Watch Trailer

Jersey (2019) Sinhala Subtitles | ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවෙන් ලියැවුනු – ජර්සි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, අදත් නවතම තෙලිඟු සිත්තමකට සබ් අරගෙනයි මම ඇවිල්ල ඉන්නෙ. තෙලිඟු රසික අපි කවුරුත් එනකම් ආසාවෙන් බලාගෙන හිටපු තවත් එක් සිත්තමක් තමයි Jersey කියන්නෙ. කවුරුත් හිතුවෙ මේක මොකද මෙච්චර පරක්කු කියල තමයි. කොහොම වුනත් දවස් දෙක තුනකට කලින් හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනු නිසා සබ් එක කරන්න මට බාර ව…

ආයුබෝවන්, අදත් නවතම තෙලිඟු සිත්තමකට සබ් අරගෙනයි මම ඇවිල්ල ඉන්නෙ. තෙලිඟු රසික අපි කවුරුත් එනකම් ආසාවෙන් බලාගෙන හිටපු තවත් එක් සිත්තමක් තමයි Jersey කියන්නෙ. කවුරුත් හිතුවෙ මේක මොකද මෙච්චර පරක්කු කියල තමයි. කොහොම වුනත් දවස් දෙක තුනකට කලින් හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනු නිසා සබ් එක කරන්න මට බාර වෙනව. ඒ කරන්න ගත්තම මට දැනුන දෙයක් තමයි අනිත් ඉංග්‍රීසි සබ් වගේ නෙවෙයි මේකෙ පොඩි අවුල් ටිකක් තියනව කියල. ලයින් ටික පොඩ්ඩක් අවුල් වගේම දෙබස් වල තියන දේ නෙවෙයි සබ් එකේ තියෙන්නෙ. ඉතින් තෙලිඟු භාෂා හැකියාවත් යොදාගෙන වැරදි ඔක්කොම හදාගෙන තමයි සබ් එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ. අඩුපාඩු හරිගස්සන්නෙ නැතුව මට තිබුන මේ සබ් එක දවස් දෙකෙන් විතර දීල දාන්න. එහෙම නොකර කල්පනාවෙන් සබ් එක හදල ඔයාලගෙ අතට පත් කරන්නයි ලෑස්තිය.

අපි ඉස්සෙල්ලම කතා කරමු මේ ෆිලුමෙ IMDb අගය ගැන, IMDb පරිශීලක ඡන්ද 1980+කින් 9ක් වැනි අගයකයට එන්න සමත් වෙලා තියනව. මෙය Drama/Sport කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. නිෂ්පාදන වියදම ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 30ක් වශයෙනුත් පලමු සති අන්ත අවසානයේ අදායම ඉන්දියානු රුපියල් කෝටි 27ක් වශයෙනුත් තමයි සදහන් වෙන්නෙ (පලමු දින අදායම ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 11ක්). මිනිත්තු 160ක් පුරාවට කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. සංවේදී හදවත් උපරිමයෙන් ග්‍රහනය කරගන්න පුලුවන් වෙලා තියනව (ෆිල්ම් එක බලල ඇඬුනෙ නැත්තම් පහලින් මට බැනල කමෙන්ට් එකක් දාගෙන යන්න). ජීවිතේට ආදර්ශ රාශියක් ලබාදෙන ආදර්ශමත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.

ෆවුජා සිං, දිවීම, වයස අවුරුදු 84යි…
එඩ් අර්ල්, කයාකි බෝට්ටු පැදීම, වයස අවුරුදු 40යි…
ඔස්කාර් ස්වාලන්, වෙඩි තැබීම, අවුරුදු 60යි…
මේ විදිහෙ හැම ක්‍රිඩාවකම,
එයාලගෙ වයසට කිසි සම්බන්ධයක් නැතුව…
ඇතුල්වුන අය බොහෝ දෙනෙක් ඉන්නව…
කොහොමද දන්නවද?
වයස කියන්නෙ අංකයක් විතරයි.
ඇතුලාන්තයෙන් එයාල
හැමදාමත් තාරුණ්‍යයි…

බ්‍රිතාන්‍ය මැරතන් ධාවක ෆවුජා සිං. වර්තමාන වයස අවුරුදු 108යි.
  • Hershel McGriff – රේසින් කාර් රියදුරෙක්, තරඟ කරන විට වයස අවුරුදු 90යි.
  • Saoul Mamby – බොක්සින් ක්‍රීඩකයෙක්, තරඟ කරන විට වයස අවුරුදු 60යි.
  • Stanisław Kowalski – මළල ක්‍රීඩකයෙක්, තරඟ කරන විට වයස අවුරුදු 106යි.
  • Gary Player – ගොල්ෆ් ක්‍රීඩකයෙක්, තරඟ කරනවිට වයස අවුරුදු 73යි.

ඉතින් ඔය වගේ වයස ගැන හිතන්නෙ නැතුව ක්‍රීඩාවට සම්බන්ධ වුනු බොහෝ පිරිසක් ඉන්නව. කිහිපදෙනෙක් ගැන සඳහන් කරේ ඔයාලගෙ දැනුවත් වීමට. ඒ වගේ එක් ක්‍රීඩකයෙක්ගෙ කතාවක් තමයි අන්තර්ගත් වෙන්නෙ.

Starring – Nani, Shraddha Srinath, Harish Kalyan, Ronit Kamra(Young Nani), Viswant Duddumpudi, Sathyaraj
Directed and Screenplay by – Gowtham Tinnanuri
Production company – Sithara Entertainments

කතාවෙන් පොඩ්ඩක් හලාගෙනම මම ලිපිය අවසන් කරන්නම්, නානිගෙ(Harish) තාත්ත තමයි අර්ජුන්(Nani). ඉතින් අර්ජුන් ගැන ජර්සි කියල කෘතියක් ලියවෙලා තියනව. නානි ඒක බලන්න නිව්යෝක් වල කඩේකට ගිහින් ඉන්නකොට ඔය පොතම හොයාගෙන තව කෙල්ලෙක් එනව කඩේට. හැබැයි නානි ගන්නෙ කඩේ තියන අවසාන පොත. ඉතින් අර කෙල්ල ගොඩක් අවුල්. ඉතින් නානි තමන් ගත්තු පොත එයාට දෙනව. එයා අහනව පොත එයාට දෙන්නෙ මොකටද කියල. එතකොට නානි කියනව අර්ජුන් කියන්නෙ එයාගෙ තාත්ත කියල. එතනදි එයා අර්ජුන්ගෙ කතාව කියන්න පටන් ගන්නව. ඉතින් අර්ජුන් කියන අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයාගේ කතාව, මොන විදිහෙ ක්‍රීඩකයෙක්ද? එයාගෙ වාර්ථා මොනවද? වගේ එයාගෙ ජීවිත කතාව ඔයාලට මේ චිත්‍රපටියෙ ඉතිරි ටිකෙන් බලාගන්න පුලුවන් වෙයි. හැමෝටම ෆිල්ම් එක බලන්න අරාධනා කරන ගමන් ලිපිය අවසන් කරනවා. තවත් මෙවන් උපසිරැසියකින් හමුවෙන තුරු.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

14,984 downloadsDownload JERSEY-2019-Telugu.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,984 downloadsDownload Subtitles76 KB

32 comments

  1. isuru srinath sjs

    එලම මචන්.. Thanks

  2. Tsandesh

    tHnx sub ekata

    Phir se…-2018(jennifer winget රන්ගපන netflix hindi film) mekath sub dennako

  3. gayan215

    bohoma sthuthi saho...

  4. BTC

    Thank you bro..

  5. Hashferdz

    machan,baiscopedownloads site eke download file ekakwath wada nane bn,adu gane torrent file ekawath wada karanne ne,hama format ekenma ganna baluwa,ekakwath nane bn,please eka aye hariyata hadapn.thanx,sub ekata thank you

    1. maleesha sankalpa

      සබ් එකට ගොඩක් ස්තුතියි

  6. chabi_95

    Thanx mcn

  7. Thilankadissanayake

    thanks

  8. sampath n perera

    thanks

  9. dilsku

    thanks... elaaaaaaa

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. subodha

    Thanks

  12. Chathura_Kaushan

    Balapu lassanama film ekak saho...Thanx Sub eka dunnata...BS

  13. Prasadmdrnga01

    Kavacha kannada movie ektath sub ek diyanko bn...

  14. Chamith08

    Mn wadiya comment dana knek newi habai mechara hoda film ekkta sub dipu oyata thanks krannama hithuna bro Digatama kragena yanna suba patanawa. Ara time line harigassapu eka api godak agaya kranna oona .......THANKS......

  15. Kavishna

    thnx bro...

  16. Supundilshan22215

    Tnx saho

  17. baiscopelkishu

    Tnx saho sub ekta

  18. ranga11112

    patta

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Udaya Saman

    පට්ට ෆිලුමක්නේ..උපසිරසියට බොහොම තුති සහෝ..

  21. gayanmagee

    thanks

  22. ynd

    Thanks...

  23. Pasidu_harshana

    Niyamai bro jaya wewaa

  24. Lasantharathnasirirox

    නියමයි චානක.සුපිරි චිත්‍රපටියක්...ස්තුතියි සිංහල උපසිරැසියට මහන්සි වුනාට...ජයවේවා !!

  25. Pasidu_harshana

    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නෑ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ලින්ක් එකක් ලබාදෙන්න බ්‍රෝ. උපසිරැසට ජයවේවා

  26. Nirosha Nirosha

    thanks

  27. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    සුපිරියක් තමා ඉතින්... අනිවා බැලිල්ලක්.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  28. [email protected]

    pattaaa, thanks oi, Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa

  29. viraj-wijesekara

    එක පට්ට

  30. Mano

    Godak sthuthi.. Jaya wewa!

  31. Anonymous

    sub ekt thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.