සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි…

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු අද කතාවට… තනිකඩ කොල්ලෝ, කෙල්ලෝ බනින්න එපා අපිට මොන වැලන්ටයින්ද කියලා මොකද මමත් තනිකඩයෙක් තමා මොනවා කරන්නද..? අද මම ලිපිය ටිකක් දිගු කරන්න හිතුවා දවස ගැනත් හිතලා (හැබැයි ඉතින් මගේ ලිපි එකක්වත් කොට ඒවා නම් නෑ..) මේ දවස් වල හැබැයි ලිපි කියවන්න කැමති නැති කට්ටියකුත් ඉන්න නිසා එහෙම අය සබ් එක අරන් යන්න කියලා මම ආදරයෙන් කියන්නම්….
ආදරය…හරිම අරුම පුදුම දෙයක්, දෛවයේ මායාවක් කියන්නත් පුළුවන් අපි හැමෝම ඒක එක පාරක් හරි විඳලා තියනවනේ… ඇත්තටම කියනවනම් තවම මම නම් විඳලා නැහැ. විඳින්න හම්බුනේ නැහැ. මට යාළු වෙන්නත් කලින් බූට් එකක් තමා සෙට් වුනේ.. එයාට පින් සිද්ධ වෙන්න තමා මම බයිස්කෝප් අඩවියට බැදුනේ කෙල්ලෙක් නැත්තන් ජීවිතේ කරන්න දෙයක් තියෙන්නත් එපායෑ… ඉතින් ඒ පලමු ආදරය…. ඒක කොච්චර කළත් මකන්න බෑ කියනවනේ. ඉතින් ඒකම මත්තේ නැහීගෙන දැන් අවුරුදු 6 ක් ගෙවිලා… සමහරවිට එයත් මේ ලිපිය කියවලා මේක සබ් එක අරන් යනවා ඇති. මොනවා කරන්නද ජීවිතයේ වෙන මොනවා වෙනස් කරන්න පුළුවන් වුනත් අපි ආදරයෙන් බැඳෙන්නේ කාත් එක්කද කියන එක වෙනස් කරන්න බැහැ. කියලා මම හිතනවා… ඕක හිතුනේ Hello (2017) බැලුවට පස්සේ
බයිස්කෝප් අඩවිය කොහොමත් ෆිල්ම් එකක් ගැන ලිපියක් දානකොට ෆිල්ම් එකට අදාළ ගොඩක් තොරතුරු ඒක එකතු කරනවා. ඉතින් අද මේ ආදරවන්තයින්ගේ දවස, එහෙම නැත්තන් වැලන්ටයින් ඩේ කියලා හඳුන්වන දවසේ විශේෂත්වය මොකක්ද කියලත් සඳහන් කරලාම මම ෆිල්ම් එක පැත්තට යන්නම්. ඇත්තටම කියනවනම් අපි මේ වැලන්ටයින් කියලා සමරන්නේ ඒක වැලන්ටයින් කියන පූජකවරයාගේ මරණය සිදුකල දිනය… මේ ගුණ අනුස්මරණයක් තමා කරන්නේ… මේකට සම්බන්ධ කථා ගොඩක් තියනවා… මම එතනින් වඩාත්ම පිලිගන්නා කථා 2 කෙටියෙන් සඳහන් කරන්නම්.
පලවෙනි කතාවේ ක්‍රි.පූ. දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කාලයේ යුද්ධයක් නිසා තරුණ යුවල් වලට විවාහය තහනම් කරලා තියනවා. නමුත් මේ වැලන්ටයින් සාමිවරයා කපල් වලට හොරෙන් විවාහ වෙන්න උදවු කරලා තියනවා. මේක දැනගත්තු අධිරාජ්‍යයා පූජකවරයාව එල්ලා මරලා තියෙනවා. ඒක සමරන්න තමා මේ දිනය එහෙම නම් කරලා තියෙන්නේ.
දෙවනි කතාවත් ඒ හා ළඟින් යන්නක්. වැලන්ටයින් සාමිවරයා දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කාලයේ සිරගත වී සිටින අවධියේ එහි ආරක්ෂකයාගේ දුව සමඟ ආදරයෙන් බැඳී ඇත. නමුත් මරදැමීමට පෙර ඔහු “ආදරණීය වැලන්ටයින්ගෙන්” කියා ලියුමක් ඇය වෙත යවා ඇත. එමෙන්ම ඇය අන්ධ අයෙක් නිසාවෙන් ඔහුගේ දෑස් ඇයට දන්දීම නිසා ඔහුට උපහාරයක් වශයෙක් මෙම දිනය එසේ නම් කර ඇත. කෙසේ නමුත් මෙම දෙදෙනාම එක අයෙක් යැයි සමහරුන් කියයි.
කෙසේවෙතත් ප්‍රථම වැලන්ටයින් දිනය සමරන ලද්දේ වර්ෂ 496 හිදීය. එය සම්භවය වුනා යැයි සැලකෙන්නේ රෝම අස්වනු දිනයෙනි. මෙම දිනයේ රෝම කාන්තාව පිරිමි අයගෙන් කස පහර කෑමට පෝලිමේ ඉන්නවා. මෙයින් ඔවුන්ගේ ප්‍රජනන හැකියාව වැඩි වෙතැයි ඔවුන් විශ්වාස කරනවා. හම්මෝ ඇති…මගේ අතත් රිදෙනවා සහෝදරවරුනි.
2021 වසරේ ජනවාරි මස 8 වන දින Amazon Prime Video තුලින් මුල්වරට නිකුත් කරන ලදී. අධ්‍යක්ෂක දිලීප් කුමාර්ගේ කුළුදුල් සිනමාපටය වන මෙය Charlie නම් මලයාලම් සිනමාපටය ඇසුරින් නිමවන ලද්දක් Prateek Chakravorty, Shruti Nallappa ගේ නිෂ්පාදනයෙන් Bipin සහ අධ්‍යක්ෂක දිලීප් කුමාර්ගේ තිර රචනයෙන් හැඩවුන මෙහි අපට හුරුපුරුදු නළු නිළි යුවලක් රංගනයෙන් දායක වෙනවා. දමිල සිනමාවේ පතාක යෝධයෙකු වන R. Madhavan සහ සුරුපී දමිල, කන්නඩ නිලි Shraddha Srinath ගේ රංගනයෙන් හැඩවුනු මෙයට IMDb දර්ශකයේ 7.7 ක අගයකුත් Google පරිශීලකයන්ගේ 94% ක මනාපයකුත් Rotten Tomatoes මීටරයේ 80% ක මනාපයකුත් හිමිව තිබෙනවා. දමිල නාට්‍ය සහ ආදර කතා ගණයට අයත් වන මෙහි සෙසු චරිත සඳහා Sshivada, Abhirami සහ Mouli යන දායක වෙනවා.
මේකේ කතාව ගලාගෙන යන්නේ පාරු (නිලිය) වටායි. පාරු පුරාණ වස්තු ප්‍රතිසංස්කරණ ශිල්පිනියක් මෙයා දවසක් එක පලාතකට රාජකාරී වලට ගියාට පස්සේ නවතින්න තැනක් හොයාගන්නවා. මෙතන අයිතිකාරයා තමා අපේ මාරා (නළුවා). ඉතින් මේ ගමේ තාප්ප පුරා ඇඳලා තියනවා කතාවක් මේක පාරු පොඩි ළමයෙක් කාලේ නැන්දා කෙනෙක් එයාට කියපු එකක්. මේකේ වෙන්නේ….,
“එකෝමත් එක කාලෙක සෙබලෙක් හිටියලු.”
“මේ සෙබලා ගොඩක් විශේෂයි.”
“ඔහු අමරණීය කෙනෙක්, ගොඩාක් නිර්භීතයි.”
“මේ ලෝකේ තිබුණ බලවත්ම ආයුධයට වත් එයාව මරන්න බැරි වුනා.”
“ඒ මොකද කියනවා නම් මේ සෙබලා ලඟ,”
“කවුරුත් නොදන්නා රහසක් තිබුණාලු.”
“මොකක්ද ඒ රහස? “
ඒක දැනගන්න නම් ඔයාට මේ සිනමාපටය බලන්නම වෙනවා. ඔන්න එහෙනම් ආදරණීයම මිනිත්තු 150ක් ගතකරන්න ඔබට ආරාධනා ආදරවන්තයින්ගේ දිනයට සැබෑ අරුතක් මේකෙන් එක්වෙයි. හැබැයි මං ප්‍රියතම තරුණ නිළියක් වන පූජනී භාග්‍යා කිව්වා වගේම ආදරේට එක දවසක් විතරක් මදි, මොකද ඒක දවසකට සීමා කරන්න බැහැ. අද විතරක් ළඟින් හිටියාම ඒක ආදරේ වෙනවද..? මේ ගෙවෙන හැම තත්පරයකම ආදරය කරන්න. පුරුදු පරිදි තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…අඩුපාඩු ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා…
“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,682 downloadsDownload Maara-2021.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
24 comments
Anonymous
සිසිල ප්‍රසාද්
බලපු අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. නොබලපු අය වෙනුවෙනුයි මේක දීලා තියෙන්නෙ. නොබලපු අය කොච්චර ඉන්නවද කියලා බලාගන්න අවශ්‍ය නම් තව දවස් 3-4කින් ඇවිත් ඩවුන්ලෝඩ් කවුන්ට් එක බලන්න.
Anonymous
dn wada na ne meka ;/
Anonymous
මොනවා කිව්වත්,දැන් baiscope එකේ තිබ්බ qualityය නෑ....
Sub එන්නෙත් ඔක්කොටම පස්සේ , අලුත් ඒවට වැඩිය පරන ඒවා තියෙන්නේ , Netflix/OCN ලගේ අලුතින් release කරපු series ඇත්තෙම නෑ etc
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
නිර්මාල් විමුක්ති
ස්තූතියි සහෝ....
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ පුලුවන් නම් Cuckoo (2014) දෙමළ ෆිල්ම් එකට සබ් කරන්න BDRip කොලිටියෙන්ම තියනවා
Anonymous
Sure...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!aS
thank you
R_deshan
සබ් එකට ගොඩක් තෑන්ක්ස් සහෝ...මේ ටික කියන්නෙ සයිට් එකේ සබ් දෙන සියලු දෙනා ඇතුලු ඇඩ්මින් මණ්ඩලයට.සිංහල සබ් එක්ක ෆිල්ම් ටීවී සීරීස් බලන්න මම ඇතුළු හුඟක් දෙනා පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි සබ් කියවල තේරුම් ගන්න බැරි නිසා නෙමේ.අපේ භාෂාව එක්ක බලනව තරම් ඉංග්‍රීසි සබ් එක්ක බැලුවම කතාව සමීප වෙන්නෙ නැති නිසා.එතනදි සිංහල සබ් කිං විදියට ඉස්සර ඉඳන්ම අපේ හිත්වල වැජඹෙන සයිට් එක බයිස්කෝප් එක.විශේෂයෙන්ම game of thrones වගේ පට්ට කතා බලන්න ලාංකිකයන්ව පොළඹවල ශ්‍රී ලාංකීය රසාස්වාදය වෙනම මානයකට අරන් ගියෙ ඔයාල.නමුත් අද වෙද්දි බයිස්කෝප් එකට ඒ තිබ්බ තැන නැතිවෙන මට්ටමක් ඇවිත් තියනව.ඉස්සර ආපු පරක්කුවට ඕන ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් සයිට් එකේ පලවුණත් අද වෙද්දි එක්කෝ ඇවිත් මාසයක් විතර ගිහින් තමා සයිට් එකේ පලවෙන්නෙ නැත්තම් ඇතැම් ඒවට සබ් සයිට් එකේ ඇත්තෙම නෑ.