මායාකාරියෙක් වයස අවුරුදු 13 වුන ගමන් තනියෙම අවුරුද්දක් ගෙදරින් පිට ජීවත් වෙන්න යන එක එයාලගෙ අතීතයෙ ඉඳන් එන සිරිතක්. කොස්සක නැගලා එයාලගෙ හුරතලා කළු පූසත් එක්ක යන ගමනට හැම මායාකාරියක්ම ඇඟිලි ගනිනවා. මොකද එයාලගෙ ජීවිතේ ස්වාධීනව ගෙවන්න තියෙන කැමැත්ත, නිදහස එයාලා උපරිමෙන්ම අගය කරන නිසා. කිකී කියන්නෙත් ඒ…

මායාකාරියෙක් වයස අවුරුදු 13 වුන ගමන් තනියෙම අවුරුද්දක් ගෙදරින් පිට ජීවත් වෙන්න යන එක එයාලගෙ අතීතයෙ ඉඳන් එන සිරිතක්. කොස්සක නැගලා එයාලගෙ හුරතලා කළු පූසත් එක්ක යන ගමනට හැම මායාකාරියක්ම ඇඟිලි ගනිනවා. මොකද එයාලගෙ ජීවිතේ ස්වාධීනව ගෙවන්න තියෙන කැමැත්ත, නිදහස එයාලා උපරිමෙන්ම අගය කරන නිසා. කිකී කියන්නෙත් ඒ මොහොත වෙනුවෙන් බලාගෙන ඉන්න පුංචි මායාකාරියක්. මේ ගෙදරින් යන මොහොතට නෑදෑයන්, යාළුවෝ, පවුලෙ උදවියත් සහභාගී වෙනවා. ඒක ඒ තරම් සුභ කටයුත්තක්. මෙහෙම පිට වෙන මායා කාරියො තමන් හොයාගන්න නගරයක අවුරුද්දක් ජීවත් වෙන්න ඕනෙ. ඒ අතර එයාලට කැමති විදයට ජීවත් වෙන්න පුළුවන්. හිතන්න ඒ වගේ නිදහසක් ලැබුනොත් කොච්චර ෂෝක්ද කියලා. කිකීගෙ මේ නිදහස් ජීවිතය මොන වගේද කියලා බලන්න පුළුවන් Kiki’s Delivery Service චිත්‍රපටය නැරඹුවට පස්සෙ.
මේ චිත්‍රපටිය අපිව වෙනමම ලෝකයකට අරන් යනවා. හරියට කිව්වොත් අපි හිත ඇතුලෙන් බලාපොරොත්තු වෙන නිදහස උපරිමයෙන් මේකෙන් රසවිඳින්න පුළුවන්. මේක නැරඹුවොත් අනිවාරෙන් හැමෝම හිතයි මටත් මෙහෙම ඉන්න අවස්ථාවක් ලැබුනොත් කොච්චර හොඳද කියලා. ඒ හැඟීම විඳින්න නම් අනිවාරෙන්ම මේක බලන්නම ඕනේ. මේ චිත්‍රපටියේ නිර්මාණ ශිල්පියාගෙ අරමුණත් ඒ ලෝකයට ප්‍රේක්ෂකයාව අරන් යන එක. 1989 කියන්නෙ ගොඩක් ඈත වුනාට ජපන් ඇනිමේෂන් වල ගුණාත්මකභාවය ඒ විදියටම තියෙන චිත්‍රපටියක්. ට්‍රෙලර් එක බැලුවොත් මොන වගේද කියලා හිතාගන්න පුළුවන්.
නිමවුම පැත්තෙන් ගත්තොත් ස්ටූඩියෝ ජිබලි ගැන ඔයාලා අහලා ඇති. ජපන් ඇනිමේෂන් වල පුරෝගාමියා වගේම ගුණාත්මකම ඇනිමේටර්වරයා තමයි ජිබලි කියන්නෙ. ඒකෙන් බිහිවුන නිර්මාණ වෙන Spirited Away වැනි IMdb Top 250 අතර තියෙන චිත්‍රපටියක් බලපු කෙනෙක්ට ජිබලි නිර්මාණ මොන වගේද කියන්න ඕනෙ නෑ. Studio Ghibli සහා Walt Disney අතර අවුරුදු 15ක බෙදාහැරීමේ සහයෝගිතාවය අනුව නිර්මාණය වුනු පළවෙනි චිත්‍රපටිය තමයි Kiki’s Delivery Service කියන්නෙ. 1998 වන විට කැනඩාව හා ඇමෙරිකාව යන රටවල් වල ආදායම් තබමින් සිනමාහල් වල දාවනය වුන මේ චිත්‍රපටිය Top 250 අතර නොතිබුනත් IMdb 7.9කුත් Rotten Tomatoes වල 97%කුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශිෂ්ඨ කලා නිර්මාණයක් මගහැරගන්න එපා කියලා කියන ගමන් රසවිඳින්න ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට BR පිටපත සදහා අදාළ වේ.
3,346 downloadsDownload Kikis-Delivery-Service-1989.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
27 comments
AsithaDilruwan
Navodani Thilini Sasanika
ඔව් මමත් දැක්කා ගොඩක් තැන්වල රික්වෙස්ට් කරලා තියෙනවා.
AsithaDilruwan
Ekane...Thanks
Chanu mikhail
wow..... meka niyama anime ekak, mn asawen balapu katha walin ekak, thanks sis sub dunnata , digatama anime walata sub demu, !! jayaweva !! thanks !! :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kavi_madushan
Thank you thank you thank you sis,,,sub illuwata deida nadda kiyala degidiyawen hitiye,bohoma sthuthi sub ekata nawathath☺️
Ishan Madusha
නියමයි.ගොඩක් ස්තූතියි
දිගටම ඇනිමේ වලට සබ් දෙනවට පින්
ජය වේවා!D.Chamara
bohoma sthuthi sahodari ....
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
raviz
Thank you............!
TMK
බොහෝම ස්තූතීයි....මේක මම ආසම කරන සුපිරිම කාටුන් එකක්.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!James DC
කාලෙකට කලින් නරඹපු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්.
උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි...Navodani Thilini Sasanika
ස්තූතියි හැමෝටම
Gangaanupama
Digatama me wage japan ewata sub denna balanna.thxxx sub ekata
sampath1994
Thanq
sam fisherr
මමත් මුලින්ම ගොඩාක් ආස උනෙ ඇනිමි film වලට එත් දැන්නම්(fmab බැලුවට පස්සෙ)ගොඩාක්ම කැමති tv show වලට තමා ගොඩාක්ම ස්තුති මේ film එකට සහ වෙච්ච මහන්සියට
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…….!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.udaraudara
pudumai medchchara lassana movie eke sub eka download karan thiyenne 159
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට Anime එක බාලනම් ටිකක් කල් තාම බැලුවෙ නෑ පුලුවන්නම් Akira එකත් කරන්න
Krishan NiShalya
akira ☺☻
Lakshansilva18
,,,උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
The Cat Returns Ghibli movie eke upasirasi dennako..........
sasanka sathyajith
Thanks for the sub
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කේ.ගොඩක් ලස්සන ඇනිමේ එකක් මේක.❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේ ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් පින්
ගොඩක් කාලෙක ඉදලම ඉල්ල ඉල්ලා හිටපු ෆිල්ම් එකක්
ජපන් ඇනිමේෂන් වල මාර නිදහස් ගතියක් තියෙනවා
ඒක දන්නේ බලපු අය විතරයි
ජය වේවා!!