Watch Trailer

Manjhi: The Mountain Man (2015) | කන්දක් පෙරළු ඔහුගේ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආදරයේ නාමයෙන් වසර විසි දෙකක කාලයක් පුරා ගිරිශිඛරයක් සමඟ ඔට්ටුවුණු සැබෑ ප්‍රේමවන්තයෙකු ගැන අපුරුම කතාවක් ඉන්දියාවේ දුෂ්කරම ශුෂ්ක පෙදෙසකින් වාර්තා වුණා. අන්තර්ජාල පිටු අතර සටහන් වුනු ඒ සැබෑ ප්‍රේමවන්තයාගේ උපන් ගම ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයට අයත් ගෙහ්ලෝර් නම් ප්‍රදේශයක්. ඔහු නමින් දශ්රත් මාංජි. උපත ලැබ…

Manjhi The Mountain Man (2015)

ආදරයේ නාමයෙන් වසර විසි දෙකක කාලයක් පුරා ගිරිශිඛරයක් සමඟ ඔට්ටුවුණු සැබෑ ප්‍රේමවන්තයෙකු ගැන අපුරුම කතාවක් ඉන්දියාවේ දුෂ්කරම ශුෂ්ක පෙදෙසකින් වාර්තා වුණා. අන්තර්ජාල පිටු අතර සටහන් වුනු ඒ සැබෑ ප්‍රේමවන්තයාගේ උපන් ගම ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයට අයත් ගෙහ්ලෝර් නම් ප්‍රදේශයක්. ඔහු නමින් දශ්රත් මාංජි. උපත ලැබුවේ 1934 අවුරුද්දෙදි. නිසරු බොල් කඳුවැටියක පිහිටි ගෙහ්ලෝර් ගමේ සිය ගෙදරට මාංජි කැඳවාගෙන ආ මනාලිය උනේ පල්ගුනි දේවි නමැත්තියක්. එවකට තරුණ කුලිකරුවෙකු වූ මාංජි දිනක් ලී දඬු කපන්නට ගෙහ්ලෝර් කඳුවැටියේ බටහිර දෙසට ගොස් තිබුනා. වේලාව මධ්‍යහ්න දොළහයි. සෑම දිනකම මෙන්, දහවල ආහාරය ගන්නට මාංජි එනතුරු ඔහුගේ අලුත ගෙනා මනාලිය දොරකඩට වී බලා සිටියා. හෝරාවක් ගෙවී ඉර හැරුණත් මාංජි දහවල් ආහාරයට ගෙදරට ආවේ නැහැ. ඔහුගේ ප්‍රියම්බිකාව පල්ගුනි දේවි සියතින් පිසූ රසමසවුල පොදි බැඳගෙන, මාංජිගේ පිපාසා නිවන්නට වතුර කළ ගෙඩියකුත් අතින්ගෙන  ඔහු සිටින ඉසව්ව සොයාගෙන ගියා. නමුත්…..???

2015 අගෝස්තු 21 වෙනිදා , ඒ කියන්නේ ඊයේ තිරගත වීම අරඹපු හින්දි චිත්‍රපටියක්, Manjhi: The Mountain Man. චිත්‍රපටිය තිරගත වුනේ ඊයේ උනත් හොඳ තත්ත්වයේ කොපියක් නිකුත් වෙලා තිබ්බා සති දෙකකට විතර කලින් ඉඳන්. ඉතින් අද වෙනකම්ම චිත්‍රපටිය ගේන්න ප්‍රමාද වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා.

මේ ලියන මොහොතේදී IMDb අගය 8.8ක් විදිහට වාර්තා කරලා තියෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ කවදත් තමන්ගේ චරිතයට 200%ක් සාධාරණයක් කරන Nawazuddin Siddiqui සමඟින් Radhika Apte. දෙන්නා ගැන කිව්වොත් නම් ඉතින් චිත්‍රපටියට උපරිම දායකත්වය දීලා තියෙනවා. විචාරකයෝ, ප්‍රේක්ෂකයෝ වගේම Nawazuddin කියන විදිහටත් මේ දක්වා කරපු රංගනයන්ගෙන්  ඔහුගෙන් දැකපු / ඔහු කරපු සුපිරිතම රංගනය මේකලු.