මම මේ ෆිල්ම් එක බාගෙන මාසෙකට වඩා බලන් හිටිය බයිස්කෝප් එකෙන් සබ් දෙයි කියන විශ්වාසෙන්.ඒත් හුඟක් දෙනා එහෙම ඉන්නෙ නෑ.ගුණාත්මකභාවයෙ යම් අඩුපාඩු තිබ්බත් වටේ තියෙන සයිට් ඔක්කොම මේක ආපු ගමන් සබ් දීල ඉවරයි.කට්ටිය බොහෝදුරට ඒ සයිට් වලින් බාගන්නව ෂුවර්.ඒකත් එක්ක බයිස්කෝප් එකට තිබ්බ තැන නැතිවෙනව නිරායාසයෙන්.netflix,amazon prime,HBO වගේ ststreaming services වලින් මෑතකදී ආපු පට්ට ටීවී සීරීස් කීපයක්ම තියනව බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න.ඒත් අනිත් සයිට් වලින් සබ් දීල හුඟක් ඒවට.බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න අලුත් ෆිල්ම් එහෙමත් සෑහෙන්න තියනව.නමුත් ඇයි කියල හිතාගන්න බෑ පරණ ෆිල්ම් ලොට් එකක් ඇදගෙන සබ් දෙන්න පටන් අරන්.පරණ ෆිල්ම් වල රසිකයො අඩුයි.හුඟක් අය බලාපොරොත්තු වෙන්නෙ අලුතින් නිකුත් වෙන දේවල්.පරණ ඒවට සබ් එපා කියල නෙමේ කියන්නෙ.ඒත් අවශ්‍ය දේට දැන් ප්‍රමුඛත්වය ලැබෙනව අඩුයි.බයිස්කෝප් එක ගැන හිතේ තිබ්බ පක්ෂපාතිත්වය එහෙම්මයි.ඒ නිසාමයි මේ ටික කියන්නෙ.කරුණාකරල සයිට් එක ඉස්සර තිබ්බ වගේ කාර්‍යක්ෂම තත්වෙට අරන් එන්න කටයුතු කරන්න කියල ඉල්ලනව.අපි හැමදාමත් බයිස්කෝප් එක එක්ක...ජයවේවා!!!
Shamal manojan
බයිස්කෝප් අඩවියෙහි හින්දි චිත්‍රපට සදහා උපසිරැසි දෙන්න කැමති උපසිරැසි කරුවන්ට මා විවෘත ආරාධනාවක් කිරීමට කැමතියි. මෙතෙක් උපසිරැසි නොදුන් සුපිරි නළුවන් රඟපාන මේ අලුත් චිත්‍රපට කිහිපය සඳහා උපසිරැසි කිරීමට කැමති නම් භාරගන්නා ලෙසට.
01 - ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed Roses - 2017
02 - කපිල් ෂර්මා රඟපාන Firangi - 2017
03 - ගෝවින්දා රඟපාන Aa Gaya Hero - 2017
04 - සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර රඟපාන
Yamla Pagla Deewana: Phir Se - 201805 - සනී ඩියොල් රඟපාන Mohalla Assi - 2018
06 - රිෂි කපූර් මිය යෑමට පෙර අන්තිමට රඟපාපු
Rajma Chawal - 201807 - රිෂි කපූර් මිය යෑමට පෙර අන්තිම රඟපාපු
Jhootha Kahin Ka - 201908 - විවේක් ඔබ් රෝයි රඟපාන PM Narendra Modi -
201909 - ගෝවින්දා රඟපාන Rangeela Raja - 2019
10 - මිතුන් චක්‍රබෝති, නස් රුදින් ෂාහ් රඟපාන
The Tashkent Files - 2019Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks ..........good luck .............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Chathuranga
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි!
ජය වේවා!Yashashsri
Thanks brother, thank you very much for subtitles.
Anonymous
Thanks
Anonymous
Sub ekata Thanks!
Asanka kkgs
ස්තුතිය මචං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අයියෝ ඕක බලලා දැන් මාසයක් විතර වෙනෝ
අලුත් Love Story යක් දෙන්නකෝ