මාස ගානකට පස්සේ තමයි චිත්‍රපටයක් සදහා උපසිරැසි අරන් ආවේ. ඒකත් මේ වසරේ නිකුත්වුන ගුණාත්මක මට්ටමේ කොමඩියක්. The Spy Who Dumped Me (2018) කියන්නේ 2018 අගෝස්තු 3’වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරු චිත්‍රපටයක්. ක්ෂේත්‍රයට තරමක් අලුත් කෙනෙක්ගේ අතින් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙලා තියෙන්නේ. හැබ…

මාස ගානකට පස්සේ තමයි චිත්‍රපටයක් සදහා උපසිරැසි අරන් ආවේ. ඒකත් මේ වසරේ නිකුත්වුන ගුණාත්මක මට්ටමේ කොමඩියක්. The Spy Who Dumped Me (2018) කියන්නේ 2018 අගෝස්තු 3’වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරු චිත්‍රපටයක්. ක්ෂේත්‍රයට තරමක් අලුත් කෙනෙක්ගේ අතින් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙලා තියෙන්නේ. හැබැයි Chasing Life කතාමාලාව නරඹලා තියෙනවනම් Susanna Fogel ඔය නම නුහුරු වෙන්න විදිහක් නැහැ. කාන්තා අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක කටයුතු සිදුකල Susanna Fogel වගේම සුප්‍රසිද්ධ නවකතා රචකයෙකු වූ David Iserson මේ දෙදෙනාගේ සහයෝගයෙනුයි. චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු සිදුවෙලා තියෙන්නේ Lionsgate නම් සුප්‍රසිද්ධ සමාගම විසින්. Friends with Benefits (2011), Jupiter Ascending (2015), Bad Moms (2016) වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ Mila Kunis තමයි මෙහි “ඕඩ්‍රේ ස්ටොක්ස්මන්” කියන චරිතයට පණ පොවන්නේ. ඊළගට ඕඩ්‍රේගේ හොදම යාලුවා වෙච්ච “මෝගන්” කියන චරිතයෙන් දායක වෙන්නේ Sisters (2015), Rough Night (2017) කොමඩි චිත්‍රපට වලම රගපෑ Kate McKinnon නම් නිළියයි. එතකොට ඩ්‍රිව් කියන චරිතයට රංගනයෙන් දායක වන Justin Theroux වගේම සෙබස්තියන් නම් චරිතයට දායක වන Sam Heughan කියන්නෙත් තවත් ජනප්‍රිය චිත්‍රපටවල වගේම කතාමාලාවල රංගනයෙන් දායක වෙලා තියෙනවා. Action, Adventure, Comedy කියන කැටගරි නියෝජය කරන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් විනාඩි පනස් හතකුත් විදිහර සටහන් වෙනවා. මේ වෙද්දී IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් වගේම Rotten Tomatoes දර්ශකයේ 50% ක අගයක් වගේම 70% ක ප්‍රේක්ෂක කැමැත්තක් පවා ලබාගෙන තියෙනවා. මීට අමතරව,
Golden Trailer Awards 2018 සම්මාන උළලෙහි,
- Best Graphics in a TV Spot අතරින් ජයග්‍රහය ලබාගත් අතර,
- එම සම්මාන උලලේම Best Motion/Title Graphics කැටගරිය යටතේද මේ චිත්‍රපටය නිර්දේහ නාම යෝජනා අතරට එක්කාසු වෙලා තියෙනවා.
People’s Choice Award 2018 සම්මාන උළලෙහි,
- වැඩිම කැමැත්තක් ලැබූ හාස්‍ය චිත්‍රපටය සදහා සම්මානයට වගේම,
- වසරේ හොදම හාස්‍ය චිත්‍රපට නළුවා/නිළිය සදහා සම්මානයට Mila Kunis නිර්දේශ නාම යෝජනා අතරට එකතු වී තියෙනවා.
