Watch Trailer

Manu (2018) Sinhala Subtitles | ආත්ම දෙකක බැදීම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි අපේ යාළුවෝ හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම Exam ඉවර වුන ගමන්ම බැස්සා ආපහු සුපුරුදු වැඩේට. මාසෙකින් වගේ ඔයාලට සබ් එකක් දෙන්න බැරි වුණා. ඒ නිසාම මම අද තවත් ලස්සන කතාවක් තියෙන තෙලිගු චිත්‍රපටියකට තමයි සබ් එක අරන් ආවේ. මේක මට කරන්න කියලා බාර ද…

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි අපේ යාළුවෝ හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම Exam ඉවර වුන ගමන්ම බැස්සා ආපහු සුපුරුදු වැඩේට. මාසෙකින් වගේ ඔයාලට සබ් එකක් දෙන්න බැරි වුණා. ඒ නිසාම මම අද තවත් ලස්සන කතාවක් තියෙන තෙලිගු චිත්‍රපටියකට තමයි සබ් එක අරන් ආවේ. මේක මට කරන්න කියලා බාර දීපු සිසිල සහෝටත් මගේ හදපිරි ස්තූතිය පුදකරනවා. මොකද කිව්වොත් සබ් එකක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්න වෙලාවේ සිසිල සහෝ තමා මට මේක කරන්න කියලා බාර දුන්නේ. චිත්‍රපටිය ගැන කිව්වොත්, 2018 වර්ෂයේ සැප්තැම්බර් 7 නිකුත් වුණ මේ චිත්‍රපටයට imdb මීටරේ 8.1 වගේ අගයක් හිමි වෙලා තියෙනවා. ඒ එවගේම google ප්‍රතිචාර 95%ක් වගේ හම්බ වෙලා තියෙනවා. ඉතින් කොච්චර ලොකු අගයක්ද කියලා ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්නේ. ඒ වගේම කතාවත් ගොඩක් ලස්සන එකක්. ඒ මොකද කිව්වොත් කොච්චර බාධක ආවත් ආදරය ජයගන්න බව තමයි චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ. එහෙනම් කතා ඇති කතාව පැත්තට හැරෙමු.

මනු කියන්නේ කලාකරුවෙක් නැත්නම් කෙටියෙන්ම කියනවනම් චිත්‍ර කාරයෙක්. මෙයාගේ හැගීම් මෙයා ප්‍රකාශ කරන්නේ තමන් අදින චිත්‍ර වලින් දවසක් නීලාව මෙයාට හම්බවෙන්නේ හෝටලයකදී. එතනදිත් පොඩි සිද්ධියක් වෙනවා. ඒකෙන් නීලා හිතන්නේ මනු කියන්නේ ජරා මනුස්සයෙක් කියලා. හැබැයි පස්සේ නීලාට තේරුම් යනවා මනු කියන්නේ නරක මනුස්සයෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ නීලාට ඕන වෙනවා මනුගෙන් සමාව අරගන්න එදා වුන සිද්ධියත් එක්ක, නීලා මනු ගැන අදහසක් පහළ වෙනවා. ඒ එක්කම කතාවේ තව පැත්තකුත් තියෙනවා, නීලාගේ තාත්තා අවංකව සේවය කරන කෙනෙක්. (ඒක ඔයාලට චිත්‍රපටිය බලන අතරතුර තේරේවි) මේ අවංකකම නිසාම නීලාගේ තාත්තාට දියමන්තියක් තෑග්ගක් විදිහට ලැබෙනවා. හැබැයි ඒ දියමන්තියට ඇහැ ගහගෙන හිටපු තව තුන් දෙනෙක් හිටියා ඒ තමයි, අමර්, අක්බර්, ඇන්තනී. මේ තුන් දෙනා නිසා නීලාගේ තාත්තාට ජීවිතේ දාලා යන්න සිද්ධ වෙනවා ඒ වගේම නීලාව හොයාගෙන ඇවිල්ලා මේ අයගෙන් එක්කෙනෙක් නීලාවත් මරනවා. නීලාව බේරගන්න යන මනුවත් නීලාව මරපු කෙනාම මරනවා. මරණයෙන් පස්සේ, අමර් , අක්බර් , ඇන්තනී කියන තුන් දෙනාගෙන්ම පළිගන්න විදිහ ගැන තමයි චිත්‍රපටියේ ගලා යන්නේ. ඉතින් මේ මනුයි නීලායි අර තුන්දෙනාගෙන් පළිගන්නේ කොහොමද? අර දියමන්තියට මොනා වෙයිද? අමර් , අක්බර් ,ඇන්තනී කියන තුන් දෙනාට මොනා වෙයිද? මනු – නීලා ආදර කතාව ගලා යන්නේ කොහොමද? මේ ගැන දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

7,407 downloadsDownload Manu-2019.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රදීප් රවින්ද්‍ර

Subtitles

7,407 downloadsDownload Subtitles35 KB

29 comments

  1. Sajithakalanka

    Ela thanks

  2. PramothC

    Men in black 2019 sub eka thiyena post eka remove wela 404 not found kiyanawa. eka tikak balanna

  3. Hemantha De Silva

    ස්තුතියි ප්‍රදීප්....

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. :)

  5. isharaGazpe

    tnq for sub

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. arawindasunimal

    thanks yaalu

  8. suduayya

    bokkenma jaya wewa macho!!!!!

  9. ඔෂද ධනංජය

    thanks sahoo

  10. nalin83dhanus

    Thanks aiye

  11. supun priyanath

    Thank you
    ඉක්මනටම තවත් අලුත් Tamil Movie එකකට සබ් දෙන්න

  12. Udara Damith Dissanayaka

    ela

  13. gihan perera

    ස්තුතියි ස්තුතියි සහෝ....ගොඩක් දවසකින් නේද උපසිරැසි කරේ....දැන් දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...අලුත් ෆිල්ම් ඇවිත් තියෙන්නෙ....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  14. Lahiri

    THANKZ SAHO

  15. pryantha gallage

    thanks

  16. Gayan1993

    Thank you!

  17. Nishshanka watagoda

    Thankas bro

  18. Nishshanka watagoda

    Thanks bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sajithkalpa

    Thanks bro...

  21. wajira

    Thanks for sub

  22. nish47

    Thanks machan

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  24. Shehan putha

    tnx bro

  25. hatharasingha

    Thnx sahoo

  26. L.G.T.Dilshan Liyanage

    Ty

  27. jdayesh

    ela

  28. mnmnmn

    ELama

  29. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ.... :P 
    ජය!