ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ…

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.
ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…
DC Comics’ලගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් යුතුව මේ වසරේදී තිරයට ආ මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ ඔන්න දැන්! ඉතිං මෙතෙක් කලක් මේක නොදුන්නේ හොඳම පිටපතකට නැතුව මෙහෙම එකක් දීලා වැඩක් නැති නිසා. ඒක තනිකරම මගේ තීරණයක්! අපේ අනිකුත් සගයන් ඒ සම්බන්ධව වගකිව යුතු නෑ! ඒ කාලපමාවෙන් ඔබේ ඉවසීම යළි යළිත් පෑරුණානම්, ඒ ගැන වගකිවයුත්තා වන්නේ මමයි.
අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දුටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න! එයයි මාගේ ඉල්ලීම…
ප.ලි. :-
හරි එහෙනම්! ඔන්න කාලෙකට පස්සෙ මං ආපහු ආවා සුපිරි-මිනිසාවත් එක්කරගෙනම. කොච්චර සුපිරි වුණත් මේ මනුස්සයට සිංහල බිංදුවක් බෑ. ලංකාවෙත් එයාගෙ රසිකයො ඉන්න හන්දා යං කියලා මම කතා කළහම මිනිහා බෑම කිව්වනේ සිංහල දන්නෙ නෑ කියලා 😀 අයියෝ; ඒ හින්දා ඉතිං ඒ ගමන ඒ වැඩේ කරල දෙන්ඩ මට සිද්ධ වුණා. 🙂 දැන්නම් මිනිහාට ගාණක් නෑ. සිංහල තියෙනවනේ… 😛
බැලින්නම් මේ මිනිහා සුපිරි සුපිරි කිව්වට එයාට වඩා මම සුපිරි! ඇයි ඉතිං එයාටත් බැරි වැඩක්නේ මම කළේ 😉 හා නැද්ද මං අහන්නේ? 😉
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,459 downloadsDownload Man-of-Steel-2013.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදා
Subtitles
203 comments
කැළුම්
kalana
tx machan d link akata
yasomal
elane
ධනු
danna sinhalen kiyahan bn....baiscopelk sinhalen kiyanne aye nikan nemene saho.....
isuru
patta patta anakam unne
#ChalinduDeshan (කිනා)
යකෝ මේං පුදුමයක්
උදා සබ් එකක් දීළ කියාංකෝ.
ඒකත් ලොවෙත් නැති එකක් ඈ...
එල එල..
ආන් මිනිස්සු :D
උබත් නිකං මෑන් ඔෆ් බයිස්කෝප් වගේ වුනා එකපාරටම :D
ආතල් නේ..
එල ඈ.
අනිව බෑමක් ඉතින්.
ස්තූතියි.
ජයවේවා!රෙහාන් චානක
අම්මෝ මේක එනකම් කොච්චර කල් නම් හිටියද... නියමයි උදා
ositha
maxxa machan meyka supirine
yshan piyumal
ela saho niyamai mama meka anakam mai balan hitye
meka mama bagen tiyene dan sub akkama banna puluwan
niyama wadak patta pata pata uda....sam
yes yes yes meka enakan thama balan hitiya
Thanks
and for our friends..upali
ela ela ela
naleen
bluray aka apu gaman deela maxxxa kollo tikak ne
දිනිඳු සම්පත්
මෙන්න බොලේ උදා සහෝ පට්ටම පට්ට චිත්‍රපටියක් සිංහලෙන්ම ගෙනල්ලා.. අර කිව්වත් වගේ සුපර්මෑන්ටනම් කොහොමත්ම බැරි වැඩක් තමයි මේ කරලා තියෙන්නේ.. ඒ කරපු වැඩේට බොහොම ස්තූතියි.. ජයවේවා!!
ප.ලි. මේ කොපියෙ කොලිටිය කොහොමද මචං?
wow
wow,,maru :D
shann
පට්ට උදා සුපිරි ෆිල්ම් එකක් නේ මේ දීලා තියෙන්නේ
rock hasi
patta patta
නිරෝෂ්
ela..thanx
ccnp
Thanks
dasun
වාව් පට්ට තැන්කු වේවා එල
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහේ පලයන් උදා ඊස් බැක් වත් ද සුපර් හීරෝ...
මේකාගේ සබ් එකක් බලන්න දෙයියම්පා පෙරුම් පුරන්න ඕනේ...
අනික මක්කා අහනවා සුපිරි වැඩ්ඩේක් නේන්නම් උදා කියන්නේ...
සුපිරි මිනිහටත් බැරි දෙයක් නොවැ කරලා තියෙන්නේ..
එල එල..
ඔන්න 500 කොපිය දැම්මා හොදේ..
එලට ඇති කියල හිතනවා...
ජය වේවා..rusuru | රුසිරු
බොහොම තුති
නලින්
සුපිරි මිනිහට වඩා වේගයෙන් උදා සුපිරි මිනිහට හඩ කවලානේ..
ඔන්න දැන් ආපු ගමන්... පිස්සු හැදිලා ආයිත් හැදෙනවා..
මැක්සා උදා.. ඒ වෙගෙන්ම අපිත් බා ගන්නවා
ජයෙන් ජයම වේවා!!
vee
maxxa machan
shehan
bohoma pin bro oyaata badu awa witharai sub awith...bohoma pin bro......
hh
paharak thma meyka nm machan
samith
නියමයි සහෝ
chami
thnxxxxxxxxxxxxx
kalinga
සුපිරි හොද එකක් එනකම් උන්නේ උදා පට්ට
යුශාන් පියුමාල්
මම මේක දෙනකම් මයි බලන් හිටියෙ උදා සහෝ ,,,,
,,,,මේක මම බාගෙන තිබුනෙ දැන් මේක සබ් එක්කම බලන්න පුලුවන්
නියමයි පට්ට උදා ....... බයිස්කොප් එකට ජයganidu
තැන්ක්ස් වේවා!
හර්ෂ ලහිරු
පට්ටපජාත ලොවෙත්නෑ.......
උදා ඉදලා ඉදලා කලන්තෙදාන ෆිල්ම්
එකකට සබක් බස්සලා තියෙන්නෙ
බොහෝම ස්තුතියි සහො ජයpanditha
thnks bro
was
බොහොම පින් උදා මචං මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ
fd
supiriiiiiiii sahooooooo
zumo man
elazz thnxzzz
Amila
පට්ට පට්ට දැම්ම බානවා අදම බලනව ඔන්න
eranga
uda sahota pin ath wewa!
saman prasad(Black Cobra)
saho mata kiyanna wachana na. meka enakamma balagena hitiye.ela ela saho. supiri. niyamaaaaaaaaaaayyyyyyyyyyyyyyyyyiiiiiiiiiii..........
ධනු
ela machan.me vage ewa thawa demu.obta jaya!
lasidu
නියමයි සහෝ :D
nisala
maxxa paharak meyka onna gaththa
ranga
niyamai bro
f_live
සුපිරි උදා හ්හ්
bandula
torrent anne koheda mehe subs pissu hadila aye hadenawa :) thanks
Sanath Indika
බොහෝම ස්තුතිය් සහෝ. මෙික එනකනමයි බලාගෙන ඉදියේ thx thx thx (y) :)
rock hasi
http://www.putlocker.com/file/6B3D7C0D86702EAB
oka danna. direct link ekata oka BD RIP EKA
dimuthu
tx uda
sasika
ela :D kiyala awadak na baiscope aka nam dan maxxama maxxa mage asama no 1 aka oyala thama
g-a-n-d-u
බොහොම තුති
jeewantha
apo yanatham athi awith meyka anakama kochhcra kal hitiyada :)
kalana
maru uda
උදාර
එළකිරි කිව්වා ඔන් එහෙනම් මමත් ගතතා
isuru samarasinghe
thQ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මම එක පට්ට උදා