Marana Simhasanam (1999) Sinhala Subtitles IMDB 6.0. මලයාලි සිනමාවේ අක්මුල් සොයා යනකොට හම්බ වෙලා එකතු කර ගත් පැරණි ලස්සන චිත්‍රපට කිහිපයකින් සමහරකට මම උප සිරැසි ලබා දුන්නා. ඒවා එතරම්ම රසිකයන් අතරට නොගියත් බලන අතලොස්සකට හරි ඉන් ප්‍රයෝජනයක් තියෙන නිසා ඒ අඩුපාඩුව සම්පූර්ණ කලා. මේකත් එහෙම හොයා ගත්ත ලස්…
Marana Simhasanam (1999) Sinhala Subtitles
IMDB 6.0. මලයාලි සිනමාවේ අක්මුල් සොයා යනකොට හම්බ වෙලා එකතු කර ගත් පැරණි ලස්සන චිත්‍රපට කිහිපයකින් සමහරකට මම උප සිරැසි ලබා දුන්නා. ඒවා එතරම්ම රසිකයන් අතරට නොගියත් බලන අතලොස්සකට හරි ඉන් ප්‍රයෝජනයක් තියෙන නිසා ඒ අඩුපාඩුව සම්පූර්ණ කලා. මේකත් එහෙම හොයා ගත්ත ලස්සන චිත්‍රපටයක්. මේකෙ උපසිරැසිය සෑහෙන දුරකට කරල නවත්තල තිබ්බත් සමාජ මාධ්‍යයේ මේක පිළිබඳව ගිය විචාරයක් දැක්ක නිසා අවසන් කරල එළියට දැම්මා. පිටකවරය විතරක් බලන්න එපා ටිකක් ෆිල්ම් එකත් බලන්න අමුතුම එකක්. මේකෙ හොයා ගන්න පුළුවන් උනේ එකම කොපියයි, යූ ටියුබ් එකේ තිබුන ඒකට තමයි උප සිරැසිය කලේ. ඒ නිසා ෆිල්ම් එක බා ගන්න අපේ වෙබ් අඩවි වලට පිවිසෙන්න.
මේක 1999 මුරලි නායර් කියන අධ්‍යක්ෂක වරයාගේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම සාමාන්‍ය චිත්‍රපටයක් අගේ නෙමෙයි මේක විනාඩි 57ක අඩු ධාවන කාලයක් තියෙන කිසිම වෘත්තීය නළුවෙක් නොමැති ප්‍රභසන චිත්‍රපටයක්.හිතා ගන්න පුළුවන් නේද මේක කොච්චර අඩු පිරි වැයකින් කලාද කියල? කේරලයෙ දුශ්කර ගමක ගැමියන් පිරිසක් තමයි මේකෙ රඟපාන්නෙ. වෘත්තීය දක්ෂතාවක් නොමැති උනත් ගමේ ටීටර් රඟපාපු පුරුද්ද නිසා මොවුන්ට මෙහි රඟපෑම අපහසු වෙලා නෑ. කෙසේ වෙතත් 1999 ප්‍රංශය කාන්ස් සිනමා උළෙලේ Caméra d’Or සම්මානය ඇතුළු විදෙස් සම්මාන කිහිපයක් මෙය දිනා ගන්නවා.ඒ නිසාම මලයාලි සිනමා වංශකතාවේ ස්ථානයක් මේ චිත්‍රපටයටත් අයත්.
තමන්ගෙ හාම්පුතාගෙ වත්තන් හොර පොල් කඩා අසුවන මැදි වියේ ගැමියෙකු මුහුණ දෙන අත් දැකීම ඉතා උපහාසාත්මක ලෙස පවතින දේශපාලන ක්‍රමය හා සම්බන්ධ කරලා මේ කතාව නිර්මාණය කරල තිබෙනවා. හොරකමට හිරේ යන මේ පුද්ගලයා අවසාඅනයේදී වීරයෙක් වෙනවා. ඒ ඔබ හිතන විදිහේ වීරයෙක් නම් නෙමෙයි. තාත්වික නොවුනත් බොහොම රසවත් ලෙස සහ උපහාසාත්මක ලෙස මේ චිත්‍රපටය ගොඩ නගල තියෙනවා. පැයයිනේ ඒ නිසා ඔබ ප්‍රිය කරනවා නම් නරඹන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Marana Simhasanam (1999) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
577 downloadsDownload Marana-Simhasanam-1999.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marana Simhasanam (1999) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Lakshmi Raman
- #Marana Simhasanam (1999) Sinhala Sub
- #Marana Simhasanam (1999) Sinhala Subtitles
- #Marana Simhasanam Sinhala Sub
- #Marana Simhasanam Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Sudhas Thayat
- #Vishwas Njavakkal
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika Lakmal
රංගික සිනෙත් කාරියවසම්
නියම වැඩක් බන්දුල සහෝ.ජය දිගටම මලයාලම් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට