Watch Trailer

Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට ගියා. කොහොම කොහොමහරි…

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට ගියා. කොහොම කොහොමහරි ස්ට්‍රයික් හින්දා කැම්පස් එකත් නිවාඩු එකේ මේක ඉවර කරලා ඔන්න එහෙනම් අරන් ආවා.

කතාවේ නම දැක්කාම තේරෙනවා ඇතිනේ. ඔව් ඔව් මේක අනිත් ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් වගේ නෙමෙයි මේකෙ ඉන්නවා බැට්මෑන් ඇතුළු DC සුපිරි වීරයෝ සෙට් එකක්ම. ඒ අය තමයි , බැට්මෑන්, ඇක්වාමෑන්, ක්වෙස්චන් මෑන්, ප්ලාස්ටික් මෑන්, බ්ලැක් කැනාරි, ඩිටෙක්ටිව් චිම්ප්, මාෂන් මෑන්හන්ටර් කියන සෙට් එක. ඒ වගේම මේකෙ ඉන්නවා , රිඩ්ලර්, ජෝකර්, පෙන්ගුයින්, ක්ලේෆේස් වගේ සුපර් විලන්ලා එහෙම නැත්නම් සුපිරි දුෂ්ඨයෝ සෙට් එකක්ම.

වෙනස්ම ස්කුබී කතාවක් කාලෙකින් දැකපු. ඇත්තම කියනවා නම් මම කොමික් රසිකයෙක් නම් නෙමෙයි. ඒ හින්දා මේ සබ් එක හදද්දී මගේ අතින් අඩුපාඩු වෙලා තිබ්බොත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. IMDB මීටරේ 6.8 ක් ගත්තු මේ චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියනවා නම් ස්කුබී සෙට් එක යනවා හොරකම් වගයක් ගැන හොයලා බලන්න. ඒ අභිරහස සාර්ථකව විසඳුවත් පස්සෙයි දැනගන්නෙ ඒක ඇත්තම අභිරහසක් නෙමෙයි බැට්මෑන් ඇතුළු සුපිරි වීරයෝ එකතු වෙලා නිර්මාණය කරපු අභිරහසක් ස්කුබී කණ්ඩායම ගෝතම් අභිරහස් විශ්ලේෂකයන්ගේ කණ්ඩායමට බඳවගන්න සුදුසුද කියලා බලන්න. ඉතින් මේ අභිරහස විසඳලා ස්කුබී සෙට් එක ඔප්පු කරනවා එයාලා ඒකට සුදුසුයි කියලා. ඊටපස්සෙ බැට්මෑන්ගේ ආරාධනාවෙන් එයාලා යනවා ගෝතම් වලට. එහේ එක එක සුපිරි වීරයාට තියෙනවා එයාලගේ නොවිසඳුනු අභිරහස් ඇතුළත් වෙන වෙනම පුද්ගලික ෆයිල්. අනිත් හැම සුපිරි වීරයෙක්ගෙම ඒ වගේ නොවිසඳුනු අභිරහස් ෆයිල් ගොඩක් තිබ්බත් බැට්මෑන්ට තියෙන්නෙ එකම එක ෆයිල් එකක් විතරයි. අන්න ඒ අභිරහස තමයි ස්කුබී සෙට් එක සුපිරි වීරයොත් එක්ක එකතු වෙලා විසඳන්නේ. ඉතින් ස්කුබී කාටුන් ෆිල්ම් බලන අයට වගේම කොමික් කාටුන් රසිකයන්ටත් මේක ගැළපෙයි කියලා මං හිතනවා. මේකෙ තිබ්බ කොමික් වලට සම්බන්ධ වචන ගොඩක් ඒවා මං ඒ විදිහටම තිබ්බා සිංහලට හරවන්න ගියොත් කතාව බෝරිං වෙන හින්දා. කොමික් ගැන වැඩි යමක් නොදන්න මම මේකෙ සබ් එක හදද්දි හිර වුන අවස්ථා ගොඩයි. ඒ තැන්වලදී උදව්වට ආපු මගේ යාළුවා (බැට්මෑන් පිස්සා) සමිල උදයන්තටත් , මේකෙ සබ් එක පරක්කු වෙද්දී ඉවසන් හිටපු සයිට් එකේ ඇඩ්මින් අයියලටත් ස්තුතියි. මං එහෙනම් ගිහින් මේ අවුරුද්දෙ ආපු තව අලුත් ඇනිමේෂන් ෆිලුමක සබ් එකත් අරන් එන්නම් පුළුවන් ඉක්මනට. හැමෝටම ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

6,809 downloadsDownload Scooby-Doo-Batman-The-Brave-and-the-Bold-2018.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

6,809 downloadsDownload Subtitles44 KB

41 comments

  1. Maleesha pathirana

    tnku

    1. thilina0750

      Download karanna bhnne ai e

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. geeganagamage

    බොහෝම ස්තුතියි මම ස්කුබී සෙට් එකට වගේම සුපිරි වීරයන්ගේ කථා වලට ගොඩාක් කැමතියි විශේෂයෙන්ම dc සහ marvels. කථා වලට

    1. thilina0750

      Sub eka download karanna ba mata send karanna puluwanda

  4. darshani wijerathna

    Good luck sohan...

  5. AsithaDilruwan

    ela ela thanks

  6. Supun Sandeepa Wimalarathna

    උපසිරැසියට ස්තූතියි
    ජය වේවා!!!!!!!!!!!!!!

  7. ranga11112

    බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ,

  8. Dinusha

    බොහොම ස්තූතියි. බුදු සරණයි.

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට...!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට වගේ ස්කුබි සෙට් එකයි DC සෙට් එකයි එකට...

  12. Madusara

    පහර ...

  13. Riddler

    Thq bokk

  14. raviz

    Thank you......!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. madhubashana bandara

    ගොඩක් ස්තුතියි සහෝ.

  19. Isurusky

    thank you very much saho...jaya.

  20. nirodha uthpala

    Eakenma Bro Mage Asama Set Dekak. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  21. M.D.P.Fernando

    Thanks ***

  22. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Sajithlakshan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සොහාන් සහෝ.
    ජයෙන් ජය.

  26. supun bro

    godak thanx bro sub eka dunnata..

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Sandeepmadushan

    Thanx saho supiri

  29. Malik_nadeeshan

    Thanks saho..sub ekta..

  30. Samila Udayantha

    Ela Ela bro

  31. Simsa

    Thank You Very Much!

  32. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  33. Damru Ravihara

    Thanks for sub

  34. akashadhithya

    thanks...!!!!!!!!!!

  35. Sugath nuwan

    Ela

  36. Mohomed Arkam

    thanks

  37. Hashan M. Priyadarshana

    Thank you

  38. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... දිගටම සබ් දෙමු... ජය වේවා...❤️❤️❤️