Watch Trailer

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ [සිංහල උපසිරැසි] [HQ HDRIP Update}

Manjummel Boys (2024) Sinhala Subtitles ආයුබෝවන් අපේ රසිකයින්ට. මෙන්න ඔයාල බලා සිටි ඒ සුවිශේෂී චිත්‍රපටය අද OTT Release උනා. මීට කලින් මම සමහර රසිකයින්ගේ ඉල්ලීම මත මේ චිත්‍රපටයේ කැමරා කොපියකට තාවකාලිකව සබ් එකක් දුන්නා. ඒ ඉතින් මේක බලන්න හදිස්සිම කට්ටියට. සමහරුඒක බැලුවට ගොඩ දෙනෙක් HD කොපියක් එනකල්ම…

Manjummel Boys (2024) Sinhala Subtitles

ආයුබෝවන් අපේ රසිකයින්ට. මෙන්න ඔයාල බලා සිටි ඒ සුවිශේෂී චිත්‍රපටය අද OTT Release උනා. මීට කලින් මම සමහර රසිකයින්ගේ ඉල්ලීම මත මේ චිත්‍රපටයේ කැමරා කොපියකට තාවකාලිකව සබ් එකක් දුන්නා. ඒ ඉතින් මේක බලන්න හදිස්සිම කට්ටියට. සමහරුඒක බැලුවට ගොඩ දෙනෙක් HD කොපියක් එනකල්ම ඉවසලා හිටියා. ඇත්තටම මේක කොලිටි එකත් එක්ක බලන්න ඕනෙ ෆිල්ම් එකක්. බලපු අයත් ආපහු බලන්න. පාඩුවක් නෑ. ඔන්න එහෙනම් අද මම HD කොපියට උපසිරැසිය යාවත්කාලීන කලා. ප්‍රේමාලු එක ඉතා ජනප්‍රිය උනා නම් ඉන්දියාවෙන් බිහි උන හොඳම survival drama එකක් වන මේ චිත්‍රපටය ඊටත් වඩා ජනප්‍රිය වෙන්න ඕනෙ බාල මහළු හැම කෙනා අතරම.

Manjummel Boys (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටිය ගැන නම් අමුතුවෙන් රසිකයින්ට කියන්න ඕනෙ නෑ. මුලින්ම කියනව නම් මේක තමයි මලයාලි ඉතිහාසෙ එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. මලයාලි චිත්‍රපටයක් ඉන්දියානු රුපියල් කෝටි දෙසීය පන්නපු පළවෙනි අවස්ථාව.මේ වෙන කොට ඉන්දියානු රුපියල් කෝටි 236ක් ආදායම් ලබල තියෙනවා. කේරළය වනාහී සාපේක්ෂව අඩු ජනගහනයක් නැත්තම් අපේ රටේ ජනගහණයට මදක් වැඩි කෝටි තුනහමාඅරක විතර ජනගහණයක් ඉන්න කුඩා ප්‍රාන්තයක්.අසල් වැසි දකුණු ඉන්දියානු ප්‍රාන්ත වන තමිල්නාඩු, ආන්ද්‍රා,කර්ණාටක ප්‍රාන්ත වල ජනගහනය ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් වෙනවා. ඒ නිසා කෝටි 100ක ආදායමක් එනව කියන්නෙ ඔවුන්ට ලොකු ගාණක් නොවුනත් කේරළයට කෝටි 50 පන්නනව කියන්නෙත් ලොකු ආදායමක්. ඒත් කෝටි 20 ක බජට් එකකින් කරපු මේක මේ වෙන කොට කෝටි 250ක ආදායමකට ළං කරලා. මලයාලියො දැන් වැඩි වැඩියෙන් තමන්ගෙ සීමාවෙන් ඔබ්බට සිනමාව අරන් යන බවක් පේන්න තියෙනවා. සමස්ථ වශයෙන් 2024 මුල් කාර්තුව තුල ඔවුන් කෝටි 950ක සමස්ථ ආදායමක් හෙව්වේ තවත් විශාලතම සිනමා කර්මාන්තයක් වන බොලිවුඩයට පමණක් දෙවෙනි වෙලා. විශේෂයෙන්ම හිතලම හෝ නැතුව ඔවුන් මේ වැඩි ආදායම් ලාභී චිත්‍රපට රූ ගත කලේ හා ඊට පසුබිම් කතා පුවත නිර්මාණය කලේ කේරළයෙන් පිටත. ප්‍රේමාලු ආන්ද්‍ර, මන්ජුමෙල් බෝයිස් තමිල්නාඩු, ආවේශම් කර්නාටක සහ ආඩුජීවිතම් මැද පෙරදිග පෙදෙස් වල. මේ නිසා ඒ චිත්‍රපට ඒ ඒ ප්‍රාන්ත වල ඉතා ජනප්‍රිය උනා. මේ චිත්‍රපටය තමිල්නාඩුවෙ මේ කාර්තුවෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය උනේ ආයාලන්, කැප්ටන් මිලර් වගේ විශාල දමිළ නිශ්පාදනද අභිබවා ගිහින්. හේතුව පස්සෙ තේරෙයි. කොහොම උනත් මොලිවුඩය මේ කාලෙ දියත් කරන බොක්ස් ඔෆිස් පෙරහරේ හටියට මේ වාර්තා කොපමන කලක් රැඳී තියෙයිද කියන එක ප්‍රශ්ණයක්.

