Watch Trailer

Major Payne (1995) Sinhala Subtitles | වධකාර මේජර් [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ !!! මමත් ආවා ඔයාලට සබ් එකක් අරන්!!! බයිස්කෝප් සිංහල උපසිරැසි වෙබ් අඩවිය පටන් ගත්ත කාලේ ඉඳලම උපසිරැසි බාගෙන බැලුවට කවදාවත් වෙබ් අඩවියට උපසිරැසියක් දාල නැති නිසා මටත් හිතුනා ඔයාලට බලන්න හොඳයි කියලා හිතෙන චිත්‍රපටියක් උපසිරැසි ගන්වන්න… මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම..ඉතින් කියන්න ඕනේ…

ආයුබෝවන් යාලුවනේ !!! මමත් ආවා ඔයාලට සබ් එකක් අරන්!!! බයිස්කෝප් සිංහල උපසිරැසි වෙබ් අඩවිය පටන් ගත්ත කාලේ ඉඳලම උපසිරැසි බාගෙන බැලුවට කවදාවත් වෙබ් අඩවියට උපසිරැසියක් දාල නැති නිසා මටත් හිතුනා ඔයාලට බලන්න හොඳයි කියලා හිතෙන චිත්‍රපටියක් උපසිරැසි ගන්වන්න… මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම..ඉතින් කියන්න ඕනේ නැනේ අඩු පාඩු සෑහෙන්න ඇති… අනික මේකේ තියන සමහර වචනවලට සිංහල තේරුම් නෑ ඒ නිසා කතාවේ රසයට හානි නොවන විදියට ගැලපෙන අර්ථ දෙන්න උපරිම උත්සාහයක් කරා මම, හරි දැන් හැරෙමු කතාව පැත්තට

මේජර් පේන් කියන්නේ 1995 වර්ෂයේ නිකුත් උන හාස්‍යජනක චිත්‍රපටියක්. ධාවන කාලය පැය 01යි මිනිත්තු 36ක් වන මෙහි IMDB අගය 6.3ක් ලෙස සටහන් වෙනවා…

මෙහි ප්‍රධාන චරිතය වන මේජර් පේන් ට සිද්ධ වෙන අකරතැබ්බ සහ ඔහු යටතේ පුහුණුවන ශිෂ්‍ය භට කණ්ඩායමක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ .ඉවර වෙනකන් එපාවෙන්නේ නැතුව බලන්න පුළුවන්. මීටත් වඩා කීවොත් කතාවේ රසයට හානි වේවි එහෙනම් කතාව රසවිඳින්න

ආ තව එකක් , මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා ගුණ අගුණ කියල යන්න පුළුවන් නම් බොහොම ස්තූතියි. මේ උපසිරැසිය සාමාන්‍ය හොදමට්ටමක තියෙන බව ඔයාලගේ කොමන්ට් වලින් පෙනුනොත් මම ඊළඟ එකත් පටන් ගන්නම්. ජය වේවා

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබාදී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ 

2,071 downloadsDownload Major-Payne-1995.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිත ජයසංඛ අධිකාරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ජනිත ජයසංඛ අධිකාරි

Subtitles

2,071 downloadsDownload Subtitles45 KB

26 comments

  1. Priyantha Dayakeerthi

    පළමුවෙනි උපසිරසියට මාගේ සුබ පැතුම්!
    ඒ වගේම ඔබ පළමු උපසිරසියට තෝරාගෙන තිබෙන්නේ පැරණි සිනමාපටයක්. ඒ ගැන පුදුම හිතෙනවා. නමුත් මෙම වෙබ් එකේ පැරණි ඉංග්‍රීසි ඒවාට සබ් දෙන එක්කෙනයි ඉන්නේ. ඒ නිසා IMDb අගය වැඩි පැරණි 60, 70 දශකවල ඒවාට උපසිරසි ලබාදෙන ලෙස මම යෝජනා කරනවා. මම බැලුවා. ඔබේ සබ් නිර්මාණය හොඳයි. ඔබට ස්තුතියි, දිගු ගමනක් පතමි!

    1. Janith Jayasankha Adhikari

      බොහොම ස්තූතියි ඔබට
      මමත් බලාපොරොත්තු වෙනවා ඔබ කියන ජාතියේ චිත්‍රපට වලට උපසිරැසි ලබා දීමට
      තවත් උපසිරසියකින් හමුවෙමු

    2. Tharaka

      මේ අයියේ ඔහේ පරන ඒවට ආස නම් ඒවා බලාගෙන ඉන්න
      හැම එකාටම පරන ෆිල්ම් වලට පොලබවන්නේ නැතුව
      මෙච්චර කල් මේ site එකේ comment දැම්මේ අලුත් ෆිල්ම් බලපු උන් නේ ,නැතුව මේ අද ඊයේ ආපු ඔහෙලා නෙවෙයි

