මහාචාර්ය උත්තම් චෞද්‍රි, හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දැන් විශ්‍රාමික සුවය විඳිමින් ඉන්නෙ. ඒත් එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනවා. පොඩි දේවල් කිව්වට ඒවා පොඩිමත් නැහැ. පුංචි කාලෙදි ඇති වුණ සිදුවීමක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. කාලයත් එක්ක ගෙදර අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඔයාලා හිතනවා ඇති ගා…

මහාචාර්ය උත්තම් චෞද්‍රි, හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දැන් විශ්‍රාමික සුවය විඳිමින් ඉන්නෙ. ඒත් එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනවා. පොඩි දේවල් කිව්වට ඒවා පොඩිමත් නැහැ. පුංචි කාලෙදි ඇති වුණ සිදුවීමක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. කාලයත් එක්ක ගෙදර අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඔයාලා හිතනවා ඇති ගාන්ධිතුමා එක්ක මේකෙ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. දවසක් මේ මහාචාර්යවරයගෙ දුව (ත්‍රිෂා) යාළුවෙලා ඉන්න පිරිමි ළමයගෙ ගෙදර අය මේ ගෙදරට එනවා. එයාලා දකුණු ඉන්දියාවෙ කට්ටියක්. ඉතින් එයාලට ගාන්ධිතුමා ගැන ඒ තරම් ලොකු සම්බන්ධයක් නැහැනෙ. ඉතින් ඒ වෙලාවෙදි හිතපු නැති දිහට මේ මහාචාර්යවරයට තරහා යනවා. තරහා ගිහින් එයාලට ගෙදරින් යන්න කියනවා. එදා ඉඳලා මහාචාර්යවරයා හිතාගෙන ඉන්නෙ එයා ඉන්නෙ ගෙදර නෙවෙයි හිරේ කියලා. එයා තමයි ගාන්ධිව මැරුවෙ කියලා. මේ ප්‍රශ්නය නිසා දුවගෙ සම්බන්ධයත් එතනින් නතර වෙනවා. ඒ පිරිමි ළමයා වෙන කෙල්ලෙක්ව කසාද බඳිනවා. දවසක් දුව හොඳ මනෝ වෛද්‍යවරයෙක්ව මුණගැහිලා මේ ගැන කතාකරනවා. එයා ඇත්තටම හොඳ මනෝ වෛද්‍යවරයෙකුටත් වඩා හොඳ යාළුවෙක් වගේ උදව්කරනවා.
ඇත්තටම මම මේ කතාව සරලව කිව්වට මේක ගොඩක් බරපතල මානසික ගැටලුවක්. මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මොකද කියනවා නම් මේක පැයයි විනාඩි 40ක් පුරා දිවෙන කතාවක්. හැබැයි මේ චිත්‍රපටිය පුරාවටම එකම ගීතයක් වත් ඇතුළත් වෙන්නෙ නැහැ. තාත්තගෙ අසනීපය නිසා පීඩාවට පත්වෙන දුවෙකුගෙයි පුතාලා දෙන්නෙකුගෙයි කතාවක් තමයි මේ.
Anupam Kher – මහාචාර්ය උත්තම් චෞද්‍රි ලෙසත් Urmila Matondkar – ත්‍රිෂා ලෙසත් Parvin Dabas – සිද්ධාර්ථ කියන මනෝ වෛද්‍යවරයා ලෙසත් රංගනයෙන් දායක වෙනවා. 7.4/10 IMDb අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. මේක ඇත්තටම සමාජයට පණිවිඩයක් දෙන කතාවක් විදිහට සලකන්න පුළුවන්. මම හිතනවා ඔයාලත් මේ චිත්‍රපටිය බලලා ආදර්ශයක් ගනී කියලා. තවත් උපසිරසියකින් හමුවෙමු..
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
DVD පිටපත සඳහා උපසිරැස අදාළ වේ.
455 downloadsDownload Maine-Gandhi-Ko-Nahin-Mara-2005.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂිනි ඇවුණුගල්ල
Subtitles
12 comments
Nilantha
kavindugayashan
rocky handsome mekata sub dennako meka avilla tiyanne
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
SEO SPIDER
Tan q
Kulanjana Maduranga
niayamai…thanks HASHINI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයිනේ..
බොහෝම ස්තුතියි හෂිනි සබ් එකට.
දිගටම සබ් දෙමු..
ජය..Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
බොහොම ස්තූතියි
tanuja
මේක ලස්සන ෆිල්ම් එකක්. සබ් එකට බොහෝ තෑන්ක්ස්. ඔයාට පුළුවන්නම් මේ වගේම ලස්සන Dhanak (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න කියලාත් ඉල්ලනවා. ජය වේවා.
Rasheen Mansil
thanaks for subtitle.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilanthi Senadheera
Thanks for everything.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි හෂිනි ඇවුණුගල්ල සොහොයුරියට සිංහල උපසිරැසියට mama 1ka