“සමහර වෙලාවට පොත් පිටු අතර අපි සොයනා පිළිතුරු සොයාගැනීමට නොහැක” මෙහෙම කියන්නේ මම නෙවෙයි. ලක්ෂ්මිනාරායනා මල්ගුඩි. මේ කතාවේ කතානායකයා. ඔහු වෘත්තියෙන් පොත් රචකයෙක්. මුලු ඉන්දියාව පුරාම ඔහු ප්‍රසිද්ධ ලේඛකයෙක්. ගොඩක් අය ඔහුට ආදරය කරනවා. ලක්ෂ්මිනාරායනා මහත්මයා පොත් ලිව්වට එයාගෙ අතීතේ ගොඩක් ලස්සන මෙන්ම ද…

“සමහර වෙලාවට පොත් පිටු අතර අපි සොයනා පිළිතුරු සොයාගැනීමට නොහැක”
මෙහෙම කියන්නේ මම නෙවෙයි. ලක්ෂ්මිනාරායනා මල්ගුඩි. මේ කතාවේ කතානායකයා. ඔහු වෘත්තියෙන් පොත් රචකයෙක්. මුලු ඉන්දියාව පුරාම ඔහු ප්‍රසිද්ධ ලේඛකයෙක්. ගොඩක් අය ඔහුට ආදරය කරනවා. ලක්ෂ්මිනාරායනා මහත්මයා පොත් ලිව්වට එයාගෙ අතීතේ ගොඩක් ලස්සන මෙන්ම දුක් සහගත එකක්. “පලමු ආදරේ තමයි ලස්සනම ආදරේ” මෙහෙම දෙයක් ඔයාලටත් හිතෙයි කතාව බලලා ඉවර වුනාට පස්සේ. ලක්ෂ්මී ඉපදුනේ හැදුනේ වැඩුනේ ඉස්කෝලේ ගියේ මල්ගුඩි කියන ගමේ. අවුරුද්දේ මාස 9ක්ම වැසි ඇදහැලෙන ඉතාමත් ලස්සන පරිසරයක් තියෙන ගමක්. ලක්ෂ්මිගෙ පන්තියට එනවා අලුත් ගෑණු ලමයෙක්. ලිනේටා. ක්‍රිස්තියානි කෙල්ලෙක්. ලිනේටා අනෙක් අය එක්ක කතා කරන්නෙ නෑ. හේතුව ඔයාලම බලන්න. ලක්ෂ්මි ලිනේටා එක්ක මිතුරු වෙනවා. ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් මේ ආදරේට කොහෙන්දෝ නපුරු බලවේගයක් ඇවිත් දෙන්නව වෙන් කරනවා. ලක්ෂ්මි ගම දාලා නගරෙට එනවා. එයාට ගමේ හැමදේම අමතක වෙනවා. මේ විදියට ලස්සනම ලස්සන කතාවක් බොහොම පරිස්සමට ගලාගෙන යනවා. මීට වඩා ඉතින් කතාව එලි කරන්න බෑ.
මේ චිත්‍රපටියට ගොඩක් අයගෙන් ඉතාමත්ම ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ තරටම ලස්සන විදියට ගලාගෙන යනවා. කතාවෙන් ගන්න නම් ආදර්ශ ගොඩයි. ඒවා කියලා තේරුමක් නෑ බලලම ඉන්න. IMDB 6.9ක අගයකුත් ලැබිලා තියෙනවා. ගොඩක් අය කන්නඩා සිනමාවට දැන් කැමති නිසා මේක ගැලපෙනම එකක් වෙයි. මේ මගෙ දෙවෙනි කන්නඩ උපසිරැසිය. මීට කලින් ගෙනාවේ Avane Srimannarayana(2019) සුපිරි කන්නඩ චිත්‍රපටිය. ලක්ෂ්මි හෙවත් ලක්ෂ්මිනාරායනා විදියට කන්නඩ සිනමාවේ ජනප්‍රිය නලුවෙක් වෙන Vijay Raghavendra ත් ප්‍රධාන නිලිය ප්‍රකෘති විදියට නවක නිලි Greeshma Sridhar ත් තවත් බොහෝ නලු නිලියන් රැසක්ම කතාවට දායක වෙලා තියෙනවා. ඇත්තටම ලස්සන කතාවක් කියලා කිසිම බයක් නැතිව කියනවා. බොරු කාලය වැය කිරීම් නෑ. ලස්සන සිංදු ටිකකුත් ගලාගෙන යනවා. අවසානෙට ඇස් වලට කඳුලක් උනන්න තරම් සිදූවීම් කීපයක් වෙනවා. පළමු ආදරේ තමයි ලස්සනම ආදරේ කියලා හිතෙයි. තවත් නිර්මාණයක් එක්ක හම්බවෙමු.
ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ බයිස්කෝප් එකෙන් දෙන චිත්‍රපටියක් බලලා තමනුත් ආරක්ෂා වෙලා අනෙක් අයත් ආරක්ෂා කරගන්න.රජයේ උපදෙස් පිලිපැදලා සහය දෙන්න. බයිස්කෝප් අපි නිතරම ඔයාලා වෙනුවෙන් නොමිලේ උපසිරැසි ගේනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.
2,242 downloadsDownload Malgudi.Days_.2020.Baiscopelk.com_.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
8 comments
Helili Hemamali
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාSaranga J. Liyanagama
Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා රංගේ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් රංගෙ.