” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු…
” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද?
වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ
සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “
2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි නිෂ්පාදනය, වියෝ වූ ශ්‍රේෂ්ඨ සිනමා කරුවෙක් වූ Yash chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස Nikhil advani කටයුතු කර තිබෙනවා, සංවේදී සිනමා සිත්තමක් වූ Kal Ho Naa Ho අධ්‍යක්ෂනය කලේ ඔහු විසින්. පැහැදිලි වම හින්දි සිනමාවේ දක්ෂ නිර්මාණ කරුවන් පිරිසක් මේ වටා රොක් වී සිටිනවා. මෙහි IMDB අගය 6.8 ක් පෙන්නුම් කරනවා.
‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…
මේ තමා සාරාංශය. කතාව නම් තව දිගයි… මේ සිනමා කෘතියේ ලස්සන ගීත පහක් ද ඇතුලත්. මෙහි ‘වික්‍රම්’ ලෙස Uday chopra රඟ දක්වනවා, ‘කරණ්’ ලෙස Jimmy Shergill රඟ දක්වන අතර ‘සමීර්’ ලෙස Jugal Hansraj රංගනය ඉදිරිපත් කරනවා. ‘නාරායන් ශංකර්’ ගේ චරිතය ජීව මාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී Amithaab bhachchan විසින්. ඔහුගේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි, ඔහු තම චරිතයට ලබා දිය හැකි ඉහලම සාධාරණය ලබා දෙනවා. ‘මේඝා’ ලෙස රංගන දායකත්වය සපයන්නේ සුරූපී නිළි Aishwarya rayi විසින්.’රාජ් ආර්යන්’ චරිතයට පණ දෙන්නේ අද වන විට බොළිවුඩයේ විශාලතම පෙරළිය සිදුකල, අසමසම රංගන ශිල්පියා Shahrukh Khan විසින්, ඔහුගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.
අවසානයේ අප සියළු දෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ‘ විකියා ‘ සහ ‘ වාසල ‘ සොයුරු දෙපල වෙනුවෙන් ස්තුතිය පළකරමින් මම නවතිනවා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමික සඳරුවන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
54 comments
elakiri
quick
thanks
ositha
niyamai saho mamath aniwa dwn karanawa
Nuwan
niyamai :D
tharanga
බොහොම තුති
was
බොහොම පින් එහෙනම් දිගටම සබ් දෙන්න හොද ඒවාට ජය!
vee
maxxa film akak meyka txz
lasidu
ජයවේවා!!
wow
wow,,,maru :D
naleen
ela machan
yasas
meyka supirima thama
jeewantha
තුති “නාමික සඳරුවන්” සොහොයුරාට
rasika
bohoma thxz
DANUKA!
gindara machan balala na ban meyka
නලින්
නියමයි සදරුවන් සහෝ. මේ මුවි එක මට මඟහැරුන මුවි එකක් ශාරුක්ගේ,
ස්තුතියි ලිපිය කියෙව්වම චිත්‍රපටිය ගැන හොද අයිඩියා එකක් හිතට වැදුනා! ලස්සනට ලිපිය ලියලා තියෙනවා..
"තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද?"
vernie
thanks
Nisal
marune thankxxx
nadeera
Thanks saho ela ...
Kabhi Khushi Kabhie Gham. me film ekatath sab denna ko saho... jaya wewa...anu
thanks kolla,balapu nathi film ekak danma banava bohoma sthuthiyi.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචං...
එල බඩ්ඩක් ගෙනත් තියෙන්නේ..
මෙව්වා මසුරන් වටිනා ෆිල්ම්...
ජය...Chathura Madusanka
patta me wage ewa tama denna ona
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
Sha
Ela ela patta pata pata sahodaraya :D
mama meka denakan balagena hitapu film akak (Y)
me wage anith film walatath digatama sub denna puluwannam loku deyak :)
Thankzzzzzzzzzzz :)
Jayawewaaaaaaaaaaaaaaaaaaaaa :D
දිනිඳු සම්පත්
නියම පරණ හිංදි කතාවක්. සයිස් එක තමයි ටිකක් වැඩි.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!sohan
godak lassana film 1k machan thanks
දිල්ෂාන් කාලිංග
එක වතාවක් බාගෙට බැලුව මේක ටී වී එකේ යද්දී.
දැන් ඉතින් සම්පූරණයෙන් බලන්න පුලවන් දෙවැනි වතාවට.
නියමයි සහෝ.
ස්තුතියි.දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.
sp පියමල්
අනේ අපොයි මට මේ වගේ ෆිල්ම් එකක් මග ඇරුනා කියලා හිතාගන්නවත් බෑ,අනිවා බලන්න ඕනේ,හිතට දැනෙන කතාවක් වගේ,thanks සහෝ
yeshu
thankZ
ara
old is gold...
tharindu
ela kiri kollekne balanda asaven hitiya film 1k thanx mchn
mudiya / මුදියා
කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද.මේකෙ සින්දු ටික මගේ මැෂින් එකේ තාමත් තියෙනව.ඒව කොචච්ර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ටීවී එකේ මේ ෆිල්ම් එකේ භාගයක්ද කොහෙද බැලුව මතකයි.ඒ නිසා අරන් බලන්න ඕනි.මේ වගේ සුපිරි ෆිල්ම් එකක් දුන්න එක නම් මරු වැඩක් නාමිකයො.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
Chami.S
niyamai..
Thanks a lot!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........NCJD
මේ ෆිල්ම් එක මම සෑහෙන කාලෙකට උඩදී බලපු එකක්. ඒත් තවමත් මතකයේ රැඳිලා තියෙනවා මොකද මේකේ කතාව බොහොම ලස්සන නිසා. ඉතින් ඒ කතාව බයිස්කෝප් වෙත අරගෙන ආපු නාමික සඳරුවන් සහොට ගොඩක් ස්තුතියි. ඒ වගේම සිංහල උපසිරැස වෙනුවෙනුත්.
සංජය
පට්ට... බොහොම ස්තුතියි සහෝ..
Pramod Chandima
මේක සුපිරි. ෂාරුක්ගේ Josh(2000) ෆිල්ම් එකටත් සබ් ඕනේ
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
chanaka bandara
oya bohoma lassanata piliwelata wade krla thiyenawa....maru...puluwannam aluth tamil movie 1k awith thiyenawa 'arambam' kyla..eka denawada...?.loku deyak..
para
well done brother,
ALL THE BEST!Rashmika
THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Naween
යාශ් චොප්රා ශාරුක් ඛාන් එකතුවෙන් හැදුනු තවත් සුපිරි සිනමා සිත්තමක්.ආයෙ මේ එකතුව සිද්ද වෙන්නැති එක නම් බොලිවුඩයේම අවාසනාවක්....
තෑන්ක්ස් සහෝ සබ් එකට...තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා...!!!Anonymous
Film eka dawnload karanna bane
Amalka
සබට තුති මේක නියම ෆිල්ම් එකක් ආයෙත් බලන්න ඕන
nuwanlankapriya
Sub ekata tanks
Eranda Malith 2.0
ස්තූතියි මචෝ
arawindasunimal
thanks
Anonymous
Direct download link ekak denna
Akila Manuwantha
zip file 1 open wenne na. Apahu upload karanna puluwanda.
Ravindu Heshan - Admin
Dan Wada Saho
Anonymous
Ko nane subtitles eka
eka
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

elakiri film akak ne balannama one thxz