සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! අද උපසිරසියක් ගෙනාවේ හොල්මන් චිත්‍රපටයකට. මේක නිකුත් උනේ 2018 වර්ෂයේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Netflix ආයතනයෙන්. මේක මිනිත්තු 90 පුරා දිවෙන චිත්‍රපටයක්. Florence Pugh, Ben Lloyd-Hughes, Scott Chambers, Georgina Bevan, යන නළු නිළියන් ප්‍රධාන චරිත වලට…

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! අද උපසිරසියක් ගෙනාවේ හොල්මන් චිත්‍රපටයකට. මේක නිකුත් උනේ 2018 වර්ෂයේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Netflix ආයතනයෙන්. මේක මිනිත්තු 90 පුරා දිවෙන චිත්‍රපටයක්. Florence Pugh, Ben Lloyd-Hughes, Scott Chambers, Georgina Bevan, යන නළු නිළියන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Olaf de Fleur Johannesson කියන පුද්ගලයා.
ෆිල්ම් එක ගැන කිව්වොත් ජැක්සන් හා ඇන්ජලා කියන්නේ අයියයි නංගීයි. මේ දෙන්නයි ජැක්සන්ගේ පෙම්වතියයි තව යාළුවෙක් එක්ක එකතුවෙලා හොල්මන් එලවන එක තමයි කරන්නේ. මේකට ඔවුන් උපකරණ ලෑස්ති කරලා තමන්ට හොල්මන් එලවන්න කියලා කතා කරන මිනිස්සුන්ව රවට්ටලා ඔවුන්ගෙන් සල්ලි ගන්න එක තමයි ඔවුන් කරන්නේ. මොවුන් ඒකට ටිකක් විතර ප්‍රසිද්ධයි මොකද ඇන්ජලාගේ අම්මට හොල්මන් එක්ක සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් කියන හැකියාව දුවටත් තියනවා කියන එක මිනිස්සු විශ්වාස කරන නිසා. ඒත් පස්සේ පස්සේ ඇන්ජලාටත් හොල්මන් පෙන්න ගන්නවා. ඉතින් ඇය මේ නිසා මේක කරන්න අකමැති වෙනවා. ඒත් ජැක්සන්ට ඕන සල්ලි හොයන්න ඔහු මේක නතර කරන්න කැමති වෙන්නේ නෑ.
ඉතින් මෙයාලා වැඩක් බාරගන්නවා එක්තරා වයසක ගෑනුකෙනෙක් ඉන්න ගෙදරක හොලමන් එලවන්න. ඔවුන් දැනගන්නවා මේ ගෙදර පොඩි ගෑනු ලමයි 3 න් දෙනෙක් මරලා දාලා තියනවා කියලා. ඉතින් මෙයාලා යන්නේ ඒ ගෑනු ළමයින්ව එහෙන් ඉවත් කරා කියලා බොරුවක් කරලා ඒ ගෑනු කෙනාගෙන් සල්ලි ගන්න. ඒත් එහෙට ගියාට පස්සේ ඇන්ජෙලාට ඇත්තටම මේ ගෑනු ළමයින්ව පේන්න ගන්නවා. ඇය දකිනවා මේ ගෑනු ළමයින්ගේ කටවල් මහලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඇති නේ. කතාවම කිව්වොත් වැඩක් නෑනේ. ඉතින් ඇන්ජෙලාට මේ ගැහැනු ළමයින්ට උදව් කරන්න පුළුවන් වෙයිද? කවුද එයාළට මෙහෙම කලේ? චිත්‍රපටය බලලා දැන ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්!!!! පහළින් අදහසකුත් කොටාගෙනම යන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,385 downloadsDownload Malevolent.2018.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
15 comments
Kantha_DLA
nishannw
උපසිරසියට ස්තූතියි ජය වේවා
Amalka Himeshan
Thanks sub ekata
gihan perera
ස්තුතියි සහෝ....දැන් නම් හොල්මන් ෆිල්ම් බලලා ඇති වගේ බං..මේ දවස් ටිකේම හොල්මන් ෆිල්ම් බැලුවේ...හොඳ සුපිරි ෆිලුමක් දියන්කො...ජය වෙිවා මචෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...
Panther
Thanz saho
Udara Damith Dissanayaka
මෙන්න තවත් හොල්මක් එකක්
Kulanjana Maduranga
subata thanks...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
THANKS................
tharindu1998
superb
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිඳු සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
MAALnath
Thanks ..............good luck ...........the exorcist season 02,colony season 03 valatath sinhala sub denna ..........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!