Manjummel Boys (2024) Sinhala Subtitles

survival drama ඝනයට වැටෙන මේ චිත්‍රපටය ගැන අපූරු තොරතුරු ටිකක් කතා කරමු. ජාන් ඊ මන් අධ්‍යක්ෂණය කරපු චිදම්බරම්ගෙ දෙවන චිත්‍රපටය තමයි මේක. සුපිරි නළු සෞබින් සුහේර් සහ ශ්‍රීනාත් බාෂි සමග තවත් යොවුන් නළුවන් පිරිසක් තමයි මේකෙ රඟපාන්නෙ මේකට පසු බිම් වෙන්නෙ ඇත්ත සිද්ධියක්.

Manjummel Boys (2024) Sinhala Subtitles

වර්ෂ 2006 දි කේරළයෙ කොචි ප්‍රදේශයේ මංජුමාල් (මංජුමෙල්) නම් කුඩා නගරෙක ක්‍රීඩා සමිතියක තරුණයො කණ්ඩායමක් ට්‍රිප් එකක් යනවා. ඒ තමිල්නාඩුවෙ කඳුකර පෙදෙසක් වන කොඩෙයිකානල් කියන ප්‍රදේශයට.එහි තිබෙන ‘යකාගෙ කුස්සිය’නමින් කලින් හඳුන්වනු ලැබූ පසුව ගුණා කේව්ස් නම ලැබුන ගුහා සංකීර්ණයක් නරඹන්න මේ පිරිස යනවා.1991 දි කමල් හසන් රඟපාපු ගුණා නැමැති එකල ජනප්‍රිය උන චිත්‍රපටයෙ එක් ජනප්‍රිය ගීතයක් (කන්මනි අන්බෝඩු කාදලන්) රූ ගත කරන්නෙ මෙතන. ඒ නිසාම මෙතනට ගුණා කේව් කියන නම පට බැඳෙනවා.තරුණ පිරිස යන්නෙ ඒ ස්ථානය බලන්න. එහි ඇති නතුරු දායක තත්වය මත එතන තහනම් ප්‍රදේශයක් කර තිබුනත් මේ කෙළිලොල් තරුණයින්ට ඒක බාධාවක් නෙමෙයි.ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇයි අනතුරු දායක කියල හොයල බලන්න එපායැ.

Manjummel Boys (2024) Sinhala Subtitles


ගුනා 1991 චිත්‍රපටියෙ පෝස්ටරයක්

ඇත්ත මංජුමාල් කොල්ලොයි(එදා) නළු මංජුමාල් කොල්ලොයි

ඇත්ත මංජුමෙල් කොල්ලෝ දැන්.මෙහි මයික් එක අල්ලන් ඉන්නේ කුට්ටන්,ඔහුට දකුණු පසින් සුභාෂ්

