Watch Trailer

Thaandavam (2012) Sinhala Subtitles | ආදරණීය ඝාතකයා…[සිංහල උපසිරැසි සමඟ] (50)

අද මගේ උපසිරැසි දිවියේ ජයග්‍රාහී පියවරක් තබන දවසක්. මොකද අද මම මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය; එහෙමත් නැත්තම් උපසිරැසි අර්ධ ශතකය සනිටුහන් කරන්න යන්නෙ. සාපේක්ෂව ඉතා කෙටි කාලයක් ඇතුලත (මාස 5 කටත් අඩු කාලයකදී) උපසිරැසි 50 සම්පූර්ණ කරන්න හැකිවීමත් විශේෂයක් වෙනව. අද දවස මට ව…

අද මගේ උපසිරැසි දිවියේ ජයග්‍රාහී පියවරක් තබන දවසක්. මොකද අද මම මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය; එහෙමත් නැත්තම් උපසිරැසි අර්ධ ශතකය සනිටුහන් කරන්න යන්නෙ. සාපේක්ෂව ඉතා කෙටි කාලයක් ඇතුලත (මාස 5 කටත් අඩු කාලයකදී) උපසිරැසි 50 සම්පූර්ණ කරන්න හැකිවීමත් විශේෂයක් වෙනව. අද දවස මට වගේම අපේ බයිස්කෝප් වෙබ් අඩවියටත් විශේෂ දවසක්. එයට හේතුව මෙම චිත්‍රපටය ගැන විස්තර සඳහන් කරන කොටසේදිම කියන්නම්.

මම ලබාදුන් උපසිරැසි 50 න් 48 ක්ම 100% ක්ම සම්පූර්ණයෙන් මම විසින්ම උපසිරැසි ගන්වපුව. මගේ එම උපසිරැසි 50ට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ කොටස් 5 ක් සහ චිත්‍රපට 45 ක් ඇතුලත් වෙනවා. එම චිත්‍රපට 45 ට.. ඉංග්‍රීසි චිත්‍රපට – 32, හින්දි චිත්‍රපට – 09, දෙමළ චිත්‍රපට – 04, තෙලුගු චිත්‍රපට – 01 සහ වෙනත් භාෂා වල චිත්‍රපට 04 ක් ඇතුලත් වෙනව. මේ වැඩේදි මට හැම විටම අප්‍රමාණ සහයෝගයක් ලබා දුන්නේ අපේ “විකියා” සහෝදරයා. ඒ නිසා ඔහුට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුමයි. හුඟක් වෙලාවට මට අලුත්ම චිත්‍රපටි වලට සබ් දාන්න අවස්ථාව ලැබුනා. අලුත් ෆිල්ම් වලට සබ් දාද්දි පුදුම කට්ටක් කන්න වෙන්නෙ. ඔයාල ෆිල්ම් එක එනකන් බලන් ඉන්න නිසා ඉක්මනට කරල දෙන්නත් ඕනෙ. හුඟක් වෙලාවට ෆිල්ම් එකේ කොපිය ආපු ගමන්ම ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙන්නැති අවස්ථා තියනව. එතකොට ඉතින් අහ අහ සබ් එක දාපු අවස්ථා නම් එමටයි. හුඟක් වෙලාවට දවල් කාලෙ වෙලාවක් නොලැබෙන නිසා රෑ 9ට විතර පටන් අරන් පාන්දර වෙනකන්ම සබ් එක හදනව. බාගෙට බාගයක්ම සබ් හදල තියෙන්නෙ මහ රෑ එලිවෙන ජාමෙට. [ඒ අතරෙ හොරර් ෆිල්ම් වලට සබ් දාන්න සෙට් වුනාම තමයි පිස්සු හැදෙන්නෙ]. ඉතින් මේ නිසා අපේ උපසිරැසි දාන සහෝදරයන් සහ සයිට් එකේ ඇඩ්මින්වරු මේ වෙනුවෙන් කන කට්ට තේරෙන්න නම් වැඩේට බැහැලම බලන්න වෙනව.

සිංහල උපසිරැසි පමණක් ලබා දෙන බයිස්කෝප් වෙබ් අඩවිය අද වන විට ලංකාවේ පවතින වෙබ් අඩවි අතර ඉතා ඉහල තලයක රඳවාගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන විකියා, රොයිලි, නිලන්ත, පොතේගුරා, උදා, වාසල, යන සියලුම සහෝදරවරුන්ට සහ උපසිරැසි නිර්මාණය කරන සහෝදරයන් හැම කෙනෙක්ටමත් විශේෂයෙන් ස්තූති කරන්න ඕනෙ. මේ වගේ මිත්‍රශීලී කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මට හදවතින්ම සතුටුයි. ඒ අයගේ උදව්වද ඇතුලුව, අද මට මේ උපසිරැසි 50 ලබා දීමට විශාලම හයියක් ලැබුනෙ මේ චිත්‍රපට ඩවුන්ලෝඩ් කරල ඒ ගැන අවංකවම සතුටු වෙලා කමෙන්ට් කරපු ඔයාල නිසා. ඒ නිසා මට ලැබෙන හැම ඊමේල් එකකටම සහ ෆේස්බුක් එකට එන හැම මැසේජ් එකකටම වගේ මම රිප්ලයි කරනව. මින් ඉදිරියටත් ඔයාලට මගෙන් උදව්වක් හෝ යම් ගැටළුවකට විසඳුමක් අවශ්‍ය වුනොත් මගේ ඊමේල් එකට ([email protected]) එකට හරි මගේ Facebook එකට මැසේජ් එකකින් එවන්න. හැකි සෑමවිටම ප්‍රතිචාරයක් දක්වන්නම්.

එහෙනම් දැන් අද ගෙනාපු චිත්‍රපටය දිහාට හැරෙමු. මාස කීපයකට කලින් මේකෙ හොඳ කොපි නිකුත් වෙලා තිබුනත් කිසිම භාෂාවකින් සබ් එකක් නිකුත් වෙලා තිබුනෙ නෑ. මේ ෆිල්ම් එක දෙන්න කියල හුඟ දෙනෙක් ඉල්ලීම් කරලත් තිබුන. ඉතින් ඒ නිසා තමයි මේකට සබ් එක අලුතෙන්ම හදන්න තීරණය කරේ. කොහොම හරි වැඩේට බැහැල සබ් ලයින් ටිකත් අලුතෙන්ම හදල සම්පූර්ණ වැඩ ඉවර කරා. දෙමළ, ඉංග්‍රීසි සහ හින්දි කියන භාෂා 3ම මෙහිදී පරිවර්තනය කරන්න වුනා. පැය දෙක හමාරක් විතර ෆිල්ම් එක යන නිසා මේවගේ එකකට අලුතෙන්ම සබ් එකක් හදනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. සබ් හදන අයට නම් මේ වැඩේ අමාරුව ගැන හොඳට තේරෙනව ඇති. මම හිතන්නෙ මීට කලින් මේ විදියට සබ් එකක් හදල කිසිම වෙබ් අඩවියක පලකරල නැහැ. ඉතින් මේ නිසා තමයි මම මුලදිම කිව්වෙ අද අපේ සයිට් එකටත් විශේෂ දවසක් කියල.

මෙහි ප්‍රධාන නලුවා වෙන්නෙ කොලිවුඩ් සිනමාවෙ සුපිරි තරුවක් වන “වික්‍රම්“.. තවත් සුපිරි රංඟන ශිල්පිණියන් දෙපලක් වන “අනුෂ්කා ෂෙට්ටි” (මතක ඇතිනෙ Alex Pandian ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය) සහ “එමී ජැක්සන්” (Madrasapattinam 2010 ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය) රඟපෑමේ නිරත වෙලා තියනව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madrasapattinam චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ “A.L විජේ” විසින්. මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්. මොකද බොහොම කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් ඒ නිසා කතාව වැඩිය කිව්වොත් වැඩක් වෙන්නෑ.