තමන්ගේ ජීවීතේ පරදුවට තියලා හරි මිනිස් ජීවීත බේරගන්න එක තමයි හුගක් රහස් නියෝජිතයින්ගේ පරමාර්ථය වෙන්නේ. හැබැයි හැමෝම එහෙම නොවෙන්න පුලුවන් මොකද මේ වෙද්දී නීතියෙ පුංචිම තැන ඉදන් ඉහලම තැන දක්වාම දුෂිත වෙලා ජරාවට පත්වෙලා තියෙන නිසා. ඔත්තුකරුවන් විදිහට සේවය කරපු කිංග්ස්මන් චිත්‍රපට එහෙමත් ඔයාලා නරඹලා ඇති. ඒ චිත්‍රපට වලම ඔයාලා දැකලා ඇති කී දෙනෙක් නම් දූෂිත පැත්තට නැඹුරු උනාද කියලා. ඩ්‍රිව් තේයර් කියන්නේ ඔත්තුකරුවෙක් විදිහට CIA එකේ රහස් ඔත්තුකරුවෙක් විදිහට කටයුතු කරලා පසු කාලීනව දූෂිත පැත්තට නැඹුරු වුන කෙනෙක්. මේ නිසාම ඩ්‍රිව්ව මරන්න මිනිස්සු එයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. මේ කාලෙදිම තමයි ඩ්‍රිව් තමන්ගේ පෙම්වතිය වෙච්ච ඕඩ්‍රේ එක්ක තිබ්බ සම්බන්ධෙ පවා නවත්තලා දානවා. මේ දෙන්නගේ වෙන්වීම නිසාම ඕඩ්‍රේ තමන්ගේ උපන්දිනය දවසේ පවා හුගාක් දුකින් ගත කරන්නේ. ඕඩ්‍රේගේ හොදම යාලුවා මෝගන් පුංචිම පුංචි උපන්දින සාදයක් බාර් එකේ තිබ්බත් ඕඩ්‍රේට ඒ කිසිම දේකින් සතුටු වෙන්න පුලුවන්කමක් තිබුනේ නැහැ කලින් සිද්දිය නිසාම.මේ අතරේ ඔය බාර් එකට එන සමහර අය ඕඩ්‍රේට විහිළු කරනවා ඩ්‍රිව් ගැන අහලා. මේ වෙද්දී ඕඩ්‍රේගේ හිතවත්තු පවා මේ දෙන්නගේ වෙන්වීම දන්න නිසා ඕඩ්‍රේට කට්ටිය නිදහසේ ඉන්න දෙන්නම නැති තරම්. මේ නිසාම මෝගන් ඕඩ්‍රේගේ ෆෝන් එක අරන් ඩ්‍රිව්ට මැසේජ් කරලා කියනවා ඕඩ්‍රේගේ ගෙදර තියෙන ඩ්‍රිව්ගේ බඩුමුට්ටු වලට ගිනි තියලා දානවා කියලා. මේ විත්තිය දැනගත්තම තමයි ඩ්‍රිව් ආපහු ගෙදර එන්න තීරණේ කරන්නේ.
