Watch Trailer

Civil War (2024) Sinhala Subtitles | අනාගත ඇමරිකානු සිවිල් යුද්ධය! [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Civil War (2024) Sinhala Subtitles හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න වැඩි කල් නොගිහින් ආයෙත් යුධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක කැටගරිවලට අයිතිවෙන, සෑහෙන දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය 2024 වසරේ දැනට නිකුත් වුනු සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. පහුගිය උපසිරැසි කිහිපයටම වගේ කමෙන්ට් යම් ප්‍රමාණයකින් සංග්‍රහ කෙර…

Civil War (2024) Sinhala Subtitles

හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා! ඔන්න වැඩි කල් නොගිහින් ආයෙත් යුධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක කැටගරිවලට අයිතිවෙන, සෑහෙන දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය 2024 වසරේ දැනට නිකුත් වුනු සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. පහුගිය උපසිරැසි කිහිපයටම වගේ කමෙන්ට් යම් ප්‍රමාණයකින් සංග්‍රහ කෙරිලා තිබුණු නිසා ආයේ පොඩ්ඩක් ආසාව ඇතිවේගෙන එනවා ඔන්න. 🙂

Civil War (2024) Sinhala Subtitles

යුද්ධයක් කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නොවන බව අපි කවුරුත් දන්නවනේ? ඉතිං මේ ඉනමපයට ගලාගෙන යන්නේ අනාගතයේ දවසක ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවෙන සිවිල් යුද්ධයක් අරභයා. මේ සිදුවීම් සියල්ලම වෙන්නේ අනාගතයේ දවසක. 

Civil War (2024) Sinhala Subtitles

ඔස්කා සම්මානයට නිර්දේශිත වී තිබෙන Alex Garland තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. Ex Machina (2018) සහ Annihilation (2018) වගේ සින්මපටවල අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඔහු තමයි. ඒ වගේම මෙහි කතාවත් ඔහුගේ. ඉතිං පහුගිය කාලේ ඇතැම් ප්‍රධාන නිර්මාණ ආයතන අසාර්ථක වෙනකොට A24 වගේ ස්ටුඩියෝස් හොඳ නිර්මාණ එළිදක්වන්න පටන් ගත්තා. Talk to Me කියන්නෙ අන්න ඒ වගේම මේ A24 අයගේ වැඩක්. ඉතිං එයාලගේ සිනමාපට අතරින් පලමු සතියේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරපු ෆිල්ම් එක තමයි මේක. ඒ විතරක් නෙමෙයි, මේ සිනමාපටය තිරගතවිම ආරම්භ කරපු මුල්ම සතියේ ඩොමේස්ටික් ආදායම් ලයිස්තුවේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ මේ සිනමාපටය. ඒ අනුව ඩොලර් මිලියන 50ක් වියදම් කරලා නිර්මාණය කරපු මේ සිනමාපට මේ වෙනකොට ඩොලර් මිලියන 110+ අදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

Civil War (2024) Sinhala Subtitles

ඒ විතරක් නෙමෙයි මේ ලිපිය ලියන මොහොත වෙනකොට imdb වෙබ් අඩවියේ සාමාජිකයින් 65,000ක් දෙනා ජන්දය පල කරමින් 7.5ක් වගේ ඉහළතම අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ විචාරක මත අතරින් 81%ක් වැනි ඉහල අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක ලෙසින් 71%ක් වැනි ඉහල අගයකුත් මේ සිනමාපටය හිමි කරගෙන තියෙනවා. ඉතිං මේ සිනමාපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ ස්පයිඩර්මෑන් සිනමාපටයෙන් මේරි ජේන් ලෙසින් ජනප්‍රියත්වයට පත් Kirsten Dunst. ඊට අමතරව Wagner Moura, Cailee Spaeny, Stephen McKinley Henderson, Sonoya Mizuno, සහ Nick Offerman. 

