Watch Trailer

Godzilla Minus One (2023) Sinhala Subtitles | ගොඩ්සිලා මයිනස් වන්… [සිංහල උපසිරසි] *BR Update*

Godzilla Minus One (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තමා මේ උපසිරැසයක් රැගෙන එන්නෙ. ඒකත් මේ වසරේ නිකුත් වෙච්ච බ්ලොක්බස්ටර් චිත්‍රපටයක්. පෞද්ගලිකවම ගත්තොත්, මේක තමයි මම මේ වසරේදී නරඹපු දැවැන්තම සිනමා කෘතිය. එහෙනම් අපි දැන් කතාවට පැත්තට හැරෙමුකො. මේ වෙද්දී හැමෝම දන්නවා ඇතිනේ ගොඩ්සිලා…

Godzilla Minus One (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තමා මේ උපසිරැසයක් රැගෙන එන්නෙ. ඒකත් මේ වසරේ නිකුත් වෙච්ච බ්ලොක්බස්ටර් චිත්‍රපටයක්. පෞද්ගලිකවම ගත්තොත්, මේක තමයි මම මේ වසරේදී නරඹපු දැවැන්තම සිනමා කෘතිය. එහෙනම් අපි දැන් කතාවට පැත්තට හැරෙමුකො.

මේ වෙද්දී හැමෝම දන්නවා ඇතිනේ ගොඩ්සිලා ගැන. ඒ හින්දා මම වැඩිය ඒ ගැන කතා කරන්න යන්නෙ නැහැ. අපි මේ වෙද්දී බලාගෙන යන්නෙ වගේම සාමාන්‍ය මට්ටමක ෆෑන් බේස් එකක් ඉන්නෙ Legendary ආයතන මගින් නිකුත් කරන Monsterverse එකටයි. ඉතින් මේ Franchise එහෙහි මීළඟ චිත්‍රපටය වන Godzilla Vs Kong The New Empire ලබන වර්ෂයේදී අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඉතිං මේ වෙද්දී නිකුත් වෙන Monsterverse හි චිත්‍රපට අද වනවිටත් නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම්, මේ පහළින් සඳහන් කරන චිත්‍රපට කිහිපය බලාගෙන එන්න පුළුවන්.

1.Godzilla (2014)

2.Kong Skull Island (2017)

3.Godzilla King Of Monsters (2019)

4.Godzilla Vs Kong (2021)

5.Monarch Legacy Of Monsters (2023) – TV SHOW

ඉතින් ඔන්න ඔය පිළිවෙලට තමයි මේක යන්නෙ. මීට අමතරව ඔබට Godzilla (1998) දී නිකුත් වෙච්ච චිත්‍රපටය සහ Skull Island කියන ඇනිමේෂන් කතාමාලාව නරඹන්න පුළුවන්. හැබැයි දැනට Legendary සමඟ යන Monsterverse එකට මේවා එතරම් අදාළ වෙන්නෙ නැහැ. ඔන්න ඔහොම තමයි මේක කන්ටිනිව් වෙන්නෙ. 

ඒවගේම තමයි මෙහෙදී වෙනත් පැතිකඩකුත් තියෙනවා. ඒ කියන්නෙ ගොඩ්සිලා කියන චරිතයට සම්පුර්ණ අයිතිය හිමිව තියෙන්නෙ Toho කියන සමාගමට. සරලවම කිව්වොත් මෙය ජපානයට අයිති භාණ්ඩයක්. ඉතින් ඇමෙරිකාව කරන්නෙ විකාශන අයිතිය අරගෙන එයාලට හරියන විදියට ගොඩ්සිලාව නිර්මාණය කරන එක විතරයි. මෙය අනෙකුත් චරිත වලටත් අදාළ වෙනවා. ඉතින් මේ වෙද්දී මං හිතන්නෙ නැහැ ජපානය මගින් නිර්මාණය කරපු මෙම ගොඩ්සිලා චිත්‍රපට බලල ඇති කියලා. එහෙනම් උඩ කළා වගේම ඒ ටිකත් මෙතනින් සඳහන් කරන්නම්.

1.Godzilla (1954)
2.Godzilla Raids Again (1955) 
3.King Kong vs. Godzilla Produced ( 1962)
4.Mothra vs. Godzilla (1964) 
5.Ghidorah, the Three-Headed Monster (1964)
6.Invasion of Astro-Monster (1965)
7.1966 Ebirah, Horror of the Deep (1966)
8.Son of Godzilla (1967)
9.Destroy All Monsters (1968)
10.All Monsters Attack (1969)
11.Godzilla vs. Hedorah (1971)
12.Godzilla vs. Gigan (1972)
13.Godzilla vs. Megalon (1973)
14.Godzilla vs. Mechagodzilla (1974)
15.Terror of Mechagodzilla (1975)
16.The Return of Godzilla (1984)
17.Godzilla vs. Biollante (1989)
18.Godzilla vs. King Ghidorah (1991)
19.Godzilla vs. Mothra (1992)
20.Godzilla vs. Mechagodzilla II (1993)
21.Godzilla vs. SpaceGodzilla (1994)
22.Godzilla vs. Destoroyah(1995)
23.Godzilla 2000: Millennium (1999)
24.Godzilla vs. Megaguirus (2000)
25.Godzilla, Mothra and King Ghidorah: Giant 26.Monsters All-Out Attack (2001)
27.Godzilla Against Mechagodzilla (2002)
28.Godzilla: Tokyo S.O.S. (2003)
29.Godzilla: Final Wars (2004)
30.Always: Sunset on Third Streeet 2 (2007)

31.Shin Godzilla (2016)
32.Godzilla: Planet of the Monsters (2017)
33.Godzilla: City on the Edge of Battle (2018)
34.Godzilla: The Planet Eater (2018)
35.Godzilla Minus One (2023)

ඔන්න ඔය විදියට තමයි ඒ ජපාන චිත්‍රපට ටික එන්නේ. එහෙනම් ඉතින් කැමති කට්ට්යක් ඉන්නවා නම් මේ ටික නරඹන්න පුළුවන්, එහෙම නැති වුණත් කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ මේක බලද්දී හැබැයි. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

වර්ෂ 1945 කමිකසි නියමුවෙක් වන සරලවම කිව්වොත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙක් වන ෂිකිෂිමා තමන්ගෙ හිතේ තියෙන මරණ බයට තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා ඕඩො දුපතට පිට වෙලා යනවා. හැබැයි ඔහු ඒ ගිය දවසෙම වගේ ඇති විශාල මීට පෙර දැක නොතිබූ මුහුදු සත්වයෙක් ඇවිත් පහර දෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න ගොඩ්සිලා. ඉතින් මෙහෙදිත් ෂිකිශිමා කිසිවක් නොකර තමන්ගෙ රාජකාරිය පැහැර හරිනවා. ඊට පස්සේ මෙම සිදුවීමෙන් පසුව ඔහුගේ ගම බලා යද්දී තමන්ගෙ කියන සියලුම දේවල් නැති වී හමාරයි. අම්මා තාත්තා ගෙවල් මේ සියළු දෙයක්ම. ඉතිං නැවත අවුරුදු ගණනාවකට පස්සෙ ගොඩ්සිලා නැවත පැමිණෙනවා හැබැයි මේ වෙද්දි ෂිකිශිමාට වගකීමක් තියෙනවා ඒ තමා පවුල මොන දෙයක් හරි කරලා රැකගන්න එක. ඉතිං ඔහුට එය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? බලලම දැනගන්නකො එහෙනම්, මෙය මාස්ටර්පීස් එකක් වෙනවා නොඅවුමානයි.

 

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

27,888 downloadsDownload Godzilla-Minus-One-2023-BR-1.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

27,888 downloadsDownload Subtitles71 KB

44 comments

  1. Tirushan

    සබ් එකට තැන්ක්ස....napoleon 2023 එකට සබ් දෙන්නෙ නැද්ද බ්‍රො..original copy ඇවිදින් දැන් ගොඩක් කල්නෙ

    1. Hiran Ganepalla

      Director Cut එක ආවට පස්සේ දෙන්නම්

    2. නුවන් අසේල

      තැන්ක්ස් මචෝ උපසිරැසියට

  2. Sathsindu Adhisha

    thanks bro :)

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    original ආවොත් අප්ඩේට් එකක් ඕනා...

  4. Randi Jay

    elama.. meka tv series ekata conection ekak nedda,.?

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රුක්ෂාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Sanuk

    Thanks For the Sub

    1. Nirosh

      Exhuma film ekata sub dennako

  7. supun

    me wage cam copy walata sub denna epa bn. 2.3GB patta aparade. baiscope eken chater quality ewata sub danne nathi nisai download kale. dan e quality eka nathi wela baiscope eke

    1. Hiran Ganepalla

      සබ් එක දීලා තියෙන්නේ කැම් කොපියට කියලා සදහන් කරලා තියෙනවනේ. කැම් කොපි වලට සබ් දීලා තියෙන්නේ හොද කොපි එනකන් ඉවසගෙන ඉන්න බැරි අයට බලන්න. ඉතින් දීලා තියෙන කොපිය මොකක්ද කියලා ඔයාට කියවලා තේරුම් ගන්න බැරිනම් අපිට ඒකට කරන්න දෙයක් නෑ.

    2. Nishan S Ariyarathna

      X men 97 Sub dennako yalu ❤️

  8. Anonymous

    where i can download film

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් බාගන්න සහෝ.

    2. Nishan S Ariyarathna

      X men 97 2024 sub dennako❤️

    3. Janith

      Knuckles ithuru ep 3 sub eka one :)

  9. Ravindra

    Thanks

  10. Madusha

    බොහොම ස්තූතියි

  11. Agent 47

    Thanks macho

    .....

  12. Viraj

    Thanks

  13. Madushan

    Updated sub set wenne ne ne..??

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  15. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  16. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  17. Anonymous

    Psa Rip Walata Sub Set wenne na

  18. Indi

    Thank You

  19. Hashan

    Thanx for the sub broo....❤️

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  21. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ අප්ඩේට් එකට...
    ජයවේවා........

  22. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා.. ❤️

  23. Dewadithya

    Thanks for Sub!

  24. ASK

    BR සබ් එක සෙට් නෑනෙ යාලුව... සයිට් එකේ දීල තියෙන ෆිල්ම් එකට...

    1. විමා - Admin

      ආයේ බලන්න සහෝ

  25. ASK

    මේ දීල තියෙන සුබ් එක සෙට් නෑනෙ විඩියො එකට... ඇයි මෙ කමෙන්ට් ඩිලිට් කරන්නෙ...

  26. ASK

    අහ් දැන් සුබ් එක සෙට් වෙනව... තෑන්ක්ස් යාලුව... කලින් කමේන්ට් එකට සොරි...

  27. Anonymous

    Thanks Brother

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  29. Anonymous

    thanks bro!!

  30. Tharindu

    Thank you machooo...!!!! Jayaweva....!!!

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Anonymous

    Thanks bro..

  33. SUNI

    TYHANKS

  34. nirosh42

    thanks

  35. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.