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලන්ඩන් වල සිදුවන බෝම්ම පිපිරීම් මාලාවක් සමඟ. මේ බෝම්බ ප්‍රහාරය පසුපස ඇති අභිරහස් සිදුවීමක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඊට පස්සෙ කතාව ගලාගෙන යන්නෙ බෝම්බ පිපිරීමෙන් වසරකට පසු එම ස්ථානයේම සිදුවන සිදුවීමක් වටා. මෙන්න මේකයි ඒ සිද්දිය. කෙනීට (වික්‍රම්) එයාගෙ ඇස් පෙනීම අහිමි වෙලා. එයා පල්ලියක පියානෝ වාදනය කරමින් ඉන්නෙ. කෙනී අන්ධ වුනත් එයාට සුවිශේෂී හැකියාවක් තියනව. එයාට පුලුවන් කටින් ශබ්දයක් පිට කරල ඒ තරංග පරාවර්තනය වෙන්න යන වෙලාව අනුව ඕනෑම දෙයක පිහිටීම ගැන දැනගන්න. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘Echolocation’ කියල. මෙහෙම ඉන්න අතරෙදි හොර රහසෙම කවුදෝ කාන්තාවක් ‘කෙනී’ ළඟට ඇවිත් යම් පුද්ගලයෙක්ගෙ නමයි, ලිපිනයයි කියනව. එතකොට වහාම ක්‍රියාත්මක වන කෙනී ඒ කෙනාව හොයන් ගිහින් මරල දානව. මේ විදියට කීප දෙනෙක්ම මරනව. මෙයා කෙනී විදියට පෙනී සිටියට කෙනී කියන්නෙ එයාගෙ ඇත්ත නම නෙමෙයි. කෙනී කියන්නෙ වෙන කෙනෙක්ගෙ නමක්.. ඉතින්, මෙයාට කොහොමද මේ කෙනී කියන නම ලැබුනෙ? එයා මේ විදියට මිනී මරන්න හේතුව මොකද්ද? කවුද මේ හොර රහසෙම කෙනීව මුණගැහිල මරන්න ඕන අයගෙ නමයි ලිපිනයයි දෙන කාන්තාව? ඇත්තටම කවුද මේ කෙනී කියන්නෙ? එයාගෙ ඇස් අන්ධ වුනේ කොහොමද?? මෙන්න මේ වගේ අභිරහස් රාශියක එකමුතුවක් ලෙස තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. හැබැයි අන්තිමේදි මේ හැමදෙයක්ම ඔයාලට නිරවුල් කරගන්න පුලුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම හැමොම බලන්න. මේකෙ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් හරිම ලස්සනයි. බලන්නම වටින චිත්‍රපටයක්.

එහෙනම් මම ගිහින් එන්නම්. නැවතත් මට කියන්න තියෙන්නෙ බයිස්කෝප් වෙඩ් අඩවියේ සහෝදර පිරිස සමඟ සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම ගැන හුඟක් සතුටුයි. මට වචනෙකින් හරි උදව් කරපු හැමදෙනාටම බොහොම ස්තූතියි. හැමෝටම ජය වේවා෴

50 copy

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

8,878 downloadsDownload Thaandavam.2012.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

8,878 downloadsDownload Subtitles113 KB

201 comments

  1. Bandula

    GR8 WORK DIDULA WISH U ALL THE BEST!

  2. lasidu

    පට්ටම වැඩක් මචං සබ් එකක් තනියම සම්පුර්නම හැදුවා කියන්නේ එල

    සබ් වැඩේට ජයම වේවා

  3. waruna

    PATTA machan ube sub nam elakiri hodey sub 3 denek 4 denk akka karala name dagena 50 gaha gannawata wada menna kollo :)

  4. ccnp

    Thanks all the best

  5. wow

    wow...maru :)

  6. Kolla

    elaz....all da best.......

  7. chami

    patta didula oya nam mara dial akak thnxz

  8. sahan

    Fatta

  9. elakiri

    සුපිරි මචෝ බයිස්කෝප් නම් සුපිරිම සයිට් එක සබ් දෙන උනුත් පට්ට දිදුල ඔයාගේ සබ් එල කිරි හොදේ,,

  10. chamath cafe

    වෙබ් පේජ් එකක් නම් අපි බයිස්කෝප් එක්ක,, ආයේ කියන්න දෙයක් නෑ නියමයි මචෝ
    දිදුල සුභ පතනවා !!!!!

  11. Nimal

    පට්ටම වැඩක්,සබ් වැඩේට ජයම වේවා...........!

  12. tharanga

    ලොවෙත් නෑ හොදේ .. මේක නම් එලම ෆිල්ම් එකක් සබ් එකක් අලුතින්ම මේ වගේ එකකට හදන්න යන ගේම ගැන හිතා ගන්න බෑ... ජය වේවා තවත් සබ් 100 ක් දෙන්නම වාසනාව ලැබේවා!

  13. Isuru

    දිදුලට ජය වේවා ... බයිස්කෝප් එකට ජයම වේවා!!!!!!

  14. නලියා

    ‍ජයවේවා දිදුලේ.. උඹ දිපු සබ් 50න් අඩුම තරමේ මම 40ක් විතර බලලා ඇති උඹට පින්දිදි.. කිසිම ආර්ථික වාසියක් නැතුව මේ වගේ අනිත් අයගේ සතුට වෙනුවෙන් දිවා රැ කාලය කැපකරගෙන උඹ කරපු මේ උත්සහාය අපි හැමදැම අගේ කරා. අදත් ඒවගේම උඹට ජය පතනවා!..
    50 - 100 වෙලා 100 - 1000 වෙන්න කියලා අද මම ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා දිදුලේ...!!

