මං කැරකිලා ගිහින් බිමට වැටුණා. තවත් නම් ඇඟට පණක් තිබ්බේ නෑ. සීයා කෑගහගෙන මං ගාවට දුවන් ආවේ. මට යන්තමට ඇහෙනවා සීයා අඬන සද්දේ. “මට වතුර ටිකක් දෙන්න” සීයා මං වෙනුවෙන් කෑගහනවා.. ජිමීයි උගේ මිනිස්සුයි හැඟීමක් නැති ගානට ඔහේ බලන් හිටියා.. සුප්රියි මාස්ටරුයි වැටුණු තැන් වලම. ඊට පස්සේ.. ඊට පස්සේ මං මැරිලා ග…

තවත් නම් ඇඟට පණක් තිබ්බේ නෑ.
සීයා කෑගහගෙන මං ගාවට දුවන් ආවේ.
මට යන්තමට ඇහෙනවා සීයා අඬන සද්දේ.
“මට වතුර ටිකක් දෙන්න”
සීයා මං වෙනුවෙන් කෑගහනවා..
ජිමීයි උගේ මිනිස්සුයි හැඟීමක් නැති ගානට
ඔහේ බලන් හිටියා..
සුප්රියි මාස්ටරුයි වැටුණු තැන් වලම.
ඊට පස්සේ..
ඊට පස්සේ මං මැරිලා ගියා.. ජිමී සියාවත් මරලා දැම්මා…
මගේ කකුලෙන් ලේ ගොජ ගොජ ගාලා විදිනවා.
මොකෙක්හරි කවකට්ටෙන් ඇනලා.
එකෙක් ඒක පෙන්නනකම් මං දන්නෙත් නෑ.
මට දැනුනෙන් නෑ. මට ගානකුත් නෑ.
මං කවකට්ට කකුලෙන් ඇදලා අරන් පැත්තකට විසික් කරා.
මේක දුර්ලබ ලෙඩක්ලු
ඩොක්ටර් අංකල් කියන්නේ එහෙම.
මට කිසිම වේදනාවක් දැනෙන්නෑ.
ගල් ගෙඩියක් ඔලුවට අත ඇරියත්, ගහක කට්ටක් ඇනුනත්
රත් වෙච්ච ඉස්තිරික්කේ අත වැදුනත් මට ගාණක්වත් ගියේ නෑ.
පිච්චුනු පාර හිටිනවා, නැත්තම් ලේ ටිකක් ගලනවා.
මං ඔහේ බලන් ඉන්නවා.
තාත්තා කම්මුලේ අත තියන්.
2019දී බොලිවුඩයෙන් මතු වුනු මේ වෙනස්ම රහක් තියෙන මේ සුපිරි චිත්‍රපටිය තාමත් බැලුවේ නැත්තම් එතන ලොකුම අවුලක් තියෙනවා. එකම වගේ ක්‍රියාදාම, විහිලු, ආදර, දේශාභිමානි කතා බලලා බොලිවුඩ් සිනමාව දිහා හරිම තෙහෙට්ටුවෙන් බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ දෘෂ්ටිකෝණය වෙනස් කරන චිත්‍රපටියක් බවට මේක පත් වෙනවා අනුමානයක් නෑ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.3ක ශක්තිමත් අගයක් වාර්තා කරලා තියෙන්නේ එසේ මෙසේ නොවන මනාප 5000කට වැඩි සංඛ්‍යාවකින්. ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර පැත්තට ගියෝතින් බලන්න පුළුවන් ඔවුන් මේක පුදුමයෙන් අගයලා තියෙන තරම. ඔව්, නිකන්ම බොලිවුඩ් චිත්‍රපටියක් කියලා බැහැර කරන්න බැරි තරමට පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකම් බලන්න පුළුවන් සම්ප්‍රදායික නොවන ක්‍රියාදාම සහ හාස්‍යමය චිත්‍රපටියක්.
ප්‍රධාන චරිතයට රංගනයෙන් එකතු වෙන්නේ නවක නළු අභිමන්යු. ඔබ දන්නවා නම් ඔහු තමයි ප්‍රවීණ නිලි භාග්‍යාශ්‍රීගේ පුතා. එතකොට ප්‍රධාන නිළිය ගැන කතා කරොත්, Pataakha, Angrezi Medium වලදී අපිව හම්බවුණු අතිදක්ෂ රාධිකා මදන්. ඒ වගේම අමතක කරන්න බැරි අනිත් චරිතය ගුල්ෂන් දේවයියා. හිනාවෙවී සුපිරි ක්‍රියාදාමයන් එක්ක මේ පැය දෙකයි කාල ගෙවාගන්න පුළුවන් වෙනවට මේ අය වගබලාගෙන තියෙනවා. ඉතින්, මේක ඔයා බලන වෙනස්ම බොලිවුඩ් චිත්‍රපටියක් වෙනවා වගේම සමහරවිට ඔයාගේ ප්‍රියතම ලැයිස්තුවත් නියෝජනය කරන්න එකතු වෙයි. මේ හෝරා දෙක ගැන කිසිම සැකයක් නොහිතා බලන්න ගන්න කියලයි නැවත නැවතත් ඉල්ලන්න තියෙන්නේ.
හැමෝටම හීන තියෙනවා
එයාලා හිතන්නේ ඒවා හැබෑ වෙන්න ඕන කියලා
මං හිතන්නෙත් එහෙමයි.
මටත් තියෙනවා හීනයක්.
ඒ තමා,
ලෝකේ ඉන්න හැම මාල හොරාවම අල්ලන එක.
උන්ව අල්ලලා කම්බස් කරලා දාන එක.
අම්මපා මට ඕකුන් එක්ක තියෙන තරහක්!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
7,115 downloadsDownload Mard-Ko-Dard-Nahin-Hota-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
26 comments
geeganagamage
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chamindu lakshitha
මේකෙ සබ් එනකන් බලා සිටි අමාරුව දන්නේ මම පමණි....ගොඩක් ස්තූතියි..
Prabodha
Sthuthi obata
yohan
very very thanks sub eka dunnata
indika75
thanks..
Sanjaya
thanks mayura
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ♥️
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request......
Yamla Pagla Deewana Phir Se - 2018
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request......
Yamla Pagla Deewana Phir Se - 2018
PM Narendra Modi - 2019
Nelson
Good work friend, Thanks for the sub!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මයූ...
දිගටම සබ් දෙමු ආ...
ජය!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
ජය වේවා!!Udaya Fdo
Thank you
චන්දි
Film ekathiyagen hitiye kawadaa hari subtitles ei kiyala.
Thank you ♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasantha
Thanks brother
sahangayantha
thanks a lot saho sub ekata
tharidu16
මේක සුපිරි කතාවක් ඇැ. තෑන්ක්ස් දුන්නාට. (බැලුවාවට පස්සේ මේ කමෙන්ටුව ඇවිත් දාන්නේ
jagath55
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shamidu Kaushika Perera
Thanks you..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mard Ko Dard Nahin Hota (2018) Sinhala Subtitles | රිදෙන්නේ නැති කොල්ලා මං [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Mard-Ko-Dard-Nahi-Hota-2019.jpg)
ගොඩාක් ස්තුතියි සුපිරි ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .