ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අ…

ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අම්මත් හරි ලෛලාගේ හුස්ම ටිකත් හරි. සිරුරින් දුබල උනාට ලෛලා හරිම දක්ෂ කෙල්ලෙක්. සංගීතය ලෛලාගේ ජීවිතේ වගේ. කොලේජ් එකේ බෑන්ඩ් එකටත් එයා සංගීතය සම්පාදනය කරනවා.
හැම මනුස්සයට වගේම ලෛලාටත් ආදරය, ලිංගිකත්වය වගේ පොදු හැගීම් තියෙනවා. මෙයාගේ හිත නැවතුනේ කොලේජ් එකේ ඉන්න, ඒ වගේම බෑන්ඩ් එකේ ප්‍රධානම ගායන තරුව නිමා ගාව. ගොඩක් කෙල්ලන්ගේ හීන කුමාරයා වුනේ නිමා. ඉඳලා ඉඳලා බැරිම තැන දවසක් ලෛලා හිතාගත්තා නිමාට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරනවා කියලා. ඉතින් නිමා වගේ කොල්ලෙක්ගෙන් මේ ආබාධිත කෙල්ලට ලැබෙන ප්‍රතිචාරය මොන වගේ වෙයිද….?ලෛලාගේ වගේම, එයාගේ අම්මගෙත් තිබ්බ ලොකු හීනයක් හැබෑවෙලා. ලෛලාට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් ලැබිලා. ජීවිතේ අලුත් පිටුවක් පෙරලගෙනම ලෛලා ඇමෙරිකාවට යනවා. මෙයාට ඛානුම් කියලා කෙල්ලෙක්ව හම්බවෙන්නේ එහෙදි. ඛානුම් ඇස් නොපෙනෙන කෙල්ලෙක්. මොන හේතුවකටද මන්දා ලෛලා, ඛානුම් දෙන්නා ගොඩක් ලං වෙනවා. යාලුවෝ දෙන්නෙක්ටත් වැඩිය ලොකු සම්බන්ධයක්. කෙටියෙන්ම කිව්වොත් අසම්මත බැඳීමක්. මේ බැඳීමෙන් ලෛලාගේ ජීවිතේට මොනවා වෙයිද? …………Margarita with a Straw, මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් විශිෂ්ටම හින්දි සලරුවක්. IMDb අගය 7.4ක් විදිහට සටහන් කරලා තියෙන මේ චිත්‍රපටියට කවුරුත් දන්න Kalki Koechlin, Revathy, Sayani Gupta වගේ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් දායක වෙලා තියෙනවා. මගේ මතය හැටියට Revathy, Kalki අඩුතරමේ මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතරටවත් එන්න ඕන. වෙලාවකට ඇහැට කඳුලක් උනන්න තරම් සියුම් රංගනයක් ඒ දෙන්නා ඉදිරිපත් කරලා තිබ්බා. ඒ මගේ අදහස. ඔයාලාට නම් මොනවා හිතෙයිද දන්නේ නැහැ. අනේ මන්දා, අමීර් ඛාන් පවා මේක බලලා ඇඩුවා කියලා ආරංචියි.යන්න කලින් විමා සහෝට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේක මං උපසිරසි කරන්න ආසාවෙන් හිටිය සලරුවක් උනත්, විමා සහෝ තමා කලින් වෙන් කරගෙන තිබ්බේ. ඉතින් 100 ගහන්නත් ඔන්න මෙන්න කියලා තියෙද්දී මේක මටම දුන්නට ගොඩක්ම ස්තුති කරන්න ඕන. සිංදු ටිකට උපසිරසි තිබ්බේ නැති උනත් අඩුයි වගේ හින්දා ඒවත් දැම්මා ඔන්න. එහෙනම් තවත් සලරුවකින් හම්බවෙන බලාපොරොත්තුවෙන්, නාට්‍යමය සලරූ වලට කැමති අය අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා. ජය !
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A1CC6F758FF0CCCF01E7E54B2ADA608A5F567AC11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
FA21574EA1D68E976A564E1C4CDC40E67937B57B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,349 downloadsDownload Margarita-with-a-Straw-2014-baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
27 comments
Kulanjana Maduranga
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!aaa
txz
KanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hemal Nadeera
මේකේ හොද කොපියක් ආව දවසෙම බාගෙන බලන් හිටියේ බයිස්කෝප් එකෙන් සබ දෙනකම් යන්තන් දුන්න. දැන් ඉතින් බැලිල්ලක් තමයි බොහොම ස්තුත්යි ලොක්කා වැඩේ නම් මල් 7...
sisila prasad
බොහොම ස්තුතියි සහෝ...
ජයවේවා...!Shyan Rhydmika Silva
I really really like this sort of films..Thank you very much...!!
Darshana Sampath
sub ekata thanks saho..
Darshana Sampath
sub ekata thanks.
Darshana Sampath
සිංහල උපසිරසට ස්තුතියි..
Tharindu
tnx buddy
sanjaya
Sub akata Bohoma Pin saho....
Ashan Vimukthi
බොහොම ස්තුතියි කියන්න ඕන මම
කරපු උදව්වෙ හැටියට
මට වඩා හොඳට උපසිරස කරල තියනව
අනික සිංදු වලටත් උපසිරසි කරලා නොවැ
බොහොම ස්තුතියි මයුර සහෝ උපසිරසට :)mayura
Oya ithin :/
Janaka Zampath
ගොඩාක් ස්තුතියි
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.Kottege Mendis
thank sub akata macho...
TIRON
thankzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
devin
manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…
kanchana
sthuthiy malli, link ekath ikmanata hoya ganna puluwan widiyata thibuna,
budu saranay
kavisha
sub time gdak waradi ne bn,
shit aparade dataතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Purnima
oya samanyen film Market karanavane. Eth meka oya ehema market kale na. Mekata honda ekak Nisa karanna nathuwa athi. Katti batti thama oya market karanavane kavruth balanne nathi nisa :)
Purnima (real)
Mko meketh cmnts madida mage namin cmnts danne? :P
purnima
Sik
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…aniwa balanna ona 1k...thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……