  15. -HacKrisH-

    මාත් සුබ පතනවා 100යවෙනි සබ් එකත් දාන්න පුලුවන් වෙන්න කියලා.

  16. naleen

    loweth na macho :) suba pathum

  17. rusuru | රුසිරු

    පට්ට පට්ට පට්ට කියලා වැඩක් නෑ සබ් නම බයිස්කෝප්

  18. vee

    සුභ පැතුම් මචෝ!! තනියම මේ සබ් එක දෙන්න දීපු ගේම තේරෙනවා :) තවත් උණු උණු සබ් දෙන්න ලැබේවා!!!!!!!

  19. quik

    thanks

  20. ishara

    thnxxxxxxxxxxxx all the besttttttttttttttttt

  21. ns

    මගේ සුභ පැතුම්....

  22. MXX

    නියම වැඩක් එල :)

  23. DilanH

    එල එල සහෝ

  24. yasomal

    ela ela machan mamath suba pathanwa hadawathinma...sub denna gahapu game aka nm patta

  25. නෙරංජි

    නියමයි.. ජය ..

  26. Lahiru

    Patta machan....
    wikramge hema film1kma hodai. mekat aniwa supiri ati...
    Thanks macho mahansiyata...
    digatama karagenayanna shakthiya lebenna one...

  27. සිංහලයා

    දුදිල දෙන්නෙත් සුළුපටු ඒවාට නෙමේ නේ,, ඇත්තටම උබත් ඔය 3 දෙන 4 දෙනා එක්ක දැම්ම නම් මෙලහකට 100 ත පහු කරලා.. කරන වැඩේ හරියට කරන්න ඕනේ. නිකන් නමට කරන්නේ නැතිව. බයිස්කෝප් එකේ සබ් එකක් ගුණාත්මක වෙන්නේ ඒ නිසයි .සබ් එකක් හරියට අග ඉදන් මුලට එකම රටාවකට යන්න ඕනේ,..ඒක බලන උන්ට තේරෙනවා..එකිනෙකාගේ භාෂා විලාෂයන් වෙනස්.ඉතින් 3 දෙනෙක් හෝ ඊට වැඩි ගානක් සබ් එකක් ලියනවා කියන්නේ මුල මැද අග වෙනස් භාෂාව.ප්‍රමිතියකින් සබ් එකක් දෙන්න බෑ..එනිසා උපසිරස තනියම කරන එක තමා 100 % සාර්ථක වෙන්නේ. ගුණාත්මක බාවය රැකෙන්නේ,ඉතින් ඔයා ඒ අභියෝගය ජයගෙන ඇති බව පේනවා.ඉතින් කරනා දේ හරියට කරන්නට ශක්තිය ලැබේවා!!!

  28. wasala

    වාව්.... සබ් 50 ක්...! සෙල්ලම් නෑ මාස 5ට...
    උණුසුම් සුභ පැතුම් සහෝ...!
    තවත් වැඩි වැඩියෙන් අපිට සිංහලත් එක්ක ෆිල්ම් බලන්න හැකිවෙන්න ඔය ඇඟිලිවලට තවත් ශක්තිය ලැබේවා...!

    අනිත් කාරණේ, මමත් ඩොකියුමෙන්ට්‍රියකට සබ් ලයින් හදන්න ගත්තා. අපොයි වහ කන වැඩක්නේ ඒක. තාම බාගයයි. ඒ නිසා මම දන්නවා ඕකේ තියන අමාරුව. ඒ නිසා මේ සබ් එකත් වටිනා කියන සබ් එකක් වෙනවා අනිවාර්යෙන්ම..

  29. eraNga

    ජය වේවා මචන්ට සබ් නම් බයිස්කෝප් තමා. තවත් සබ් දෙන්න ලැබේවා කියල මම හදවතින්ම පතනවා!

  30. chandana

    maru maru macho !!!

  31. kalinga

    කියන්න දෙයක් නෑ බයිස්කෝප් එකෙන් වැඩක් කළා කියන්නේ සුපිරියටම ඇති,අද සබ් එකක් තනිවම හදපු අපි වෙනුවෙන් උන මහන්සියට මගේ සුභ පැතුම් ... කියන්න දෙයක් නෑ පට්ට කට්ටක් අනිවා කන්න ඇති භාෂා 3 ක් නේ අනික ටයිම් හදන්න.. :) ලොවෙත් නැත,

  32. upali

    niyamama story akak 50 weni sub akata jaya

  33. vass

    maxxama wadak macho DIDULA

  34. was

    ඔයාල අපි වෙනුවෙන් ලාභ ප්‍රයෝජනක් ගැන නොසිතා කරන මෙහෙය සිතා ගන්න බෑ.. :) මේ සබ් එක අලුතෙන්ම හදන්න වුන මහන්සියත් හිතා ගන්න බෑ.ඒ කොහොම උනත් හැමදාම මේ කරගෙන යන දේ කරගෙන යන්න ලැබේව! කියලා පතනවා!

  35. zumo man

    jaya hoo thnxz

  36. lasanatha!!!!!!

    ඔයා සබ් එක හරියට කරනවා හරි තේරුම වැඩේට උචිත ලෙස.ඔන්න මගෙත් සුභ පැතුම් අපේ සහෝට

  37. hh

    maxxa maxxaa bro

  38. Podda

    Niyamaaaaaiii.... Tawath wedi wediyen sub daanna shaktiya dayriya lebeewaaa...!!!
    :-) :-) :-)

  39. අසංක

    එදා ඉදලම මේ සයිට් එකට අපි ආදරෙයි ඒ වගේම සබ් දෙන කට්ටියටත් ඒ අතරිනුත් නිතරම මතකෙට එන නමක් තමා දිදුල. මොකද ඔයා දාන සබ් හුගාක් අපේ ඇගට දැනෙන විදියට දානවා.සබ් එක කියන්නේ අමුම අමු පරිවර්තනයක් නොකර ඒක සිංහල අපිට දැනෙන විදියට දානව, අනික කරන දේ හරියට කරනවා.සබ් එකට තවත් උන් පටලවාගෙන දෙන්න ගියාම මචං උබේ සබ් එකෙත් කොලිටිය බහිනවා.ඒ නිසා තනියම කරන්න කොහොමත් දැන් දීපු 50 න් 48 ක්ම ගහලා තියෙන්නේ තනියමනෙ, :) වැඩේට හදවතින්ම සුභ පැතුම් සහෝ :)

  40. dulan

    පට්ටම වැඩක්,සබ් වැඩේට ජයම වේවා………..!

  41. uda

    ඉස්සෙල්ලාම මම මෙතෙක් කලක් රොයිලිගේ 100 වෙනුවෙන් මටම ආවේණික සුපුරුදු දීර්ඝ කමෙන්ටියක් නොදාපු අඩුව අද සම්පූර්ණ කළ බව කියන්ඩ ඕනෙ. ඔහුගෙ 100 දෙනකොට කෙටි කමෙන්ටියක් දාලා ටිකක් කල් ඉවසුවේ මේ දවස එනකම්! රොයිලි තරහ නෑ නේ මා එක්ක! ;)

    දිදුල සහෝදරයා. අන්තර්ජාලයේ වැඩිම වේගෙයෙන් සිංහල උපසිරැසි 50 සම්පූර්ණ කරපු වාර්තාගත වේගයකින් උපසිරැසි දීපු කෙනෙක්! මාස 5කින් 50 ගහනව කියන්නේ මාසෙකට 10ක්! සතියකට 2.5ක දළ වේගයක්! එක දෙයක් ෂුවර්! උඹනම් උපසිරැසි දෙන්ඩ උපන් හපනෙක්! අනික් කාරණේ හරිම ආශාවෙන් උපසිරැසි කරන කෙනෙක්! නැතිනම් මෙච්චර වේගෙන් කරන්ඩ හිතන්නෙවත් නෑ. අර කියල තියෙනව වගේ රෑ නිදිමරාගෙන උපසිරැසි හදයි ද නැතිනම්??

    නියමයි සහෝ අද දවසේ ඔයාට සුබ පතනවා ඉක්මනින්ම 50 කඩඉමට ළං වූ කෙනා විදිහට නම සටහන් කරගත්තා වගේම ඉක්මනින්ම 100 කඩඉමට ළං වූ කෙනා විදිහටත් නම සටහන් කරගන්ඩ ලැබේවා කියලා! ඔයාට අනිවා සතුටු ඇති! ඒ වුණාට මට හිතෙනවා ඔයාටත් වඩා සතුටු වෙන කෙනෙක් ඉන්නවා කියලා අද. රොයිලි!

    මොකද හේතුව? සිංහල උපසිරැසි ලබා දීම ආරම්භ කළ තැනැත්තා ඔහු වන නිසා නොවෙයි, මුලින්ම 100ක් සම්පූර්ණ කළ තැනැත්තා ඔහු වන නිසාත් නෙවෙයි. වෙන එකක් තියා අපේ සයිට් එකේ උපසිරැසි ක්‍රමවේදයට ප්‍රමිතියක් එක්කළ කෙනා නිසාවෙන්වත් නොවෙයි. ඔහු එක්කළ ඒ ප්‍රමිතිය අපේ උපසිරැසි කණ්ඩායමම අනුගමනය කරන බවට හොද සහතිකයක් දිදුල අද ලබා දුන්නා! මොකද ඔහුගේ උපසිරැසි වලින් 96%ක්ම තනිවම කරපුවා. ඉතිරි 04% උපසිරැසියෙන් අඩක්ම කරපුවා. කෑලි කෑලි කරපුවා එකක්වත් නෑ. මට සහතිකයි රොයිලි අපේ අඩවියට හදුන්වා දුන් ඒ ප්‍රමිතිය අපේ අනෙකුත් සගයනුත් ඉහළින්ම අගය කරනවා විතරක් නොවෙයි එය අනුගමනයත් කරනවා. එහෙමනම් දිදුල සහෝ අපේ සයිට් එකෙන් දෙවැනියට වැඩිම උපසිරැසි ලබා දුන් කෙනා බවට ඔබ පත්වුණා අද. සුබ පැතුම්! දිගටම මේ ගමන යමු.

    මම හැමදාමත් කිව්වා වගේ තරගෙට නෙමෙයි හොද ගමනක් යමු! ජය!

  42. dj

    ගූඩ් ලක් මචෝ

  43. Shan ගමගේ

    සුභ පැතුම් දිදුල සහෝ....කොහොමත් දිදුල දුන්නොත් දෙන්නේ ෆට්ට මුවිස් කියල අපි දන්නවා..තව තවත් සබ් දීමට​ හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා…!!

  44. samith

    nice machan....... thanks 4 da sub.....
    i wish u do the best

  45. රෙහාන් චානක

    සුබ පැතුම් සහෝ 100ත් ශතකෙත් ලගදිම ගහමු ජය වේවා

  46. mudiya / මුදියා

    නියමයි දිදුල.ඔයා නම් මාරම බුලට් එකක් මං හැමදාම කියනව වගේ.ඔයා ඇතුළු අර උඩ සඳහන් කරල තියෙන ඇඩ්මින් සහෝදරු වරු ඇතුළු බයිස්කෝප් සිංහලෙන් සමග සිටින සියළුම සහෝදර සහෝදරියන්ගේ කැපවීම නිසා තමයි අපි කිසිම ප්‍රශ්නයක් නැතුව නොදන්න භාෂා වලින් හැදෙන චිත්‍රපටි කිසිම ගැටළුවක් නැතුව බලන්නෙ.ටීවී එකේ යන ෆිල්ම්, ඇඩ් හින්දයි පැය ගණන් යන හින්දයි බලන එක නවත්තල තියෙන කාලෙක මේ සයිට් එක දැනගෙන කොච්චර නම් ෆිල්ම් බැලුවද.ඔයා වගේ අය හින්ද තමයි මේ සයිට් එක මෙච්චර දියුණු වෙලා මේ වගේ උසස් තැනක තියෙන්නෙ.මගේ උපහාරය ඔබ සැමට.
    දීල තියෙන ෆිල්ම් එකත් මරු.මං මේක මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ෆිල්ම් හෝල් එකේ බැලුව.ඒක වෙනම කතාවක්.හික් හික්.කොහොම හරි මේකත් බාන ගමන් කියන්න තියෙන්නෙ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  47. Fernando

    ලොවෙත් නෑ මචං ඔයාලගේ සයිට් එක ගැන කියන්න දෙයක් නෑ අර කිවුවා වගේ කරන වැඩේ හරියට කරමු ජයම වේවා

  48. kasun

    elama wadak machan oyage subs patta

  49. HarshA

    ALL the BEST

  50. geeth

    adey 50 k deela ne patta machan uba nam. anith un 50 k dena widiyata denna nm bariya 100 ganak hikzzz :) machan sub akak aniwa api ganne meyken :) ubalage wadey hariyata karanwa.

Load more comments