ඔන්න තවත් උපසිරැසියක් අරං මම අවුරුද්දට නෑගම් ආවා.හැමදේටම කලින් බයිස්කෝප් අඩවියට ඇවිත් යන සියලුම සහෘද උපසිරැසිකරුවන්ටත් බයිස්කෝප් රසික රසිකාවියන්ටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම ‘ සුභ අලුත් අවුරුද්දක් වේවා! ‘ කියා පැතීමට මේක මම අවස්ථාවක් කරගන්නවා.උපසිරැසිය නම් පළ වෙන්න ඇත්ත…
ඔන්න තවත් උපසිරැසියක් අරං මම අවුරුද්දට නෑගම් ආවා.හැමදේටම කලින් බයිස්කෝප් අඩවියට ඇවිත් යන සියලුම සහෘද උපසිරැසිකරුවන්ටත් බයිස්කෝප් රසික රසිකාවියන්ටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම ‘ සුභ අලුත් අවුරුද්දක් වේවා! ‘ කියා පැතීමට මේක මම අවස්ථාවක් කරගන්නවා.උපසිරැසිය නම් පළ වෙන්න ඇත්තෙ අලුත් අවුරුද්දත් පහු වුණාට පස්සෙ ඒත් තාම මේ අප්‍රේල් මාසේ නේ..කියන්න දේවල් කීපයක් තියෙනවා.ඔන්න ඉතින් කට්ටිය මේක කියවන්නේ නැතුව සබ් එක බාගෙන යන්ඩත් ඇති.
මම මේ වන විට බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 6කී.ඉන් තුනක්ම මේ වන විටත් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා.එතකොට අනික් තුනට මොකො වුණේ??ඇත්තටම කිව්වෝත් මම අඩවිය වෙනුවෙන් 2012 වර්ශයේ නිකුත් වුණ Sinbad යන ටීවී සීරීයස් එකේ පළ වෙනි එපි තුනෙන් තමා මගෙ වැඩ පටන් ගත්තෙ.ඒ වගේම තාම තව ඒකෙ එපි 9ක්ම ඉතුරු වෙලා තියෙනවා.මම මේ චිත්‍රපටියට සබ් එක කලේ අවුරුද්දට හමුවුණ නිවාඩුව අතරතුර.එම නිසා එම ඉතුරු එපි වල සබ් වෙනුවෙන් මට තවත් කාලය වෙන් කීරීමක් කරන්න අමාරුයි.මම මේ කියන්න යන්නෙ කැමති කවුරුහරි ඉන්නවා නම් ඊමේල් මගින් බයිස්කෝප් ඇඩ්මින්වරයෙකු සම්බන්ධ කරගෙන එහි ඉතුරු එපි වලින් තමන් කැමති නම් එකක් හෝ කීපයක වැඩ භාර ගන්න පුලුවන්.සබ් එක කරන්න හිතෙ ආසවක් තියෙන කවුරුහෝ ඉන්නවා නම් සියල්ලට පෙර මම කිවූ විදියට සම්බන්ධ වී වැඩි විස්තර ගන්න.
මම 5වෙනි උපසිරැසියෙන් පසුව තවත් චිත්‍රපටි කීපයක් සදහාම උපසිරැසි කිරිමට ඇඩ්මින්වරුන්ගෙන් ඇහුවා.TOP CAT BEGINS 2015, MONSTER TRUCKS 2016 වැනි තවත් කීපයක්ම.ඊට පස්සේ අපේ අසංක සහෝදරයා මට Galaxy Quests 1990 චිත්‍රපටිය භාර දුන්නා.ඒත් ඒක පරණ චිත්‍රපටියක් නිසා මම ඒක භාර නොගෙන කෙනෙක් කමෙන්ට් එකක් හරහා ඉල්ලා සිටි Larry Gaye Renegade Male Flight Attendant 2015 යන ෆිල්ම් එකෙ සබ් කරන්න භාර ගත්තා.ඒත් ඔය අස්සේ මට අන්තරජාල සම්බන්ධතාව ගැන පෞද්ගලිකව මතුවු හේතුවක් නිසා එම චිත්‍රපටිය භාගත කර ගැනීමට නොහැකි වුණා.ඇඩ්මින්වරු තරහා නොගස්සන්න ඕන නිසා දින කීපයක් යනකම් මම මේ මාමඩියුක් මූවී එකට සබ් කරන බව කිව්වෙත් නැහැ.ඒ වගේම මම කලින් කියපු විදියට සින්බෑඩ් එකත් අත්හැරලා දැම්මා.ඉතින් සිදු වුණු අලකලන්චිය වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමටත් මේක අවස්ථාවක් කොරගත්තා ඔන්න.
