Watch Trailer

Mamma Mia! Here We Go Again (2018) Sinhala Subtitles | නර්තන රැජින ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී…

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී නිකුත්වෙච්ච ඒ චිත්‍රපටියටම prequel එකක් විදිහට 2018 දී Mamma mia here we go again නිකුත්වෙනවා.

චිත්‍රපටිය ගැන කියනවා නම් පැයකුත් විනාඩි පනස් හතරක් දිවෙන මේ චිත්‍රපටිය musical/ comedy/ romance කියන categories වලට අයිති වෙන චිත්‍රපටියක්. IMDb දර්කශකයේ 6.7 ක අගයක් ගන්න මේ චිත්‍රපටිය rotten tomatoes අඩවියේ 79% ක අගයක් ගන්නව. චරිත නිරුපන ගැන කතා කරොත් පලවෙනි චිත්‍රපටියේ හිටපු චරිත ඒ විදිහටම මේකෙත් රගපානව, ඊට අමතරව Lily James තරුණ ඩෝනා විදිහටත්, Jessica Keenan Wynn තරුණ ටන්‍යා විදිහටත්, Alexa Davies තරුණ රෝසි විදිහටත්, රගපානකොට Josh Dylan තරුණ බිල් විදිහටත්, Jeremy Irvine තරුණ සෑම් විදිහටත්, Hugh Skinner තරුණ හැරී විදිහටත් රගපානව. මීට අමතරව ඇමරිකාවේ goddess of pop විදිහට විරුධාවලිය ලබපු Cher සොෆීගේ අත්තම්ම විදිහට රංගනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 75 කැ බජට් එකකින් කරපු මේ සිනමා නිර්මාණය ඩොලර් මිලියන 385ක් උපයන්නත් සමත් වෙනවා.

I have a dream ගැන අහපු නැති කෙනෙක් නැතුව ඇති නේ මොකද ඔය සින්දුව 9 ඉංග්‍රීසි අච්චුපොතෙත් තිබ්බ මට මතක හැටියට. ඒ සින්දුව කියන්නේ ලෝක ප්‍රසිද්ද වුන ස්වීඩන් රොක් ඇන්ඩ් රෝල් සංගීත කණ්ඩායමක්. චිත්‍රපටියට ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඒ අයගේ හිට් වුන සින්දු. කතාවට ගැලපෙන සින්දු හොයන්න ඕන නිසා Ol Parker (director) තුයි Richard Curtis (writer) තුයි එයාලගේ කැමතිම ABBA සින්දු දිහා බලාගෙන ඒවා කතාවේ කොතැනට දානවද කියල හිත හිතා කැරවෑන් එකක දවස් තුනක් තනියම ඉදලා තියනවා.  තව රසවත් සිද්දියක් තියනවා CHER ගෙන් කවදාවත් අහල නෑ චිත්‍රපටියේ රගපාන්න පුලුවන්ද කියල. චිත්‍රපටිය බෙදාහරින universal pictures සමාගමේ ප්‍රධානියා තමයි cher ගේ පරණ මැනේජර් වෙලා ඉදල තියෙන්නේ. එයා කෝල් ඒක දීල කියල තියනවා මෙහෙම කොටසකට රගපාන්න තියන එන්න කියල, ඊට පස්සේ cher උත්තරයක් දෙන්නත් කලින් ෆෝන් ඒක තියල. චිත්‍රපටියේ අපි අහන හැම සින්දුවක්ම රගපාන නළු නිලියෝ විසින්ම තමයි ගායනා කරලා තියෙන්නෙත්.

චිත්‍රපටියේ තියන කතාව දෙවිදියකට යනවා එකකොටසක් ඩෝනා කැලකාරි දුපත එන හැටියි එයාට සොෆීගේ තාත්තල තුන්දෙනා මුණගැහුන හැටි පෙන්නනකොට අනිත් කොටසේ තරුණ සොෆී එයාගේ අම්ම මුහුණදුන්න අරබුදයක් වගේ සමාන දේකට මුහුණදෙන හැටි පෙන්නවා (වැඩිය කියන්න බෑ ස්පොයිල් වෙනවා නේ) කලින් චිත්‍රපටිය බලල එකේ මතුවුණා ප්‍රශ්න වලට මේ චිත්‍රපටියෙන් උත්තර හම්බවේවි. ඒ වගේම ABBA රසිකයින්ට සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ දෙන්නෙක් කැමියෝ දර්ශන විදිහට බලාගන්න පුළුවන් වෙයි. මුල්ම දර්ශනය විදිහට Björn Ulvaeus පෙනී සිටිනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයෙක් විදිහට when i kissed the teacher සින්දුවෙදී. දෙවැනි කැමියො එක විදිහට Benny Andersson එනව waterloo සින්දුවේ පියානෝ වාදකයෙක් ව්දිහට.

උපසිරැසිය ගැන පොඩි දෙයක් කියන්න ඕන, ඉංග්‍රීසි සින්දු පරිවර්තනය කරද්දී හරියටම ගැලපෙන අදහස දාන්න බැරි තැන් තිබුන මොකද සින්දු නිසා. ඒවාගේ තැන වලට ගැලපෙන සිංහල වචන දාල තමයි කරලා ඇත්තේ මොකද ඒ තියන ඉංග්‍රීසි වචනේ දැන්ම නම් හරි තේරුමක් ගන්න අමාරු නිසා. එකෙන් මොනවහරි හානියක් වෙලා තියනව නම් සමාව ඉල්ලනව. හැමෝටම ආරාධනා කරනවා කතාව බලන්න කියල. ආපහු උපසිරසියකින් හමුවෙනකන් සමුගමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,373 downloadsDownload Mamma-Mia-Here-We-Go-Again-2018.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

2,373 downloadsDownload Subtitles68 KB

12 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ගොඩක් කාලයක් සබ් එකනම් බලන් හිටපු එකක්...

  2. malithmadhushan45

    චාමික අයියේ බොහොම ස්තුතියි සබ් එක එනකන් හිටියේ බලන්න. ඩවුන්ලෝඩ් කරල තිබ්බේ.

  3. raviz

    Thanks for your hard work...!

  4. MAALNATH

    Thanks .........good luck ................

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. indika75

    thanks..

  7. Kavinu

    බොහොම ස්තූතියි!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Pramukmili

    Thanxx bro........

  12. ThariduSagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!