ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම නළුවා,හොදම සහය නිලිය, හොදම සහය නළුවා…

Manchester by the sea 2016

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, හොදම සහය නළුවා සහ හොදම චලන පිංතුර චිත්‍රපටය යන ඔස්කාර් සම්මාන වලට තමා නාම යෝජනා වෙලා තියෙන්නේ.. මේක ඇවිත් drama  කාන්ඩයට තමා අයිති. මේ ෆිලුමේ IMDB රේටින් අගය 8.1 වෙනවා. ඒකෙන්ම දන්නවනේ මේක කොහොම කතාවක්ද කියලා. මේ කරන්න හේතු උනේ අපේ උපසිරස කන්ඩායමේ සහෝදරයෙක් වන මයූර සුරාජ් තමා.. එයාටත් ස්තුති කරන්න ඕනා…තව සමන්(පූසා) අයිටත් ස්තුති කරන්න ඕනා. මේ පිලූම අධ්‍යක්ෂනය කරන්නේ kenneth lonergan විසින්. මේ සලරුව නිපද වීම සදහා ඇස්තමේන්තු ගත අයවැය ලෙස $8,500,000 මුදලක් සහ ආදායම ලෙස $45,102,041 මුදලක් ලැබී තියෙනවා. අපි බලමූ දැන් කතාව ගැන.

කතාවේ ප්‍රධාන චරිත දෙකයි ලී චැන්ඩ්ලර් සහ පැට්‍රික් චැන්ඩ්ලර්. ලී යනූ පැට්‍රික්ගේ මාමා. ලී චැන්ඩ්ලර් කියන්නේ තමන්ගේ දරුවන් අමු අමුවේ පිච්චිලා මැරෙන හැටි බලන්න වෙච්ච තාත්තා කෙනෙක්. තමන්ගේ බිරිදගෙන් වෙන් වෙච්ච සැමියෙක් සහ අමුම අමු බේබද්දෙක්. පැට්‍රික් චැන්ඩ්ලර්, අම්මා දාලා ගිය තාත්තා එක්ක හැදෙන අව්රුදු 16ක් පමණ වයස කොල්ලෙක්. එයාගේ අම්මා බේබදු සහ උන්මන්තක චරිතයක්. තාත්තා(ජෝයි චැන්ඩ්ලර්) නිහතමානී හොද පුද්ගලයෙක්. පැට්‍රික් දාහට ගනින් බෑ වගේ හිටියට ඉස්කෝලෙම කෙල්ලො ටිකටම ලයින් දාන ඩයල් එකක්. ඒ කෙල්ලන්ගෙනුත් කෙල්ලෝ දෙන්නෙක්ට සිරා කරනවා. (එහෙම හිතමුකෝ) ඒ කෙල්ලෝ දෙන්නා එක්කම පැට්‍රික් ඩිෂ්ටි ඩිඩින් කරනවා. කෝම ඩයල් එකක්ද ඉතින්. කතාව පටන් ගන්නේ ජෝයි චැන්ඩ්ලර්ට පපුවේ අමාරුවක් හැදිලා නැති වෙනවාත් එක්ක.ලී එනවා අයියගේ අවසන් කටයුතු කරලා යන්න. ලී ජිවත් වෙන්නේ හැබැයි බොස්ටන් වල. හිතුවේ නැති විදිහට අයියගේ අන්තිම කැමති පත්‍රයෙන් ලීව පැට්‍රික්ගේ භාරකාරයා කරනවා. ලී අකමැති වෙනවා මුලින්. මොකද එහෙම උනොත් එයාට ආයේ බොස්ටන් යන්න බැරිවෙන හින්දා.මේකෙන් බේරෙන්න ලී ලොකු ගේමක් දෙනවා. පැට්‍රික් කැමති නැ තමන්ගේ කෙල්ලෝ දෙන්නයි, යාළුවන්වයි සහ තාත්තගෙන් ලැබිච්ච බොට්ටුව දාලා යන්න. ඇති ඇති හොදටම ඇති. එහෙනම් පැට්‍රික්ගේ භාරකාරයා ලී ම වෙයිද?, පැට්‍රික් එක්ක ලී බොස්ටන් යයිද නැත්නම් මැන්චැස්ටර් වල නවතීවීද? මේ ප්‍රශ්න වලට උත්තර කතාව බලලම හොයා ගන්නකෝ. තව දෙයක් වටින සලරුවක් නිසා උපරිමයෙන් සහ හැකි විදිහට උපසිරසකරණය කලා. වැරදි ඇති නම් සමා වෙන්ඩ කියලා කියන්ඩ ඕනා… එහෙනම් කට්ටිය උප සිරස බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.. මේ සතියේ ලීජන් කතාමාලාවෙන් අයේ හමුවෙමු.

