“ඈ කව්දෝ….? කව්රුන් වෙනුවෙන්දෝ…? කිසි දිනක සුව නොවනා තුවාල කව්දෝ ඒග…? කව්රු කියන්නදෝ..? තුවාල සුව කිරීමට විසදුම . “ ඉස්සල්ලාම කියනවා, මේක වැය කරන ඩේටා ප්‍රමාණයට සාදාරණයක් කර ඒක අපතේ නොයා බලන්න පුුලුවන් සුපිරි ඝළණයේ කොමඩි, හා ඇක්ෂන් සහිත ෆිලුමක් කියලා. ඉතින් ඉක්මනටම මේවගේ උපසිරසියකින් ඔයාලව තෘප්තිමත…

“ඈ කව්දෝ….?
කව්රුන් වෙනුවෙන්දෝ…?
කිසි දිනක සුව නොවනා තුවාල
කව්දෝ ඒග…?
කව්රු කියන්නදෝ..?
තුවාල සුව කිරීමට විසදුම . “
ඉස්සල්ලාම කියනවා, මේක වැය කරන ඩේටා ප්‍රමාණයට සාදාරණයක් කර ඒක අපතේ නොයා බලන්න පුුලුවන් සුපිරි ඝළණයේ කොමඩි, හා ඇක්ෂන් සහිත ෆිලුමක් කියලා. ඉතින් ඉක්මනටම මේවගේ උපසිරසියකින් ඔයාලව තෘප්තිමත් කරන්න හිතුවා. අද ගෙනවෙ 2018 ජනවරි 26තිරගතවීම ආරම්භ කල ඇක්ශන් කොමඩි ගනයට අයත්පවුලේසලරුවකි.මෙය අධ්‍යක්ෂක වරයා වන්නෙ G. Boopathy Pandiyan (බූපති පන්ඩියන්) ය . මෙහි රචනය බූපති පන්ඩියන් විසින් කර ඇති අතර නිශ්පාදනය මෙහි රංගනයෙන් දායක වන vimal විසින් සිදු කරයි.මෙහි කලා අධ්‍යාක්ශනය P.G. Muthiah හා Sooraj Nallusamy විසින් සිදු කර ඇත.
මේක අහම්බෙන් සබක් කරන්න ෆිලුමක් හොයාගෙන යද්දි සෙට් වුනේ, බලද්දි සබක් කරලා නැති නිසාත්, මේක බලද්දි මේකට සබ් එකක් කරන්න හිත ගියේ මේකෙ කෙල්ලගේ ඇක්ටින් ටිකයි,තියෙන ජෝක් ටිකයි බලල තමයි. අතාරින්නත් එපා, හොද ෆිලුමක් වෙයි කාලෙකින් බලන.කොහොමින් හරි සබ කරන්න ගද්දි ලයින් 3300 විතර තිබුනා, හිත ගිය නිසාම දවසින්ම ඉවර කරල දැම්මා. මේක කරන්න මට භාර දුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත් මේ මොහෝතේ මාගේ ස්තූතිය පුද කරනවා…. හොදට හිනා වෙවී වගේම දුක් වෙන්නත්වෙන සීන් තියෙනවා.
කව්ද අකමැති තමා ආදරය කරපු කෙල්ලව මග දාලා, යන්න, කව්ද අකමැති තමා ආදරය කරපු කෙල්ල වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න, ඉතින් මේකෙත් අයියගේ කෙල්ලව අයියට අයිති වෙන් නෑ කියලා මල්ලි දැන ගත්තම අයියා වෙනුවෙන් මල්ලිගේ ආදරයත් පරුදුවට තියන අවස්ථාවක්…
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩය : Action, Comedy
අධ්‍යක්ෂණය : Boopathy Pandian
නිෂ්පාදනය : Vimal
රංගන ශිල්පීන් : Vimal, Anandhi, Prabhu
කථාව රචනය : Boopathy Pandian
ධාවන කාලය : 160 minutes
තිරගත කල දිනය : 26 January 2018
සංගීතය : Jakes Bejoy
IMDB අගය : 5.4/10
මෙහි සුපිරි සංගීතය නම් කියලා නිම කිරීමට නොහැක. මෙහි සංගීතය Jakes Bejoy විසින් සිදු කර ඇත .මෙහි ඇති ගීත 6 ඇතුලත් වන අතර ඒ ගීත වෙන්නෙ.
*Ada ada
*Annana Pathi
*mama mama
*Mannar Mannar
*oru Thsttane Pole
*Vanna Vanna
එහෙනම් කථාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,
චිත්‍රපටයේ පලවෙනි භාගයම හාස්‍යජනක උපදවන ආකාරයෙන් ගලායන අතර, දෙවෙනි භාගය හැගීම්බර මගක් ගන්නා අතර ආදරය හා,විකටත්වය එකට කැටිකර නරඔන්නන්ගේ සිත් මනා ආකාරයෙන් ආකර්ශණය කර ගැනීමට සමත් වී තිබේ.
නීති විභාගයේ අවසන් විභාගය අවසන් කිරීමෙන් පසු මදිඅලගන් , ඔහුගේ ප්‍රථිඑල බලාපොරොත්තුවෙන් සිටී.මදි එම ප්‍රෙද්ශයේ ගෞරවනීය පවුලකට අයත් පවුලේ දෙවෙනියාය.ඔහුගේ වැඩිමහල් සහෝදරයා, වෙනත් ජන කොට්ඨාශයකට අයත් කලෙයිරානි සමග ආදරයෙන් බැදී සිටී. දිනක් මදි විවාහ මංගල උත්සවයකදී ඉලයරානි ව ඔහුට නෙත ගැටේ.ඉන් පසු ඔහු ඇයට ආදරය කිරීමට පටන් ගන්නේ ඇය කවදා හෝ තමාගේම වන බව තම මාමා සමග පවසමිනි. කලෙයිරානිගේ පවුලේ අය ඇයව ඔවුන්ගේ ඥාති සහෝදරයාගේ පුතා හට සිය දියණියව විවාහ කර දීමට යන්නේ ඔවුන් තුල පවතින මතභේදය නැති කර ගැනීමටය. මේ බව දැනගත් මදිගේ සොයුරා තම ජීවිතය නැති කර ගැනීමට වස පානය කර ඇති බැව් මදි දැන ගනී. පසුව ඔහුව එයින් බේරා ගන්නා මදි, කලෙයිරානිගේ විවාහය නවතා ඔහුගේ සහෝදරයාගේ අාදර ජීවිතය සම්පූර්ණ කරන්නේ ඇයව විවාහ නිවසේ සිට රැගෙන එමිනි.
පසුව මෙහිදී මදි හට දැනගන්නට ලැබෙන්නේ ඒ තම පෙම්වතිය වන ඉලෙයරානිගේද සහෝදරිය බවයි. පසුව මේ හේතුව නිසා මොවුන්හට කිසිදිනක තම පවුල් වලින් ඔවුන්ගේ මෙම ආදරසම්බන්ධයට මේ හේතුව නිසා කෙදිනකවත් කැමති නොවන බවත්, තමාව විවාහදිනයේදී ගිවිසගැනීමට සිටි තම ඥාති මනමාලයා තමාහට ගිවිසගන්නා ලද බවත් පවසා නැවත කවදාවත් හමුනොවී ඉන්නට තීරණයකරමුයැයි මදිහට ඉලෙයරානි පවසයි.නමුත් මදි පවසන්නේ අපිව කවදාහෝ එකතු කරනා බවයි.
මදි තම සොයුරාව තමාගේ උපදෙස් අනුව කටයුතු කරන්න යැයි පවසමින් ගෙදරට අලුත් විවාහ දෙපල එක්කන් යෑමට උපදෙස් ලබාදෙයි. නමුත් ඔහුගේ උපදෙස් මත සිදුවන්නේ ඔවුන්ට දෙමව්පියන්ගේ බැනුම් මත ගෙදරින් එලියට බැසීමටයි. දිනක් මදි තම පියා හට පවසන්නේ මදි ගේ සොයුරාත්, අලුත් මනමාලියත් රිය අනතුරකට ලක්වී මිය ගොස් ඇති බවයි. මේ නිසා ඔවුන් දෙපලම කළබලයට පත්වේ. පසුව මොවුන් හොදින් සිටිනා බවත්, එසේකර ඇත්තේ මදි බවත්, ඔවුන් එසේ කරනා ලද්දේ ඔවුන්ව පවුල් දෙක සමග සම්බන්ධකරලීමට බවත් පසුව දැනගනී. එහෙනම් කථාව ඔක්කොම කියන්න යන්නේ නෑ, අයියට, මල්ලිටයි අක්කවයි, නංගිවයි සමග විවාහවී එක නිවසට වී ඥාතින් වීමේ හැකියාව ලැබෙයිද කියලා බලාගන්න ඔබට භාරකරනවා. එහෙනම් තවත් මෙවැනි සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළුදෙනාට තෙරුවන් සරණයි.
අඩුපාඩු තිබුනොත්කියන්න,ඒ වගේම ඔයාල දෙන කෙමෙන්ටුව ගොඩක්වටිනවා, ඒකෙන් තමා ගොඩක් ශක්තියක් එන්නේ.ඒ වගේම හැමදාම කමෙන්ටුවක් දාන පිරිසක් ඉන්නවා, එයාලටත් බොහොම තුති….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / HD-DVD පිටපත් සඳහා අදාළ වේ.
7,175 downloadsDownload Mannar-Vagaiyara-2018.zip176 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
37 comments
tharukagayashan5
sarinda100
super
කවිනු වීරක්කොඩි
නියමයි උදේ අයියේ... එහෙනම් බාන්නයි හදන්නේ!
ජය වේවා!!VIdura2001
එලම අයියා
KasunDhanushka
film eke download link thama dala nadda baiscopdownload site ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!seneu
ela
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Tsandesh
tHnx sub ekata
Phir se…-2018(jennifer winget රන්ගපන netflix hindi film) mekath sub dennako
Ayesh Prashan
Thank You
isuru srinath sjs
බොහොම ස්තුතියි සහෝදරයා. !
BTC
Thank you bro...
seneu
machan 1.4GB ekata match wenne nene site eke dala thiyena. keyboard eken heduwath wenas wenawa tal gala ayemath
seneu
katahari match wena copy ekak set unoth, size eka comment karanawada? 1.4 GB nam match wenne ne
smartsupun
math download kara 1.4 eka aparade ,match wenne ne
smartsupun
700 MB ekata Match wenawa
ඔෂද ධනංජය
niyamai sahoo..
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
හොඳ ලිපියක්, හොඳ සිනමාපටයක්. ස්තුතියි ඔබට!!!L.G.T.Dilshan Liyanage
සුපිරි
bathiyakara
patta bro
Deiyagala2424
Thnx
Anjana madusanka01
Sub eka ගැලපෙන් නෑ බ්‍රෝ...720p HDRip-x264 ekta..
thuryamag
gala pen na..
sublove
bohoma sthuthi me film ekata sub genawata
Chirath D Perera
හරියට විඩියෝ එකට ගැලපෙන්න සබ් ඒක හදහන්කෝ
චානක ඉඳුනිල්
සුපිරි වැඩක් සහෝ
L.G.T.Dilshan Liyanage
Thanks!!
Ekruwan
නියමයි සහෝ
Til Tharaka
Super bro... sub ekata thankz...
Kavishna
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda Malith 2.0
Thanks mcn
BSbuddhi
ම්ම්ම්......ටන්කුයි මල්ලි....ඉක්මනට බලන්ඩ ඔනී..
BSbuddhi
thuryamag
sub eka set wen na. hadalawath balanna ba
Venuri Yasara
Thank You.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
සුපිරියක් වගේ...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mannar Vagaiyara (2018) Sinhala Subtitles | මාමාගේ නීතිඥ පුතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/Mannar-Vagaiyara-2018.jpg)
thanks for sub....good luck brother.