Watch Trailer

Mandela (2021) Sinhala Subtitles | මැන්ඩෙලාගේ මනාපය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. මලයාලම් සිනමා නිර්මාණ කිහිපයකට සිංහල උපසිරැසි අරන් ආව මං අද පළවෙනි වතාවට දෙමළ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ඔයාලා හමුවට ආවේ. 2021 අවුරුද්දේ වඩාත් කතා බහට ලක්වුණ වගේම මේ වසරේ නිකුත් වූ දෙමළ සිනමා නිර්මාණ අතරින් අති…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. මලයාලම් සිනමා නිර්මාණ කිහිපයකට සිංහල උපසිරැසි අරන් ආව මං අද පළවෙනි වතාවට දෙමළ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ඔයාලා හමුවට ආවේ. 2021 අවුරුද්දේ වඩාත් කතා බහට ලක්වුණ වගේම මේ වසරේ නිකුත් වූ දෙමළ සිනමා නිර්මාණ අතරින් අති සාර්ථකම සිනමා නිර්මාණය Mandela (2021) වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ.

මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාව මං ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා. මේ උපසිරැසිය මං භාර අරන් මාසයකට ආසන්න කාලයක් වෙනවා. මං හිතුවාට වඩා උපසිරැසිය කරන්න කාලේ ගත උනා. ඒ ගැන සමාව ඉල්ලනවා. Mandela බලන ගමන් එන්න අපි අපිටම හිනා වෙමු.

අපේ ඡන්දය කොච්චර වටිනවා ඇද්ද? බත් පැකට් එකක ගාණ, තහඩු කෑල්ලක්, වැසිකිලි පෝච්චියක්. හිතා ගන්න අමාරුයි නේද? අපේ ඡන්දෙට මොන වගේ පෙරලියක් කරන්න පුළුවන්ද? තමන්ගේ ඡන්ද බලය ගැන අවබෝධයක් තියෙන වගේම තමන්ගේ ඡන්දයේ වටිනාකම සුළු ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් වැය කරන්න පැකිලෙන්නේ නැති උගත් නූගත් මින්ස්සු හිසේ කෙස් ගාණට අපි අතර ඉන්නවා. අපි හැමෝම මේ දේශපාලන පරිසරයේ ජීවත් වෙන ජීවියෝ. අපිත් අවුරුදු කීහිපයකට වතාවක් අපේ ඡන්දේ භාවිතා කරලා ඊට පස්සේ ඉතිරි කාලේම අපි පත්කරපු දේශපාලකයින්ට දෙස් දෙවොල් තිය තියා අපි අපිටම දොස් කියා ගන්නවා. ආයේම ඡන්දයක් ආවම දේශපාලකයින් කියන ලස්සන කතා වලට ආදර වදන් වලට දෙන සුළු තෑග්ගට රැවටෙනවා. මේක නොනවත්වා සිදුවෙන චක්‍රයක්. මේක තේරුම් ගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? මේ රැවටීමේ අවසානයක් තියෙයිද? අපිට මේක තේරුම් ගන්න බැරි උනාට Mandela දේශපාලන, ප්‍රහසනයේ ස්මයිල්ට මේ වෙන රැවටීම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒකට ස්මයිල්ටත් දේශපාලකයින්ට රැවටෙන්න සිද්ධ වෙනවා.

මේ වසරේ (2021) මාර්තු මස අග මැලේසියාවෙහි තිරගතකොට අප්‍රේල් 04 වෙනිදා Star Vijay රූපවාහිනි සේවාව හරහා විකාශනය කිරීමෙන් අනතුරුව Netflix ඔස්සේ නිකුත් උන Mandela (2021) 8.5/10 ක ඉහල IMDb අගයක් 84% ගූගල් පරිශීලක අගයක් එක්කම මේ වෙද්දි ඉහල ප්‍රේකෂක ප්‍රතිචාර වගේම ඉහල විචාරක ප්‍රතිචාර හිමි කර ගන්න සමත් වෙලා තියෙනවා. Madonne Ashwin මෙහි අධ්‍යක්ෂක වරයා මෙන්ම තිර රචකයා ද වෙනවා.

