මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්…
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.4 ක් Rotten Tomatoes වර්ගීකරනයේ 86% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 9ක් සහ නිර්දේශවීම් 24 ක් ලබාගත්තු සුපිරිම කැනේඩියානු ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 43 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, ඉවර උනාට පස්සෙ හද පතුලට ඊයම් බරුවක් ගිලා බැහැලා වගේ හදවත සංවේදී කරවන ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක. අවංකවම කිව්වොත් මේ ෆිල්ම් එක ගැන මට මුලින්ම අහන්න ලැබුනෙ මීට අවුරුදු 5කට විතර කලින්. ඒ දවස් වලම බලන්න කියලා ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තත් අවුරුදු 5ක් පුරාවටම හාර්ඩ් එකේ කොනක පුස්කාකා තිබිලා පහුගිය දවසක ෆිල්ම් එකක් බලන්න හිතිලා හොද ෆිල්ම් එකක් හොය හොය ඉන්නකොට අහම්බෙකින් වගේ මේක සෙට් උනා. අන්තිමේදි ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් සබ් එක කරන්නත් බාරගෙන තමයි වැඩේ නතර උනේ.
චාලී හොලිඩේ කියන්නෙ දෙවෙනි ලෝක යුද්ද කාලෙ සටන් කරපු ප්‍රහාරක යානා නියමුවෙක්. ඒ වගේම සෑහෙන්න අහංකාර, ආත්මාර්ථකාමී, වංචාකාරී පුද්ගලයෙක්. යුද්දෙන් පස්සෙ එයා සංචාරකයින්ව ප්‍රවාහනය කරන ගුවන් යානා නියමුවෙක් විදියට කටයුතු කරන්න පටන්ගන්නවා. ඒ අතරම හොර බඩු ජාවාරමත් ජයටම කරගෙන යනවා. එක දවසක් හදිසියේම මෙයාගෙන් ස්වදේශිකයො පිරිසක් උදව්වක් ඉල්ලනවා. ඒ අසනීපෙන් ඉන්න ස්වදේශික තරුණියක්ව බෙහෙත් ටිකක් ගන්න නගරේ තියෙන ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා. සුපුරුදු පරිදි තමුන්ට වාසියක් නොවෙනවනං හුස්ම ටිකක්වත් නිකං ගන්නෙ නැති චාලි වැඩේට අකමැති වෙනවා. හැබැයි ස්වදේශිකයො ඒ වෙනුවට මෙයාට වොලරස් දළ දෙකක් දෙන්නම් කිව්වාම චාලි එකපයින්ම වැඩේට කැමති වෙනවා. ඒත් අවාසනාවන්ත විදියට එදා චාලිගෙ ගුවන් යානය කඩා වැටෙනවා….. මෙතනින් එහාට මම මේ ෆිල්ම් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද මේක බලලා මිසක් කියවලා රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් නොවෙන නිසා. වෙනස්ම විදියේ ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නවා නං මෙන්න ඔයාලා හොයපු ෆිල්ම් එක. තවත් දෙයක් මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ” Farley Mowat ” විසින් රචිත ” Walk Well, My Brother ” කියන ප්‍රසිද්ධ පොත පාදක කරගෙනයි.
” සමහර මිනිස්සු ඉන්නවා අනිත් අයගේ ජීවිත වලට පුලුවන් තරම් එළිය දීලා
රහසේම නිවිලා යන…..
ඒවගේම ජීවිතේ සමහර කතා තියෙනවා
කියන්න තැනක් නැති,
කෙනෙක් නැති,
අහන්නත් කෙනෙක් නැති…. “
මේකත් එහෙම කතාවක්….
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,547 downloadsDownload The-Snow-Walker-2003.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
53 comments
Sajmadu
හසිත මධුෂාන්
මම මීට කලින් මේ ෆිල්ම් එක බලලා නෑ සහෝ.... මගඇරුන හොද ෆිල්ම් එකක් වගේ. දැනට මම බාර ගත්තු ෆිල්ම් දෙකක් තියෙනවා. ඒ දෙක ඉවර කරලා ඒ වෙනකොටත් මේක කවුරුත් බාර අරගෙන නැත්නම් මම කරන්නම්. බොහොම ස්තූතියි මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් ගැන මතක් කරලා දෙනවට.
gihan perera
හොඳ ෆිලුමක්නෙ බං සහෝ මෙච්චර දවසක් පුස් කවලා තියෙන්නෙ...දිගටම උපසිරැසි දාමු මචෝ...ගොඩක් ස්තුතියි පුස් කවලා හරි උපසිරැසි දුන්නට....ජය වෙිවා මචෝ....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Kulanjana Maduranga
subata thanks....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Akalankathushan
Tks bn
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
indika75
Thank you..
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
James DC
සබ් එකට බොහොම ස්තූතියි සහෝ. ගොඩක් කාලෙකට පස්සෙ ඔයාගේ සබ් එකක් දැක්කෙ.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ......
කාලය තමයි හැම දේකටම හරස් වෙන්නෙ....
ජපාන සහ ජර්මානු ෆිල්ම් දෙකක් සමගින් ලගදීම හමු වෙමු....
Wicki
Thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
palithadesilva
thank you...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Nirosha Nirosha
godak sthuthiyi,,,
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
bLack_sNow
Thanks saho
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Kantha_DLA
me film download link eka denawada plz...
හසිත මධුෂාන්
තව ටිකකින් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ සබ් එකට අදාල ෆිල්ම් එක දෙයි. නැත්නම් " hasithas@accessengsl-com " එකට මේල් එකක් දාන්න. මම Openload ලින්ක් එකක් එවන්නම්.
(ඊමේල් ඇඩ්‍රස් එකේ "-" තියන තැනට "." එකක් දා ගන්න.)
Tharaka
THANKS..........
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
පරණ එකක් වුනාට IMDB නම් හොඳටම හොඳයි වගේ.
පරණ ඒවට සබ් දෙනවට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
මමත් දමිත් සහෝගෙ සබ් වල රසිකයෙක් තමයි......
wijebandara
godak pin saho api wenuwen me karana kapakirimata....explanation aka kiyawaddi filuma balannama hithuna..
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
Bandara 1976
තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
ricadodamien
It was a beautiful & heart touching movie, Thank u Hasitha brother & baiscope team for the sub, all the best to baiscope team..............
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට....!
kuma.lk
Thank you .....!
udayanga_kaniya
Patta bn thawa me wage film ekakata upasiriyak ayeth lagadima gennen ela bn.
Ranjandesha
Thnx mr hasitha ..Super move..loku sevayak oyala me karanne..me vage miss una supiri film aye udata genavata..respect
sulochana
Thank you sub 1 ta.
Warunaw
bro your doing great job keep ti up ,best of luck
Hassy
මේ වගේ හොද තාත්වික සිනමා පටයකට උපසිරසියක් දුන්න ඒකට ස්තුත්යි.
kodagoda
tnx sahoo
jagath55
Thanks
Chulender kasun
Thanks very much brooo ..
Athula
Thanks...
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dineshthilakasiri
Thankz bro
Kalanacosta
Thank you....!!!!
Anonymous
එළ....එළ
සුපිරි....
තෑන්ක් යූ සහෝ....
ජයවේවා.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela. Stay 2005 karanna nedda?