Manjummel Boys (2024) Sinhala Subtitles

ඉතිං එතනදි යම් සිදුවීමක් සිදු වෙනවා.ඒ සිදු වීම අවසන් වෙන්නෙ කොල්ලො ටිකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා.ඒ කාලෙ සමාජ මාධ්‍ය එතරම් ජනප්‍රිය නැති නිසා මේ සිද්ධිය දැන් වගේ වයිරල් වෙන්නෙ නෑ.කාලයත් එක්කම කතාව යටපත් වෙලා ගියත් කිහිප දෙනෙක්ම ඒක සිනමාවට ගේන්න තැත් කරනවා. ඒත් ඒක සාර්ථක කර ගන්නෙ චිදම්බරම්. ඉතිං දැන් ඔයාලට තේරෙනව ඇති ඇයි තමිල්නාඩු ජනතාව ආදරයෙන් මේක වැලඳ ගන්න හේතුව.මේක වැඩිපුර රූප ගත වෙන්නෙ තමිල්නාඩුවෙොවුන් ආදරය කරන කමල් හසන් සහ ගුනා මේකට පසුබිම් වෙනවා.කමල් හසන් මෙන්ම රජ්නිකාන්ත් පවා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විශාල ප්‍රසංශාවක් දෙනවා.ඇත්තම කියනවා නම් චිත්‍රපටයක් නිකම් ජනප්‍රිය වෙන්නෙ නෑ. ඒත මේකෙ ත්‍රාසය, කුතුහලය නොඅඩුව රඳවාගෙන ඉතා තාත්විකව ඉදිරිපත් කරනවා. අපිට උනත් හිතෙන්නෙ අපේ කතාවක් වගේ දැනෙනවා.

Manjummel Boys (2024) Sinhala Subtitles

චිත්‍රපටයෙන් පස්සෙ ජනප්‍රිය ඒකෙ පරණ කතාව නැවත උඩට ඇවිත් ඒ ඇත්ත තරුණයින්ටත් එදාටත් වඩා සෑහෙන ප්‍රසිද්ධියක් එනවා. ඔවුන් දැන් නිතරම විවිධ මාධ්‍යය ඔස්සේ දැක ගන්න පුළුවන් ඔවුන්ගේ සත්‍ය කතා පුවතත් එක්ක.අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයින්ට රහසක් ඉතුරු කරමින් කරපු අපූරු වැඩක් පසුව හෙළි උනා. ඒ තමයි ඒ ඇත්ත මංජුමෙල් කොල්ලො ටිකත් මේ චිත්‍රපටයෙ එක දර්ශනයකට සම්බන්ධ කර ගැනීම. මුල් හරියෙ මංජුමෙල් කොල්ලො එක්ක මගුල් ගෙදර වළියක් දා ගන්නෙත් ඊට පස්සෙ උන් එක්ක කඹ අදින්නෙත් මේ ඇත්තම මංජුමෙල් කොල්ලො ටික තමයි. ඒක කොයි වෙලාවෙදිවත් කිය වෙන්නෙ නෑ. ප්‍රේක්ෂකයින්ම තමයි හෙලි කර ගන්නේ. ඒ වගේම තමිල්නාඩුවෙ දැන් ගුණා චිත්‍රපටයට නැවත තිර ගත කිරීමකට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා කියලත් ආරංචියි.

Manjummel Boys (2024) Sinhala Subtitles

ඉතිං තව විස්තර අවශ්‍ය නෑ, බලන්න හදිස්සි නිසා නවතින්නම්. අපි මහන්සි වෙලා ඔබට කිසි ආර්ථික වාසියක් නොමැතිව නොමිලේ තිළිණ කරන මේ සබ් කරුණාකර අපේ වෙබ් අඩවි වලම නරඹන්න සහ අනිත් අය ඒ සඳහා යොමු කරන්න. කාලකන්ණි එෆ් බී හිඟන්නො හෙට අනිද්ද වෙනකොට අපේ මහන්සිය පැහැර ගෙන උන්ගෙ වගේ ඉදිරි පත් කරයි. කොහොමත් ඔබ අපට දෙන ධෛර්‍යය නොවන්නට අපි බොහෝ දෙනෙක් මේ කාර්‍යයෙන් ඉවත් වෙලා.

Manjummel Boys (2024) Sinhala Subtitles

අවුරුදු කාලෙ තවත් නව උප සිරස කීපයකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

29,790 downloadsDownload Manjummel-Boys-2024-1-1.zip103 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manjummel Boys (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

29,790 downloadsDownload Subtitles103 KB

55 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. kesh

    Well done looking forward for this since its been released

  3. Netflix පිස්සා

    Yo yo bandula brother, original awama balanawa update karanna, thanks a lot bro...

  4. lakmal

    godak thanks brother !!

  5. Buddhika Lakmal

    එළ එළ බන්දුල බ්‍රෝ...
    ඔිජිනල් ආපුහමම බලනවා..
    ආපුගමන් අප්ඩේට් එකක් ඕනේ....
    තැන්ක් යූ සබට

  6. Anonymous

    original aka awa bro akata sub aka update karanna puluwanda?

    1. BANDULA K

      Updated

  7. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  8. Krishan gayantha

    thanks baiscope team

  9. jeewa

    Sub එකට ස්තූතියි සහො

  10. Hasitha

    Enakan hitiye elama
    Ghilli ekata HD rip sub denna plz
    Baiscope team plz

  11. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනටම අරගෙන ආවට
    ජය වේවා!

  12. Krishantha Kumara

    Thank you very much for this great work...

  13. Hashan

    Thanx for thesub broo....❤️❤️

  14. bandu

    thanks sub ekata,great work. very well done.

    1. SJ

      Thanks for the sub bro❤

  15. Buddhika Lakmal

    අප්ඩේට් එකට තෑන්ක්ස් බන්දුල සහෝ.....
    කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ මූවි එකට සිංහල උපසිරැසිය ගේනවට බොහෝම ස්තූතියි සහෝ…

  16. jazz

    බොහෝම ස්තුතියි.

  17. රංගික සිනෙත් කාරියවසම්

    අප්ඩේට් එකට බොහොම ස්තුතියි බන්දුල අයියා. ඇත්ත යුටියුබ් හා ෆේස්බුක්෴ හිගන්නො වැහි වැහැලා.

  18. Kavindu Nethmina

    Sub ekata thanks bro

  19. lahru

    elakiri boyzzz

  20. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  21. Anonymous

    good work.thank you

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට.....

  24. Isha

    Ane sub eka unzip karaddi error ekak enwane..

    1. විමා - Admin

      එහෙම අවුලක් නැහැනේ

  25. Dassa

    ❤️

  26. Thusitha

    බොහොම ස්තුති ..

  27. Anonymous

    Sub eka niyamai.thanz ayya

  28. kamal

    superi..

  29. Anonymous

    Thanks bandula ayye

  30. Thimira955

    Tanx bro

    1. US Rush

      Baiscop....
      Crew 2024 movie එකට sinhala subtitl dennako

  31. Nuwan

    Thanks bro

  32. Sajith Saranga

    ලස්සන කතාවක්. ලස්සන වැඩක්. එකට සබ් එක දීපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

  33. Anonymous

    සුපිරි film එකක්
    thanks

  34. priya

    සුපිරි film එකක්
    thanks

  35. Nish

    විස්තරේටයි සබ් එකටයි තෑන්ක් යූ බ්‍රෝ

  36. Ransara mcg

    sub ekanam supiriyi bn.puluwannam HDRip walata dennathu webrip,lueray,brrip walatawath su eka hadanna.mekata galapenna hdrip ekak bagena baluwa.sound awul bn.HDrip,dvdrip nathuwa ona ekak.anyway thanks bosa.english sub ekka balana ekata wada sinhala sub ekka balddi agata daneno.loku udawwak.thank you bn.

    1. විමා - Admin

      තවම ඇවිල්ල තියෙන්නේ HQ HD = Web කොපිය විතරයි මචෝ.
      මීවයේ BR එන්නේ නැති තරම්.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Chanuka

    Supiriyak thank you bro!!!!!

  39. kolitha

    Thank you very much for this.

  40. viraj

    thanks............

    1. Roshan

      ගොඩක් ස්තුතියි ......
      පුලුවන්නම් Rameshan oru peralla / mariyam vannu vilakkoothi / paapam cheyyathavar ෆිල්ම් වලට සිංහල සබ් එක දෙන්න..ඒ ටික ලස්සන ෆිල්ම් ටිකක්...

  41. Chanaka Sangeeth

    Thank you

  42. Sheril Mayantha

    anthimata dala thynna wachchana tikata duka hithuna. aththamta godak aya subtitles horakam karala edit karala unge wage dannawa. digatama wade karapan mcho. ubala nisa thamai api mehema hari film ekak balanne asawen. free sub denna eka gana aththama agaya karanna oni deyak. mahansi wela sub eka hadala apita dennawta. wada 1000k thiyagena. mokada ubala sub haduwa kiyala salli hamba wenne nane. again and again thank you so much. please don't give up on this. hats off for you guys!!!

  43. ashan

    thanks

  44. Dj ISHAN MADURANGA

    good jjob bro

  45. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  46. Pasindu Sandaruwan

    Thank you

  47. Isuru weerakkodi

    Super and thank you

  48. vir

    thank you machan!

  49. Ruchira

    Thanks for the sub!!!