Boy Kills World (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ක්‍රියාදාම රසිකයන් වෙනුවෙන් මේ මාසෙ නිකුත් වුණ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. Monkey Man, Extraction වගේ සුපිරිම ක්‍රියාදාම ටිකක් බලාගන්න ඕන්නම් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ මෙන්න බාන්ඩෙ බාගෙන බලන්න. හැබැයි ඒ චිත්‍රපට දෙකට සාපේක්ෂව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ක්‍රියාදාම රසිකයන් වෙනුවෙන් මේ මාසෙ නිකුත් වුණ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. Monkey Man, Extraction වගේ සුපිරිම ක්‍රියාදාම ටිකක් බලාගන්න ඕන්නම් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ මෙන්න බාන්ඩෙ බාගෙන බලන්න. හැබැයි ඒ චිත්‍රපට දෙකට සාපේක්ෂව මේකෙ පොඩි වෙනසක් තියෙනවා, ඒ තමයි මේක වීඩියෝ ගේම් එකක් වගේ ෆිල්ම් එකක්. කොටිම්ම කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතෙට කතා කරන්න බෑ, එයාගෙ කටහඩ විදිහට අපිට පෙන්නන්නෙත් වීඩියෝ ගේම් කැරැක්ටර් එකක කටහඩක්.
Boy Kills World (2024) Sinhala Subtitlesමේකෙ කතාව දිව යන්නෙත් කොල්ල පුංචි කාලෙදි වැන්ඩර් කෝයි කියලා පවුලක් විසින් එයාගෙ අම්මවයි නංගිවයි මරාදාපු එකේ පලිය ගන්න එකක්. කොල්ලව පුංචි කාලෙ ඉදන් එකම අරමුණකටයි හදන්නේ, ඒ වැන්ඩර් කෝයි පවුලෙන් පලිගන්න. ඒ විතරක් නෙවේ ෆිල්ම් එක පුරාවටම කොල්ල ඉන්නේ සිහිමුළා වුණ තත්වෙක ඇත්ත නැත්ත හොයාගන්න බැරි, එයාට එයාගෙ මැරුණ නංගිව පවා පේනවා සහ කතා කරනවා… කතාව ගැන ඒ ටික විතරක් කියන්නම් මොකද තව කිව්වොත් ඔයාලගෙ රස වින්ඳනේට බාදාවක් නිසා, හැබැයි මේක කියන්නම ඕනෙ හොඳ හොඳ නොසිතපු දේවල් එළිවෙන්නේ ෆිල්ම් එක ටිකෙන් ටික දිග හැරෙද්දී. එහෙනම් කට්ටිය කැමතී නම් වීඩියෝ ගේම් එකක් වගේ දිගහැරෙන, සුපිරිම ක්‍රියාදාම වලින් පිරුණ, පට්ට ආතල් ෆිල්ම් එකකට ආයෙ දෙපාරක් නොහිත බලන්න. ආස හිතෙයි!
Boy Kills World (2024) Sinhala Subtitlesමේ ෆිල්ම් එක සීමිත සිනමාහල් කීපයකට නිකුත් වුණේ ගිය අප්‍රේල් 26 වෙනිදා. අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ මැයි 22. මේ වෙනකොට IMDb 6.6 හොඳ අගයකුත් කුණු තක්කාලි 59% ගන්න හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Moritz Mohr විසින් සහ මේක ඔහුගේ පලමු චිත්‍රපට අධ්‍යක්ෂණයද වෙනවා. මීට රංගනයෙන් දායක වෙන්නෙත් සුපිරිම කට්ටියක් තමයි, මේකෙ ප්‍රධන කොල්ලගෙ චරිතෙ රඟපාන්නේ IT(2017) ෆිල්ම් එකේ පෙනීවයිස්ගෙ චරිතය සහ ඉස්සරහට නිකුත් වෙන්න නියමිත The Crow(2024)හි ප්‍රධාන චරිතය නිරූපනය කරන Bill Skarsgård විසින්. මේකෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ Happy Death Day 1, 2, Forever My Girl වැනි චිත්‍රපට වල රඟපෑ Jessica Rothe විසින්. ඒ වගේම මේකෙ තව ඉන්නවා Warrior කතා මාලාවවේ අසාම්ගෙ චරිතය හරහා ජනප්‍රියත්වෙට පත් Andrew Koji. ඊට අමතරව Michelle Dockery / Brett Gelman / Isaiah Mustafa / Yayan Ruhian / Sharlto Copley / H. Jon Benjamin / Famke Janssen වැනි අයත් රංඟනයෙන් දායක වෙනවා.
Boy Kills World (2024) Sinhala Subtitlesලිපිය නම් කෙටී ඒත් චිත්‍රපටය හොඳ නම් ලිපිය කෙටි වුණත් මොකදනේ? මේ වැසිසමයේ සුපිරිම අමුතු තාලෙ ආතල් ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න ඕන්නම් මේක අරන් බලන්න කියලයි කියන්න තියෙන්නේ. එහෙනම් අවසාන වශයෙන් මාත් එක්ක මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න එකතු වුණ යුරාන් ධනුක සහෝට ස්තූති කරන ගමන් අපි සමුගන්නවා. ආයෙ දවසක හමුවෙමු, ජයවේවා!
Boy Kills World (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,081 downloadsDownload Boy.Kills_.World_.2023.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Boy Kills World (2024) Sinhala Subtitles
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Boy Kills World (2024) Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Kavindu Nethmina
Hashan
Thnx for the sub bro..❤️
Buddhika Lakmal
දෙන්නටම ස්තූතියි මචංලා සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks Brothers
Ashan Dilruk
Thanx for the sub
Nipun Lakshitha
Thank You !
Pushpa Keerthi
සබ් එකට ගොඩක් ස්තූතියි යාලුව ඉස්සරහට හොඳ චිත්‍රපටවලට උපසිරසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
Pushpa Keerthi
සබ් එකට ගොඩක් ස්තූතියි යාලුව ඉස්සරහට හොඳ චිත්‍රපටවලට උපසිරසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub ekata thanks bro