ජයෙන් ජය!

 

Manchester by the Sea (2016) on IMDb

 

 

 

Manchester.By.The.Sea.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසිය යියළුම BR පිටපත්  සඳහා ගැළපේ

1,965 downloadsDownload Manchester.By_.The_.Sea_.2016.Baiscopelk.com_.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

1,965 downloadsDownload Subtitles57 KB

43 comments

  1. Soori

    කලින්ම බාගෙන හිටියේ BR පිටපත. දැන් බලනවා සිංහලෙන්ම... බොහෝම ස්තුතියි චමල් සහෝ උපසිරැසට....

  2. එල්.සී. දමැල්

    Thanks චමලෝ ඊයේ මේක ගත්තා...
    ඔන්න උපසිරසත් ගත්තා... :)

  3. චතුෂ තුෂර කුමාර

    හම්මේ ඇති යන්තං... බාගෙන සෑහෙන දවසක්...

  4. sam fisher

    චමල් මල්ලි පටගාල සබ දුන්නට තැන්ක්u(පටගාල කිව්වට ගොඩක් දවස් බලන් හිටිය මහත්තයා්‍ෙ

  5. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  6. tharindu gunarathna

    thanks mcn

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  8. Chamal Perera

    Meka denna parakku une hadissiye yasiru ayya krpu emarald city sub eka krnna una ekai.

  9. නිරෝෂ්

    බොහොම ස්තුතියි චමල් සහෝ.ජයවේවා !

  10. Mayura

    නියමයි මචෝ.බලන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා ලිපිය. හම්මට මගෙ නමත් දාලා නොවැ.

  11. LSM HUSKAA

    niyama wedak saho meka bagene sub danakan balagena hitiye bro thnks subata.
    Nocturnal Animals (2016)
    Moonlight (2016)
    The Edge of Seventeen (2016)
    me tiketh sub denna balannako ikmanin saho.

  12. Shanaka Chathuranga

    thanks mcn...... jaya wewa...

  13. විමා

    උපසිරසට බොහොම ස්තුතියි චමල් මලේ
    ඔස්කා සම්මානවලට නිර්දේශ වෙලා තියෙන්නේ
    මොන මොන අංශ වලින්ද කියල කිව්වනම් තවත් අගෙයි :D

    1. Chamal Perera

      ම හිතන්නේ මම නිර්දේශ වෙලා තියෙන සම්මාන හය ගැන දැවතත් කලා.සමා වෙන්ඩ ඕනා වැඩිය ඒ ගැන විස්තර කරපු නැති එකට. හොදට ලිපි ලියන්න දන්නේ නැ මං

  14. Sineth

    සිනමාව යනු මිනිසා විසින් සොයාගන්නා ලද අපූරූ කලාවක් යැයි මා සිතන්නේය. එය සමාජයට හොදින් මෙන්ම නරක ආකාරයටද බලපාන බවද මා මෙන්ම මෙය කියවන ඔබද දන්නා බව මට නිසැකය.විවිධ රටවලින් විවිධාකාරයේ රසවින්දනයන්ට අනුකූලව සිනමා පට බිහිවේ, නමුත් ඒ සියල්ලම එකම කර්මාන්තයකි. ලොව කොතරම් සිනමා පට අප විසින් නැරඹුවද අප මන්සේ ‍රැ‍ඳෙනුයේ ඉන් අතලොස්සකි, ඔබට මෙන්ම මටද එසේය, මම මේ සටහන තබනුයේ තවත් ඒ අකාරයේ අග්‍රගන්ය සිනමා පටයක් ගැන ඔබ හමුවේ තැබීමටයි
    ගිය වසරේ අග භාගයේදී ලොව පුරා සිනමා රසිකයන් වෙනුවෙන් තිරගත වීම (අවාසනාවකට වගේ කියන්න ඕන ලංකාවේ මා දන්නා තරමින් මේ සිනමා පටය තිරගත වී නොමැත) ඇරඹි Manchester by the sea ඉංග්‍රීසි සිනමා පටය ගැන මා විසින් තබන සටහනකි මේ. මට දැනී ඇති ආකාරයට මා සිටිනා සමාජයේ බොහෝ දෙනෙකු සුපර් හීරෝ, ෆැන්ටසි ගනයට අයත් සිනමා පට නැරඹිමට පුරුදු වී ඇත.(මා ද එසේය). එය එසේ වුවද ඔබ සිනමාවට ආදරය කරන පුද්ගලයෙකු නම් මෙම සටහනේ ඉතිරි හරිය කියවනේ නැතුව මෙය රසවිදින ලෙස මා අවංකවම මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටිමි.
    ලී චන්ඩලර් යනු ඉතා ලස්සන පවුල් ජීවිතයක් ගත කල කෙලිලොල් මිනිසෙකි. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එය ඔහුගෙන් ගිලි යයි. දැනට තට්‍ටු නිවාස සංකීරණයක සුළු සේවකයෙකු ලෙස තම ජීවිකාව ගෙන යන ලී ඔහුගේ පරණ ජීවිතය ගැන පසුතැවෙමින් සිටින්නේය. දිනක් ඔහුගේ පවුලේ හිතවතෙකු වන ජොර්ජ්ගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබේ. එනම දැනට තමාගේම කියා ඉතිරි වී සිටිනා ලී ගේ අයියා රෝහල් ගත කර ඇති බව සැලකරමිනි. තම අනෙකුත් වැඩ පසෙකලා ලහි ලහියේ මැන්චෙස්ටර් වෙත පැමිණෙන ලී රොහලට ලගා වන විට ඔහුගේ ආදරණීය සොහොයුරා මෙලොවින් සමු අරන් අවසානය. ඉතා ආයාසයෙන් එය දරාගන්නා ලී පසුව එම පණිවිඩය තම සොහොයුරගේ එකම පුතා වන පැට්‍රික් වෙත ගෙන යන ලී ගේ ජිවිතය වෙනත් මගකට යොමු වේ.
    ගිය සතියේ පැවති ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළලේ සම්මන පහකම නාම යෝජනා ලද Manchester by the sea තවත් සම්මන ‍රැසක්ම ලබා ඇත. මෙහි ලී ගේ චරිතයට පණ පොවන Casey Affleck මෙවර ගොල්ඩන් ග්ලෝබ් සම්මන උළලේ හොඳම නලුවාට හිමි සම්මනය දිනා ගන්නා ලදි.
    ප. ලි.
    මෙහි සැම අවස්ථාවකම පාහේ F වචනය දෙබස් සඳහා යොදාගෙන අති අතර එය නොගැලපේ යැයි මට සිතේ.

    1. Chamal Perera

      නියමයි සහෝ ඔයා නියමට විස්තර කරලා තියෙනවා.. ඔයා මේ සලරුවේ නියම රසිකයෙක් වගේ. සහ ස්තුතියි සලරුව ගැන විස්තරයක් ලබා දිලා බලන අයව දැනුවත් කලාට.

  15. Sajith Anthony

    උපසිරසට බොහොම ස්තුතියි
    ජයවේවා...!!

  16. Chalana Rukshan

    thnx bro...

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Chathuranga Prabath

    THANK U SAHOOO....

  19. Web-බුවා

    උඩින් පවුලේ සැමට කියලා දාලා තියෙන්නේ සිරාවටම ද? නැත්නම් වැරදීමකින් ද? දැනගන්න අහන්නේ, ඔබතුමා කියනවනේ මේකේ ඩිෂ්ටි ඩිඩින් කතන්දරයක් ගැනත්. ඒකයි අහන්නේ වල් කමට නෙමේ. lol.

    1. Chamal Perera

      ඩිෂ්ටි ඩිඩින් වගේ පේනුවට ඒවා පෙන්නන්නේ නැ. ඒක නිසා අව්ලක් කර ගන්න එපා. කට්ටිය එක්කම බලන්න ඇහැකියි.

    2. Web-බුවා

      :D :D :D

      ජය! :)

  20. mahesh

    hodama film ekak rating nisama kalin aran tibuna
    sub ekkama balanna puluwan dan.
    thank you!!!

  21. චින්තක

    නියම ඩ්‍රාමා එකක්නේ බන්.සුපිරි සුපිරි ,, ජයවේවා......

  22. kuma

    thank u.............

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharuth Chiranthana

    සබට ස්තූතියි සහෝ.. .

  25. BlackSnow

    Thank you bro

  26. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  27. Supitha

    thanks bro

  28. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  29. nidi

    ස්තුතියි චමල්! ලස්සන වැඩක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. තව දිගටම යමු!

  30. dharshana

    Thanks...

  31. roshen

    thnq sahoo, hithata wadunu film ekak.....

  32. Shashika

    thanks

  33. ashan lankanath

    Thanks ..............good luck ....................

  34. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ,ජයවේවා

  35. Virajperera

    tnx bro

  36. Supun shanika

    ස්තූතියි සහෝ සබ් එකට ජයවේවා

  37. sathyajith

    thanks for the sub

  38. Anonymous

    Thanks

  39. viraj

    thanks...........