Watch Trailer

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles | මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. ප්‍රථම උපසිරැසිය 2015.04.19 50 වන උප…

Resident Evil Final Chapter 2016

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො.

  • ප්‍රථම උපසිරැසිය 2015.04.19
  • 50 වන උපසිරැසිය 2015.10.23
  • 100 වන උපසිරැසිය 2016.03.10
  • 150 වන උපසිරැසිය 2016.09.13

ඔන්න ඔය විදිහට තමා මගේ උපසිරසිකරණයේ දින වකවානු ගෙවුනේ. මුලදිනම් ආසාවට පටන්ගත්තට දැන්නම් මේක නවත්තගන්න බැරුවයි ඉන්නේ. ඉතින් මේ ගමනේදී මම වැඩි හරියක්ම උපසිරසි ලබාදුන්නේ ටීවී කතාමාලාවලට. සිනමාපටනම් බොහොම අතලොස්සක් තමා තියෙන්නේ.

ඉතින් මේ ගමන එද්දී හම්බවුන අය බොහොමයි. ඒ තමා අපේ බයිස්කෝප් පවුල. ටිකක් විතර පිස්සු තියෙන මේ සැට් ඒකෙ වැඩි දෙනෙක්ව මුණ ගැහිලා දැන හැදිනගන්න මට අවස්තාව ලැබුනා. ඒ අතරින් මුලින්ම අපේ ඇඩ්මින් මණ්ඩලයෙ ශාන් විමුක්ති,හසන්ත අයියා( අයියා නෙවේ මාමා), රොයිලි අයියා, සමීර අයියා, ප්‍රනීත් රණසිංහ කියන අප්‍රසිද්ධ හාදයා, අර තමන් කාන් ඩයල් එක කියලා හිතා ඉන්න ආසිරි ලොක්කා( ගියපාර මේකාව ඇඩ්මින් ගොඩට දැම්මේ නෑ කියලා කේන්ති ගිහින් හිටියේ), ඒ වගේම අඩවියේ එකම සත්ව ප්‍රාණියා හෙවත් බළලා යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට සමන් සහෝ.ඒවගේම දැන් විවේක සුවයෙන් ගත කරන සමීර කරුණාරත්න සහෝ, වගේම අපේ ඇඩ්මින්වරිය නිර්මානි අක්කා, යශෝධ සහෝ වගේම අසංක සහෝදරයාවත් මතක් කරන්න ඕන.

ඊළගට තමා සැට් එක ඉන්නේ. හොද ඩිසි බලකනුවක් වෙන පොඩ්ඩක් විතර දුරාචාරයට බර චාමර සම්පත් සහෝ, දෙමල ෆිල්ම්වලටම සබ් දෙන තමන් සිරි ලන්කන් දනුස්යයි සිතාගෙන ඉන්න සදුන් දනුෂ්ක අයියා වගේම නාගයෙක් වෙන්න දගලන ඉමේෂ් මලයා. ඊළගට ඇරෝ,ෆ්ලෑෂ් හාදයා වෙච්චි කවිදු ගිම්හාන් සහෝ. අඩවියේ ඉන්න මෝඩ ඩබලක් වුන මයුර සුරාජ් සහ පූර්නි. අපේ වමා හෙවත් ඉසුරු දිල්ශාන්, දසන් වගේම නුවන්ත සහෝවත්.  තවදුරටත් තමන් හයිඩ්‍ර නියෝජිතයෙක්යයි කියාගන්නා තිසර සහෝ. එකම එක ස්ටිකරයක් විතරක් තියාගෙන දගලන අචින්තයා. රවිදු තේනබදු සහෝ. අපේ සෑර් චන්දිමවත්, කාලිංගවත්, ගයාන් රූකාන්ත(මූ ඉන්නවද මලාද මන්දා) නලින් අයියාවත් මතක් කරන්ට ඕන.සුරේනි අක්කා වගේම අර තාරක කියන ඩයල් එකත්.පස්සේ බොහොම මෑතකදී සැට් වුන දෙවක,චමල්,සිසිල,යසිරු සචිත් යන සහෝලවත් මතක් කරනවා.අමතක වුන අය ඉන්නවනම් සමාව භාජනෙකට දාහල්ලා ඈ.