Mandela හි ස්මයිල් නැත්නම් මැන්ඩෙලා කියන චරිතයට පණ දෙන්නේ ඔබ අප කවුරුත් දන්න Yogi Babu කියන රංගන ශිල්පියා. Yogi (2009) චිත්‍රපටියෙන් සිනමාවට අත්පොත් තබපු Yogi Babu මේ වන විට චිත්‍රපට 130 කට අධික ප්‍රමාණයක ප්‍රහසන නළුවෙකු ලෙස තම රංග කාර්යය ඉෂ්ඨ කරලා ප්‍රේ්ක්ෂක්ෂක හදවත් දිනාගෙන තිබෙනවා. ඔහු ‌මෙම මැන්ඩෙලා සිනමා නිර්මාණයෙහි ප්‍රහසන නොවන අති විශිෂ්ඨ රංග කාර්යයක් ඉටු කරනවා.

කතාව ගැන කියනවා නම්, තමිල්නාඩු ප්‍රාන්තයේ චූරංගුඩිය කියලා දුෂ්කර ගමක් තියෙනවා. මලපහ කරන්න වැසිකිලියක් නැති උනාට, මේ චුරංගුඩියේ ඉන්නේ පුදුම මාන්නයක් තියෙන මිනිස්සු. චූරංගුඩිය කියන ගම උතුරු, දකුණු විදියට බෙදිලයි තියෙන්නේ. උතුරේ මිනිස්සුන්ට දකුණේ අය පෙන්නන්න බෑ. දකුණේ අයටත් උතුරේ අය වහකඳුරු වගේ. මේ දෙපැත්තටම අපක්ෂපාතිව ගම් දෙකම මෙල්ල කරන් ඉන්න මනුස්සයා තමයි ගම් සභාපති. ගම් සභාපති උතුරෙනුයි දකුණෙනුයි භාර්යාවන් දෙන්නෙක් සහේට අරන් ගම් දෙකම සමබර කරන් ඉන්නවා වගේම දකුණේ නෝනටයි උතුරේ නෝනටයි දෙන්නටම ගම් සභාපතිට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා.

ස්මයිල් කියන්නේ චූරංගුඩියේ ජීවත් වෙන කුලහීන අනාත මනුස්සයෙක්. ස්මයිල් ගම් දෙකටම පොදු කෙනෙක් කිව්වොත් හරි. ඒ් මොකද ස්මයිල් තමා ජාති ජන්මේ හොයන්නේ නැතිව රැවුල කපන, කොණ්ඩේ කපන බාබර්. ඒත් ස්මයිල් කියන්නේ චූරංගුඩිය ගමේ අයට කුලහීන බැලමෙහෙවරකම් කරන මනුස්සයෙක් විතරයි. චූරංගුඩියේ තැපැල් කන්තෝරුවට අලුතෙන් ආපු තේන්මොලි නෝනා ස්මයිල්ගේ දෛවය වෙනස් කරනවා. නමක් ගමක් අනන්‍යතාවයක් නැති ස්මයිල්ට තේන්මෝලි නෝනාගේ පිහිටෙන් නෙල්සන් මැන්ඩෙලා කියන නම වගේම ලොකු වටිනාකමක් ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ කතන්දරේ පටන් ගන්නේ, චූරංගුඩිය ගම් සභාපතිගේ උතුරෙයි දකුණෙයි පුතාලා දෙන්නගේ ප්‍රාදේශීය පාලන ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මේ ඡන්ද ගැටුමේ ජයග්‍රහණය තීරණය කිරීමේ වාසනාවන්ත ඡන්දය හිමිවෙන්නේ මේ මැන්ඩෙලාට. ඒක වාසනාවක්ද අවාසනාවක්ද කියලා දැන ගන්න ‌මැන්ඩෙලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

https://en.wikipedia.org/wiki/Gatham

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,637 downloadsDownload Mandela-2021-Updated.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

9,637 downloadsDownload Subtitles62 KB

33 comments

  1. Anonymous

    නොබලා හිටියේ සිංහලෙන්ම බලන්න ඕන හින්දා.
    කර්නන්, මැන්ඩෙලා කියන්නේ මේ අවුරුද්දේ වැඩියෙන්ම නම දින්න ටැමිල් ෆිල්ම් දෙක ❤️

  2. Anonymous

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤️

  3. Thusitha Kumara

    ප්‍රහසනය ඇතුලෙ අපූරු පණිවිඩයක් තියෙනවා. ස්තුතියි උපසිරැසියට.

  4. Nilu

    Thanks akki

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. charitha

    Biriyani -2021 මලයාලම් ෆිල්ම් එකත් දෙන්නකො අක්කේ..

    1. Ashan

      Mama baluwa filuma.wishwasa krnnth be malayalamda kiyala.naked scences thibuna darunuwatama.ewnata filumanam hodai..

    2. gayan eranga

      බර ගානක් සම්මාන හම්බෙලා තිබ්බ හින්ද තමයි මමත් බැලුවෙ.වෙනද වගේ අක්කත් එක්කම බැලුව.ආය ෆිල්ම් බලලත් ඉවරයි.හිතා ගන්නත් බැරි උනා ඉන්දියන් ෆිලුමක්ද කියලත්..

    3. Anonymous

      එවුනාට කතාව සුපිරියි..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

    1. ruchika

      king 2008 sub one

  8. Bandula Withanage

    Thanks for sub

  9. Anonymous

    Biriyaani-2021 ඕනෙ

  10. nilusha

    biriyani-2021 th denna.thanks

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. Shaggy

    බොහොම ස්තූතියි

  13. Anonymous

    biriyani film eke sub one

  14. niluka

    ෆිල්ම් එකනම් හොඳයි.සබ් එකට ගොඩක් ස්තුතියි..පුලුවන් නම් ළඟදි රිලීස් උන Biriyaani-2020 මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්න.වෙනස් විදිහක ෆිල්ම් එකක් කියල තමයි බලපු අයනම් කියන්නේ..

  15. Nethini123

    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ, සබ් එකකුත් තියෙන නිසා ඉක්මනටම බලන්න ඕනේ...බොහොම ස්තූතියි අක්කේ

  16. Sohan Jayasooriya

    හම්මේ ඇති යාන්තම් දීලා.. දෙනකම් බලන් ඉදියෙ ෆිලුම බාගෙන.. සබට ගොඩක්ම ස්තූතියි අක්කේ

  17. isuru srinath sjs

    අක්කෙ එහෙනම් දෙමළ වලටත් බැස්සා නේද.. ඒක නම් වටිනවා.. සුපිරි ෆිල්ම් එකකට සබ් දීලා තියෙන්නෙත්.. ඔන්න අදයි බලන්න හදන්නෙ..
    බොහොම ස්තුතියි !!!

  18. Anonymous

    biriyaani-malayalam ekath one

  19. Kaushan Piumantha

    බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න ආවේ.සුපිරිම ෆිලුමක්.සබට ස්තූතියි

  20. Ravisara Dharmapala

    ado menna balanw nm films mage life ekt baluwa supirima film ekk patna gathu wele idn iwara wenkm yawan ntywa eka husmata balauwa kiyanna wachana ne supiriryk mekw salman khanla gahana gon jokes walta wada meka nm kiyanna wacahna ne ratings 9 dunnath padu ne a trma patta fulm ekk meka dunnata thanks saho isrhatt me wage supiri films demu

  21. Anonymous

    THANX

  22. Anonymous

    සිංහල උපසිරසට බොාහොම ස්තූතියි

  23. Saranga J. Liyanagama

    Thanks

  24. Malith Samarawickrama

    Thanks so much sub ekata

  25. jagath55

    Thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. සෙනුර ලක්මාල්

    හොදටම සබ් කරලා තියනවා. හුගක් ස්තුතියි සබ් එකට. අපි වෙනුවෙන් මිලක් නැතුවම සබ් එකට මහන්සි වෙන එකට කියලා නිම කරන්න බැරි සතුටක්. මම නම් හිතන විදියට නිසි ඇගයීමක් අවැසියි මේ අයට. මම නම් හිතන්නේ මේක වෘර්තියක් විදියට වර්ධනය කල යුතුයි.

  28. Udaya Fdo

    Thank you

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!