මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, “බෝලා” අහිංස…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, “බෝලා” අහිංසක තරුණයෙකි. ඔහු තම මාමා සමඟ ජීවත් වේ. තම බිරිඳ ජීවතුන් අතර සිටියද විවාහ වීමට ගැහැනු ළමයෙකු සොයමින් සිටින මාමා කෙරෙහි බෝලා කෝපයට පත් වේ. ඔහු තම මාමාගේ නිවස අතහැර තම නැන්දා සමඟ ජීවත් වීමට තීරණය කරයි. එම නිවසේදී ඔහු අසල්වැසි සුන්දර “බින්දු” නම් තරුණිය දකියි, එතැන් සිට ඔහු, ඇයට සිතින් ආදරය කරයි. මෙම නිවෙස් දෙකේම නිවාස උඩුමහල් “බැල්කනි” එකිනෙකට මුහුණලා පිහිටා ඇත. මෙහිදී සිදුවන එක් එක් සිදුවීම් නිසා බින්දු බෝලා සමඟ අමනාපයෙන් පසුවේ. බෝලා මේ ගැන උපදෙස් ලබා ගැනීමට ඔහුගේ හොඳම මිතුරා වන ගායකයෙකු හා නාට්‍ය නළුවෙකු වන විද්‍යපතිව හමුවේ.
ඇගේ දකුණු ඉන්දියානු සංගීත ගුරුවරයා වන මාස්ටර් පිල්ලෙයිගේ ගායනයට බින්දු ඇගේ නිවසේ නර්තනය පුරුදු වෙයි. ඔහුගේ ගායනයට බින්දු ඇලුම් කරන බව වටහාගත් විද්‍යාපති බෝලාටද ගායනා කිරීමට ඉගැන්වීමට උත්සාහ කළද එය අසාර්ථක විය. ඒ නිසා ඔහු බෝලාට ප්‍රයෝගකාරී අදහසක් ඉදිරිපත් කරයි. එනම් විද්‍යාපති සැබෑ ගායනය සිදු කරන අතර බෝලා එය ගායනා කරන ආකාරයට රඟපෑම සිදු කරන ලෙසටයි. මේ අනුව බින්දුගේ සිත් ඇදගැනීමේ සැලැස්ම සාර්ථක වන අතර බින්දු සෙමෙන් බෝලාට ඇලුම් කරයි. අවස්ථා කීපයකට පසුව මේ ප්‍රයෝගය හෙළිවේ. මෙතැන් සිට මහත් ගැටළු ඇතිවේ. ඉතිරි සිදුවීම සඳහා සිනමාපටය නරඹන්න. මෙම සිනමාපටයේ කතාව ඇසුරින් “අල්ලපු ගෙදර” නමින් සිංහල සිනමාපටයක්ද එකළ බිහිවිය. එයද ඉතාමත්ම ජනප්‍රිය විය.
මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ දැනට ඇති සිනමාපට වන්නේ “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්”, “ෂාහෙන්ශා”,”අමර් අක්බාර් ඇන්ටනි”, “දූල් කා පූල්”, “වික්ටෝරියා 203″, ද ට්‍රේන්”, ජුග් ගයා ආස්මාන්” “ද හවුස් මේඩ්” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Padosan 1968 – Dramatic Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිනමයයි, තත්පර හතක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,391 downloadsDownload Padosan-1968.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
29 comments
Supun Kaushalya
Priyantha Dayakeerthi
උපාලි මාරසිංහ සොයුරා, ඇතුළු කීපදෙනෙක්ම මෙම සිනමාපටයට සිංහල සබ් කරන ලෙස මට යෝනා කළා ඒ නිසා මෙට මුලිකත්වය දී සබ් කළා. ස්තුතියි! තවත් යෝජනා තිබේ නම් දක්වන්න.
Upali Marasinghe
Thanks a lot
geeganagamage
බොහොම ස්තුතියි අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…Gayan
#The Rescue 2020 මූවි එකේ සබ් එක දෙන්න ඒක සුපිරි මූවි එකක්.
Udaya saman
නියමයි අයියෙ.දැන් දිගටම දෙනව වගේ......ඔයාගෙ මහන්සියට බොහොම ස්තුතියි
yohan
thank you! den digatama sub demu. jayawewa!
Tharaka
Dn me site eke wadipura thyenne parana film
Aluth tamil,hindi,telugu,english film nahaneh
E madiwata meya kiyanow thwa parana film walata sub karana upsirasikaruwanta ekathu wennalu
Aluth fil release wela dwsin dekin sub deepu site ekakta dn wechcha deyakDeegayu Abeysekera
old is gold
Anonymous
me wage comments adminla delete kra nam hoda nadda?
Kaveen
සිරාවට. මේක තියෙන්නෙ වයසක සීයලට විතරක් බලන්න නෙමේ. දැන් නම් මේකෙ quality එක බැහැගෙන එන්නේ. අලුත් english ඒව මොනවත් නෑ.
කවිඳු ජයවර්ධන
කවුරු මොනවා කීවත් පරණ ෆිල්ම් වල රසය දන්න තරුණ රසිකයන් පිරිසකුත් ඉන්නවා.ඒ හින්දා මම නම් කියන්නේ අලුත් ඒවට සබ් ඕනෙනම් අලුත් ඒවා දෙන කට්ටියගෙන් ඉල්ල ගන්නකො..මෙතන ඇවිත් දගලන් නැතුව..
Shamal Manojan සහෝ කියපු දෙයක් නම් හරියටම හරි - "පරන චිත්‍රපට රසිකයෝ කවදාවත් අලුත් චිත්‍රපට දෙන අයට දොස් නගා comment දාන්නේ නෑ''Kaveen
Comment section එක තියෙන්නෙ හැමෝටම තමන්ට හිතෙන දේ දාන්න. ඒව බලන්න බැරිනම් නොබල ඉන්න. ඔයාට විතරක් කමෙන්ට් දාන්න ඕන නම් ඔයාගෙ සයිට් එකක් හදාගන්න.
Shamal manojan
Tharaka, Kaveen,
පරණ චිත්‍රපට රසිකයෝ කවදාවත් අලුත් චිත්‍රපට දෙන අයට දොස් නඟා comment දාන්නේ නෑ. උඹලා වගේ එවුන් තමයි දොස් කියන්නේ පරණ චිත්‍රපට වලට. මේකේ අලුත් චිත්‍රපට දෙන අය 100 ක් ගත්තොත් එයින් එක් කෙනයි මෙහෙම පරණ චිත්‍රපට දෙන්නේ. අන්න ඒකත් මතක තියා ගත්තොත් හොදයි.අනික් එක ඉස්සර පරණ චිත්‍රපට දීපූ 10 ක් 15 ක් මේ සයිට් එකේ හිටියා. දැන් එක්කෙනා, දෙන්නට අඩුවෙලා. උඹලා හදන්නේ ඉන්න මනුස්සයටත් ඉන්න නොදී බැනලා එලවන්න. අර රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට වල බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේට කියන වචන ටික තමයි උඹලාට කියන්න වෙන්නේ. මී ගොන් ලබ්බෝ කියලා.
ඔය බයිස්කෝප් සයිට් එකේ උඩ තියන සර්ච් බොක්ස් එකේ මේ ඉලක්කම් ටික ගහලා සර්ච් කරලා බලපන් ඉස්සර මේකේ දීපු ෆිල්ම් මොනවද කියලා. 192, 193, 194, 195, 196, 197, 198, 199
අනික අලුත් - පරණ භේදයකින් තොරව සම්භාව්‍ය, ක්‍රියාදාම, හින්දි, හොල්මන්, කොමික්, කාටුන්, IMDB Top, AFI හොදම ඇමෙරිකානු චිත්‍රපට වගේ කලවමට රසවිඳින අපි වගේ රසිකයොත් බයිස්කෝප් අඩවියේ ඉන්නවා.
Tharaka
Ane palayan kaveen buruwe yanna
W T Ajith
ෂාමල් මනොජන්,
ඔබ කියන්න ඕන දෙය හරියටම ඔවුන්ට කියලා. මා දැක තිබෙනවා ඔබ අලුත් සහ පැරණි නිර්මාණය යන දෙකටම පොදුවේ යහපත් අදහස් දක්වන කෙනෙක්. ඔබ වැනි අය සාධාරණ රටකට, සමාජයකට, මේ වෙබ් එකට වාසනාවක්.සාන්ත ලාල්
ඔව් ඒක නම් ඇත්ත අජිත්...මොහු නම් ඇත්තටම රටේ වාසනාවට පහල වුණ කෙනෙක් තමයි.
yohan
parana aluth dewargayema film walata sub demu.shamal kiyapu deya hariyatama hari.oyala parana film dena ekkenata dos nokiya aluth ewa dena ayagen ewa denna kiyala illannako.
Deegayu Abeysekera
thanks
keep itBuddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොෂාන් ශමීර
මං කැමතිම චිත්‍රපටයක්, ඒ වගේම ලස්සන සිංදු ටිකක් තියන කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්.
පරණ හින්දි චිත්‍රපටයක් නම් ඉතිනි ප්‍රියන්ත අයියා තමයි..
ස්තූතියි සිංහල උපසිරසියට..
~ ජය වේවා ~UDARA DAMITH
elaaaaaaaaaaaa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Upali Marasinghe
Thanks a lot
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jana
Thank you very much. Keep it up.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Ajith Siriwardhana
If possible please upload some subtitles for the movies of madhubala
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Padosan (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/Padosan-1968.jpg)
තෑන්ක්ස් සබ් එක