අපේ පරණ උපසිරසිකරුවෝ හැමෝම වගේ මතක් කරනවා වෙබ් අඩවියේ නිර්මාතෘ වෙන ඉසිර ගුණතිලක අයියව.හැබැයි ඉතින් මටනම් ඔහුව දැන හැදින ගැනීමේ භාග්‍යයක් ලැබුනේ නෑ හිටන්. ඒ වුනත් අද අපට මෙහෙම උපසිරසි ලබාගන්න මෙවන් අඩවියක් ආරම්භ කිරීම ගැන ඔහුට මාගේ ස්තුතිය.

අන්තිමට අපෙන් උපසිරසි ලබාගන්න අයට යම් දෙයක් කියන්ට ඕනා. මේක කිව්වට පස්සෙනම් සමහරු තරහ වෙයිද දන්නෙත් නැහැ. ඒත් කියන්නම ඕනේ. අපි කොච්චර වෙලාවට උපසිරසියක් කරලා දැම්මත් කමෙන්ටුවක්වත් දාන්නේ නැති සමහරු බැරිවෙලා හරි පොඩ්ඩක් පරක්කු වෙන දවසට දාගෙන මැසේජ් කරනවයි කමෙන්ට් කරන එකමයි තමා වැඩේ. ඉතින් එහෙම තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් අපිව මතක් කරගන්න එපා. අනිත් වෙලාවටත් තමන්ගේ කාලයෙන් විනාඩියක් වැය කරලා ඔබ එක වචනයකින් හරි ස්තුති කියලා යනවනම් ඒක තමා අපේ සන්තෘප්තිය. මොකද මේ උපසිරසි කෙරුවාවෙන් කිසිම කෙනෙක්ට සත පහක ලාභයක් නැහැ ආයුබෝවන්ඩ. තියෙන්නේ හිතේ සතුට විතරයි.හැබැයි සමහරු හිතන්නේ මේකෙන් අපි ලාභ උපයනවා කියලා.  හැබැයි ඔය අතරේ හැමදාමත් වචනෙකින් හරි අපිව සතුටු කරලා යන බොහොම අතලොස්සකුත් ඉන්න වග මතක් කරන්ට ඕන. අන්න ඒ අය දාන අදහස් දැකලා තමයි මම මෙච්චර දුර ගමනක් ආවේ. ඒ අයට ස්තුති කරන්න ඕන අන්න ඒකට. ඒ අයත් නොවෙන්න මේ උපසිරසි කෙරුවාව නවත්තලා බොහොම කල්.හැබැයි දැන්නම් ටික ටික සබ කෙරුවාවෙන් ඈත්වෙන්න කාලේ හරි වගේ.

හම්මේ මගේ බයිලා ගැහුවා දිග වැඩියි හොදටෝම. මේක ලිව්වා කියලා ඉතින් කවුරු කියවන්නද නෙහ්.. හරි එහෙමනම් දැන් අපි සිනමාපටය ගැන විස්තර බලමුකෝ එහෙනම්.

Wish 200 Nilupul

මේ ඔබ වෙත අරන් එන්නේ RESIDENT EVIL චිත්‍රපට මාලාවේ හයවැනි සහ අවසාන චිත්‍රපටය. මිට කලින් චිත්‍රපට 5ක් ඇවිත් තියෙනවා. මේක බලන්න කලින් ඒවා බලලා ඉන්නවනම් හොදයි.ඒවා පිලිවෙලින්.

Resident Evil 2002
Resident Evil: Apocalypse 2004
Resident Evil: Extinction 2007
Resident Evil: AfterLife 2010
Resident Evil: Retribution 2012 ඔන්න ඔහොමයි පිළිවෙල.

RESIDENT EVIL: the final Chapter විකාශය අරඹන්නේ 2017 ජනවාරි 27. IMDB අගය 6.2ක් සහ කුණු තක්කාලි 33%ක අගයක් ලබාගෙන තියෙනවා. Box office  ආදායම 135.6 million USD සනිටුහන් වෙනවා.  Milla Jovovich ප්‍රධාන චරිතය රග දක්වනවා.

කතාව මෙහෙමයි මුල්ම අම්බ්‍රෙල්ලා නම් රහස් පරීක්ෂණ පවත්වන සමාගමක් තියෙනවා. මේ සමාගමේ භූගත විද්‍යාගාරයකින් මාරාන්තික ටී වෛරසය පිටවෙනවා. මේක වලක්වන්න රජය නගරයක් සහමුලින්ම මිසයිල දමා විනාස කළත් ඒක හරියන්නේ නැහැ.වෛරසය ආසාදනය වෙන ඕනෙම කෙනෙක් සොම්බියෙක් බවට පත්වෙනවා. හැබැයි ඇතැමුන්ට මේක බලපාන්නේ වෙනස් විදිහකට. කතා නායිකාව වෙන ඇලිස්ට මේ වෛරසයෙන් සුපිරි ශක්තියක් සහ වේගයක් ලැබෙනවා.  ඉතින් ඒ දේවල් උපයෝගී කරගෙන මේ වෛරසයෙන් අසරණ මිනිස්සු බේරගන්න ඇලිස් නොමළ උන් සහ අම්බ්‍රෙල්ලා සමාගම එක්ක කරන සටන තමා මේ සිනමාපටවලින් කියවුනේ.

නමුත් ඇලිස් මෙවර දැනගන්නවා ඇය මෙතෙක් නොදැන සිටි දෙයක්.එනම් වෛරසයට අම්බ්‍රෙල්ලා සමාගම ප්‍රතිකාරයක් නිපදවා ඇති බව. ඉතින් මෙවර ඇයගේ ආයාසය එම ප්‍රතිකාරය ලබාගෙන ඉතුරුව ඇති මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීමයි.  එහෙනම් අපි බලමු ඇයට හැකිවෙයිද කියලා ඒක කරන්න.

කලින් කිව්වත් වගේ මේක බලන්න මුලින් ආව සිනමාපට බලනවානම් හොදා. නැත්නම් තේරෙන එකක් නෑ. එහෙමනම් ඉතින් සිනමාපටය ඔබට බාර කරමින් මම සමුගන්නවා. බලමු කීදෙනෙක් යමින් ගමන් මටත් සලකාගෙන යයිද කියලා.

අදාල පිටපත්

Resident.Evil.The.Final.Chapter.2016.1080p-720p.BluRay.X264-AMIABLE
Resident.Evil.The.Final.Chapter.2016.720p.BluRay.x264-[YTS.AG]
Resident.Evil.The.Final.Chapter.2016.1080p.BluRay.x264-[YTS.AG]

Bridge of Spies (2015)

Resident Evil: The Final Chapter (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

17,673 downloadsDownload Resident-Evil-The-Final-Chapter-2016.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,673 downloadsDownload Subtitles86 KB

162 comments

  1. Udara Nuwan Kumara

    nice

  2. සංජු

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ආසාවෙන් බලන්න හිටපු ෆිලුමක්. හිතුවෙ නෑ මෙච්චර ඉක්මන්ට සබ දේවි කියල.
    බුදු සරණයි.

  3. tharusha

    mama pattama asama filumak..thx ayya...good luck

  4. samee

    niyamai machooo.supiri wadak aa

  5. sudarshana fdo

    ela ,,,,,,,,,,,,,,,,,,,,,

  6. silent$

    Congtaz brooooooo !!!!!!!! Hoda copyak enakm innawoooooooo

  7. Sisila Prasad

    දෙසියවෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ.
    මෙතනින් නවතින්නෙ නැතිව, ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලඟා වෙන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    සාමාන්‍ය ජීවිතේදී ටියුබ් ලයිට් වුනාට, සබ් කෙරුවාවේදී නම් වෙඩි වගේ වැඩ තියෙන, සුපිරි ඩයල් එකක්. :D
    මාවත් මතක් කෙරුවට බොහොම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා!!!

  8. Akila Thilochana

    sabata bohoma sthuthi wewa kiyala math saba baagannawa. idiriyatath sabawal gahanna labewa kiyalath kiyanawa. balan hitapu pilumak. thank u machoo..

  9. Kalindu Wasuka

    200 වන උපසිරසට ඉතසිතින්ම සුභ පතනවා.300 කඩයිමත් ඉක්මනින්ම පසුකරන්න කාලය සහ හැකියාව ලැබේවා !
    . ඔබට ජය .
    උපසිරසට බොහොම ස්තුතියි
    Br ආවාම බානවා

  10. Yohan

    thank machan

  11. චමෝද්

    ස්තුතියි

  12. Sajeevi

    200 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්…….

  13. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  14. tharindu gunarathna

    thanks

  15. ලහිරු ප්‍රසාද්

    200 වෙනි කඩයිමට හදවතින්මස් සුබ පතනවා සහෝ.
    ඉදිරි කඩයිම්වලටත් මේ වගේ ඉක්මනින්ම යන්න ලැබෙන්න ඕන.
    කොමෙන්ට් ගැන නම් කියලා වැඩක් නැ. කතා නොකරන තරමට හොදයි.
    සෑහෙන කාලයක්ස නාස්ති කරගෙන අපි සබ් කරනවා,
    මේව ගන්න එන උන්ට නාස්ති කරන්න විනාඩියක් නැ.
    ඒකෙත් හැටි නෙහ්.

    උපසිරැසියටත් බොහොම ස්තූතියි.

    ජයෙන් ජයම වේවා!!

  16. chinthaka

    congratzz brooo.al the best

  17. Yasiru Hasaranga

    හම්මෝ.. එහෙනම් කොල්ලා 200 ගැහුවා. පට්ට හැපි අහ්.. ෆිල්ම් එහෙම වැඩිය කරන්නේ නැති නිසා, සහෝගේ උපසිරස නම් බැලෙනවා අඩුයි. ඒ උනාට dark matters, shennara chronicles, වගේ ඒවා නම් බලලා තියෙනවා. ගුණාත්මක උපසිරසි වෙඩි වගේ දෙන්න පුලුවන් ඩයල් එකක්. ඔය ගැම්මෙන්ම 250ත් ගහමු. ජය වේවා.

  18. Chamal Perera

    200 කඩයිමට මගෙන් සුභ පැතුම්.. 250ත් ඉක්මනට ගහමු... උපසිරස හදද්දි කඩියා වගේ වැඩ ඩැල් එකක් තමා ඔයා... මාවත් මතක් කරාට තුති. එහෙනම් නිකපුලා ජයෙන් ජයම වේවා.

  19. Rasitha Pradeep Somasiri

    200 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ....
    ඔය ගැම්මෙන්ම 250 ඉක්මන්ටම ගහමු.....
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ....

  20. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.200 වන උපසිරැසියට සුබපැතුම්
    ඉදිරි කඩයිම් වලටත් යන්න දිරිය ලබේවායි පතනවා
    br එනකම් ඉදලම බලනවා.ජය වේවා!

  21. devinda

    Ado Fatta bro.Wish U All the Best....

  22. Milan Ranishka

    200 සබට සුබපැතුම් bro... 250ත් ගහමු... :-P <3

  23. Mayura

    හදවතින්ම සුබ පතනවා මල්ලි මැනිකෙට. තවත් මේ වගේ චිරාත් කාලයක් වැජබෙන්න ඕන. මාවත් මෙන්සස් කරාට තුති....

