෙ අපි යන්නෙ ඩේමියන් එවෙල් කියන භයානක මිනීමරුව ගැන පොතක් ලියපු ඒ කතුවරයා හම්බවෙන්න කියලා. ඒ කියන්නෙ ඩේවිඩ් රැන්ඩ්ල්ව හම්බවෙන්න. මේ ඩේවිඩ් ඉන්නෙත් ඩේමියන් කියන මිනීමරුව ඉන්න ලගපාතමයි. මෙයාල එහෙ යනකොටත් ඩේමියන්, ඩේවිඩ්ගෙ දුවවත් අල්ලගෙන. මොකද එයා ගැන පොතක් ලියල පලකරපු නිසා. හරි එහෙනම්. මම මීට වැඩිය දෙයක් කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො මේ යාළුවො සෙට් එකට මොකද වෙන්නෙ කියලා.
අවසාන වශයෙන් මතක් කරන්න දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි මගෙ අයියා තාරක මධුෂාන් සහ මල්ලි තිලින මධුෂාන්. මොකද ඒ දෙන්නත් මේ වැඩේදි මට හොද සහයෝගයක් ලබා දුන්නා. හරි එහෙනන් දැන් ඉතින් නවතින්න වෙලාව හරි. තවත් අලුත් වැඩකින් හමුවෙමු. බයිස්කෝප් ලෝලී සෙට් එකටම බුදු සරණයි!!! ජයවේවා!!!
1 GB (720p BluRay) කොපිය මෙතනින් ගන්න
56D8DE92942BBDC904A535C5471FFCF68BEEEFBD1.06 GB (1080p BluRay) කොපිය මෙතනින් ගන්න
B40794C2989A7A467487409AA75ED9EE73BB4332 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,197 downloadsDownload Madison-County-2011.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/LahiruM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ළහිරු මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ළහිරු මධුෂාන්
Subtitles
11 comments
එල්.සී.දමැල්
shihan
thanks bro..
සනත් ශ්‍රීමාල් පෙරේරා
සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
පළමු උපසිරසට සුබ පැතුම් සහෝට....
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Jack
නියමයි මචන්.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..rajitha
Thanks machan.......!
Sanjaya
උපසිරැසියට ස්තූතියි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!aruna
maxxaaaa
රොයිලි
බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩවියට සාධරෙයන් පිළිගන්නව ළහිරු සහෝ..
සුභපැතුම්...
ජය...