මේකත් කියන්න එපැයි.මේ බයිස්කෝප් පවුල් සංස්ථාවේ ඉන්න කිසිම උපසිරැසිකරුවෙක්වත් මේ උපසිරැසිකෙරුවාව කරනුයේ මොනයම් හෝ වාණිජ පරමාර්ථයකින් නොවේ.චිත්‍රපටිය භාගැනීම,ඉංග්‍රිසි සබ් එක භාගෙන අතේ කරගැට එනකම් අත හිරිවැටිලා යනකම් පරිවර්තනය කරලා.වැය වෙන සියලු අන්තරජාල බිලයි,විදුලියයි ඔක්කෝම කවර් කරගන්නේ ඔයලා කොටාගෙන යන පුන්චි අදහසෙන්.අපි මේක කරලා බලාපොරොත්තු වෙන්නේ අන්න එච්චරයි.ඒත් ඔයාලාගේ අරමුණ මේක භාගෙන ගිහින් බලන එක. වැඩි කතා ඕනේ නෑ..කෝකවෙතත් අනික් සබ් වලට වඩා මේක නම් භාගෙන බලන අය අඩු වෙයි.මොකද 2010 ආපූ මූවී එකක්නේ.ඒත් මං මේක කරන්නේ බයිස්කෝප් එකේ මේ වගේ සුපිරි එකකට උපසිරැසිය දිලා නැත්තම් වැඩක් නැති හින්දා.ඒ තරම් සුපිරියක් තමා මේක.
මේකට දාන්න නමක් තමයි හිතාගන්න අමාරු වුණේ. කතාව පැත්තට හොම්බ දාලා බැලුවොත් මෙන්න මෙහෙමයි.මේකෙ ප්‍රධාන නළුවා තමා මාමඩියුක් කියන අමුතු නමක් තියෙන බලු තඩියා.ගොඩාක් චිත්‍රපටි වල වගේම මෙයත් කතා කරන බල්ලෙක්.ඉතින් මෙයාගෙ අයිතිකාරයා බල්ලන්ට විස්කෝතු හදන ෆැක්ටරියක ලොක්කෙක්.මෙයාට ලැබෙන උසස්වීමක් හින්දා මෙයාගේ පවුලෙ හැමෝටම කැලිෆෝනියාවට යන්න සිදු වෙනවා.අන්න එහෙට ගියාට පස්සෙ මාමඩියුක්ට නොයෙක් විදියෙ යාලුවෝ හම්බෙනවා.ඉතින් ඔය ගොඩාක් අය වගේ මෙයත් එකවර ඩබල් ගේම් ගහන්න ගිහින් 🙂 ලොකු අවුලක පැටලෙනවා.ඉතුරු කොටහා කතාව බලලම දැනගන්න.