    3. Shamal manojan

      මේ හලෝ අපි බයිස්කෝප් ෆිල්ම් බාන්නේ 2009 ඉදලා. ඒ කාලේ පරණ post වලට ගිහිල්ලා බලපන්. කොච්චර පරණ ෆිල්ම් තියනවද කියලා. මේකේ ඉස්සර හිටපු උන් චාලි චැප්ලින් ගේ ෆිල්ම් පවා උපසිරැසි කලා. ඒවා නිහඩ සිනමාව. ඔහේ කියන ජාතියේ ෆිල්ම් දෙන එවුන් මෙකේ වැහි වැහැලා ඉන්නවා. නමුත් දැන් ඉස්සර වගේ පරණ චිත්‍රපට, සම්භාව්‍ය චිත්‍රපට දෙන අය නැති වෙලා ගිහින්. 1920, 1930 දශකයේ ඉදලා 1980, 1990 දශකය දක්වා චිත්‍රපට මේ සයිට් එකේ 500 කට ආසන්නව ඇති. ඒවා ගොඩක් මගේ Computer එකෙත් තියනවා. 2009 ඉදලා Download කරපුවා. උඹ දන්නේ නැති දෙයක් කතා කරන්නේ නැතුව ඉදපිය. මේ සයිට් එකේ හැම ජාතියේ ම රසිකයෝ ඉන්නවා. ඒ සමහර රසිකයන්ට අවශ්‍ය නිර්මාණ දෙන උපසිරැසිකරුවන් හිඟ වෙලා ගිහින්. වෙනස ඒකයි. මම පරණ චිත්‍රපට, හොල්මන්, ක්‍රියාදාම, කොමඩි, හින්දි, මාවල්, ඩීසි ඕන එකක් බලනවා. දෙමළ චිත්‍රපට මට පේන්න බෑ කියලා මම දෙමළ සිනමාවට බනින්නේ නෑ. පැරණි චිත්‍රපටයකට උපසිරැසි දෙන උපසිරැසි කරුවෙක් තරම් මේ සයිට් එකට තවත් වටින කෙනෙක් නැති තරම්. ඒ වගේ අය ඉස්සර 10 ක් 15 ක් හිටියා දැන් එක්කෙනා දෙන්නට අඩුවේලා. ඉස්සර හිටියා දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝ. සර්ච් කරලා බලහන් දීලා තියෙන්නේ මොනවද කියලා. එහෙම උපසිරැසි කරුවන් දැන් කෝ.

    4. Anonymous

      Moda pinnaya

  2. Gayana Thathsara

    Thank bro.... Keep Going better..... ᕦ༼ຈل͜ຈ༽ᕤ

    1. Janith Jayasankha Adhikari

      අනිවාර්යෙන්ම
      බොහොම ස්තූතියි

  3. නිර්මාල් විමුක්ති

    පලමු උපසිරසිය වෙනුවෙන් සුබපතනවා.....
    ඇත්තටම පලවෙනි එක හැටියට ඔයා හොඳට කරලා තියෙනවා...
    ඉස්සරහටත් මේ වගේ තව හොඳ ෆිල්ම් වලට උපසිරසි කරන්න.....

    1. Janith Jayasankha Adhikari

      අනිවාර්යෙන්ම කරනවා
      බොහොම ස්තූතියි

  4. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ජනිත සහෝ!
    දිගටම උපසිරස කරන්න තමන් ගැන හොඳ විශ්වාසයක් තියලා‍.
    පළවෙනි වැඩේ හැටියට සාර්ථකයි කියලා කියන්න පුලුවන්.
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා පතනවා.
    ජය ✌

    1. Janith Jayasankha Adhikari

      බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙන්න ලැබුන ඒක නම් මාර සතුටක්
      මම බලාපොරොත්තු වෙනවා උපරිම ගුණාත්මක භාවයකින් උපසිරැසි ලබාදීමට
      මට දෙන උපදෙස් සහ දිරිගැන්වීම් වලට ස්තූතියි

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ ඉදිරියට තව තව හොඳ ෆිල්ම්වලට සබ් දෙන්න

  6. Supun Kaushalya

    පුලුවන් නම් ඉදිරියෙදි කරන සබ් විදිහට Primal Fear (1996), K-Pax (2001) ෆිල්ම් දෙකට සබ් කරන්න තාම සබ් දීලා නැති ඒත් සුපිරි ෆිල්ම් දෙකක්

  7. yohan

    niyamai. digatama sub denna. athaharinnanan epa bro. parana sub nethi ewata sub demu. dewana upasirasiya balaporoththuwen innawa. jayawewa

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ත්‍රාසජනක චිත්‍රපට එකතුවක් තියනවා. කිහිප දෙනෙකුගෙන් ඉල් ලීම් කලත් ලැබුනේ නෑ. ඔබට හැකිනම් උපසිරැසි කරන්න සහෝ. Hannibal Lacter Collection එක. මේකේ දෙවන ෆිල්ම් එක වන The Silence of the Lambs - 1991 චිත්‍රපටයට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දීලා තියනවා. අනෙක් චිත්‍රපට ටිකට තාම කවුරුත් සබ් කරලා නෑ. සුපිරිම චිත්‍රපට ටිකක්.

    01 - Manhunter - 1986

    03 - Hannibal - 2001

    04 - Red Dragon - 2002

    05 - Hannibal Rising - 2007

  9. Roshan

    supuri janitha aiye,,,supiri henati ekakata sub denna barida oyata

  10. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  11. රොෂාන් ශමීර

    පළවෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් සිංහල උපසිරසි ලබාදීමට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඉක්මණටම තවත් උපසිරසියකින් හමුවෙමු..
    ~ ජය වේවා ~

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. හසිත මධුෂාන්

      ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
      දිගටම සබ් කරමු....

  13. yohan

    thawath me wage ekak one.meka bohoma hoda nirmanayak

  14. අසේල

    නියම වැඩක් කොල්ලෝ.....බුදු සරණයි

    1. Bhanuka

      බොහෝම ස්‍තූතියි

  15. indika75

    පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Bimbisha Adithya

    බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ ජනිත සහෝ ♥️ ජය !