ගේබ්‍රියල් ඩ්‍රමර් කියන්නේ එක්සත් ජනපද මැරීන් සෙබලෙක්. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට ගොස් නැවත ගෙදර එන්නේ තමන්ගේ ආදරණීය පුතාවයි තමන්ගේ බිරිදවයි දැකීමේ ආසාවෙන්. නමුත් තම රටට පැමිණි පසු ඔහුට දකින්නට ලැබෙන්නේ කුමක්ද? මුලු රටටම මහා විනාශයක් වී ඇති බව. ඉතින් අපේ කතා නායකයා වන ගේබ්‍රියල් ඩ්‍රමර් තමන්ගේ රටට සිද්ධ…

ගේබ්‍රියල් ඩ්‍රමර් කියන්නේ එක්සත් ජනපද මැරීන් සෙබලෙක්. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට ගොස් නැවත ගෙදර එන්නේ තමන්ගේ ආදරණීය පුතාවයි තමන්ගේ බිරිදවයි දැකීමේ ආසාවෙන්. නමුත් තම රටට පැමිණි පසු ඔහුට දකින්නට ලැබෙන්නේ කුමක්ද? මුලු රටටම මහා විනාශයක් වී ඇති බව. ඉතින් අපේ කතා නායකයා වන ගේබ්‍රියල් ඩ්‍රමර් තමන්ගේ රටට සිද්ධ උනේ මොකද්ද කියලා සොයා ගන්න වෙහෙසෙන ගමන් තමන්ගේ ආදරණිය පුතා සහ බිරිදව සොයන්න පටන් ගන්නවා. තනියම නෙවෙයි ඔහුගේ හොදම මිතුරා වන එක්සත් ජනපද මැරීන් ඩෙවින් රොබර්ට්ස් සමග.ඔය ගමන අතර මගදි රටට උන විනාශයෙන් දිවි ගලවා ගත්ත මනුස්සයෙක් මොවුන් දෙපලට මුණ ගැහෙනවා. විශේෂත්වය වන්නේ ඔහු අතේ තිබිලා තමන්ගේ පුතාට සම්බන්ධ දෙයක් ඩ්‍රමර්ට හම්බ වීම. ඔය අතර ඩ්‍රමර්ගේ ජීවිතේ සමීපතයන් දෙදෙනෙකු මොහුට ද්‍රෝහි කමක් කරනවා. ඉතින් ඒ දේ තමයි කතාවට දැඩි බලපෑමක් කරන්නේ.ඉතින් කතාව යන අතරමග අපිට පෙන්නවනවා හමුදාවේ පුද්ගලයෙක් විසින් ඩ්‍රමර්ව ප්‍රශ්න කරන ආකාරය. ඉතින් ඩ්‍රමර් ඔහුට ලබා දෙන පිළිතුරු ආශ්‍රයෙන් තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. ඔහු හමුදාවේ ලබපු ඉතා සංකීර්ණ හමුදා පුහුණුව, ඔහු සහභාගී වූ සටන්, සහ එක්තරා සුවිශේෂී සටනකින් පසු ඔහුව නැවත ගෙදර හරවා එවීම. සහ තවත් කරුණු. නමුත් මා ඔබට යොමු කරන ප්‍රශ්නය නම් ඇත්තෙන්ම හමුදාවෙන් නැවත නිවස බලා පිටත් කරන්නේ සත්‍යයෙන්ම යුද්ධය සදහා පිටව ගිය ගේබ්‍රියල් ඩ්‍රමර් මැරීන් සෙබලාමද? එයට පිළිතුරු මෙම චිත්‍රපටය නරබන විට ඔබට ලැබේවි. ඉතින් නැවතත් කලින් කාරණයට එනවනම් මන් කිව්වා වගේ ඔහුගෙන් හමුදා සෙබලෙක් රාජකාරීමය වශයෙන් ප්‍රශ්න කරනවා. ඔහුගේ පවුල් පසුබිම, ඔහුගේ සටන්,ඔහුගේ ලිපිනය පවා මොහු ඩ්‍රමර්ගෙන් අහනවා නමුත් විශේෂයෙන්ම මෙම හමුදා සෙබලා ඩ්‍රමර්ගෙන් අහන ප්‍රශ්නයකට ඔහු නැවත නැවතත් ලබාදෙන විශේෂිත උත්තර තුනක් තිබෙනවා. ඔහු ලබා දෙන මෙම පිළිතුරු තුන ප්‍රෙක්ෂකයට පේනවට වඩා ගැඹුරු තේරුමක් ඇති බව චිත්‍රපටය අවසානයේදි තේරුම් යනවා නිසැකයි.
-එතන කිසිම හැගීමක් නෑ, සර්. ඒවා ඇත්ත.
-අර කාමරේදි උන දේවල් ඇත්ත.
( ඇත්තෙන්ම මෙය ඩ්‍රමර් කියන ආකාරයටමද සිදු වුණේ? එසේත් නැති නම් ඔහුගේ පළිගන්නා සිතද මෙහිදී ක්‍රියාත්මක වූයේ? එය එසේ පලිගන්නා අදහසක්නම් එයද ඔහුව මේ තත්වයට පත් කරේ නැතිනම් අපට පෙන්වන සිදුවීමමද සිදු උනේ?)
-මගේ බිරිදත් එක්ක උන දේවල් ඇත්ත.
අවසන් විනාඩි දහයේ පමණ සම්පූර්ණ කතාවම උඩු යටිකුරු වන අවසානයක් ඔබට ලැබේවි.තමන්ගේ පුතාට අසීමිතව ආදරය කරන මොහු වැනි මෙවන් තත්වයන්ට සැබෑ ලෙසම පත්වන සෙබලුන් සත්‍ය ලෙසම අප ලෝකයේ ජීවත් වේ.
imdb 5. 8 (මීට වඩා මෙයට ලැබිය යුතුව තිබුණා) ලබාගෙන තිබෙන මෙම සලරුවේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Shia LaBeouf විසින්. මොහුවනම් නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ. Transformers චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය “සෑම්” ඕනිම කෙනෙක් දන්නවනේ. ඉතින් මොහුගේ සුපිරි රංගනය ඔයාලට මෙයින් බලා ගන්න පුලුවන්.
එහෙනම් රස විදින්න. ගිහින් එන්නම් .ඔබට ජය.
ඉරාකයේ හා ඇෆ්ගනිස්ථාන යුද්ධ වල නිරතව සිටින සෙබලුන්ගෙන් 5න් 1ක් PTSD යන මානසික ආතති තත්වයෙන් පීඩා විදී.
200,000ක් සෙබලුන් හැම රෑකම නිවස හැර යයි.
සෑම දිනයකම සෙබලුන් 20 දෙනෙකු සියදිවි නසා ගනී.
Due to copyright issues, we do not provide any torrent links.
Man.Down.2015.720p.BluRay.x264-ROVERS.HI
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,454 downloadsDownload Man-Down-2015.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
17 comments
එල්.සී. දමැල්
යුශාන් පියුමාල්
සුපිරි පිලුම මචෝ .. තැන්කු වේවා ....
කෞෂාන් පියුමන්ත
පට්ට පිලුමක් වගේ සබට තැන්ක්ස් මචෝ
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Sandun
පට්ට....
Anonymous
Last man down 2021 sub eka denna puluwanda
Rajitha
Thanks machan......jayawewa......!
kumalk
machan meeke file eka 4GB ne ....
pula
denkan hitye ..thnkz
Indumil
ගොඩක් ස්තූතියි සහෝ
Dilrukshi Dissanayake
Thank you Brother Praneeth , and also to the admins of Biscopelk.com
සචිර
බොහෝම ස්තූතියි සහෝ... ඔබට ජය..
Rajitha
Well done keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි