2019 වර්ෂය කියන්නේ සුපිරිම චිත්‍රපටි එලියට ආපු වර්ශයක්. ගොඩක් ඒවා මග ඇරගන්නෙ නැතිව බලන්න ඇති හැමෝම. ඒත් ඇත්තටම බොහොමයක් ඒවා සුපිරි වෙන්නේ නලුවා නිසා විතරයි කියලයි මට හිතෙන්නේ. මොකද කතාව ගත්තම කිසිම හරයක් නැති ඒවා. කොහොම හරි මේ මම ගේන්නේ සුපිරි යැයි ප්‍රසිද්ධ නොවන ගොඩක් අයට මග ඇරුන සුපිරි කතාවක්. එක…

2019 වර්ෂය කියන්නේ සුපිරිම චිත්‍රපටි එලියට ආපු වර්ශයක්. ගොඩක් ඒවා මග ඇරගන්නෙ නැතිව බලන්න ඇති හැමෝම. ඒත් ඇත්තටම බොහොමයක් ඒවා සුපිරි වෙන්නේ නලුවා නිසා විතරයි කියලයි මට හිතෙන්නේ. මොකද කතාව ගත්තම කිසිම හරයක් නැති ඒවා. කොහොම හරි මේ මම ගේන්නේ සුපිරි යැයි ප්‍රසිද්ධ නොවන ගොඩක් අයට මග ඇරුන සුපිරි කතාවක්. එක කතාවක් නෙවෙයි. එකිනෙකට වෙනස් කතා හතරක එකතුවක්. නිකන්ම කතා නෙවෙයි. ලස්සනම ආදර කතා හතරක්. Samuthirakani, Sunaina ඇතුලුව තවත් නලු නිලියන් රැසක් දායක වෙලා තියෙනවා මේකට. මේකට IMDB 8.6 ක් වගේ ලොකු අගයකුත් 95%ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තකුත් ලැබිලා තියෙනවා. කතාව පොඩ්ඩක් බලලා ඉමු.
ආදරේට වයස, තරාතිරම, දුප්පත්ද, පෝසත්ද මේ කිසිම දෙයක් වැඩක් නෑ කියලා ඔයාලට මේ කතා හතර බැලුවම තේරෙයි. පලවෙනි කතාව කුණු අදින කොල්ලෙක් ඒ නගරයේ ඉන්න පෝසත් කෙල්ලෙක්ට ආදරේ කරන කතාවක්. දෙවෙනි කතාව වෘෂණ කෝෂ වල පිලිකාවක් තියෙන කොල්ලෙක් සහ එයා සමග හැමදාම ටැක්සි එකක යන කෙල්ලෙක් සමග ඇති වෙන ආදර කතාවක්. තුන්වෙනි එක අවිවාහක මහළු කාන්තාවක් සහ තම බිරිඳ නැති මහලු මිනිසෙක් සමග ඇති වෙන ආදර කතාවක්. අන්තිම එකේ තමයි ලස්සනම කතාව. විවාහක යුවලක් විවාහ වී අවුරුදු 12ක් ගිහිල්ලත් තවම අඳුරන්නෙ නෑ වගේ ඉන්න කතාවක්. ඉතින් මේ අයට තමන්ගෙ ආදරේ දිනාගන්න පුලුවන්ද කියලා බලන්න පුලුවන්. ගොඩක් ලස්සන සංගීත රටා මැද්දේ මේ කතාව ගලාගෙන යනවා පොඩ්ඩක් වත් දැනෙන එකක් නෑ. හැම කතාවක්ම පොඩි තැනකින් අනෙක් කතාවට සම්බන්ධ වෙනවා.
හඬකැවීම්,කැමරාකරණය වගේම අධ්‍යක්ෂනයත් ඉතා ඉහල මට්ටමක තියෙනවා. චිත්‍රපට රසිකයෙක් විදියට අනිවාරෙන් බැලිය යුතු කතාවක්. අන්තිමට හැම කතාවක්ම ලස්සන විදියට ඉවර වෙනවා. එහෙනම් රස විඳින්න කියලා ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,988 downloadsDownload Sillu-Karupatti-2019.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
13 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
litus
thanx
Pubudu@0909
Thanks brother sub ekta
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
ස්තුතියි සහෝ...ලස්සන කතා ටිකක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වේවා......
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
D.Chamara
bohoma sthuthi sahoo
nish47
ස්තූතියි සහෝ
Saranga J. Liyanagama
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pasanMihidu1
thanks for sub
Lalani Maduwanthi
Thank you ranga
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි මලෙ සබට ෆිල්ම් එක බාගෙන හිටියෙ සබ් එක දෙනකල්❤️❤️❤️