මේ… ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ? ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වලට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්‍රින්සිපල්ගෙන් ගුටි කාපුවා?…

මේ…
ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ?
ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව?
එයා එනකන් මග බලාගෙන හිටපු හැටි?
එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වලට අහු උණු හැටි?
ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි?
එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි.
ප්‍රින්සිපල්ගෙන් ගුටි කාපුවා?
එයා දැනගත්තද ඔයා ගැන? ඔයාට ආදරේ කියන්න වෙලාවක් ලැබුනද?
එහෙම නැත්නම් මොකෝ උනේ?
අහ්හ්, අහන්නම බැරි උනා…
ඒ කාලේ ගෙදරට හොරෙන් එයාට කෝල් කරන්න ට්‍රයි කලේ නැද්ද?
ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට හරි?
මතක් උනාද ඒ සුන්දර අතීතේ? තව කොච්චර දේවල් නම් වෙන්න ඇත්ද නේද?
එහෙනම් ඒවා ආයේ මතක් කරගමුද? ආයේ ඒ අතීතෙට යමු ද?
නිකන්ම නෙමේ, සොදුරු මලයාලම් සුන්දරත්වය එක්කම.
එතකොට ඒ ආදරේට මොකද උනේ? දිනුවද? පැරදුනාද?
ප්‍රකාශ කරන්න පුළුවන් උනා ද? ඊට පස්සේ මොකද උනේ?
ඔයා ප්‍රේමම් බැලුවද? 96 බැලුවද?
අන්න ඒ වගේ සුන්දර පාසල් ආදර කතාවක් අරගෙන තමා අද මම ආවේ.
සාමාන්‍යයෙන් කොල්ලෙක් ලං වෙන්නේ අම්මට. කෙල්ලෙක් තාත්තට.
ඒ තාත්තා තමන්ගේ දුවට නිදහස දෙනවා නම්, ඒ කෙල්ලට ඕනේ දෙයක් කරන්න?
වර්ෂා කියන්නේ අන්න ඒ වගේ කෙල්ලෙක්.
එතකොට නිතින්…
නිතින් අම්මට ලං උනාට එයාගේ තාත්තට ඕනේ නිතින් ඉංජිනේරුවෙක් වෙනවා දකින්න.
එතකොට නිතින් ට?
එයාට ඕනේ ච්ත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න.
නිතින්ගේ තාත්තට ඕනේ නිසාම නිතින්ව දානවා වෙන ස්කෝලෙකට.
ඔව් ඔව්. වර්ෂා ඉන්න ස්කෝලෙට.
ඔතනින් තමා කතන්දරේ පටන් ගන්නේ.
සොදුරු මලයාලම් සිනමාවේ නළුවෝ නිලියේ හඳුන්වලා දෙන්න ඕනේ නෑනේ.
අව්‍යාජ ගැමි සුන්දරත්වය අඩුවක් නැතිවම රුප රාමු වලට අරගෙන තියෙනවා.
ඒ වගේම තමා, හොද ලස්සන සින්දු ටිකකුත් මේකේ යනවා.
අර නිදහසේ අහන්න පුළුවන් ජාතියේ ඒවා.
ඒ සේරමත් එක්කම තවත් එක් සොදුරු මලයාලම් සිනමා අත්දැකීමක් විදගන්න ඔයාටත් ආරාධනා එහෙනම්!
“මේ ලෝකේ, ආදරේ ප්‍රකාශ කරපු අය එක්ක බලද්දී,
නොකියා ආදරේ කරන අය තමයි, වැඩිපුරම ඉන්නේ! “
“මගේ සිහින සේරම වර්ණවත් වෙලා”
“සීමා නැති ආදරේකට, අපි පැටලිලා”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
4,557 downloadsDownload Ormayil-Oru-Shishiram-2019.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
12 comments
thilina
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
පරණ උඋපසිරැසිකරුවෙක් කාලෙකින්.! අලුත් උපසිරැසියක් එක්කලා.! Dasan is back.!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kavinu
දසන් අයියා කාලෙකින්....
බොහොම ස්තූතියි උපසිරැසියට! දිගටම මලයාලමටම බහින්න වගේ...
ජය වේවා!!!isuru srinath sjs
කාලෙකින් දැක්කෙ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Jalitha
බොහොම ස්තූතීයි උපසිරසට.
ජය වේවා !!!
❤️❤️❤️gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahoo
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanxxx