Watch Trailer

22 Chaser (2018) Sinhala Subtitles | මුදල් තියෙන්නේ පාරේ. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේ…

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම, පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනොත් සමාවෙන්නඩ ඕනි.මේක කරන්න කියලා බාරදුන්න “හසන්ත වික්‍රමරත්න” සහෝදරයත් මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ.

එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු. බෙන් කියන්නේ ට්‍රක්රථ රියදුරෙක්. නිකන්ම ට්‍රක්රථ රියදුරෙක් නෙවෙයි. පාරේ අනතුරට පත්වුන වාහන, අලුත්වැඩියාවට ගරාජ් වලට අරන් යන එක තමයි මෙයාට කරන්න තිබුනේ, ඒත් ඒ වැඩේ එච්චර ලේසි වෙන්නේ නම් නෑ. මොකද මෙයා විතරක් නෙවෙයි ඒවැඩේ කරන්න හිටියේ තව දෙන්නෙක් එක්ක ගොඩක් තරග කාරී විදිහට තමයි මේදේ කරන්න වුනේ, අනතුර සිද්ද වුන තැනට ඉක්මණින් යන කෙනාට තමයි ඉස්සෙල්ලාම අනතුරට පත් උන වාහනේ ගෙනියන්න හම්බ වෙන්නේ, ඒත් බෙන්ට හැම වෙලාවෙම සිද්ද්වුනේ අසාධාරණය මයි, මොකද අනිත් දෙන්නාටම කලින් මෙයා එතනට ඉස්සෙල්ලාම ගියත් කොහොමහරි අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් මෙයාගෙන් ඒ අවස්තාව ලබා ගන්නවා. බෙන්ට තිබුන තවත් අභියෝගයක් තමයි එයාගේ පවුල, බෙන්ගේ බිරිඳ වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක. බෙන්ට හීනයක් තියෙනවා කවදා හරි තමන්ගේ බිරිදටම කියලා රෙස්ටුරන්ට් එකක් දාලා දෙන්න. ආ කියන්න අමතක වුනා බෙන්ගේ පුතාගේ උපන් දිනේට බයිසිකලයක් අරන් දෙන එකත් මෙයාගේ හීනවලින් කොටසක්, ඉතින් බෙන් මේ දේවල් නිසා ටිකක් දරුණු පොලිස්කාරයෙකුගෙන් ලොකු ණයකුත් අරගන්නවා, මෙහෙම ගියොත් මට මුලු කතාවම කියන්න වෙනවා, ඉතින් බෙන්ට ඔය කියන හීන සැබෑ කරගන්න පුලුවන් වෙයිද, අර ණය අරන් තියෙන පොලිස්කාරයා බෙන්ට මොනවා කරයිද, බෙන්ගේ පුතාගේ උපන් දිනේට බයිසිකලයක් අරන් දෙන්න පුලුවන් වෙයිද, මේ දේවල් දැන ගන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට දළදා සමිදු පිහිටයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,875 downloadsDownload 22-Chaser-2018.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,875 downloadsDownload Subtitles38 KB

40 comments

  1. Kulanjana Maduranga

    g'luck 1st attempt bro...great work & lot of thanks...keep it up....

  2. gihan perera

    නියමයි සහෝ...සුභ පැතුම් පළමු උපසිරැසි දුන්නට...ස්තුතියි වෙිවා මචෝ මල්ලියේ..ජය වෙිවා...දිගටම උපසිරැසි දාමු මචෝ....

  3. sasinduchamika

    fattah macho...

  4. Rukshan37

    Ela ela

  5. Samsan jayantha

    Good

  6. CKD dass

    බොහොම ස්තුති සහෝ උපසිරැසි දුන්නට. ඉදිරියටත් උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලෑබේවා! බුදු සරණයි!

  7. AsithaDilruwan

    ela saho thanks

  8. Hashan M. Priyadarshana

    Thank you bro

  9. Enchantress

    Overload 2018 ෆිල්ම් එකේ Sub දෙන්නකො

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Bandara 1976

    Thanks Bro. for your first sub.

  12. sanjeewanavodya

    ela.. goog luke..

  13. prageeth

    thanks bro

  14. Kavindugayantha

    Elama

  15. wdijanith

    thanks broooo

  16. jagath55

    Thanks

  17. harshani11112

    ස්තුති යාලුවා....
    තෙරැවන්සරණයි

  18. Ypnr

    Thanks yalu obata jayenjayama vewa

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  20. harris

    Thanks brother

  21. Pavi

    සබ් එකට ස්තුතියි....
    ජයවේවා..
    ෆිල්ම් එක බලල ඉමු හොඳද කියන්න...

  22. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි...!

  23. suranuwan

    thanks bro......

  24. Asiri90065

    ස්තුතියි සබට සහෝ..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  27. Dhanuska Shehan

    නියමයි මචන්....

  28. Madhura prasad

    බොහෝම තුති බ්‍රෝ

  29. යුරාන් ධනුක (ධනූ)

    පලවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් !!!

  30. Pramukmili

    thanxx bro..........

  31. tv malli

    mcn bohemian rhapsody 2018 film ake sub denna puluwannda

  32. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  33. Dula95

    thanks bro

  34. MAALnath

    Thanks ................good luck ........................

  35. danithniwanthaka

    thanks bro. jaya wewa....!!!

  36. A12345

    500 mb copiyt sub set wenna

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. sampath n perera

    thanks

  39. Anonymous

    good one..thnx

  40. Anonymous

    tnx..budusaranayi obatath

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.