I Am Mother විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය පස්සෙ එන්නෙ තවත් වෙනස්ම විදියෙ චිත්‍රපටයක් සමගයි. ඉතිං විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වලින් පොඩ්ඩක් ඈත්වෙලා වෙස්ටර්න් එකක් ලබාදෙන්න හිතුණා. දැනටමත් හොඳ පිටපතක් ඇවිල්ලා සති කීපයක්ම වෙනවා. හරි එහෙනම් අපි බලමුකො අද රැගෙන ආපු මේ චිත්‍රපටය කුමක්ද කියලා. 2019 වර්ෂයෙදී මා…

I Am Mother විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය පස්සෙ එන්නෙ තවත් වෙනස්ම විදියෙ චිත්‍රපටයක් සමගයි. ඉතිං විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වලින් පොඩ්ඩක් ඈත්වෙලා වෙස්ටර්න් එකක් ලබාදෙන්න හිතුණා. දැනටමත් හොඳ පිටපතක් ඇවිල්ලා සති කීපයක්ම වෙනවා. හරි එහෙනම් අපි බලමුකො අද රැගෙන ආපු මේ චිත්‍රපටය කුමක්ද කියලා.
2019 වර්ෂයෙදී මාර්තු මස 9 වනදින තිරගත වීම ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.9 ක වැනි අගයක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 45% ද රැගෙන තිබෙනවා. මෙය සත්‍යා කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කර තිබෙන්නෙ. Biography | Drama | Western වැනි කාණ්ඩ ත්‍රිත්වයෙන් නිමවා ඇති මෙය පැයයි විනාඩි 40 ක කාලයක් රසවිඳින්න පුළුවන් වෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Vincent D’Onofrio ය. ඔහු වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද වෙනවා. ඩෙයාඩෙවිල් කතාමලාව නරඹපු කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔහුව දන්නවා ඇති. මොකද ඔහු එහි “විල්සන් ෆිස්ක්ගෙ” චරිතයට පණ පොවනවා. ඒවගේම මෙහි රංගනයෙන් Chris Pratt | Ethan Hawke l Dane DeHaan l Jake Schur l Leila George l Adam Baldwin ය. ඒවගේම තමයි මෙය සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි. අපි කතාව දෙසට හැරෙමුකො.
රියෝ සහ සාරා කියන්නෙ බේබදු තාත්තා කෙනෙක්ගෙන් බැට කාපු ළමයි දෙන්නෙක්. දවසක් මෙයාලගෙ තාත්තා හොඳටම බිලා ඇවිත් මොවුන්ගෙ අම්මට මැරෙනකම්ම පහරදෙනවා. ඉතින් මේ වෙලාවේදී රියෝ ඒකට මැදිහත් වෙලා තමන්ගෙ තාත්තට වෙඩි තියලා මරල දානවා. පස්සෙ ඒ වෙඩි සද්දෙට ඔහුගෙ මල්ලි එනවා. ඒ ඇවිත් රියෝට හොඳටම පහරදෙනවා ඔහුගෙ අයියව මරපු එකට. ඕන්න ඉතින් කොහොමහරි මේ දෙන්නා මෙතනින් පැනගන්නවා. දැන් මෙයාලා උත්සහ කරන්නෙ තමන්ගෙ මාමගෙන් ගොඩක් ඈතට පැනගන්නයි. හැබැයි මොහුන් යන අතරේ හමුවෙනවා බිලීද කිඩ් නමැති අපරාධකාරයෙක්ව. ඔහු පස්සෙන් ෂෙරිෆ්ලා පවා පන්නනවා. මොකද කියනවා ඔහුව අවශ්‍ය කරන අපරාධකාරයෙක්. ඉතින් කොහොමහරි මෙතන වෙන වෙඩි තබා ගැනීමකින් බිලීද කිඩ් අහුවෙනවා. ඒවගේම තමයි රියෝ සහ සාරා මේ නීතිමය නිලධාරන්ට බොරුවක් කියලා එයාලත් එක්ක සැන්ටා ෆේ වලට යනවා. හැබැයි ඒ වැඩේ නම් එච්චර ලේසි වෙන්නෑ. මොකද බිලී කපටි කෙනෙක්. කොහොමහරි උත්සහ කරන්නෙ පැනගන්න. හැබැයි මොහු රියෝට ගොඩක් කැමතියි. මොකද ඔහු හිතන්නෙ ඔහුත් මෙයා වගේ කියලා. ඔන්න ඔය අතරේදී තමයි සාරා මාමා ඇවිත් පැහැරගෙන යන්නෙ. ඉතින් මෙයාලට ඇයව බේරගන්න ලැබෙයිද? අවසානය තෙක් නැරඹන්නකෝ එහෙනම්.
තවත් මෙවැනි අපූරු සිනමා පටයකින් හ්ම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,791 downloadsDownload The.Kid_.2019.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
Udaya Saman
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
gihan perera
හොඳ ෆිලුමක් වගේ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ.....ජය වෙිවා.....
Athula
Thanks ...
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
Thank you saho sub ekata
Thilina Jayarathna
hamme thq bn
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Western කතා සුපිරි....Rukshan37
Ela ela
Adeeshakariya
bili da kid ...cow the boy...
thanx sabataVishwa.R
මේ අර කවුද බෝයි එකේ කියන "බිලී ද කිඩ්" වෙන්ටැති මයෙ හිතේ.
බොහොම ස්තූතියි සබට :)nish47
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
Request :
The Wolfs Call AKA Le chant du loup (2019)lakshan wijesinghe
The rookies මේකට සබ් එකක් හදන්නකො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Kid (2019) Sinhala Subtitles | ද්වන්ද සටන… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/the-kid-2019.jpg)

උපසිරසියට බොහොම තුති සහෝ.නියමයි