Civil War (2024) Sinhala Subtitles හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න වැඩි කල් නොගිහින් ආයෙත් යුධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක කැටගරිවලට අයිතිවෙන, සෑහෙන දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය 2024 වසරේ දැනට නිකුත් වුනු සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. පහුගිය උපසිරැසි කිහිපයටම වගේ කමෙන්ට් යම් ප්‍රමාණයකින් සංග්‍රහ කෙර…

Civil War (2024) Sinhala Subtitles
හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න වැඩි කල් නොගිහින් ආයෙත් යුධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක කැටගරිවලට අයිතිවෙන, සෑහෙන දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය 2024 වසරේ දැනට නිකුත් වුනු සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. පහුගිය උපසිරැසි කිහිපයටම වගේ කමෙන්ට් යම් ප්‍රමාණයකින් සංග්‍රහ කෙරිලා තිබුණු නිසා ආයේ පොඩ්ඩක් ආසාව ඇතිවේගෙන එනවා ඔන්න. 🙂
Civil War (2024) Sinhala Subtitles
යුද්ධයක් කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නොවන බව අපි කවුරුත් දන්නවනේ? ඉතිං මේ ඉනමපයට ගලාගෙන යන්නේ අනාගතයේ දවසක ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවෙන සිවිල් යුද්ධයක් අරභයා. මේ සිදුවීම් සියල්ලම වෙන්නේ අනාගතයේ දවසක.
Civil War (2024) Sinhala Subtitles
ඔස්කා සම්මානයට නිර්දේශිත වී තිබෙන Alex Garland තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. Ex Machina (2018) සහ Annihilation (2018) වගේ සින්මපටවල අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඔහු තමයි. ඒ වගේම මෙහි කතාවත් ඔහුගේ. ඉතිං පහුගිය කාලේ ඇතැම් ප්‍රධාන නිර්මාණ ආයතන අසාර්ථක වෙනකොට A24 වගේ ස්ටුඩියෝස් හොඳ නිර්මාණ එළිදක්වන්න පටන් ගත්තා. Talk to Me කියන්නෙ අන්න ඒ වගේම මේ A24 අයගේ වැඩක්. ඉතිං එයාලගේ සිනමාපට අතරින් පලමු සතියේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරපු ෆිල්ම් එක තමයි මේක. ඒ විතරක් නෙමෙයි, මේ සිනමාපටය තිරගතවිම ආරම්භ කරපු මුල්ම සතියේ ඩොමේස්ටික් ආදායම් ලයිස්තුවේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ මේ සිනමාපටය. ඒ අනුව ඩොලර් මිලියන 50ක් වියදම් කරලා නිර්මාණය කරපු මේ සිනමාපට මේ වෙනකොට ඩොලර් මිලියන 110+ අදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
Civil War (2024) Sinhala Subtitles
ඒ විතරක් නෙමෙයි මේ ලිපිය ලියන මොහොත වෙනකොට imdb වෙබ් අඩවියේ සාමාජිකයින් 65,000ක් දෙනා ජන්දය පල කරමින් 7.5ක් වගේ ඉහළතම අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ විචාරක මත අතරින් 81%ක් වැනි ඉහල අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක ලෙසින් 71%ක් වැනි ඉහල අගයකුත් මේ සිනමාපටය හිමි කරගෙන තියෙනවා. ඉතිං මේ සිනමාපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ ස්පයිඩර්මෑන් සිනමාපටයෙන් මේරි ජේන් ලෙසින් ජනප්‍රියත්වයට පත් Kirsten Dunst. ඊට අමතරව Wagner Moura, Cailee Spaeny, Stephen McKinley Henderson, Sonoya Mizuno, සහ Nick Offerman.
Civil War (2024) Sinhala Subtitles
ඉතිං මේ සිනමාපටයේ යුද්ධය අපිට පෙන්වන්නේ ජායාරුප මාධ්‍යවේදිනියක් වෙන ලී ඇසුරින්. අපේ රටට නම් මේ වෘත්තීය ටිකක් නුහුරු එකක්. හැබැයි මේ වෘත්තීය ලෝකයේ ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තියක්. මේ සම්බන්ධව සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුනු සිනමාපටයක් තමයි A Private War (2018) සිනමාපටය. මේ වෘත්තියේ තියෙන භයානකත්වය ගැන අපුරුවට මේකෙන් කියා දෙනවා. අපේ රට ගැනත් මේකේ කියවෙනවා. හැබැයි හොඳ විධියකට නම් නෙමෙයි.
එකම රටක එකම ජනතවාක් දෙපිල බෙදුනම වෙන විනාශය අපිට බලාගන්න පුළුවන් මේ සිනමාපටයෙන්. ඇත්තටම මේ සිනමාපටය නරම්බනකොට අපේ රටේ ඇතිවුණු එවැනි සිවිල් යුධ ගැටුම් දෙකක අතීතය මට මතක් වුණා. සමුහ මිනි වලවල්, හරි හැටි නීතියක් නොමැති රටක්, තරුණ ප්‍රජාවගේ ජිවිත මෙන්ම ඔවුන්ගේ අනාගතය කිසිදු ආකාරයකින් සුරක්ෂිත නොවන බව වගේ දේවල් යලි යලිත් සිහි ගැන්වුණා. ඒ වගේම මෑතකදී ආව හොඳ සිංහල සිනමාපටයක් වෙන “රහස් කියන කඳු” සිනමාපටයේ ඇතැම් දර්ශන මගේ මතකයට ආව මේ සිනමාපටය නරඹන වෙලාවේ. කොච්චර මේ වගේ සිනමාපට බැලුවත්, අපිටම කියල කොයි තරම් අතීත පාඩම් තිබුනත් අපි හැම වෙලේම බලන්නේ කොයි විධියකට හරි බෙදෙන්න. ඒවා ඇති ඉතිං, සිනමපටයෙන් පිට දේවල් නොවැ ඒවා.
ඉතිං මම සිනමාපටයේ කතාව ඔයාලට කියල මේක ස්පොයිල් කරන්න කැමති නැහැ, ඇති තරම් පඳුර වටේ තැලුවනේ. හැබැයි යුද්ධය උත්ප්‍රාසයට නංවන ෆිල්ම් එකක් කියල හිතල නම් මේක බලන්න ගන්න එපා. ඔයා කල කිරීමට පත්වේවි. මොකද මේක යුද්ධය කියන එක ඇතිවීම කොයි තරම් මගහරින්න ඕනද කියල කියවෙන කතාවක් සහිත සිනමාපටයක්.
Civil War (2024) Sinhala Subtitles
එහෙනම් ඉතිං ඔන්න මගේ කර්තව්‍යය නිමයි, සබ් එක අරගෙන යනකොට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. 🙂
Civil War (2024) Sinhala Subtitles
Director: Alex Garland
Writers: Alex Garland
IMDB Ratings : 7.5
Release Date: April 12, 2024 (United States)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
14,788 downloadsDownload Civil-War-2024.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Civil War (2024) Sinhala Subtitles
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Box Office Hits
- #Cailee Spaeny
- #Editor's Pick
- #Kirsten Dunst
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Stephen McKinley Henderson
- #Subs
- #subtitle
- #Subtitles
- #Wagner Moura
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
53 comments
රේමන් ඇන්තනී
Keshara Pradeep
Been waiting for this..
Tnx a lot ✌Roshan
Thank you
Pushpa Keerthi
ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට. ඉදිරියටත් හොඳ නිර්මාණවලට සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
Madushan
Thanks for the sub
Chamara Dilhan
Thank you for Sub ... Keep Going
Gagan pabasara
බොහොම ස්තුතියි ❤️
Chathura Dhananjaya
Chucky session 3 sinhala subtitles දෙන්න පුළුවන් ද
dileeapa
enakam ma balalan hitiye...
thanks aiyeee...Bimsara Yashan(ඔලිව)
ඉක්මනින්ම සබ් එක ගෙනාවට බොහොම ස්තූතියි විමා අයියේ. මේක නම් අනිවාරෙන්ම බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා. ජයවේවා!
Prabuddha
Thank you bro..
Fall guy 2024 sub DnnakoRoshan Shameera
නියමයි..
ජය වේවාDilshan
Thanks brother...
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Mawan Geethanjana
සිංහල උපඋපසිරැසියට ස්තුතියි ❤️
Yash
Thanks brother thank you very much for your time and effort
Malith samarawickrama
Thanks saho sub ekata
Anonymous
Thanks for your valuable time and effort, Keep it up...Good Luck...!!!!
Nipun
Gmmk aiyeee.....
Kaushan
12.12 Korean ෆිල්ම් එකෙත් සබ් දෙන්න අයියේ පුලුවන්නම්.
Kaushan
12.12 Korean ෆිල්ම් එකෙත් සබ් දෙන්න අයියේ පුලුවන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
එකෙන්ම තැන්ක්යූ මචං....
බලං හිටපු සබක් මේක....Kavidu Anjana
Supiri.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් මෙවැනිම ෆිලුමකින් නැවත හමු වෙමු...
ජය...Knuckles , halo මග නැව්තුන සීරීස් ටිකෙත් සබ් දෙන්න සහෝ..
Anonymous
thanxxx
Pahan Nirmana
Keep it up brother
Anonymous
Thank you wima aiya
Anonymous
Thanks Brother
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Sahan Gayantha
thanks a lot Shan saho sub ekata
Nimantha Sasan
Fall guy movie ake sub akath dennako... thank u sub akata..
jazz
බොහෝම ස්තුතියි සහෝදරයා
Anonymous
විමා සහෝ.. බොහොම ස්තුතියි සබ් එකට. ඔබට ජය...
Anonymous
thanks..
Chanaka Sangeeth
Thank you boss
Nipun Lakshitha
Thank You !
Anonymous
Supiri thanks for the sub.✌️
shehan
Supiri thanks for the sub.✌️
Pasindu gayan
The fall guy (2024) සබ් එකත් ඕනේ
Ranga
පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම් සහෝ....
prasad jayawardena
boho sthuthie
anonymous
vimage sub ekaknm aye balanna deyak na ekenma supiriyak thama. 500tath ikmanata yanna labewa. hunger games 2023 sub ekath dennako :)
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
MaSDi
Thank You for sub.....
damith niwanthaka ranasingha
Thanks bro. Jaya wewa
Shenal sathyana
කවුරුහරි The fall Guy 2024 Film එකෙ Subtitle එක දාන්න
Akila Dilhara
Thanks for Sub...
Nishan
Thanx bro
Anonymous
thank you
Anonymous
thank you for the sub <3
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Civil War (2024) Sinhala Subtitles | අනාගත ඇමරිකානු සිවිල් යුද්ධය! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Civil-war-2024-b.jpg)
thank you brother supiri paharak trailer balala awa witharai