මේ චිත්‍රපටිය කෙලින්ම තම ප්‍රේක්ෂකයන් අමතන එහෙමත් නැත්තම් Fourth Wall චිත්‍රපටියක්.Google Playstore එකේ Secret Life Of Pets වගේ ෆිල්ම් එකක් අලෙවි වෙන්නෙ ලංකාවේ මුදලින් රු.500 කට. Marmaduke ෆිල්ම් එක අලෙවි වන්නේ රු.2300කට. Deadpool ෆිල්ම් එක අලෙවි වන්නේ රු.2600 කට.මේ ෆිල්ම් එක සුපිරි කියන්න තියෙන තවත් හොදම සාක්ෂියක් තමයි ඔය.ඉතින් අපි නම් ඕවා ගන්නෙ සත පහක්වත් නොගෙවානේ.තවත් විදියකින් කිව්වොත් මේක Comic කතාවක්.1954 සිට 2015 දක්වාම මෙයාගේ කොමික් කතා පත්තර වල පළ වෙලා තියෙනවා.චිත්‍රපටිය 2010 වසරේ ජුනි 4 තමයි නිකුත් වුණේ.1980 අවුරුද්දේ මේකේ Animation series එකකුත් ප්‍රදර්ශනය කරලා තියෙනවා.Box office ආදායම විදියට ප්‍රකාශ කරලා තියෙන්නේ $ 83.8 million.මාමඩියුක්ට හඩ කැවීම් කරලා තියෙන්නෙ ඇමරිකානු නලු Owen Wilson.විනාඩි 87ක් පුරා දිව යන මේ ෆිල්ම් එක Comedy,Family වර්ග වලට අයත් වෙනවා.imdb අගය නම් ටිකක් අඩුයි 4.2ක් විතර වෙනවා. Razzie awards 2011 ,Teen Choice award 2010 යන සම්මාන දෙකටම nominate වුණා.තවත් විස්තර මක්කටැයි? කලින් වතාවේ පූසෙක්ගේ කතාවක් ගෙනාවා.මේ වතාවේ බල්ලෙක්ගේ කතාවක් ගෙනාවා.
ඉතින් මේක බලන්න ආරාධනා කරන ගමන්ම පහළින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා මතක් කරා.ඔන්න එහෙනම් මම ගියා.
මට නම් Google එකේ search කරාට torrent හෝ direct download link මේ චිත්‍රපටියට හොයාගන්න ටිකක් අමාරු වුණා..පොඩ්ඩක් Torrentdownload.com වෙබ් එකේ සර්ච් පාරක් දාන්න හොයාගන්න බැරි නෑ.ලින්ක් එකක් හොයාගන්නම බැරි වුණෝත් Baiscopedownloads.com එකේ බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
464 downloadsDownload Marmaduke-2010.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මලීෂ පතිරණ
Subtitles
17 comments
එල්.සී. දමැල්
Zeal
Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
Anonymous
Niyamai
Wolwerine.
thanks for sub.
Chalana
thnx bro...
Udara Damith B/K
~~~~~~~~~~///උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි~~~~~~~~~~////
Udara Damith B/K
බල්ලෝ පුසෝ කාටූ]න් එහෙම බලන්නේ නැතිව kohomada
අසිත
ela ela thanks saho
supun
Upasirasata thanks.the mummy 2017 film ekata thama subtitle natte ai?
malith madhushan
සුපිරි මචං ෆිල්ම් එක බගේනමි හිටියේ මේක දෙනකන්
ස්තුතියි සහෝ sub e
Dileesha
Thank you saho sub ekata. Torrent hoya ganna bari una aya innavanam thepiratebay.org eke search karala balanna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත
ඇනිමේෂන් නම් අතාරියි අපි.
ඔව් ඔව්, දැනට වයස 42 ක් විතර වෙනවා. එත් තාම පොඩියි.
ඉතින් මෙව්වා අතාරිවී යෑ.
මෙන්න ගන්නවා. තැන්ක්ස් හොදේ.එල්.සී. දමැල්
42යි :O
HisalD
PSM
Thnxx brooo... sub eka maruu... :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks sub ekata...
Filumak වෙන් කරගන්න කලින් Download කරගෙන portable hard එකකටත් දාගෙන ඉන්න. මටත් ඔය අලකලංචියම සිද්ධ වෙලා තියෙනවා