Maidaan (2024) Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න අද අළුත්ම අළුත් හිංදි චිත්‍රපට උප සිරැසියක්. IMDB 8.3 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ OTTනිකුත් උනා. මේක biographical sports drama ඝණයට වැටෙන ඉතා අපූරු චිත්‍රපටයක්. ක්‍රීඩා තරු සම්බන්ධ මෙවැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ නිතරම දක්නට ලැබෙනවා. මේක…

Maidaan (2024) Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න අද අළුත්ම අළුත් හිංදි චිත්‍රපට උප සිරැසියක්. IMDB 8.3 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ OTTනිකුත් උනා. මේක biographical sports drama ඝණයට වැටෙන ඉතා අපූරු චිත්‍රපටයක්. ක්‍රීඩා තරු සම්බන්ධ මෙවැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ නිතරම දක්නට ලැබෙනවා. මේක 1950 ගණන් වල ඉන්දියානු ජාතික පාපන්දු පුහුණු කරුවා වූ සෙයිඩ් අබ්දුල් රහීම්ගේ ජීවිත කතාව අළලා නිපදවූවක්.

1950 ගණන් ආරම්භයේදී ඉන්දියානු පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමක තිබුනේ නෑ. ඉන්දියාව තුල පාපන්දු ඒකාධිකාරී බලය තිබුනේ බටහිර බෙංගාලයට.වැඩිම පිරිසක් පාපන්දු ක්‍රීඩා කල වැඩිම නරඹන්නන් පිරිසක් සිටින බෙංගාලයේ ධන කුවේරයින් ඉන්දියානු පාපන්දු සම්මේලනය මෙහෙයැවුවා. මේ නිසා බොහෝ විට ඉන්දියානු කණ්ඩායමේ නියෝජනය සිදු වූයේ කල්කටාව ආශ්‍රිතව ක්‍රීඩා සමාජ වලින්.

ඉහත තත්වය වෙනස් කර ඉන්දීය පාපන්දු ක්‍රීඩාව ඔසවා තබන්නට ඉන්දීය පුහුණුකරු හයිද්‍රාබාද් වැසියෙක් වන රහීම් උත්සාහ දරනවා. එහෙත් ඔහුට කල්කටාවේ මුදල් බලය හරස් වෙනවා. ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට වඩා එහි නිලතල දරන්නන්ට තම බලය රැක ගැනීම වැදගත්. පාපන්දු බල අධිකාරියේ බෙංගාලි බලයට අභියෝග කිරීම ඔවුන්ට ඉවසුම් නොදෙන්නක්. මේ තත්වය යටතේ රහීම් ඉන්දියානු පාපන්දු ඉතිහාසයේ රන් අවධිය (1952 -1962) කරා සිය කණ්ඩායම මෙහෙයවීමට දරන උත්සාහය මේ චිත්‍රපටයට පාදක වෙනවා.

සී ස්ටුඩියෝ සහ බොනී කපූර් එක්ව විශාල වියදමක් දරා ( ඉ රු.කෝටි 235 ) නිපදවන ලද මෙම චිත්‍රපටය AMIT SHARMAගේ අධ්‍යක්ශනයක්. අජේ දේව්ගන් රහීම් ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි ප්‍රියමානි, ගජ්‍රාජ් රාවෝ, ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපනය කරනවා. සංගීතය ඒ ආර් රහමාන්ගේ.

මෙය රස විඳින්න හොඳ චිත්‍රපටයක්. ඉතා තියුණු පාපන්දු තරඟ කිහිපයක්ම මෙහි ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබෙනවා ඇක්ෂන් ත්‍රිලර් එකකට නොදෙවෙනි අත් දැකීමක් ඔබට ඉන් ගත හැකියි. මේ උප සිරැසිය සඳහා දුන් සහයෝගයට කාන් සොයුරාට ස්තූතිය පිරි නමනවා.

එසේනම් ඔබ සියළු දෙනාට සුභ වෙසක් මංගල්‍යයයක් වේවා!

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Maidaan (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

6,415 downloadsDownload Maidaan-2024.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Maidaan (2024)  Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,415 downloadsDownload Subtitles66 KB

9 comments

  1. Thilina Jayarathna

    Meka nm balnnama oni

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Buddhika Lakmal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  5. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා

  6. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  7. Mano

    Godak sthuthi..Jaya wewa!

  8. Duleepa

    Thank you so much ❤️

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