විශේෂම දේ තමා මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ තනිකරම සත්‍ය කතාවක්. ඉන්දියාවේ හිටපු දශරත් මාංජි කියන අසහාය චරිතය ගැන මේ චිත්‍රපටියෙන් දිග හැරෙන්නේ. වයස අවුරුදු 73ක් ආයු වැළඳගත් මෙයා පිළිකාවක් හැදිලා 2007දී මිය ගිහින් තියෙනවා. ඒත් අවසන් මොහොතේදී චිත්‍රපට අධ්‍යක්ෂක කේතන් මෙහෙතා ඔහුගේ ජීවිත කතාව සිනමා පටයකට නගන්නට මාංජිගෙන් ඇඟිලි සලකුණු අවසරය ලබාගෙන. ඒ අවසරය තමා මේ විදිහට අද දිග හැරෙන්නේ. තමන්ගේ වීර කාව්‍ය රිදී තිරය මත දකින්නට මාංජි හෝ ඔහුගේ බිරිඳ අද ජීවතුන් අතර නොසිටියත්, ඔහුගේ කතාව ලෝ වටා දහසක් නෙත්, හැඟුම්බර කඳුලින් බොඳ කරන බවට නම් සැකයක් නැහැ.

පහුගිය ඉරිදා රිවිර පත්තරේ අතිරේකයක මේ චිත්‍රපටිය ගැන අපුරු ලිපියක් පල කරලා  තිබුනා, සාවිත්‍රි විතානගේ අක්කා විසින්. ඉහත කියපු ගොඩක් කාරණා ඒ ලිපියෙන් උපුටා ගත්තු ඒවා බව මතක් කරන්නම ඕන. එහෙනම්, Drama ප්‍රිය කරන අයට ඉහලින්ම නිර්දේශ කරන ගමන් මං සමුගන්නවා. ජය !!!

Manjhi: The Mountain Man (2015) on IMDb

 

 

703 MB කොපිය මෙතනින් බාගන්න

56B3681D57E0A24089A2BB6461490DEAAD089165 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,067 downloadsDownload Manjhi-The-Mountain-Man-2015.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

8,067 downloadsDownload Subtitles44 KB

34 comments

  1. pathum

    elaz onna api dl korooooooooooooo

  2. නිරෝෂ්

    ස්තුතියි මයුර.ජය වේවා !

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  5. කේ.යූ.ජී. උදාර

    දෙනකම් ඇහැ තියාන බලන් උන්නු ‍ෆිල්ම් එකක්..............
    සිංහල සබට බොහොම ස්තූතියි මයුර.

  6. නලින්

    ස්තුතියි මයුර සහෝ...

    ජය වේවා!

  7. prabuddha

    tnx saho sub akata..dhanushge maari filumet dvdrip avit...puluvannam ake sub aka deyan hode..

  8. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  9. Tharaka

    මේ ෆිලුම නම් අනිවා බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.

  10. Kulanjana Maduranga

    niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. නෙල්සන්

    Good Work Friend, Thanks!

  12. thisal

    ස්තුතියි මයුර.ජය වේවා !

  13. “චූටී මල්ලි”

    meikat aniwaa blnna oni
    tnxz

  14. Amil

    Thanks Macho Sub ekata...

  15. indika

    Thn Q :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. yeshu

    tnx

  18. darshi

    thanks dear

  19. palitha de silva

    thank you very much......

  20. Shesh

    Thanks Bro

  21. Haritha

    Patta storiyak!! Thnx sub ekata saho.... :)

  22. Rama

    ela ela

  23. sapuml

    lassna film ekak wage. thanx machan. :D

  24. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි උපසිරසියට

  25. Thisara Neo

    thanks

  26. chami

    Thank you very much...

  27. Nirmala

    සහෝදරය,
    මෙම නිර්මානය ගැන හඳුන්වාදීම........... ගැන හද පිරි සතුට ප්‍රකාශ කරමි.
    ඇත්තෙන්ම විශිෂ්ඨ චරිතයක්, නිපයුමක්.
    විශේෂයෙන්ම සැබෑ චරිතය අදහාගත නොහැකි තරම්ය.............

  28. Suranga

    Thank you very much…

  29. Suranga

    Thank you very mucho ..............................
    ela ela

  30. අසිත

    elama saho thanks

  31. අබා

    ස්තුතියි උපසිටසියට.....!!!!

  32. wcr

    Thank you!