    1. ආසිරි ප්‍රියන්ත

      මල්ලි මැණිකේ.
      ඔයත් හොදේ මයු.....

  24. Shanaka Chathuranga

    200 සුබ පැතුම් සහෝ....

  25. Kalana hashan liyanaarachchi

    Patta supiri saho.asama film set ekaka ekak meka

  26. Kavindu

    එල මචං. 200වෙනි උපසිරසියට සුභ පතනවා. ඉක්මනට 300ත් ගහමු. ඒ වගේම පුළුවන්නම් X-Files TV series එකේ Season 3ටත් සබ් දෙන්න.

  27. Thiwanka Mahesh Madusanka

    niyamai saho jayawewa.............sabata thawa nirmara shakthiya lebenna kiyala prarthana karanawa.....

  28. Dulanjana Fernando

    JAYA WEWA

  29. විමා

    පිස්සුනම් කෙලින්න එපා ටියුබෝ,
    නවත්තල හරියන්නේ නෑ
    තව කරමු පුතේ
    මං හිතන්නේ සයිට් එක වෙනුවෙන් වැඩිම ටීවී සිරිස් ප්‍රමාණයකට උපසිරසි කරන කෙනා උබ වෙන්න ඕන
    ඒ වගේම අර උබ කිව්වා කතාව හරියටම හරි, කමන්ට් එක්ක දාල ස්තුතියි කියල කියන්න කි බෝඩ් එකේ කි එබෙන්නේ නැති යට අපොට පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම කියන්න දෙඅවල් ගොඩක් වගේම කි බෝඩ් වල කි තියන බවත් සයිට් එකේ කමන්ට් බොක්ස් එක්ක තියන බවත් මතක් වෙනව, එහෙනම් මචෝ මෙතනින් නොනැවතී ඉදිරියටම යන්නත් කරන අකියන කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නත් කියල ප්‍රර්ථනා කරනව.
    මාවත් මතක් කරල තියෙන්නේ බොහොම ස්තුතියි, දැන් උබලගේ ෆෑන් කෙනෙක් මාත් :D

  30. Lahiru Ruchiran

    Thank you bro.I was looking for this film.Good luck

  31. harsha

    නියමයි මධූක ද්විත්ව ශතකයක් කියන්නේ ඉතාම අපහසු කඩඉමක් එය හොඳින් පසු කර තියනවා. මම වැඩිපුරම ටිවි සීරීස් බලන කෙනෙක් නිසා. මධුකගේ උපසිරසි ගොඩක් බලලා තියනවා. ඉතින් මධුක අපි වෙනුවෙන් කරන මෙහෙය ඉතාම අගය කර සලකන්වා. එය ඉදිරියටත් කරගෙන යන්න උනන්දුව ශක්තිය ලැබේවා. ජයවේවා

  32. Sajith Anthony

    200 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජයෙන් ජයම වේවා...!!

  33. sanka

    Jayen Jayama Wewa Essarahatat...Ewagema Thanks...meka enakan sahena kalyak balan hitiya....Wish you all the best....

  34. KAVINDA GAMAGE

    . බ්ලූ රේ කොපියක් ආවහම ආයේ මේක බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  35. එල්.සී. දමැල්

    ඔබත් අඩවියේ දෙසීයේ බලකණුවක් වුණා එහෙමනම් නිලුපුල්... නියමයි... ඔබේ සබ් කෙරුවාව ගැන කියන්ට අවශ්‍ය නෑ... සුපිරියි...
    මේකත් බලන්නම කියලා ඉන්න චිත්‍රපට මාලාවක්... සෙට් එකම තියෙන එකේ බලන්න පටන්ගන්ටත් ඕනේ...
    මේකටනම් හොඳ කොපියක් එනකල් ඉමු...
    ස්තුතියි...
    තවත් උපසිරසකින් හමුවෙමු...