Civil War (2024) Sinhala Subtitles

ඉතිං මේ සිනමාපටයේ යුද්ධය අපිට පෙන්වන්නේ ජායාරුප මාධ්‍යවේදිනියක් වෙන ලී ඇසුරින්. අපේ රටට නම් මේ වෘත්තීය ටිකක් නුහුරු එකක්. හැබැයි මේ වෘත්තීය ලෝකයේ ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තියක්. මේ සම්බන්ධව සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුනු සිනමාපටයක් තමයි A Private War (2018) සිනමාපටය. මේ වෘත්තියේ තියෙන භයානකත්වය ගැන අපුරුවට මේකෙන් කියා දෙනවා. අපේ රට ගැනත් මේකේ කියවෙනවා. හැබැයි හොඳ විධියකට නම් නෙමෙයි.

එකම රටක එකම ජනතවාක් දෙපිල බෙදුනම වෙන විනාශය අපිට බලාගන්න පුළුවන් මේ සිනමාපටයෙන්. ඇත්තටම මේ සිනමාපටය නරම්බනකොට අපේ රටේ ඇතිවුණු එවැනි සිවිල් යුධ ගැටුම් දෙකක අතීතය මට මතක් වුණා. සමුහ මිනි වලවල්, හරි හැටි නීතියක් නොමැති රටක්, තරුණ ප්‍රජාවගේ ජිවිත මෙන්ම ඔවුන්ගේ අනාගතය කිසිදු ආකාරයකින් සුරක්ෂිත නොවන බව වගේ දේවල් යලි යලිත් සිහි ගැන්වුණා. ඒ වගේම මෑතකදී ආව හොඳ සිංහල සිනමාපටයක් වෙන “රහස් කියන කඳු” සිනමාපටයේ ඇතැම් දර්ශන මගේ මතකයට ආව මේ සිනමාපටය නරඹන වෙලාවේ. කොච්චර මේ වගේ සිනමාපට බැලුවත්, අපිටම කියල කොයි තරම් අතීත පාඩම් තිබුනත් අපි හැම වෙලේම බලන්නේ කොයි විධියකට හරි බෙදෙන්න. ඒවා ඇති ඉතිං, සිනමපටයෙන් පිට දේවල් නොවැ ඒවා.

ඉතිං මම සිනමාපටයේ කතාව ඔයාලට කියල මේක ස්පොයිල් කරන්න කැමති නැහැ,  ඇති තරම් පඳුර වටේ තැලුවනේ. හැබැයි යුද්ධය උත්ප්‍රාසයට නංවන ෆිල්ම් එකක් කියල හිතල නම් මේක බලන්න ගන්න එපා. ඔයා කල කිරීමට පත්වේවි. මොකද මේක යුද්ධය කියන එක ඇතිවීම කොයි තරම් මගහරින්න ඕනද කියල කියවෙන කතාවක් සහිත සිනමාපටයක්. 

Civil War (2024) Sinhala Subtitles

එහෙනම් ඉතිං ඔන්න මගේ කර්තව්‍යය නිමයි,  සබ් එක අරගෙන යනකොට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. 🙂

Civil War (2024) Sinhala Subtitles

Director: Alex Garland

Writers: Alex Garland

IMDB Ratings : 7.5

Release Date: April 12, 2024 (United States)

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත සඳහා ලබා දි ඇත.

14,790 downloadsDownload Civil-War-2024.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Civil War (2024) Sinhala Subtitles

Rank: Legend
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

14,790 downloadsDownload Subtitles35 KB

53 comments

  1. රේමන් ඇන්තනී

    thank you brother supiri paharak trailer balala awa witharai

    Reply
  2. Keshara Pradeep

    Been waiting for this..
    Tnx a lot ✌

    Reply
  3. Roshan

    Thank you

    Reply
  4. Pushpa Keerthi

    ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට. ඉදිරියටත් හොඳ නිර්මාණවලට සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!!

    Reply
  5. Madushan

    Thanks for the sub

    Reply
  6. Chamara Dilhan

    Thank you for Sub ... Keep Going

    Reply
  7. Gagan pabasara

    බොහොම ස්තුතියි ❤️

    Reply
  8. Chathura Dhananjaya

    Chucky session 3 sinhala subtitles දෙන්න පුළුවන් ද

    Reply
  9. dileeapa

    enakam ma balalan hitiye...
    thanks aiyeee...

    Reply
  10. Bimsara Yashan(ඔලිව)

    ඉක්මනින්ම සබ් එක ගෙනාවට බොහොම ස්තූතියි විමා අයියේ. මේක නම් අනිවාරෙන්ම බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා. ජයවේවා!

    Reply
  11. Prabuddha

    Thank you bro..
    Fall guy 2024 sub Dnnako

    Reply
  12. Roshan Shameera

    නියමයි..
    ජය වේවා

    Reply
  13. Dilshan

    Thanks brother...

    Reply
  14. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply
  15. Mawan Geethanjana

    සිංහල උපඋපසිරැසියට ස්තුතියි ❤️

    Reply
  16. Yash

    Thanks brother thank you very much for your time and effort

    Reply
  17. Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  18. Anonymous

    Thanks for your valuable time and effort, Keep it up...Good Luck...!!!!

    Reply
  19. Nipun

    Gmmk aiyeee.....

    Reply
  20. Kaushan

    12.12 Korean ෆිල්ම් එකෙත් සබ් දෙන්න අයියේ පුලුවන්නම්.

    Reply
  21. Kaushan

    12.12 Korean ෆිල්ම් එකෙත් සබ් දෙන්න අයියේ පුලුවන්නම්.

    Reply
  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  23. Buddhika Lakmal

    එකෙන්ම තැන්ක්යූ මචං....
    බලං හිටපු සබක් මේක....

    Reply
  24. Kavidu Anjana

    Supiri.....

    Reply
  25. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් මෙවැනිම ෆිලුමකින් නැවත හමු වෙමු...
    ජය...

    Knuckles , halo මග නැව්තුන සීරීස් ටිකෙත් සබ් දෙන්න සහෝ..

    Reply
  26. Anonymous

    thanxxx

    Reply
  27. Pahan Nirmana

    Keep it up brother

    Reply
  28. Anonymous

    Thank you wima aiya

    Reply
  29. Anonymous

    Thanks Brother

    Reply
  30. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  31. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

    Reply
  32. Nimantha Sasan

    Fall guy movie ake sub akath dennako... thank u sub akata..

    Reply
  33. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා

    Reply
  34. Anonymous

    විමා සහෝ.. බොහොම ස්තුතියි සබ් එකට. ඔබට ජය...

    Reply
  35. Anonymous

    thanks..

    Reply
  36. Chanaka Sangeeth

    Thank you boss

    Reply
  37. Nipun Lakshitha

    Thank You !

    Reply
    1. Anonymous

      Supiri thanks for the sub.✌️

      Reply
    2. shehan

      Supiri thanks for the sub.✌️

      Reply
  38. Pasindu gayan

    The fall guy (2024) සබ් එකත් ඕනේ

    Reply
    1. Ranga

      පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම් සහෝ....

      Reply
  39. prasad jayawardena

    boho sthuthie

    Reply
  40. anonymous

    vimage sub ekaknm aye balanna deyak na ekenma supiriyak thama. 500tath ikmanata yanna labewa. hunger games 2023 sub ekath dennako :)

    Reply
  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

    Reply
  42. MaSDi

    Thank You for sub.....

    Reply
  43. damith niwanthaka ranasingha

    Thanks bro. Jaya wewa

    Reply
  44. Shenal sathyana

    කවුරුහරි The fall Guy 2024 Film එකෙ Subtitle එක දාන්න

    Reply
  45. Akila Dilhara

    Thanks for Sub...

    Reply
  46. Nishan

    Thanx bro

    Reply
  47. Anonymous

    thank you

    Reply
  48. Anonymous

    thank you for the sub <3

    Reply
  49. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  50. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.