මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Metropolis(1927) බලන් කඩතුරා හැර දෑසේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Metropolis(1927) බලන් කඩතුරා හැර දෑසේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී ගිය වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ඩෙන්මාර්ක සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මීට වසර දෙකකට විතර කලින් අහම්බයකින් වගේ මේ ෆිල්ම් එක ගැන බ්ලොග් අඩවියක පලවෙලා තිබුන ලිපියක් කියවන්න ලැබුනාට පස්සෙ මේ ෆිල්ම් එක හොයාගෙන බලපු මම එදා ෆිල්ම් එක බලලා ඉවර වෙන්නත් කලින්ම මේකට නං අනිවා සබ් එකක් කරන්න ඕනෙයි කියලා හිතාගත්තත් මගේ සුපුරුදු කම්මැලි බාලගිරි දෝශ රෝගය වැලදිලා හාර්ඩ් ඩිස්ක් එකේ කොනක පරණ වෙන්න මේ ෆිල්ම් එකට වාසනාව උදා උනා . කොහොමින් කොහොම හරි ආයෙමත්ම මේ ෆිල්ම් එක මගෙ මතකෙට ආවෙ ” ලක්ෂාන් සිල්වා (LakshanSilva18) සහෝ කරපු ඉල්ලීමක් නිසයි. අවාසනාවකට වගේ ඒ ඉල්ලීම කරපු කමෙන්ට් එක මම දැක්කෙත් මාස ගානක් පරක්කු උනාට පස්සෙයි. ඒ ප්‍රමාදය ගැන සහෝගෙන් සමාව ඉල්ලන ගමන්ම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මේ විශිෂ්ට සිනමා සිත්තම ගැන මගේ මතකය ආයෙමත්ම අවදි කලාට.
දෙවන ලෝක යුධ සමයේ ඩෙන්මාර්කයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරු කර ගනිමින් නිමැවුන මේ සිනමා සිත්තම එවකට ඩෙන්මාර්කයේ වැඩිම වියදමක් දරා නිමැවුන දැවැන්තම සිනමා නිර්මාණයක් බවට පත්වූවා. ඉන් පසුව ඒ වසරේදී එවකට ඩෙන්මාර්ක ඉතිහාසයේ වාර්තාගත ඉහලම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සිනමා සිත්තම බවටත් මේ සිනමා සිත්තම පත්වූවා. එපමණකින් නොනැවතී ලොවපුරා පැවති විවිධාකාරයේ සිනමා සම්මාන උළෙලවල් වර්ණවත් කරමින් සම්මාන 15ක් සඳහා නිර්දේශයන් සහ සම්මාන 9ක් දිනා ගනු ලැබූයේ විචාරකයින්ගේ නොමද පැසසුම් මධ්‍යයේයි. ඒ වගේම IMDb දර්ශකයේ 7.3ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 86%ක් ලබා ගන්නටත් මේ සිනමා සිත්තමට හැකියාවක් ලැබී තියෙනවා. දැන් හිතාගන්න පුලුවන්නෙ මේ කියන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. මිනිත්තු 130ක් පුරාවට උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, නියපොතු කකා පුටුව උඩ හිටවන ජාතියෙ ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක……..