  36. Ashan

    200 weni upasiresi genvimata suba pethum. Digatama karanna

  37. අසංක ප්‍රදීප් රණතුංග

    මේ චිත්‍රපටය නම් සුපිරිම එකක්. කලින් ඒවත් බලලා තියනවා. ඉතින් මේකත් අනිවාර්යයෙන් බලනවා. ඒවගේම ඔයාගේ දෙසිය වන උපසිරසියට සුබ පතනවා. ඉතින් ඊළඟ කඩයිමට ඔහොම්මම යමු.

  38. Amila Kaushalya

    200වෙනි උපසිරසියට සුභ පතනවා මචං 250ත් ගහමු ජයවේවා

  39. Lakshan

    Thankz bro, oya karana sewaya ithamath agaya kota salakanawa,thawa thawath sinhala sub apa wetha laba deemata obatath biscope eke siyalu denatamath sakthiya dairiya labewai mama eka sithin prarthana karami......oyatath baiscope ekatath jayen jaya..................

  40. sujeewa

    200 වෙනි උපසිරසියට සුභ පතනවා සහෝ..දිගටම සබ් දෙමු..

  41. සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා මධුක අයිය 150ත් ගැහුවෙ මේ ඊයෙ පෙරේද නෙ..!
    යකූ පුදුම වේගයක්නෙ මේක..
    හරි හරි ඉතින් මුලින්ම 200වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනව..!
    හැබැයි ඉතින් 'හැබැයි දැන්නම් ටික ටික සබ කෙරුවාවෙන් ඈත්වෙන්න කාලේ හරි වගේ.'කියන වාක්‍ය වහාම ඉල්ලා අස්කරගත්තොත් හොදයි....මොකද ඉස්සරහට සෑහෙන්න ටීවී සීරියස් එන්න තියනව...
    ඒ වගේම මාවත් මතක් කරාට ස්තූතීයි
    ඒමනම් ඉතින් ඉක්මනටම 250 300 350 400 450 500ත් ඊටත් එහාට යන්න ඕනා
    ජයීන් ජයිම වීවා මධුක අයියා.....!!!!!

  42. සුරේෂ් ජයතිලක

    කතාව නං ඇත්ත තමා. හැමදාම කමෙන්ට් දාන්නේ එකම සෙට් එකක් විතරයි. මේ වගේ කඩඉම් වලට විතරනේ ගෙඩක් අය කමෙන්ට් කරන්නේ

    300ත් ඉක්මනට ගහන්න ලැබේවායි පතනවා :-P

  43. CMX

    සුභ පැතුම් බ්‍රෝ...

  44. Dimuthu

    Thank you!!!

  45. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks DASAN saho.wish u'r great future....

    1. Web-බුවා

      who is the DASAN dude! :D it's coming bro who called NILUPUL MADUKAPRIYA. maybe you been faced a typing mistake. :) never mind. just saying lol.

      #CHEERS! :)

  46. Udara Damith B/K

    උපසිරස කරන එක නතර කරන්ඩ එහෙම එපා අයියා
    එපාම එපා
    දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා නේද
    .................................................................
    200 වෙනි උපසිරසට ස්තුතියි
    ...............................................................
    මේකේ හොද කොපියක් එනකල් මුල් ඒවා ටික බලනවා
    මට මේ ෆිල්ම් සෙට් එක මග ඇරිලානේ කොහොම උනාද මන්දා
    &&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&
    සත්‍ය හා සුන්දරත්වය කිසිදා මිය නොයයි
    ........ගීනාත් කුඩලිගම..........
    &&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&

  47. ayesh

    jaya wewa!!!!!

  48. AWNCK

    Thank you. You Done great work. Congratz for your really graeat work.

  49. thusitha

    thanks broooooo,,jaya wewa,,,thanks machan,

  50. sameera

    සුබ පැතුම් සහෝ. ඔහොම යන්. ජය!!

Load more comments