මේ අතරෙතුරේ ඕඩ්‍රේව CIA එකේ නියෝජිතයෝ දෙන්නෙක්ට අහුවෙලා ප්‍රශ්න කිරිල්ලකට පවා ලක් වෙනවා. මෙතනදී තමයි ඕඩ්‍රේ තමන්ගේ කලින් පෙම්වතා වෙච්චි ඩ්‍රිව් ගැන හැමදේම දැනගන්නේ. මේ වෙච්ච දේවල් කියන්න මෝගන්ව හොයාගෙන මේ අය නැවතිලා ඉන්න තැනට යද්දී එතනට ඩ්‍රිව් එනවා එයාගේ ඉතිරිවෙලා තියෙන බඩුමුට්ටු ටික අරන් යන්න. කලින් අර දෙන්නා ඩ්‍රිව්ගේ බඩුමුට්ටු පුච්චලා දාපු නිසා මේ වෙද්දී ඉතිරිවෙලා තියෙන්නේ සූට්කේස් එකයි ෆුට්බෝල් තරගයකින් දිනපු කුසලානයකුයි විතරයි. ඕඩ්‍රේව වෙච්ච හැමදේම ඩ්‍රිව්ට කියලා මේ දෙන්න මේ ප්‍රශ්න බේරුමක් කරගන්න හදද්දී තමයි මේ අයගේ නවාතැනට පහර දීමක් සිද්දවෙන්නේ. මෙතනදී තවත් කෙනෙක්ගේ අතින් වෙඩි වදින ඩ්‍රිව් නම් එතනදී මැරිලා යනවා. මැරෙන්න කලින් ඩ්‍රිව් ඕඩ්‍රේගෙන් පොරොන්දුවක් අරගන්නවා මේ වෙද්දී අහිංසක මිනිස්සු ගණනාවකම පරදුවට තියලා තියෙන වෙලාවක් වගේම ඩ්‍රිව් ලග තියෙන කුසලානේ එක්තරා තැනකට ගිහින් බාරදෙන්න කියලා. ඒ වචන කිහිපයත් එක්ක ඩ්‍රිව් මැරිලා යනවා. මම මේ කිව්වේ චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපය විතරයි.ඩ්‍රිව් කියපු මේ ලෝක තර්ජනේ මොකක්ද, එතකොට ඩ්‍රිව් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්ද එහෙම නැත්තම් බොරුකාරයෙක්ද කියලා සම්පුර්ණ පැයයි විනාඩි හතලිස් පහයි බලලා ඔයාලම තීරණය කරගන්න.
ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,136 downloadsDownload The-Spy-Who-Dumped-Me-2018-Blu-Ray.zip214 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
65 comments
gihan perera
malitha_sahan
Thanks bro
Panther
Thanz saho
sasala
bohoma thanks sub denawata.
Udara Damith Dissanayaka
නැවත මුණ ගැහෙමු
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ............
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
AyeshDushmantha
Thanks brooo
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Nilush Angana
Subb ekata thanx
TharakaWAS
ela..ela...subata Thanks...
Jaya wewa...!!!chandika1975
thank you for the subtitles and keep it going forward
jagath55
Thanks
namika
thank you!
subodha
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකක් එනකම් තමා බලන් හිටියේ. අප්ඩේට් එකටත් ස්තූති..බුදුසරණයි...!
nalin.kumara0510
Thanks bro good luck.
priyan99
thanks bro sub ekata
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
nihalpujitha
super sub
Dewadithya
Thanks for Sub!
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි මචන්
ජයවේවා !!Kasun A.
උපසිරැසියට තුති චාමර සහෝ,ජය!
nimeshchathuranga
thnx
vas0303
Thank you
s.s.m
tz sub ekata...
Milind@
Thanks saho
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Nandana_kumara
Tu චාමර
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
ජයෙන් ජය.Ishan007
Thanx sahoo
AsithaDilruwan
Ela saho thanks
Ravindu Rukshan
Thx
Sherlock holmes
Thanks බ්‍රෝ..කාලෙකින් කොමඩියයක් බැලුවෙ නෑ ආපු හුඟක් ඒව සෙට් උනෙත් නෑ :-)
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!
Janithsapugoda
Thanks sub ekata jaya wewa
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Pramukmili
thanxxx bro...........
Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
Cpkumara
තෑන්ක්ස් සහෝඔ .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka_priyadrshana
Thank U very much...............
McMillanStyles
ස්තුතියි
Hemal Siriwardhana
Tnx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Arrow
thank you
suranuwan
thanks bro...
gayanmagee
thanks
Mevandhanushka
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Spy Who Dumped Me (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දේශය ආරක්ෂා කල ඔත්තුකරුවන්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/The-Spy-Who-Dumped-Me-2018-1.1.jpg)
ස්තුතියි සහෝ....මේක නම් සුපිරි පාටයි....ස්තුතියි ස්තුතියි ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා.....