ජර්මානුවන් බියෙන් සලිත කල ඝාතන රැල්ලක්….,
රතු පැහැ කෙස් ඇති කෙසඟ තරුණයෙක්….,
නිහඬ නමුත් විශ්වාසවන්ත මෝටර් රථ ධාවකයෙක්….,
ඝාතකයින් පසුපස හඹා ගිය ජර්මානු හමුදා නිළධාරියෙක්….,
අබිරහස් ඔත්තුකාරිනියක්….,
අවන්හලකදී සිදුවූ අහඹු හමුවක් සමඟ හෙළි වූ රහසක්….,
පාවාදෙන්නෙක්….,
ආදරයේ නාමයෙන් දිවිපිදූ දේශප්‍රේමියෙක්…..,
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්….,
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්….,
සියල්ල තීරනය කල ඇය….,
අවසානය තෙක් සටන්වැදි ඔහු….,
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් ගලාගිය ඒ පලිගැනීමේ වීර චාරිකාවේ අවසානය…..,
අවසරයි නරඹන්න, ” ඝාතකයෝ….. “
මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි…. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. තවත් එක දෙයක්, මේ ෆිල්ම් එක බලන කොට පුලුවන්නම් වර්ණ සංයෝජනය, පසුබිම් වර්ණ ගැන්වීම් වගේ දේවල් දිහාත් පොඩ්ඩක් අවධානෙන් බලන් හිටියොත් එහෙම වෙනස්ම අත්දැකීමක් විද ගන්න ලැබේවි. මේ සිනමා සිත්තම දෙවන ලෝක යුධ සමයේ ඩෙන්මාර්කයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරු කර ගනිමින් නිර්මාණය වූවක් නිසා ඒ සැබෑ චරිතයන් වෙනුවෙන් කරනා ගරු කිරීමක් විදියට මම ඔවුන්ගේ සත්‍ය චායාරූප කීපයක් පළ කරන්නම්. වැඩි විස්තර දැන ගන්න ආස කෙනෙක් ඉන්නව නං පොඩ්ඩක් ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.

සිනමා සම්මාන උළෙලවල් අතික්‍රමණය කල වෙනස්ම විදියේ සම්මානනීය ප්‍රංශ සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු.
ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,831 downloadsDownload Flame-Citron-2008.zip102 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
58 comments
Madhu@7
Madhu@7
Article 15 කියන හින්දි ෆිලුමටත් සබ දෙන්ටෝ...!
Madhu@7
Article 15 kiyana hindi movie ekatath sub dento!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Madhu@7
ආර්ටිකල් 15 (2019) කියන ෆිලුමටත් සබ දෙන්ටෝ...!
හසිත මධුෂාන්
මේක නං දැනටමත් කෙනෙක් බාර අරගෙන සහෝ.... ලගදීම සබ් එක ලැබේවි...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. :)
ඉල්ලීම් ටිකක් තියනව ඇහුම්කන් නම් දෙයිද දන්නෙ නෑ :(
පුළුවන් නම්
The Exorcist Season 02
Timeless Season 02
Supergirl Season 04 E18-E22
මේවට ටීවී සීරීස්වලට සිංහල සබ් දෙන්න.. ටීවී සීරීස්වලට සබ් දීලා අතරමඟ නවත්තන්න එපා මචං.. :(
Kids 1995
Raw 2016
Nekromantik 2
Quarantine 2: Terminal 2011
Unrest 2017
Anatomy of a Love Seen
The Tribe
The Dyatlov Pass Incident 2013
Salò, or the 120 Days of Sodom
Cosmopolis
Tanner Hall
පුළුවන් හොඳයි කියල හිතෙනවා නම් මේ ෆිල්ම්වලට සිංහල සබ් දෙන්න හසිත මධුෂාන් බ්‍රෝ :)Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි හසිත බ්‍රෝ සබ් එකට.. :)
ඉල්ලීම් ටිකක් නම් තියෙනවා ඇහුම්කන් දෙයිද දන්නෙ නෑ :( පුළුවන් නම්,
Timeless Season 02
The Exorcist Season 02
Supergirl Season 04 E18 to E22
මේ ටීවී සීරීස්වලට සිංහල සබ් දෙන්න.. ටීවී සීරීස්වලට සබ් දෙන්න පටන් අරන් අතරමඟ නතර කරන්න එපා...
Raw 2016
Kids 1995
Nekromantik 2 1991
The Tribe
Unrest 2017
Salo or the 120 Days of Sodom
Cosmopolis
The Day Pass Incident 2013
Anatomy of a Love Seen
Tanner Hall
පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් මේ ෆිල්ම්වලට සිංහල සබ් දෙන්න හසිත මධුෂාන් බ්‍රෝ :)Udara Damith Dissanayaka
ekanam aththa
හසිත මධුෂාන්
වෙනස්ම ෆිල්ම් සෙට් එකක් නේද සහෝ...
අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්.
මම වැඩිය tv සීරීස් නම් බලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒක නම් ටිකක් අමාරුයි.
prasadmalaka
Thank you.........sub ekata......
Leonardo DiCaprio, ge The Aviator (2004) kiyana ekata puluwannam sub dennaහසිත මධුෂාන්
ඩිකැප්රියෝගෙ මමත් ආසම ෆිල්ම් එකක්. හුගක් අය මේකට සබ් ඉල්ලලත් තිබුනා. දැනට බාර අරන් තියෙන ටික ඉවර කරලා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් සහෝ...
Nirosh C
ස්තුතියි මේකට සබ් දෙන්න - Fugitive (1993)
හසිත මධුෂාන්
හැරිසන් ෆෝඩ්ගෙ ෆිල්ම් එකක් නේද? මමත් බලල නෑ. මටත් මග ඇරුන හොද ෆිල්ම් එකක් වගේ. බලලම කියන්නං සහෝ කොහොමද කියලා....
Nirosh C
ඔව් සහෝ අනිවා බලන්න..මම බලපු සුපිරිම ක්‍රයිම් ඇක්ෂන් ත්‍රිලර් ෆිලුමක්..IMDB රේටිං 7.8 ක්
Udara Damith Dissanayaka
niyamayi
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති. aiye puluwannam primal fear (1996) ekatath sub dennako mn comment 10k 20k withara dala thiyenawa bn mey film eka illala thama kauruth sub deela na meke patta plot twist ekak thiyenne edward norton thamai inne
හසිත මධුෂාන්
මමත් සබ් ඉල්ලපු ඒ කමෙන්ට් එකක් දැකලම තමයි primal fear ෆිල්ම් එකයි K-pax ෆිල්ම් එකයි බැලුවෙ. දෙකම සුපිරි ප්ලොට් ට්විස්ට් දෙකක්. මමත් කවදා හරි ඔය දෙකටම සබ් හදන්න හිතං ඉන්නවා. ආයෙම ෆ්‍රී ටයිම් එකක් ලැබෙන්නෙ නොවැම්බර් වල. ඒ වෙනකොට කවුරුවත්ම බාර අරගෙන නැති උනොත් මම කරන්නම් සහෝ....
visartnadeera
UPASIRASIYATA BOHOMA STHTHI....!!!
Dhanus
Wow good. Bless you good journey
Bandara76
අවසරයි නරඹන්න ” ඝාතකයෝ “….. බොහොම ස්තූතියි හසිත
arawindasunimal
thanks sub ekata
pradeep kumara premathilaka
ස්තූතිය සහෝ...
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
jagath55
Thanks
amshirly
meka downlord karanna ba nee link wada na torrent seeds na
හසිත මධුෂාන්
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ සබ් එකට ගැලපෙන් බ්ලූරේ කොපියක් දීල තියෙනව සහෝ.... ඔය තරම් කරදර නොවී ඒකෙන් බා ගන්න....
charuni
thank you
TEP
Meet the fockers eke sub one.website eken eka ain karala bro apahu one. Thanks for sub bro. Appreciate your work.
හසිත මධුෂාන්
Fockers Trilogyයෙ දෙවෙනි ෆිල්ම් එන නේද සහෝ...? මම බලල තියෙන්නෙත් මේකෙ පළවෙනිම එක Meet the Parents විතරයි. පට්ටම ඉල ඇදෙන කොමඩියක්. තවම මේක නං බලන්න ලැබුනෙ නෑ. අමතක වෙලයි තිබුනෙ. බොහොම ස්තූතියි මතක් කලාට. මමත් කවදා හරි සබ් කරන්න හිතං ඉන්න Trilogyයක්. පුලුවන් තරම් ඉක්මනට සබ් එක දෙන්න බලන්නම් සහෝ....
Asanke
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Niketha rashmi
thanx sub ekta. CASINO 1995 film ekata sub karanda patta film ekak
හසිත මධුෂාන්
Casino 1995
Imdb Too 250ත් තියෙන සුපිරිම මාෆියා ෆිල්ම් එකක්. මම දන්න කාලෙ ඉදලා ඔය සබ් එක එක එක්කෙනා අතේ මාරු වෙනවා. තවම කාටවත්ම හරියට ඉවර කරන්න බැරි උන සෑහෙන්නම වෙහෙසකර වගේම අතිශය අමාරු සබ් එකක්. ලයින් 3000කට වැඩියි. ඒ මදිවට හැම ඩයලොග් එකක් ගානෙම ඉඩියම්ස්. ලැන්වේජ් එක ඉතාලි ඇමරිකන් පාතාල කල්ලි වලින් කැඩිල හැදුන වචන වලින් පිරිලා. මම තවත් කෙනෙක් එක්ක එකතු වෙලා හරි කරන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්. මට දෙන දවසක් කියන්න අමාරුයි. ලබන ඔක්තෝබර් වලින් පස්සේ. මෙයාගෙම Godfellas ෆිල්ම් එක බැලුවනම් තේරෙයි ඒ
සබ් එක හදපු එක මොන තරම් අමාරු වැඩක්ද කියලා. මම ඒ සබ් එකෙන් පස්සෙ ස්කෝර්සියෝගෙ මාෆියා ෆිල්ම් වලට සබ් කරන එක අත ඇරලයි හිටියේ...mclennon92
katawa atta...henama amrui English walin pawa understand karaganna
Niketha rashmi
puluwannam PEAKY BLINDERS tv series ekatath sub denda suppa tv series ekak
හසිත මධුෂාන්
සමාවෙන්න, මම ටීවී සීරීස් වැඩිය බැලෙන්නෙ නෑ. ඒ නිසා මේ ගැන පොරොන්දු වෙන්න අමාරුයි...
Ashen Weerasinghe
thnx bro, fighter in the wind , true story ekak mekata hoda sub ekak denaa puluwanda tiyena eka bageta tiyenne thanin thana
හසිත මධුෂාන්
මම උත්සාහ කරල බලන්නම් සහෝ....
වෙන කෙනෙක් කරපු දෙයක් නිසා අහල බලන්න වේවි...gayanmp
Thanks brother
kaaka1985
great job brother
Akashpc
Tnx
Dewadithya
Thanks for Sub!
ricadodamien
Thank U Hasitha Brother & Baiscope Team for the Sub. WW2 movies are one of my favorite categories. Enjoyed the movie very much
chalindu1234
how about the festival film?
chalindu1234
patta comadyak
හසිත මධුෂාන්
locking good. I'll watch it & let you know...
gayanmp
Thanks brother
chinthaka_priyadrshana
Thank u bro..............
ruwanbbb
vampire assistant movie ekata sub ekak dendako
හසිත මධුෂාන්
ටිකක්වෙනස්ම විදියේ ෆිල්ම් එකක් වගේ නේද සහෝ... මම බලලනම් නෑ. බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...
Pkm
Thanks
ureshyapa
tnx bro
sumudu lakshan
film download krnn site ekk kiynnko
හසිත මධුෂාන්
බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකේ දීල තියෙනවා ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක්...
Tharaka
Thanks bro patta filumakne
Saranga J. Liyanagama
ගොඩක් ස්තූතියි සහෝ.. මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට. Denmark thriller ෆිල්ම්ස් තුනක් තියෙනවා Department Q කියල. පුලුවන්නම් සබ් දෙන්න.
Anonymous
සුපිරි ෆිල්ම් එකක් සබ් එකට ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Flame & Citron (2008) AKA Flammen & Citronen Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Flammen-and-Citronen-2008.jpg)
ට