ඔන්න මගේ පලවෙනි උපසිරසිය අරගෙන ආවා. ගොඩක් ආසාවෙන් ඉදියෙ උපසිරසියක් කරන්න. කොහොමහරි ඉවරකරගත්ත හෙන කට්ටක් කාල. 2002 අවුරුද්දෙ තිරගත් වෙච්ච සුපිරිම හින්දි ෆිලුමක් තමා මේක. Action, Romance ගණයට අයත් මේ ෆිලුම නිර්මාණය කරල හියෙන්නෙ අපි කවුරුත් දන්න හින්දි සිනමාවේ සුපිරි තරුවක් වෙන සල්මන් ඛාන්ගෙ මල්ලි වෙන…

ඔන්න මගේ පලවෙනි උපසිරසිය අරගෙන ආවා. ගොඩක් ආසාවෙන් ඉදියෙ උපසිරසියක් කරන්න. කොහොමහරි ඉවරකරගත්ත හෙන කට්ටක් කාල. 2002 අවුරුද්දෙ තිරගත් වෙච්ච සුපිරිම හින්දි ෆිලුමක් තමා මේක. Action, Romance ගණයට අයත් මේ ෆිලුම නිර්මාණය කරල හියෙන්නෙ අපි කවුරුත් දන්න හින්දි සිනමාවේ සුපිරි තරුවක් වෙන සල්මන් ඛාන්ගෙ මල්ලි වෙන ශොහායිල් ඛාන්. ඒ විතරක් නෙවෙයි මේකෙ ප්රධාන චරිතය නිරූපණය කරන්නෙත් ශොහායිල් ඛාන්ම තමා. ඊට අමතරව සන්ජය දත්, සමීරා රෙඩ්ඩි වගේ නලු නිළියන් රැසක් දායකවෙලා තියනව. ඒ වගේම තමා ලස්සන සින්දු කිහිපයකුත් අන්තර්ගත් වෙනව.
කතාව පැත්තට හැරුනොත් කැම්පස් එකක ඉගෙන ගන්න කිහිපදෙනෙක් වටා තමා කතාව ගෙතෙන්නෙ. අජේ ( ශොහායිල් ) මෙයා කැම්පස් එකේ ටිකක් කැපී පෙනෙන කෙනෙක් මොකද මෙයයි එයාගෙ යාලුවො ටිකයි තමා කැම්පස් එකේ ආරක්ෂකයො ටික විදිහට ඉන්නෙ. කැම්පස් එකේ මොන දේ උනත් මෙයාල තමයි මූලිකත්වය ගන්නෙ. මේ යාලුවො හතර දෙනා එකිනෙකාට පණවගේ තමයි. මෙහෙම ඉන්නකොට තමා අයේෂා ( සමීරා ) කැම්පස් එකට එන්නෙ. මෙතනින් තමා මෙයාලගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ. අජේයි අයේෂායි එකිනෙකාට අදරේ කරන්න පටන් ගන්නව. හැබැයි මේ දෙන්නගෙ ආදරේට සමීරාගෙ තාත්ත කැමති වෙන්නෑ. මොකද එයාල ටිකක් ලොකු පැලැන්තියෙ මිනිස්සු නිසා. මේ අතර තමා අයේෂාගෙ තාත්තගෙ යාලුව අජේව මරණ්න බහිජාන් ( සන්ජය ) ට කොන්ත්‍රාත් එකක් දෙන්නෙ. ඒ තමන්ගෙ පුතාට අයේෂාව බන්දල දෙන්න තියන උවමනාව නිසා. මේ විදිහට බහිජාන් අජේත් එක්ක ගැටුමක් ඇති කරගන්නව. අජේට අයේෂාගේ ආදරේ හිමි වෙයිද? අජේගෙයි බහිජාන්හෙයි පලහිලව්ව මොකක් වෙයිද?
ටිකක් පරණ ෆිලුමක් උනාට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිලුමක්. මේක මගේ පලවෙනි උපසිරසිය, වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒවට ඉතිං සමාවෙන්න ඕන. එහෙනම් තවත් මේ වගේ සබ් එකකින් ඉක්මනටම හමුවෙමු. මම කැපෙනව එහෙනම්… ජය..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
2,587 downloadsDownload Maine-Dil-Tujhko-Diya-2002.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිත් හසලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජනිත් හසලක
Subtitles
19 comments
malith madhushan
Tharindu_Rukshan_Perera
පලවෙනි උපසිරැසියට මගෙනුත් සුභ පැතුම් ..!!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
කසුන් නුවන්ත
පළමු උපසිරැසියට සුබ පැතුම්!
දිගටම උපසිරැසි දෙමු....
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!osandha fdo
Tnx kollane...oyala hamotama...
dineth roshan
The Unit eke sub ptan gnillakoo pttma series ekak
MickyBro
පලවෙනි සබට සුබ පැතුම් සහෝ...
නියම ෆිලුමක් වගේ තෑන්ක්ස් සබ් එකට. දිගටම සබ් දෙමු, දෙවනි එකත් ඉක්මනටම අරගෙන සුබ පතනව. ජය...Isuru
Thanks supiri film ekak puluwannam deewange 2002 film eka denna jaya wewa
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........amila
bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! තව තවත් උපසිරැසි කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!
Dilum
issara Sirase 1.30ta balapu supiri film ekak bro.sub nathi hinda baawe na.dan sub ekkama balanna puluwan.godak thanks bro.puluwannam Chocolatë""2005 hindi movie ekata sub denna bro.jayawewa
Helili Hemamali
පළමු වෑයමට සුබ පැතුම්! තවත් නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා.
හසිත මධුෂාන්
පලමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට........
ලගදීම තවත් උපසිරැසියකින්ම හමු වෙමු,
ඔබට ජය........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akt
Thnk sub ekata...Sharukge Parana film ekak tiynwa Anjaam kiyla.puluwn nm eekkata sub denna...
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ජනිත් සහෝ.
ජයෙන් ජය.N_R
Thanks for sub..
Anonymous
Superr
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලවෙනි සබ් එකට ඔන්න මගෙන් ඉස්සෙල්ලම සුබ පැතුම් දිගටම කරමු සහෝ ජය.