සමාවෙන්ඩ ඕන! දහස් වාරයක් සමාවෙන්ඩ ඕන! ගිය අවුරුද්දේ බොලිවුඩයෙන් ආපු හොඳම ආදර කතාව ගේන්න මෙච්චර පරක්කු උනාට. හොඳම සිනමා අත්දැකීමක උපසිරැසිය ගේන්න මෙච්චර ප්‍රමාද වුණාට. සමාවෙන්ඩ! ඔව්.. මේක ආදර කතාවක්, හොඳම ආදර කතාවක්, කිසිම ඇදයක් පලුද්දක් හොයන්න බැරි තරම් සුපිරි ආදර කතාවක්, හැබැයි බහුතරයක් හොයන ඒ “ආත…

සමාවෙන්ඩ ඕන!
දහස් වාරයක් සමාවෙන්ඩ ඕන!
ගිය අවුරුද්දේ බොලිවුඩයෙන් ආපු හොඳම ආදර කතාව ගේන්න මෙච්චර පරක්කු උනාට.
හොඳම සිනමා අත්දැකීමක උපසිරැසිය
ගේන්න මෙච්චර ප්‍රමාද වුණාට.
සමාවෙන්ඩ!
ඔව්.. මේක ආදර කතාවක්,
හොඳම ආදර කතාවක්,
කිසිම ඇදයක් පලුද්දක් හොයන්න බැරි තරම්
සුපිරි ආදර කතාවක්,
හැබැයි බහුතරයක් හොයන
ඒ “ආතල්” එක දෙන්නෙ නැති කතාවක්.
“මචන්, අර සීන් එක ෂෝයි නේද?”
“මචන්, ඒ සීන් එක නම් හෙන හුරතල් නේද?”
ඔය වගේ දේවල් ඔයාලට කතා වෙන්න බැරි වෙන කතාවක්.
කතාවෙ තිත්තයි.
සුරංගනා බොලඳ දර්ශන නැති,
යතාර්තයට ගොඩක් සමීප හින්දා
කතාව තිත්තයි.
තිත්තයි කිව්වෙ බෙහෙත් නෙල්ලි ගෙඩියක් වගේ
කන්න ගත්තම ටිකක් අමාරුයි.
හැබැයි කාගෙන කාගෙන යද්දි අමෘතය පරාදයි.
කතාවෙ ප්‍රධාන චරිතය “හිත”
එහෙට මෙහෙට වැනෙන හිත.
ඊළඟ මොහොතෙ මොනා කරයිද නොදන්න හිත.
හිත වහල් වෙන හැටි,
අතරමං වෙන හැටි,
අසරණ වෙන හැටි
මොන තරම් අගේට පෙන්නලා තියේද කියනව නම්,
ඔයාට මේක ඔයාගෙම කතාව කියලත් හිතෙයි.
ඊළඟ මොහොතේ මොනා වෙයිද කියලා හිතාගන්න බැරි වෙන්නෙ, අබිරහස් කතන්දර වල විතරක් නෙමේ. සමහර ආදර කතා පවා එහෙමයි. මේත් එහෙම කතාවක්.
අවවාදයයි:
“ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ” කියලා හිතන්න නම් ඉක්මන් වෙන්න එපා.
කතාවෙ චරිත තුනයි.
රූමි, විකී, රොබී..
ඔයාලා මේ චරිත තුනට තුන් විදිහකට ආදරේ කරයි.
තුන් විදිහකට වෛර කරයි.
මොන දේ කරත්
ඒ චරිත තුන ඔයාලට කාලෙකට අමතක කරන්න නම් බැරි වෙයි.
අමතක කරන්න බැරි එච්චරද?
නෑ, හිත පිස්සු වට්ටන සංගීතය.
බොහෝදුරට වසරේ සාර්ථකම ගීත ඇල්බමය
කනට මී පැණි වක්කරනවා වගේ තියෙයි.
මෙච්චර දේවල් කියලත් බලන්න හිතෙන්නැද්ද?
එහෙනම් මං කිව්වොත්,
මේක අනුරාග් කාශ්‍යප්ගෙ අධ්‍යක්ෂණයක් කියලා?
සුන්දර තාප්සි පන්නු, අභිෂේක් බච්චන් සමඟ
විකී කෞශාල්ගේ අතිදක්ෂ රංගනයෙන් හැඩගැන්වුනු එකක් කියලා?
මනාප 4000 ඉක්මවලා 6.9ක අගයක් ගත්තු චිත්‍රපටියක් කියලා?
ආයෙ මොනවා කියන්නද? අවශ්‍ය කරන කරුණු කාරණා සේරම සපුරලා තියේ නම් තවත් හිතන්නෙ මොකටද? ඔයාලට ඉඩ දීලා යන්නම් එහෙනම්. අනතුරක් අඟවන්නම්, මේක බලන අතර තාප්සි පන්නුට හිත ඇදිලා යන්න තියෙන අවදානම බොහොම වැඩියි. ඉතින් කියන්න කැමතියි එයා මගේ කියලා. කෙල්ල හරිම දක්ෂයි, රූමි කියන චරිතය ටික දවසක් යනකම් දිරවගන්න කෙල්ල ඉඩ තියන එකක් නම් නෑ. එහෙනම් සමුගන්නවා, මේ බෙහෙත් නෙල්ලි ආදර කතාව රස විඳින්න ආරාධනය කරන ගමන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,884 downloadsDownload Manmarziyaan-2018-1.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
52 comments
Chathu_OO
rangika Kariyawasam
එහෙනම් ආසන පටි තදකලා... තද කොර මයුර සහෝ.ජය ජය
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Krishan NiShalya
♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕
අවවාදයයි:
“ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ” කියලා හිතන්න නම් ඉක්මන් වෙන්න එපා.
අම්මෝ ඒක ♥♥♥♥
බොහොම ස්තුතියි
*•.¸♡ T♥a♥a♥p♥s♥e♥e♥ ♡¸.•* ඉන්නවනම් ඕනේ එකක් ♥♥♥
(✿◠‿◠)
♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕♕
Krishan NiShalya
Taapsee ව දෙන් නෑ
මයුරMayura
ඩේයි
Krishan NiShalya
ඇයි ඇයි
Mayura
මරාගෙන මැරෙන්නේ
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
dulakshitha
thanx bro
dsdkavishka
Thenks for sub
BTC
Thank you bro...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!චානක ඉඳුනිල්
Thanks for sub...
ලිපිය නිසාමයි ෆිලුම බලන්නෙ,
සුපිරි වැඩක්.Nuwandika Dil
Elo
Kulanjana Maduranga
subata thanks
Nilanka.Caldera
තාපසි ඉන්න ෆල්ම් එකක් නොබලා පුලුවන්ද bro..
MudithaDissanayaka
thanks masuraj
indika75
thanks..
Ravi28
Thanks bro
Suranjan
Thanks machan.....jayawewa.....!
Haritha245
THANK YOU ....!!!!!
N_R
Thank You.
thilz
Thank you very much
darshana100
thanks saho kohoma hari dunanne akai watinn
yeshu
tnx
Madhu_Akarsha
Thanx for the sub
sandulajeewantha
Film link
යුරාන් ධනුක
අම්මෝ ලිපිය.... :P
මේක කියෙව්වම කොහොමෙයි නොබල ඉන්නේ
නෙල්ලි බෙහෙත බීලම බලමු..
බොහෝම ස්තූතියි මයුර සහෝ.. ජය ...!!! :DSaranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ashmoon
Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
pamudujayasinha
Thanks bro sub ekata
lahiru sadaruvan
thank you so much brother
Cool_maths
Tnx bro sabata..
D.Chamara
bohoma sthuthi
ravindutb
Thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!Mangala
Mayura suraj THANKS THANKS THANKS issellama ubata sthuthi karala inna one sub ekath ekka dunna lipiyata mama issara hindi film pissek kochchara hindi film belueada kiyanawanam mamawath danne ne mata hindi katha karanna puluwan kiyala pitarata job ekakata yanakan eth den ko e hindi sinamawa ube lipiya dekala nikamata download kare kalekata passe asdekata kadulak awa film ekak balala THANKS ayeth. meka baladdi mata mathak une HAM DIL DECHUKE SANAM film eka music patta wikara liyanawada manda mama. denui meka beluwe hithata awa mekata comment ekak danna one kiyala ekai demme.THANKS
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharakamadhumal
Ela bro
melinda
thank you
sahancharuka
Thank You!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!abheetha
Elaaaa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
prpibandara
Thanks
Sonta123max
මටත් ආසයි සබ් කරන්න ඒත් දන්නෙ නෑනෙ කොහොම උනත් tnx for the subtitle
thara_sam
bohomathma sthuthi....
Lasantharathnasirirox
මයුර සහෝ ස්තුතිවන්ත වෙනවා ඔබටත්....ඉදිරි වැඩකටයුතුවලටත් ජයවේවා !!
Manohari w
bohoma sthuthi.. jaya wewa..
Sahan Gayantha
thanks a lot saho sub ekata..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම තව මේක බැලුවේ නෑ මට හිතෙන්නේම මගේ ජීවිත කතාව මෙතැන ඇතියි කියලා...
කතාව බලලා එන්නම්...